සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 31

syrian-war-report-dec-31-2018-us-forces-withdraw-from-one-of-their-bases

සිරියාවේ මැන්බිජ් නගරය කේන්ද්‍ර කරගෙන මේ වෙද්දී උණුසුම් වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබේ.සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශය කුමක් වුවත් පෙනෙන හැටියට සිරියානු රජයේ හමුදා නගරයට ඇතුල්  වී නැත.දැනට එම හමුදා නගරයට බටහිරින් සහ උතුරින් ස්ථානගත වී සිටිති.රජයේ හමුදා ප්‍රදේශයේ සිය ශක්තිය වර්ධනය කිරීමට අමතර භට පිරිස් යැවීය.

ඒ අතරතුර තුර්කිය දිගින් දිගටම තුර්කි-සිරියා දේශසීමාව ආසන්නයට යුදෝපකරණ යවමින් සිටියි.ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීමට දැනට කුර්දි සටන්කාමීන්,සිරියා-ඉරාන-රුසියා සන්ධානයත් තුර්කියත් අතර සිදුවන කතාබහ විසඳුමකින් තොරව අවසන් වුවහොත් අවම වශයෙන් ප්‍රාදේශීය මට්ටමේ ගැටුමක් හෝ නිර්මාණය විය හැකිය.


තුර්කියේ සහ රුසියාවේ බලධාරීන් දෙසැම්බර් මස 29 දා මොස්කව් හිදී මුහුණ ගැසුනු අතර එහිදී ත්‍රස්ත විරෝධී මෙහෙයුම්,ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීම සිරියාවේ දේශපාලනික ක්‍රියාවලිය සම්බන්ධව සාකච්ඡා කර තිබේ.තුර්කි විදේශ අමාත්‍යවරයා කියා සිටියේ සිරියාවේ භෞමික අඛණ්ඩතාවය සහ දේශපාලනික එක්සත්භාවය රැකීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.කෙසේවෙතත් මැන්බිජි හි වාතාවරණය සම්බන්ධව ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කලේ නැත.

අල්-සාෆා ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තිදෙනෙක් මරා දමන්නට සිරියානු රජයේ හමුදා සමත් විය.මෙම මෙහෙයුමේ අරමුණ වූයේ එම ප්‍රදේශයේ තවමත් ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් විනාශ කිරීමයි.

syrian war map 2018-12-31

ඊසානදිග අල්-හසාකා ප්‍රදේශයේ  මාලිකියෙ  නගරාසන්නයේ තිබූ හමුදා ගුදමක් ඉවත් කර ගන්නට ඇමෙරිකානු හමුදා කටයුතු කලේ යැ‍යි දෙසැම්බර් මස 29දා වාර්තා පළවී තිබිණි.හම්වී රථ,ට්‍රක් රථ සහ ඇමෙරිකානු සෙබලුන් 50 දෙනෙක් සිරියාවට යැවූ බවද වාර්තා වේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 31 සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 31 Reviewed by HarshaLulzSec on January 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.