සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 07

syrian-war-report-jan-7-2019-russian-warplanes-strike-terrorists-in-idlib-de-escalation-zone

ජනවාරි 4 දා රුසියානු ගුවන් හමුදාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කලේය.ප්‍රහාරවල ඉලක්ක වූයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සාමාජිකයෝ රැඳී සිටින  බටහිර ඇලපෝ ප්‍රදේශයේ  ඩරාට් ඊසා,කැෆ්නහා,ජමියට් අල්-රහල්,උරම් අල්-කුබ්‍රා  නගර සහ 111වන රෙජිමේන්තු කඳවුරයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඇලපෝ නගරයට පිටතින් වූ අල්-රෂිඩින් දිස්ත්‍රික්කයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කල බවත් එහිදී සෙබලුන් 7 දෙනෙක් මිය ගිය බවත් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ඉබා නම් පුවත් ජාලය වාර්තා කර තිබිණි.නමුත් ජීවිත හානි සිදු නොවූ බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.

තුර්කියට පක්ෂපාතී සටන්කාන් කණ්ඩායමක් ඇලපෝ නගරයේ බටහිර දිශාවේ තිබෙන ජමිට් අල්-අර්මන් දිස්ත්‍රික්කයේ සිය පාලන ප්‍රදේශය ජනවාරි මස 4දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට භාර දුන්හ.ජමිට් අල්-අර්මන් හි බලය තහවුරු කර ගැනීමෙන් පසුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම බටහිර ඇලපෝ හි සටන්කාමීන්ගේ පාලනයට යටත් ප්‍රදේශයේ සින්කර්,අල්-හෝටා යන නගරත් 111වන රෙජිමේන්තු කඳවුරත් අත්පත් කර ගත්තේය.ප්‍රාදේශීය කවුන්සිලය සමග ඇති කර ගත් එකඟතාවයකින් පසුව හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන් අවෙයිජෙල් නගරයට ඇතුල් විය.

නූර් අල්-ඩින් අල්-සෙන්කි කණ්ඩායම විසින් තුර්කි පාලනය යටතේ තිබෙන අෆ් රින් ප්‍රදේශයට ගෙන යාමට උත්සාහ කල යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් අල්ලා ගැනීමට සමත් වූ බව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ජනවාරි මස 5 දා පැවසීය.

තුර්කියේ සහාය ලබන විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ සහ සිරියානු ජාතික හමුදාව යන සටන්කාමී කණ්ඩායම්වල සන්ධානයන්ගේ උදව් ලැබුණත් දින කිහිපයක් තුල ඇති වූ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම් සමග ඇති වූ ගැටුම් වලින් නූර් අල්-ඩින් අල්-සෙන්කි කණ්ඩායම සතු සියලු ප්‍රදේශ ඔවුන්ට අහිමි විය.නූර් අල්-ඩින් අල්-සෙන්කිහි ඉතිරි වූ සාමාජිකයෝ දැන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිට අෆ් රින් වෙත පලා යමින් සිටිති.

ජනවාරි 5 සහ 6 යන දිනයන්හිදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම් තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කලේය.එහිදී ඔවුහු සිරියානු විපක්ෂයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයේ පිහිටා ඇති ඩීර් සිමාන් සහ ඇටාරිබ් නගරවල බලය අල්ලා ගත්හ.ඇටාරිබ් නගරයේ පාලනය කලින් පැවතුණේ තුර්කියට පක්ෂපාතී තුවර් අල්-ෂාම් සහ බරික් අල්-ඉස්ලාමි යන සටන්කාමී කණ්ඩායම් යටතේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහත කී කණ්ඩායම් දෙකම විසුරුවා හරින ලදි.

නොබෝදා යටත් කරගත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටත් විපක්ෂයේ පාලන ප්‍රදේශය තුල සිය ඉදිරි ව්‍යාප්තිය සඳහා සූදානම් වන්නට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම මෙම සතිය යොදාගනිවි.ඔවුන්ගේ ව්‍යාප්තිය නතර කිරීමට තුර්කියට පක්ෂපාතී සිරියානු ජාතික හමුදාව සහ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ සැබෑ උත්සාහයක් නොගතහොත්,"මධ්‍යස්ථ සන්නද්ධ විපක්ෂය" යන මිත්‍යාව,යතාර්ථයක් කිරීමේ තුර්කියේ වෑයම අසාර්ථක වී යමක් කල හැකි එකම "විපක්ෂ හමුදාව" අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදීන් පමණක් වනු ඇත.

යුප්‍රටීස් නිම්නයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුමට අදාල වීඩියෝ පටයක් ජනවාරි මස 4දා කුර්දි මහජන ආරක්ෂක ඒකක හි මාධ්‍ය අංශය විසින් මුදා හැර තිබිණි.කුර්දි සටන්කාමීන්ගෙන් සමන්විත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ත්‍රස්තවාදීන් යටතේ තිබෙන ආෂ්-ෂාෆා නගරයට කඩා වැදුණි.ජනවාරි මස 5දා ඔවුහු අල්-රාසාසාහ්,අල්-ටාස්,අල්-රම්තා,මර්සුක්,අල්-සූර් සහ හවි අල්-සුර් යන දිස්ත්‍රික්ක වල  බලය තහවුරු කර ගත්හ.අල්-මුහ් සහ අල්-බැස්ටියන් යන ප්‍රදේශ තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටතේ පවතියි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට අනුව එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ යුද ගුවන් යානා මෙම සටනේදී ගුවන් ප්‍රහාරක සහාය ලබා දී තිබේ.ත්‍රස්තවාදීන් වාහන ගොඩනැගිලි ආදිය ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර 129ක් එල්ල කල බව සඳහන් වේ.එම ප්‍රහාර සහ පාබල හමුදා ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 71 කට වැඩි පිරිසක් මිය ගිය බවත් වාර්තා වේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 07 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 07 Reviewed by HarshaLulzSec on January 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.