සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 09

syrian-war-report-jan-9-2019-turkey-wants-us-military-bases-in-northern-syria

උතුරුදිග සිරියාවේ ඇමෙරිකානු හමුදා සතු හමුදා කඳවුරු 16ක්,ඔවුන් සිරියාවේ ඉවත්ව ගිය පසු තුර්කියට හෝ ප්‍රාදේශීය බලධාරීන්ට භාර දෙන්න යැ‍යි අන්කාරා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි බව තුර්කි ජනපති ප්‍රකාශක ඉබ්‍රහීම් කේලන් ජනවාරි මස 8 දා පැවසුවේ ඇමෙරිකානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් පසුවයි.


"සිරියාවෙන් ඉවත්ව යෑමට ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධව අපි සතුටු වෙනවා.නමුත් හැරදමා යන ගොඩනැගිලි මොනවාද,ස්ථානගත කර තිබූ බර අවිවලට සිදුවන්නේ කුමක්ද,ඇමෙරිකානු කඳවුරු සහ කාර්ය සාධන මධ්‍යස්ථානවල ඉරණම කුමක් වේද යන්න පැහැදිලි කර ගත යුතුය.මේ හමුවේදී අපි ඒ කරුණු සම්බන්ධව සාකච්ඡා කලෙමු"  -ඉබ්‍රහීම් කේලන්

එක්සත් ජනපදයේ ඉවත් යෑමෙන් "කුර්දි සන්නද්ධ කණ්ඩායම් ඇතුලුව ත්‍රස්තවාදී සංවිධානවලට නව ඉඩ ප්‍රස්තාවන් නිර්මාණය නොවිය යුතු යැයිද" ඔහු ප්‍රකාශ කලේය.

2019-9jan_syria_war_map

සිරියාවේ කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට එක්සත් ජනපදය සැපයූ අවි සහ අනෙකුත් උපකරණ ආපසු ලබා ගත යුතු යැ‍යිද අන්කාරා රජය දිගින් දිගටම කියා සිටියේය.කෙසේවෙතත් තුර්කියේ මෙම ඉල්ලීම මෙන්ම ඇමෙරිකානු කඳවුරු තුර්කියට බාර දෙන්න යැයි කරන ඉල්ලීම් කිසිවිටෙක ඉටුවේවි යැ‍යි අපේක්ෂා කල නොහැකිය.

මෙම ප්‍රකාශයන් මැන්බිජ් ප්‍රධාන කොට ගත් උතුරුදිග සිරියාවේ වාතාවරණය සම්බන්ධව තුර්කියත් එක්සත් ජනපදයත් අතර සිදුවෙමින් පවතින සාකච්ඡාවල කොටසකි.මීට සමාන සාකච්ඡා රුසියා-ඉරාන-සිරියා සන්ධානයත් සහ තුර්කියත්,එම සන්ධානයත් කුර්දි සටන්කාමී කණ්ඩායම් අතරත් සිදුවේ.කෙසේවෙතත් මේ දක්වා කිසිදු පාර්ශ්වයක් සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගෙන නොමැත.මැන්බිජ් නගරාසන්නයේ දැනට රුසියානු හමුදා පොලිසිය සහ සිරියානු රජයේ හමුදා දියත් කර තිබෙන ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධව අදහසක් ලබා ගත හැකිය.රුසියානුවන් සහ සිරියානු හමුදා ඉවත්ව ගිය හොත්,එහි අරුත කුර්දි නායකත්වය ඩැමැස්කස් රජය සහ එහි මිත්‍රයන්ගේ සියලු යෝජනා ප්‍රතික්ෂේප කල බවයි.ඔවුන් මැන්බිජ් නගරයට ඇතුල් වුවහොත් හෝ ඔවුන්ගේ පාලන ප්‍රදේශය පුලුල් කල හොත්,සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ඇත.

2019-9jan_NorthWest_Syria_Map

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ තුර්කියේ ප්‍රොක්සි හමුදාවල පාලනය යටතේ තිබූ වයඹදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි ගම්මාන දුසිමක් පමණ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම යටතට පත්ව තිබේ.

ඒ අතරතුර සටන්කාමීන් උතුරුදිග හමා ප්‍රදේශයට ඇතුල්වන්නට දැරූ උත්සාහයන් කිහිපයක් රජයට පක්ෂපාතී හමුදා විසින් ව්‍යර්ථ කරන ලදි.ප්‍රහාර එල්ල වූයේ අල්-ලටාමිනා,මෝරැක් සහ මාර්කිබා යන දිශාවලින්ය.සිරියානු රජයේ මාධ්‍යයට අනුව සටන්කාමීන්ට බරපතල හානි සිදුවූ අතර ඔවුන්ට කිසිදු බිම් කඩක් අල්ලා ගැනීමට හැකියාව ලැබී නැත.

මැන්බිජ් නගරයට බටහිර දෙසින් වූ ප්‍රදේශයේ මුර සංචාරවල යෙදෙන රුසියානු හමුදා පොලිස් ඒකක


ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිටින සටන්කාමී කණ්ඩායම් සටන් විරාමය උල්ලංඝනය කල බවට සිරියානු රජයේ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් වාර්තා පළවේ.අනෙක් අතට "සිරියානු විපක්ෂය" ඩැමැස්කස් රජයට චෝදනා එල්ල කරන්නේ රජයේ හමුදා සටන් විරාමය කඩ කල බව කියමින්ය.

කෙසේවෙතත් දකුණුදිග ඉඩ්ලිබ් දක්වා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ බලය ව්‍යාප්ත වුවහොත් නුදුරු අනාගතයේදී මෙම වාතාවරණය වෙනස් වීමට ඉඩ තිබේ.හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායම අත්පත් කර ගත් වාසිය සහ අල්ලා ගත් ප්‍රදේශවල පාලනය තහවුරු කර ගන්නට සමත් වුවහොත් යුද මුක්ත කලාපය ආසන්නයේ ඉඩ්ලිබ් පළාතේ වාතාවරණය තවත් නරක අතට හැරේවි.රටේ මෙම කොටසේ ගැටුම් සමනය කිරීමට මීට පෙර ඩැමැස්කස් රජය,රුසියාව,ඉරානය සහ තුර්කිය ගන්නා ලද ක්‍රියාමාර්ග මේ තත්ත්වය නිසා ඵල රහිත වනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 09 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 09 Reviewed by HarshaLulzSec on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.