ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාවෙන් සැලකිලි

cia-is-turning-refugee-camps-into-hotbeds-of-isis-cells-in-eastern-syria

ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය ඊසානදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ අණදෙන නිලධාරීන්ට ව්‍යාජ ලිපිලේඛන ලබා දී ඔවුන්ව ඉරාකය යවමින් සිටින බව තුර්කිය රජයට පක්ෂපාතී මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි.

ඩීර් එසෝර් පළාතේ කෙස්රා ,බුසෙයිරා ,අල්-ඔමාර් සහ සුවෙයිර් යන ප්‍රදේශවලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 2,000ක් පමණ ගෙන් ප්‍රශ්න කරන ලදුව ඉන් 140 කට පමණ ව්‍යාජ ලියකියවිලි සපයා දී තිබේ.ප්‍රශ්න කිරීම්වලට භාජනය කල සමහරක් ත්‍රස්තවාදීහු,ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා විසින් පාලනය කරන අල්-හොල්,හසාකාහ් සහ රුක්බාන් යන කඳවුරු වෙත යවා  ඇත.මෙම අරමුණ වෙනුවෙන්ම අබු කෂාබ් හි විශේෂිත පහසුකමක් නිර්මාණය කරන්නට ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය පියවර ගත් බවද වාර්තා වේ.

පසුගිය වසරවල සිරියානු යුද්ධයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ විදේශීය සටන්කරුවන් සිරියාවට ගෙන්වා ගැනීමට සිය භූමිය පාවිච්චි කරන්නට ඉඩදීම,ත්‍රස්තවාදීන්ගේ බොර තෙල් ජාවාරමේදී ඔවුන්ගෙන් තෙල් මිලදී ගැනීම ආදියෙන් සහාය දැක් වූ තුර්කිය,දැන් එම ත්‍රස්තවාදී සංවිධානය සමග එක්සත් ජනපදය පවත්වන සම්බන්ධකම්ද එළිදරවු කිරීම සිත්ගන්නා සුළුය.

තුර්කි මාධ්‍ය නිතරම නගන අනෙක් ප්‍රශ්නය වන්නේ ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා විසින් පාලනය කරන සරණාගත කඳවුරුවල දුර්වල මානුෂීය වාතාවරණයයි.මෙම වාර්තා වෙනත් එළිදරව් කිරීම් ඔස්සේද සනාථ කරයි.ජාත්‍යන්තර මුදා ගැනීමේ කමිටුවට අනුව නොබෝදා සංග්‍රාම භූමියේදී හෝ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් පාලනය කරනු ලබන අල්-හොල් කඳවුරේදී ළමුන් බහුතරයක්ද ඇතුලුව 100 පමණ පිරිසක් මිය ගොස් තිබේ.

අනෙක් අතින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව අල්-රුක්බාන් කඳවුරේ තත්ත්වය තැතිගන්වන සුළුය.මාර්තු මස 12දා නිකුත් කල ඡායාරූපවලට දැක්වෙන පරිදි කඳවුරේ වාසස්ථාන සහිත කොටසේ සොහොන් 670 පමණ තිබේ.ඉන් බොහොමයක් අලුත් පෙනුමක් සහිතය.සරණාගතයෝ කූඩාරම් ඇතුලු සැහැල්ලු ව්‍යුහයන් සිය වාසස්ථන වශයෙන් භාවිතා කරන අතර ඒ ආසන්නයේ විශාල කසල ගොඩවල් දර්ශනය වේ.

 රුසියාව ප්‍රසිද්ධ කල සිරියාවේ අල්-රුක්බාන් සරණාගත කඳවුරේ නවතම චන්ද්‍රිකා ඡායාරූප පෙළ





අල්-රුක්බාන් කඳවුරේ සරණාගතයෝ ජලය,ආහාර,ඖෂධ සහ ශීත කාලය සඳහා උණුසුම් ඇදුම්වල හිඟයකින් පෙළෙන බව සරණාගතයන් සඳහා වූ රුසියානු සහ සිරියානු ඒකාබද්ධ කමිටුව ප්‍රකාශයක් කරන ලදි.එම ප්‍රකාශයට අනුව ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් වන මගාවීර් අල්-තව්ර කණ්ඩායම විසින් කඳවුරට ජලය සැපයීම කඩාකප්පල් කර ඉන් අයුතු ප්‍රයෝජන ගැනීමෙහි නිරතව සිටියි.

ඊශ්‍රායලය සහ සිරියාව අතර ආතතිය යළිත් වර්ධනය වෙමින් තිබේ.මාර්තු මාසයේ මුලදී සිරියානු නියෝජ්‍යය විදේශ අමාත්‍ය ෆයිසර් මෙක්ඩාඩ් එක්සත් ජාතීන්ගේ සටන් විරාම අධීක්ෂණ සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලුන්ඩ් වෙත නිල ලිපියක් යවමින් පවසා තිබුණේ "ඊශ්‍රායලය ගෝලාන් උස්බිම්වලින් පසුබැසීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඩැමැස්කස් රජය ඊශ්‍රායලය සමග සටන් වදින්නට පැකිලෙන්නේ නැති බවයි".

හිස්බුල්ලා සංවිධානය දකුණුදිග සිරියාවේ ස්ථානගත වී සිටින බවට චෝදනා කරමින් ගෝලාන් උස්බිම් යුදමය වශයෙන් ශක්තිමත් කිරීම සාධාරණීකරනය සඳහා ඊශ්‍රායල මාධ්‍ය සහ බලධාරීන් ක්‍රියා කරමින් සිටියි.





source:southfront.org


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාවෙන් සැලකිලි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාවෙන් සැලකිලි Reviewed by HarshaLulzSec on March 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.