සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 10

syrian-war-report-jan-10-2019-al-qaeda-defeats-another-turkish-backed-opposition-group

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ජනවාරි මස 9 දා වයඹදිග හමා හි අරාර් අල්-ෂාම් කණ්ඩායම හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)කණ්ඩායමට යටත් වූ අතර ඔවුන් විසින්ම කණ්ඩායම විසුරුවා හැර තිබෙන්නේ හයාර් ටරිර් අල්-ෂාම් කණ්ඩායමෙන් එල්ල වූ බලපෑම හමුවේය.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම අල්-අන්කවි සහ හැබිට් යන නගරවල සම්පුර්ණ පාලනය සියතට ගෙන ගත්තේය.
අරාර් අල්-ෂාම් යනු තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම්වලින් සැදුම් ලත් විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ නම් සන්ධානයේ ප්‍රමුඛතම කණ්ඩායමයි.කෙසේවෙතත් වයඹදිග හමා හි මෙම සිදු වීම  අරාර් අල්-ෂාම් කණ්ඩායම සහාය දීමට ඉහත කී සන්ධානයේ කිසිදු කණ්ඩායමක් හෝ තුර්කිය හෝ මැදිහත් නොවීය.

විපක්ෂයට පක්ෂපාතී මාධ්‍යයට අනුව බර අවි හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට භාර දීමෙන් පසුව පරාජය වූ අරාර් අල්-ෂාම් සාමාජිකයන්ට අෆ් රින් ප්‍රදේශයට පසුබසින්නට අවස්ථාවක් ලැබේවි.

දැනට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ අවධානය යොමුව තිබෙන්නේ විමුක්තිය සඳහා වූ ජාතික සන්ධානය යටතේ තිබෙන දකුණුදිග ඉඩ්ලිබ් හි මරාට් අල්-නුමන් නගරය දෙසටයි.

පසුගිය සතියේදී තුර්කියට පක්ෂපාතී තවත් කණ්ඩායමක් වන නූර් අල්-ඩින් අල්-සෙන්කි,හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම හමුවේ පරාජය වූ අතර බටහිර ඇලපෝ ඔවුන් සතු සියලු ප්‍රදේශ අහිමි විය.

"මධ්‍යස්ථ විපක්ෂය" හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ බලපෑම හමුවේ බිද වැටීමත් සමග ඇතිව තිබෙන වර්තමාන තත්ත්වයට වගකිව යුතු වන්නේ තුර්කිය සහ රුසියාව යැ‍යි සටන්කාමීන්ට පක්ෂපාතී ක්‍රියාකාරීන් සහ මාධ්‍ය චෝදනා කරයි.මෙම න්‍යායට අනුව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා අන්කාරා සහ මොස්කව් රජයන් එම කලාපය තුල හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට සිය බලය ව්‍යාප්ත කර ගන්නට ඉඩ හැර තිබේ.

මෙම කටකතා තවත් ශක්තිමත් වීමට බලපා තිබෙන්නේ ඉඩ්ලිබ් පළාත ආසන්නයේ යුද මුක්ත කලාපයේ සිටි රුසියානු හමුදාවල සංචලනයන්ය.වාර්තාවලට අනුව රුසියානු හමුදා උතුරුදිග හමා හි රජයේ පාලන ප්‍රදේශයේ පිහිටි අබු ඩලි නගරයෙන් ඉවත්ව ජනවාරි මස 9 දා ටුලයිසියාහ් නගරය්ය ආසන්නයට පැමිණ තිබේ.ඊට පෙර රුසියානු සෙබලුන් වයඹදිග හමා හි හයාලින් නගරයට දකුණින් වූ සල්බා කඳු මුදුනේ අලුත් හමුදා මුර පොලක් පිහිටුවීමට පටන් ගත් බව වාර්තා වේ.

සමහරක් විපක්ෂ ක්‍රියාකාරීන්ට අනුව මෙම සිදුවීම්වලින් පෙනෙන්නේ රුසියානුවන් ඉඩ්ලිබ් හි යුද මෙහෙයුමක් සඳහා සූදානම් වන බවයි.

ජනවාරි මස 9 දා තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සමග දුරකතන සංවාදයක නිරත විය.දෙපාර්ශ්වයේ ප්‍රකාශවලට අනුව ඔවුන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය සහ අනෙකුත් කලාපීය ආරක්ෂක ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නැවත වරක් යුප්‍රටීස් නිම්නයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටතේ තිබෙන අෂ්-ෂාෆා ගම්මානය අල්ලා ගත් බව කුර්දි මූලාශ්‍ර පවසයි.දැන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතු අල්බු බඩ්‍රාන් ගම්මානය දෙසට ගමන් කරමින් සිටිති.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 10 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 10 Reviewed by HarshaLulzSec on January 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.