ක්‍රිමියන් පාලම රකින්නට එක්වූ නවතම ආරක්ෂකයා


රුසියාවත් ක්‍රිමියා අර්ධද්වීපයත් අතර පිහිටා ඇති කර්ච් සමුද්‍ර සන්ධිය හරහා ඉදි කල පාලමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින රුසියානු නාවික හමුදා කණ්ඩාම තවත් ශක්තිමත් කරමින් ප්‍රොජෙක්ට් 02510 නම් සෙබලුන් ප්‍රවාහනය කල හැකි අධි වේගී බෝට්ටු 2ක් ඊට එක් කර තිබේ.ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින රුසියානු ජාතික ආරක්ෂක බලකා හි නාවික ඒකකයට මෙම බෝට්ටු ලබා දී ඇත.





ප්‍රොජෙක්ට් 02510 නම් බෝට්ටු විශේෂය යැරොස්ලැව්ල් කලාපයේ "රයිබින්ස්ක්" නම් නෞකාතටාකාංගනයේදී නිපදවේ.එය කලෂ්නිකොව් සමාගමේ කොටසකි.ප්‍රොජෙක්ට් 02510 යාත්‍රාවක් විස්ථාපනය කරන ජල පරිමාවේ බර ටොන් 21කි.එයට නාවුක සැතපුම් 45ක වේගයකින් යාත්‍රා කල හැකිය.මෙම බෝට්ටුව නිපදවා තිබෙන්නේ වෙරළාශ්‍රිතව පුද්ගල ප්‍රවාහනය,වෙරළේ ගොඩබෑම් කටයුතු,සෙබලුන් ගොඩබැස්සවීමේදී වෙඩි බලය ලබා දීම,මංකොල්ලකරුවන් සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම,ඉවත් කර ගැනීම්,ආපදාවකදී සහාය ලබාදීම වැනි කටයුතු සඳහාය.සෑම බෝට්ටුවක්ම මි.මී. 7.62 මැෂින් තුවක්කු 4කින් සහ මි.මී. 12.7 මැෂින් තුවක්කුවකින් හෝ මි.මී. 40 බෝම්බ විදිනයකින් සන්නද්ධය.ඊට අමතරව මුහුදු බෝම්බ 4ක් දක්වා රැගෙන යා හැකිය.

විශේෂ බලකා විසින් භාවිතා කරන ප්‍රොජෙක්ට් 02510 යාත්‍රාවක් පහත වීඩියෝවේ පළමු කොටසේ දී දැකගත හැකිය.


ප්‍රොජෙක්ට් 02510 යාත්‍රා 30 නිපදවන්නට සැලසුම් කර තිබේ යැ‍යි කලෂ්නිකොව් සමාගම 2019 පෙබරවාරි 4දා හෙළිදරව් කලේය.

ප්‍රොජෙක්ට් 02510 යාත්‍රා කර්ච් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව යොදා තිබූ අයුරු





source:southfront.org


ක්‍රිමියන් පාලම රකින්නට එක්වූ නවතම ආරක්ෂකයා ක්‍රිමියන් පාලම රකින්නට එක්වූ නවතම ආරක්ෂකයා Reviewed by HarshaLulzSec on March 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.