සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 08

syrian-war-report-jan-8-2019-hayat-tahrir-al-sham-expands-further-in-idlib-de-escalation-zone

තුර්කි දේශසීමාව ආසන්නයේ උතුරු දිග සිරියාවේ ඇලපෝ පළාතේ මැන්බිජ් නගරය වටා රුසියානු හමුදා පොලිස් ඒකක මුර සංචාර සිදු කිරීම ආරම්භ කර තිබේ යැ‍යි ප්‍රකාශක යුසුප් මාමටොව් ජනවාරි මස 8දා මාධ්‍ය වෙත පැවසීය.

"අද දිනයේ අප මැන්බිජ් නගරය ආසන්න ආරක්ෂිත කලාපයේ සහ නගරය වටා මුර සංචාරයේ යෙදීම ආරම්භ කලෙමු.එහි අරමුණ සන්නද්ධ කණ්ඩායම්වල ඉදිරි ආරක්ෂක වළලු සහ ඔවුන්ගේ සංචලනයන් පාලනය කරමින් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමයි" යැ‍යි පැවසූ ඔහු හමුදා පොලිස් ඒකකවල මුර සංචාරක ගමන් මාර්ග නිරන්තරයෙන් වෙනස් කරන බවද කීය.

Manbij map 2019-01-08

සටන්කාමීන් ප්‍රදේශයෙන් ඉවත්ව ගිය පසු එහි තිබූ පුපුරා නොගිය බෝම්බ ආදිය සහ අවි ගබඩා සම්බන්ධව තොරතුරු ප්‍රදේශවාසීන් විසින් රුසියානු සෙබලුන් වෙත ලබා දෙමින් ඇතැයි ප්‍රකාශකයා සඳහන් කලේය.

උතුරුදිග හෝම්ස් හි අලුතින් මුදා ගත් ප්‍රදේශයේ ටෙල් තාහැබ් නගරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ජනවාරි මස 4දා භූගත අවි ගබඩාවක් සොයාගන්නට සිරියානු අරාබි හමුදාව සමත්  වූ බව සානා පුවත් සේවය වාර්තා කලේය.


අවි ගබඩාවේ තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත ටෝව් නම් යුද ටැංකි නාශක මිසයිල 4ක්,සෝවියට් දේශයේ නිෂ්පාදිත මේටස් නම් යුද ටැංකි නාශක මිසයිල 2ක්,රුසියාවේ නිෂ්පාදිත ආර් පී ඕ-ඒ තර්මෝබැරික් රොකට් විදිනයක්,ආර් පී ජී-18 යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන බෝම්බයක්,උණ්ඩ,පුපුරණ ද්‍රව්‍ය සහ සන්නිවේදන උපකරණ හමුවිය.




 ජනවාරි මස 6 දා සිරියානු අරාබි හමුදාව උතුරුදිග හෝම්ස් හි ටැල්බිසෙ සහ ටැල්ඩු නගරවල තිබී අවි ගබඩා කිහිපයක් සොයා ගෙන තිබේ.එහි ආර් පී ජී-18 යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන බෝම්බ 4ක්,ආර් පී ජී-22 යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන බෝම්බයක්,ආර් පී ඕ-ඒ වර්ගයේ තර්මෝබැරික් රොකට් විදිනයක්, RShG-2 වර්ගයේ තර්මෝබැරික් රොකට් විදිනයක්,මැෂින් තුවක්කු කිහිපයක් සහ උණ්ඩ ආදිය ඇතුලත් විය.ඊට අමතරව චන්ද්‍රිකා සන්නිවේදන උපකරණද තිබිණි.





 නූර් අල්-ඩීන් අල්-සෙන්කි කණ්ඩායම් ඉතිරිව තිබූ බර අවි තුර්කි පාලනය යටතේ තිබෙන අෆ්රින් ප්‍රදේශයට රැගෙන යාමට දැරූ උත්සාහය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සාමාජිකයින් විසින් ව්‍යර්ථ කල බව එම කණ්ඩායම ජනවාරි මස 5දා නිවේදනය කලේය.එලෙස අත් අඩංගුවට පත් වූයේ යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථයි.මේ සම්බන්ධ වැඩි විස්තර ඔවුන් හෙළි නොකලද විපක්ෂයට පක්ෂපාතී ෂාම් ටයිම්ස් පුවත් සේවය කල හෙළිදරව්වකට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම යුද ටැංකි 7ක් සහ පාබල හමුදා ප්‍රහාරක රථ 8ක් අල්ලා ගෙන තිබේ.




හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව)ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල සිය බලය ප්‍රසාරණය කිරීම තවදුරටත් සිදු කරමින් සිටියි.සිරියානු විපක්ෂය යටතේ තිබෙන බටහිර ඇලපෝ ප්‍රදේශයේ බලය සාර්ථකව අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් දකුණුදිග ඉඩ්ලිබ් වෙත අවදානය යොමු කර තිබේ.

Idlib map 2019-01-08

ජනවාරි 8 වෙනිදා මරෙට්-නාමන් නගරය ආසන්නයේදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ ස්ථාන වෙත පහර දුන්හ.සමහරක් වාර්තාවලට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ අරමුණ සම්පුර්ණ යුද මුක්ත කලාපයම සිය පාලනයට යටත් කරගෙන තමන්ට අවනත නොවන කණ්ඩායම් විසුරුවා හැරීමයි.ඒ අතරතුර තුර්කියට පක්ෂපාතී විමුක්තිය සඳහා ජාතික පෙරමුණ,හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ක්‍රියාකලාපය විවේචනය කලේ ඔවුන්ට පක්ෂපාතී කණ්ඩායම්වලට පහරදීම නිසාය.ඊට ප්‍රතිචාර දක්වන බවටද ඔවුන් තර්ජනය කලහ.කෙසේවෙතත් මේ දක්වා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ව්‍යාප්තිය වළක්වාලන්නට ප්‍රමාණවත් තරම් දෙයක් කරන්නට තුර්කියේ සහාය ලබන කණ්ඩායම් සමත් ව නැත.

Syria war map 2019-01-08

සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පරාජය කර ඇතැයිද එරට සාමය යළි ඇති කිරීමට තුර්කි රජය සූදානම් යැ‍යිද,තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් පැවසූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.සිරියාව තුල තුර්කි හමුදාව සිදු කල මෙහෙයුම් නිසා තුර්කිය සහ යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාර වැළකී ගිය බව ඔහු කීය.

ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීමේ ජනපති ට්‍රම්ප්ගේ තීරණය නිවැරදි එකක් යැයි කී එර්ඩොගන්,සිය මෙහෙයුම්වලදී ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය වගවිභාගයකින් තොරව බෝම්බ හෙළීම නිසා සිවිල් වැසියන්ට සිදු හානි සම්බන්ධව ඔහු ඇමෙරිකාවට චෝදනා එල්ල කලේය.අන්තවාදයේ අක් මුල් සිදලීමට තුර්කියට පුළුල් උපාය මාර්ගයක් තිබේ යැ‍යිද තුර්කි ජනපතිවරයා කීය.

"පළමු පියවර වන්නේ සිරියානු ප්‍රජාවේ සියලු කොටස් නියෝජනය වන සටන්කරුවන්ගෙන් සමන්විත ස්ථාවර හමුදාවක් නිර්මාණය කිරීමයි.විවිධත්වයකින් පමණක් සියලු සිරියානුවන්ට සේවය කිරීමට පුලුවනි.එසේම රටේ සියලු ප්‍රදේශවල නීතිය සහ සාමය ඇති කල හැකිය." - ජනපති එර්ඩොගන්

කෙසේවෙතත් ඔහුට අනුව බොහොමයක් තරුණ සිරියානුවන්ට කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට සම්බන්ධ වීම හැර වෙනත් තේරීමක් නැත.මහජන ආරක්ෂක ඒකක යනු තුර්කියට අනුව කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ සිරියානු ශාඛාවයි.

"ඇමෙරිකාව සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීමත් සමග ළමා සොල්දාදුවන් ඔවුන්ගේ පවුල්වලට භාරදීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කරන්නටත්,ත්‍රස්තවාදීන්ට සම්බන්ධ නැති සියලු සටන්කරුවන් අලුත් ස්ථාවර හමුදාවකට සම්බන්ධ කිරීමටත් හැකිවේවි.සියලු ජන කොටස් නියෝජනය වන දේශපාලන විසදුමක් ලබා ගැනීම තුර්කියේ තවත් ප්‍රමුඛතාවයකි" තුර්කි ජනපති එර්ඩෝගන්.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 08 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 08 Reviewed by HarshaLulzSec on January 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.