රුසියානු දැවැන්තයා - Mi-26 හෙලිකොප්ටරය

Russia-giant-helicopter-Mi-26

ලොව විශාලතම හෙලිකොප්ටරය වන Mi-26 යානය ට්‍රක් රථ,යුද ටැංකි,වෙනත් හෙලිකොප්ටර් යානා,ගුවන් යානා මෙන්ම හිම වලස් පැටවුන් වැනි සතුන් පවා ආරක්ෂිත ප්‍රවාහනය කල හැකි දැවැන්තයෙකි.

මෙම හෙලිකොප්ටරය සෝවියට් සහ රුසියානු හෙලිකොප්ටර් නිෂ්පාදන කර්මාන්තයේ අභිමානය ලෙස හැදින්විය හැකිය.මීටර් 40 දිග මීටර් 8ක් උස Mi-26 හෙලිකොප්ටරයේ උපරිම පියාසර වේගය පැයට කිලෝ මීටර් 295කි.දැනට Mi-26 හෙලිකොප්ටර් යානා 318ක් නිෂ්පාදනය කර තිබේ.




මෙම හෙලිකොප්ටර් යානයට ගෙන යා හැකි උපරිම බර ටොන් 20කි.යානය තුල භාණ්ඩ ප්‍රවාහනයට අමතරව විශාල ව්‍යුහයන් රැහැන් ආධාරයෙන් එල්ලා ගෙන පියාසර කල හැකිය.




පැරෂූට් භටයින් 90කට හෝ තුවාලකරුවන් 60 දෙනෙකුට පහසුවෙන් යානය තුල යා හැකිය.කෙසේවෙතත් සමහර අවස්ථාවලදී 100කට වැඩි පිරිසකට වුවද එහි ගමන් කල හැකිය.




 Mi-26 හෙලිකොප්ටරය ප්‍රථම වරට භාවිතා කලේ 1984 වර්ෂයේ ඇෆ්ගනිස්තානයේදීය.එමගින් යුදෝපකරණ,සටන් බිමේ තුවාල ලැබූවන් සහ හානියට පත් වූ Mi-8 හෙලිකොප්ටර් ප්‍රවාහනය කෙරිණි.




 2002 වර්ෂයේදී මේ දැවැන්තයා නැවතත් ඇෆ්ගන් ගුවනේ දක්නට ලැබිණි.එහිදී කඳුකරයේ අනතුරට පත් ව තිබූ MH-47E Chinook හෙලිකොප්ටර් දෙකක් සහ Eurocopter AS532 Cougar හෙලිකොප්ටරයක් ඉවත් රැගෙන යාමට යානයක් භාවිතා කලේය.




සැහැල්ලු යුද ටැංකි සහ පාබල හමුදා ප්‍රහාරක රථ Mi-26 යානයකට පහසුවෙන් ප්‍රවාහනය කල හැකිය.හමුදාව පමණක් නොව ඉදිකිරීම් සහ කර්මාන්ත අංශයේ අමුද්‍රව්‍ය ප්‍රවාහනයටත් ගිනි නිවීම් සඳහාත් මෙම යානා භාවිතා කෙරේ.චර්නොබෙල් න්‍යෂ්ඨික අනතුරේදී මිනිසුන් බේරා ගැනීමටද Mi-26 යානා කැඳවීය.




2009 වර්ෂයේදී Mi-26 හෙලිකොප්ටරයකින් ටුපලොව්-134 ගුවන් යානයක් පුල්කොවො ගුවන් තොටුපොලේ සිට හදිසි ආපදා පාලන අමාත්‍යාංශ පුහුණු භූමියට රැගෙන ගියේ ශාන්ත පීටර්ස්බර්ග් නගරවාසීන් පුදුමයෙන් බලා සිටියදීය.




මෙම හෙලිකොප්ටරය නිතරම බරින් වැඩි දෑ පමණක් ප්‍රවාහනය නොකරයි.වරක් සිය මව අහිමි වූ ආක්ටික් හිම වලස් පැටවෙක් මුදාගැනීමට Mi-26 යානයක් කැඳවීය.වලස් පැටවා මුදාගෙන පසුව ස්වභාවික රක්ෂිතයකට මුදා හරින ලදි.




Mi-26 යානයක් ප්‍රවාහනය කල අසාමාන්‍යම දෑ වන්නේ ටොන් 20 පමණ බර ලොම් සහිත මැමැත් සත්වයෙක්ගේ මමියකි.




අවාසනාවකට ලොව මාරකම හෙලිකොප්ටර් අනතුරටද යානයක් සම්බන්ධය.2002 වර්ෂයේදී චෙච්නියානු යුද්ධය අතරතුර චෙච්නියා බෙදුම්වාදීන් විසින් Mi-26 යානයක් බිම හෙළන ලදි.එහිදී යානයේ සිටි පුද්ගලයින් 127 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.



ලොව විශාලතම හෙලිකොප්ටරය ගැන ඔබ කොතරම් දුරට දැනුවත්ද?






source:rbth.com


රුසියානු දැවැන්තයා - Mi-26 හෙලිකොප්ටරය රුසියානු දැවැන්තයා - Mi-26 හෙලිකොප්ටරය Reviewed by HarshaLulzSec on March 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.