සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 11

syrian-war-report-jan-11-2019-5-british-servicemembers-reportedly-killed-in-isis-attack

ඩීර් එසෝර් පළාතේ අල්-ෂාෆා ගම්මානයට එල්ල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් බ්‍රිතාන්‍ය සෙබලුන් 5ක් මිය යන්නට ඇතැයි අල්-වටාන් පුවත්පත ජනවාරි මස 9වනදා වාර්තා කර තිබිණි.එම සිදුවීමෙන් සෙබලුන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.ඔවුන් ගුවන් මගින් හසාකාහ් නගරයේ රෝහලකට රැගෙන ගියහ.

එම සිදුවීම සත්‍යයක් නම් පසුගිය දින කිහිපය ඇතුලත සිරියාවේ සිටින බ්‍රිතාන්‍ය හමුදාවන්ට හානි සිදු වූ දෙවන සිදුවීම මෙයයි.ජනවාරි මස 6 දා ඩීර් එසෝර් පළාතේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය විශේෂ බලකා සෙබලුන් දෙදෙනෙක් තුවාල ලැබීය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය සෙබලුන් 5 දෙනෙක් මිය ගිය බවට වාර්තා පළවීමත් සමග නැගෙනහිර සිරියාවේ යුප්‍රටීස් නිම්නයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනවාරි මස 10දා අන්තර්ජාලයට මුදා හැර තිබිණි.




ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ "ඉස්ලාමීය රාජ්‍යයෙන්" 99%ක්ම විනාශ කරන්නට ඇමෙරිකානු හමුදා සමත් වූ බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ජනවාරි මස 7දා පැවසීය.

"අපි ඉස්ලාමීය රාජ්‍යයෙන් 99%ක් බිද දැමුවා.එය සෑම කතාවක පළමු වගන්තිය විය යුතුය.හරිද?හැමෝම එකඟද?" යැයි පොම්පේයෝ වාර්තාකරුවන් ඉදිරියේ පැවසීය."කිසිවෙකුට හෝ ඊට විරුද්ධ කරුණු තිබේද?මේක අතිවිශාල සාර්ථක සටනක්" - මයික් පොම්පේයෝ

එක්සත් ජනපද ප්‍රමුඛ සන්ධානයට අමතරව සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය්ට එරෙහිව රුසියාවද සංග්‍රාමයක් දියත් කරන ලදි.කෙසේවෙතත් ඉරාකය සහ සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ පමණක් මෙහෙයුම් සිදු කල ඇමෙරිකානු හමුදා ත්‍රස්තවාදීන්ගේ "ඉස්ලාමීය රාජ්‍යයෙන් 99%ක්" විනාශ කලේ කෙසේද යන්න අපැහැදිලිය.


ජනවාරි මස 11දා ඩැමැස්කස් සහ කුනීට්‍රා යන ප්‍රදේශවලදී අවි සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් සොයා ගන්නට සිරියානු ආරක්ෂක අංශ සමත් වූ බව සානා පුවත් සේවය වාර්තා කලේය.

සොයා ගත් යුදෝපකරණ අතර අවි සහ විවිධ වර්ගවල උණ්ඩ,සොරා ගත් වාහන,ඊශ්‍රායලයෙන් ලැබුණු බුල්ඩෝසරයක් සහ නවීන මෝටර් රථ දෙකක්ද තිබිණි.

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra

syrian-forces-discover-more-weapons-ammunition-left-behind-by-militants-in-damascus-quneitra


දින දහයක් පුරා සිදු වූ සටන්වලින් පසුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ තුර්කියට පක්ෂපාතී විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ සටන් විරාමයකට එළඹී ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ ගැටුම් අවසන් කිරීමට තීරණය කරන ලදි.

මෙම එකඟතාවය බොහෝවිට තුර්කි රජයේ මැදිහත් වීම මත ඇති වන්නට ඇත.තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්සොග්ලු පවා ප්‍රකාශ කර තිබුණේ "හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ප්‍රහාර නැවැත්වීම සඳහා අන්කාරා රජය අවශ්‍ය පියවර ගත් බවයි".

Idlib map-2019-01-10
ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය-2019 ජනවාරි 10

ජනවාරි මස 10දා පෙරවරුවේදී දෙපාර්ශ්වය විසින් ගිවිසගත් පරිදි තුර්කියට පක්ෂපාතී විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ සතු සියලු ප්‍රදේශ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ විකල්ප රජය විසින් පාලනය කරනු ඇත.මෙම එකඟතාවය හරහා වයඹදිග සිරියාව තුල හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ බලය තවත් වර්ධනය කරාවි.

ඒ අතරතුර නවතම වාතාවරණය හේතුවෙන් වයඹදිග සිරියාවේ විපක්ෂ පාලන ප්‍රදේශයේ සිය මධ්‍යස්ථාන සියල්ලේ කටයුතු යළි දන්වන තුරු නවතා දමන බව  තුර්කියට පක්ෂපාතී සිරියානු නිදහස් පොලිසිය නිවේදනය කරන ලදි.

Syrian war map-2019-01-10

සිරියානු නිදහස් පොලිසිය ඔවුන්ගේ සියලු මධ්‍යස්ථාන ප්‍රාදේශීය බලධාරීන්ට බාර දෙන බවත්,එහි අරමුදල් පොලිස් නිලධාරීන් අතර බෙදා දෙන බවත් ඔවුන්ගේ නිල නිවේදනයේ සඳහන් වේ.මෙම ක්‍රියාමාර්ගවලට අනුව සිරියානු නිදහස් පොලිසිය යළි කිසිදිනෙක සිය කාර්යයන් යළි ආරම්භ නොකරනු ඇතැයි අනුමාන කල හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 11 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 11 Reviewed by HarshaLulzSec on January 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.