සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 09-11

syrian-war-report-march-9-11-2019-syrian-army-hunts-down-isis-cells-in-desert

මාර්තු මස 9දා උතුරුදිග සිරියාවේ මැන්බිජ් නගරය ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි ඇමෙරිකාව ඇතුලු සන්ධානයේ සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ඒකාබද්ධ රථ පෙළකට එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබලුන් තිදෙනෙක් මිය ගිය බව එම සංවිධානයට අනුබද්ධ අමාක් පුවත් සේවය වාර්තා කර තිබිණි.

වාහනයක සවි කර තිබූ බෝම්බය පිපිරී යෑමෙන් නගරයෙන් පිටත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කල රථ පෙළට හානි සිදු විය.


මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය සඳහන් කරන පරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඇමෙරිකානු සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා රථ දෙකක් ඉලක්ක කලද එහිදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සාමාජිකයෝ දෙදෙනෙක් පමණක් තුවාල ලබා ඇත.

මාස දෙකකට පමණ ඉහතදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී බෝම්බකරුවෙක් මැන්බිජ් නගරයේ ආපනශාලාවක් තුලදී එල්ල කල ප්‍රහාරයකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයෝ සිව්දෙනෙක් මිය ගියෝය.සිරියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සන්ධාන හමුදාවට සිදුවූ විශාලතම අහිමි වීම එයයි.

මේ දක්වා ඇමෙරිකානු හෝ කුර්දී පාර්ශ්වයන් මාර්තු 9 දා සිදුවීම ගැන අදහස් දක්වා නැත.දෙපාර්ශ්වයම එවැනි ප්‍රහාරයක් වාර්තා කිරීමෙන් වැළකී සිටිනවා සේම ඇමෙරිකානු සෙබලුන් මිය ගිය බව හෝ තුවාල ලැබූ බව පිළිනොගනියි.

 ලිවා අල්-කුඩ්ස් නම් පලස්තීන සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයෝ රුසියාවට සම්බන්ධ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් ඇලපෝ ප්‍රදේශයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් රුසියානු මාධ්‍යවේදී ඔලෙග් බ්ලොකින් විසින් මුදා හැර තිබිණි.ඒවා පුහුණු පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ලබා ගත් ඡායාරූප යැයි සඳහන් වේ.





එදිනම උතුරුදිග ඩීර් එසෝර් හි අල්-අස්බාහ් සහ බටහිර රක්කා හි ටැබකා  ආසන්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවල් වලට එරෙහිව ඇමෙරිකානු ගුවන් ප්‍රහාරක බලකායක් මෙහෙයුමක් දියත් කර තිබේ.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඇමෙරිකානු ඒකකය හෙලිකොප්ටර් කිහිපයක සහාය ඇතිව එම තිප්පොලේ අණදෙන නිලධාරින් සහ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෝ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇත.

මීට පෙර ඇමෙරිකාව ඇතුලු සන්ධානය සහ කුර්දි සටන්කාමීන් පවසා තිබුණේ තමන් ඊසානදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පරාජය කල බවයි.කෙසේවෙතත් මෙම ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ගහන යැයි වාර්තා වේ.මෙවැනි අනාරක්ෂිත වාතාවරණයක් වර්ධනය වීමට හේතු වී තිබෙන්නේ යුප්‍රටීස් නිම්නයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අයත් පුද්ගලයින්ට පහසුවෙන් ඇතුල් වන්නට ඇති හැකියාව සහ ස්වදේශික අරාබි ප්‍රජාව කෙරෙහි කුර්දි බහුතරයේ ආධිපත්‍යය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි අගතිගාමී ප්‍රතිපත්තීන්ය.


 ඩැමැස්කස් නගරයේ දකුණු යෙල්ඩා දිස්ත්‍රික්කයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විශාල අවි ගබඩාවක් සොයා ගත් බව සිරියානු අරාබු හමුදාව මාර්තු 8 වෙනිදා නිවේදනය කලේය.

එහිදී හමු වූ අවි අතර

සෝවියට් දේශයේ නිෂ්පාදිත R-60 වර්ගයේ ගුවන්-ගුවන් මිසයිලයක්

ප්‍රංශයේ නිෂ්පාදිත MILAN නම් යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්

ප්‍රංශයේ නිෂ්පාදිත SNEB නම් රොකට්

ඇමෙරිකානු TOW මිසයිල විදිනයක් සහ එහි බැටරියක්

යුගෝස්ලෝවියාවේ නිෂ්පාදිත  M79 Osa  නම් යුද ටැංකි නාශක අවියක් සහ ඊට යොදන උණ්ඩ

චෙකස්ලෝවැකියාවේ නිෂ්පාදිත RPG-75 නම් යුද ටැංකි නාශක අවියක්

රුසියාවේ නිෂ්පාදිත RPG-18 නම් යුද ටැංකි නාශක ප්‍රචාලන බෝම්බයක්

රුසියාවේ නිෂ්පාදිත MRO-A නම් තර්මෝබැරික් රොකට් විදින
ආදිය තිබිණි.



හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අල්-සුක්නාහ් නගරය ආසන්නයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහර දුන්හ.එහිදි එක් සෙබලෙක් තුවාල ලැබූ අතර තවත් තිදෙනෙක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් විය.ප්‍රහාරයෙන් පසුව රුසියානු සහ සිරියානු යුද ගුවන් යානා හෝම්ස් කාන්තාරයේ හඳුනා ගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත බෝම්බ හෙලූහ.අල්-ඩුබියාට් හි ගැටුම් වාර්තා වේ.

අත් අඩංගුවට පත් සෙබලුන් අල්-ටන්ෆ් හි ඇමෙරිකානු පාලන ප්‍රදේශය අද්දර තිප්පොලවල් වෙත ගෙන ගියේ යැ‍යි වාර්තා වේ.මෙම ප්‍රදේශයට සිරියානු රජයට පක්ෂපාතී කිසිදු හමුදා කණ්ඩායමකට ඇතුල් විය නොහැකිය.ඇතුල්වන කණ්ඩායම්වලට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කරයි.මේ හේතුවෙන් එහි සැඟවී සිටින ත්‍රස්තවාදීන් අවසන් කර දමන්නට ප්‍රමාණවත් මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව සිරියානු අරාබි හමුදාවට අහිමිව ගොස් තිබේ.

සති අන්තයේදී රුසියානු ගුවන් හමුදාව ඉඩ්ලිබ් හි සටන්කාමීන්ගේ අවි ගබඩා සහ ශක්තිමත් බලකොටු සහිත මින්ටර්,ෆ්‍රිකේහ්,ටෙල් කටාබ්,සරාකීබ් සහ කාබ් අල්-සුබුල් යන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කලේය.සටන්කාමීන් දකුණුදිග ඉඩ්ලිබ් සහ උතුරුදිග හමා හි සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.මාර්තු මස 8 දා තුර්කිය ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ මුර සංචාර සිදු කිරීම ආරම්භ කලේය.එහි අරමුණ සටන් විරාමය උල්ලංඝනය කිරීම් වැළැක්වීමයි.කෙසේවෙතත්,මේ සිදුවීම්වලින් පෙනෙන්නේ ඩැමැස්කස් රජය සිදු කල හැකි යුද මෙහෙයුමකට සටන්කාමීන් බිය නොමැති බවයි.ඒ නිසා ඔවුන් දිගින් දිගටම රජයේ පාලන ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරති.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 09-11 සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 09-11 Reviewed by HarshaLulzSec on March 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.