ඉන්දීය ගුවන් හමුදාවට තවත් අවාසනාවන්ත වර්ෂයක්

indian-air-force-warplanes-accidents-2019

පෙබරවාරි මාසය තුලදී පමණක් ඉන්දීය ගුවන් හමුදාවට ගුවන් යානා 5ක් අහිමි විය.වැඩිම ජීවිත හානිය වාර්තා වූයේ ජනවාරි 28 දා Mi-17 හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන්ය.එම අනතුරින් පුද්ගලයින් 6 දෙනෙක් මියගියහ.

මාර්තු මස 8 දා රාජස්ථාන ප්‍රාන්තයේ බිකානර් නගරයට පිටතින් ෂොබාසර් කි දනි ප්‍රදේශයට මිග්-21 බයිසන් ජෙට් යානයක් කඩා වැටිණි.අනතුර සිදුව තිබෙන්නේ පාකිස්තාන දේශසීමාවේ සිට කි.මී. 100 පමණ දුරින්ය.දෛනික සිදු කරන මෙහෙයුමක යෙදී සිටි යානයක් මෙලෙස කඩා වැටුණු බව ඉන්දීය හමුදාව පැවසීය.කෙසේවෙතත් ගුවන් නියමුවා දිවිගලවා ගන්නට සමත් විය.


අනතුරට හේතුව හරි හැටි අනාවරණය කර ගෙන නැතත්,එක් නිලධාරියෙක් පැවසුවේ කුරුල්ලන් ගැටීමක් ඊට හේතුවන්නට ඇතැයි කියාය.තහවුරු නොකල ඡායාරූපවල  යානයේ කොටස් වැටී තිබෙන අයුරු දැකගත හැකි විය.



2019 වර්ෂය ආරම්භයේ පටන් මේ දක්වා ඉන්දීය ගුවන් හමුදාවට අහිමි වූ හත්වන යානය මෙයයි.

පෙබරවාරි 1දා මිරාජ් 2000 ජෙට් යානයක් කඩා වැටුණේ එය හින්දුස්තාන් ඇරෝනොටික්ස් ලිමිටඩ් සමාගම විසින් වැඩි දියුණු කිරීමෙන් පසුවයි.

ඇරෝ ඉන්දියා ගුවන් සේවා ප්‍රදර්ශනයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී සිදුවූ අනතුරින් විනාශ වූ යානයක්

ඇරෝ ඉන්දියා ගුවන් සේවා ප්‍රදර්ශනය වෙනුවෙන් පුහුණු වෙමින් සිටියදී ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් ගුවන් කරණම් කණ්ඩායමේ හෝක් වර්ගයේ නියමුවන් පුහුණු කිරීමේ ගුවන් යානා දෙකක් ගුවනේදී එකිනෙක ගැටී කඩා වැටිණි.එම අනතුරින් එක් ගුවන් නියමුවෙකුට දිවි අහිමි විය.පෙබරවාරි 28 දා පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝනය කල මිග්-21 යානයක් පාකිස්තාන ගුවන් හමුදාව විසින් බිම හෙළන්නේ ගුවන් සටනකින් අනතුරුවයි.එහිදී මිග්-21 බයිසන් යානයේ නියමුවා පාකිස්තාන භූමිය ගොඩබැසීමෙන් අනතුරුව අත් අඩංගුවට පත් වේ.දින දෙකකට පසුව එම නියමුවා ඉන්දියාව භාර දුන්නේය.

වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් නම් නියමුවා ගමන් කල මිග්-21 බයිසන් යානයේ කොටස්

පෙබරවාරි 27 දා ඉන්දීය ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටරයක් ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ බුඩ්ගම් වෙත කඩා වැටී එහි ගමන් කල 6 දෙනෙක් මරණයට පත් විය.ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් ෆයිටර් ජෙට් යානයක්  ජනවාරි 28දා  උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් වෙත කඩා වැටිණි.එහි නියමුවා දිවිගලවා ගත්තේය.

කඩා වැටුණු Mi-17 හෙලිකොප්ටර් යානයක්



source:sputniknews.com


ඉන්දීය ගුවන් හමුදාවට තවත් අවාසනාවන්ත වර්ෂයක් ඉන්දීය ගුවන් හමුදාවට තවත් අවාසනාවන්ත වර්ෂයක් Reviewed by HarshaLulzSec on March 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.