සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 04

syrian-war-report-jan-4-2019-intra-militant-struggle-for-idlib-enters-new-stage

2019 ජනවාරි මාසයට පෙර සිරියාව උණුසුම කල ප්‍රධානතම සිදුවීම් වූයේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ ත්‍රස්තවාදී තර්ජනය සහ තුර්කි - කුර්දි අර්බුදයයි.

බටහිර ඇලපෝ,දකුණුදිග ඉඩ්ලිබ් සහ වයඹදිග හමා හි සිටින තුර්කියට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් යටපත් කරමින් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පසුගිය සතිය පුරා එම ප්‍රදේශවල සිය බලය ප්‍රසාරණයට කරන්නට කටයුතු කරන ලදි.නූර් අල්-ඩින් අල්-සෙන්කි කණ්ඩායමේ විසින් හයාට් ටරිර් අල්-ෂාම් සාමාජිකයෝ 4 දෙනෙක් ඝාතනය කල බවට චෝදනා කරමින් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ඩරාට් ඊසා සහ ඒ ආසන්නයේ ජනාවාස කිහිපයක් වෙත ප්‍රහාරයක් දියත් කලේය.ඉන්පසු හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම තුර්කියට පක්ෂපාතී කණ්ඩායම්වලින් ෆකි,ට්‍රාම්ලා,අර්නාබා,ෂාහරානාස් සහ ෂිර් මුහාර් යන ජනාවාස සිය පාලනයට නතු කර ගනිමින් දකුණුදිග ඉඩ්ලිබ් සහ වයඹදිග හමා හි තමන්ගේ ක්‍රියාකාරකම් පුළුල් කරන ලදි.

වාර්තාවලට අනුව ප්‍රදේශය තුල තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම්වල ප්‍රධානතම සන්ධානය වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ විසින් දකුණුදිග ඉඩ්ලිබ් වෙත එල්ල වූ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ප්‍රහාරය ව්‍යර්ථ කරමින්  ට්‍රාම්ලා සහ අල්-ගාඩ්ෆාහ් ප්‍රදේශ යළි අල්ලා ගත්තද මාරාට් අල්-නුමන් වෙතින් හයාට් ටරිර් අල්-ෂාම් හි සටන්කාමීන් පලවා හරින්නට අසමත්ව තිබේ.

ලෙබනනයේ අල්-මයාඩීන් රූපවාහිනී නාලිකාව වාර්තා කලේ ගැටුම්වලින් සටන්කාමීන් 140කට වැඩි පිරිසක් මිය ගිය බවයි.දෙපාර්ශ්වයම මෝටාර් සහ අනෙකුත් බර අවි භාවිතා කර තිබේ.

විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ,අන්කාරා රජයේ උදව් ලබාගෙන වයඹදිග සිරියාවේ සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයේ ඇතිව තිබෙන ගැටුම්කාරී වාතාවරණය විසඳුවද,එම ප්‍රදේශයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සිටින තාක් ප්‍රශ්නය තවදුරටත් පවතිනු ඇත.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නිල වශයෙන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප ගිවිසුම පිළිනොගනියි.නමුත් තුර්කියට සහ එහි ප්‍රොක්සි හමුදාවලට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම බල රහිත කිරීමට නොහැකිව තිබෙන්නේ "සිරියානු විපක්ෂයේ" වඩාත් බලවත්ම හමුදාව ඔවුන් වන නිසාය.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම වනසා දමනවාට වඩා එය පවතිනවාට තුර්කි විදේශ ප්‍රතිපත්තිය පවා සකස් වී තිබෙන නිසා එම වාසිය ප්‍රයෝජනයට ගනිමින් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම් මෙම ප්‍රදේශය තුල සිය බලය ව්‍යාප්ත කරමින් සිටියි.

අල්-රුක්බාන් සරණාගත කඳවුරේ සිටි සිරියානුවන් පිරිසක් දකුණුදිග හෝම්ස් හි රජයේ පාලන ප්‍රදේශයේ මහින් නගරයට පැමිණි බව ෂාම් නම් ගුවන් විදුලි සේවය ජනවාරි මස 3වනදා වාර්තා කර තිබුණේ සිරියානු බලධාරීන් උපුටා දක්වමින්ය.

එම වාර්තාවට අනුව එලෙස පැමිණි පිරිස 209 ක් වන අතර වැඩි පිරිසක් කාන්තාවන්,ළමුන් සහ මහළු පුද්ගලයන්ය.ඉදිරි සති කිහිපය තුල තවත් විශාල පිරිසක් රජයේ පාලන ප්‍රදේශය වෙත පැමිණේ යැ‍යි අපේක්ෂා කෙරේ.අල්-රුක්බාන් කඳවුර පිහිටා තිබෙන්නේ ඇමෙරිකාව ඇතුලුව මිත්‍ර සන්ධානයේ හමුදා රැඳී සිටින අල්-ටන්ෆ් හි කි.මී.55 ක යුද මුක්ත කලාපය තුලයි.ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත්ව යන බව ප්‍රකාශ කිරීමත් සමග අල්-ටන්ෆ් හි සිටි ඇමෙරිකාවට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් බියට පත් විය.ඒත් සමග සරණාගත කඳවුරේ සිටින සිවිල් වැසියන් එය හැර යෑමට පටන් ගත්තේ එහි ඇතිවෙමින් තිබෙන මානුෂීය අර්බුදයද මධ්‍යයේය.

තවත් අර්බුදකාරී ප්‍රදේශයක් වන්නේ මැන්බිජ්ය.ඉවත්ව ගිය බවට වාර්තා පල වුවද මැන්බිජ් ආසන්නයේ තුර්කි ප්‍රොක්සි හමුදා සිය ශක්තිය වර්ධනය කර ගැනීම දිගටම කරගෙන යයි.මෙම වාතාවරණය  අපේක්ෂිත ඇමෙරිකානු හමුදා ඉවත් යෑමේ කාලසටහනත්,ඩැමැස්කස් රජයත් කුර්දි සටන්කාමීනුත් අතර කතිකාත් මත රදා පවතිවි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 04 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 04 Reviewed by HarshaLulzSec on January 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.