ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රාජ්‍යයේ 99%ක් විනාශ කලේ ඇමෙරිකාවයි

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ කලිපත් නම් රාජ්‍යයෙන් 99%ක් විනාශ කලේ එක්සත් ජනපදය යැයි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ජනවාරි මස 7 දා පවසා තිබුණේ සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ ට්‍රම්ප්ගේ තීරණය තවත් සවිමත් කරමින්ය.


"අපි ඉස්ලාමීය රාජ්‍යයෙන් 99%ක් බිද දැමුවා.එය සෑම කතාවක පළමු වගන්තිය විය යුතුය.හරිද?හැමෝම එකඟද?" යැයි පොම්පේයෝ වාර්තාකරුවන් ඉදිරියේ පැවසීය."කිසිවෙකුට හෝ ඊට විරුද්ධ කරුණු තිබේද?මේක අතිවිශාල සාර්ථක සටනක්"

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නැගීමට තුඩු දුන්,ඔබාමා රජය 2011 වර්ෂයේදී ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සමග සංසන්දනය කරන්නට අමතක නොකලේය.

"ඔබාමා රජය යටතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නැගී සිටීම වැනි දෙයක් නැවත සිදු නොවන බවට අපි සහතික කල යුතු බව මම විශ්වාස කරනවා.අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය කාලයක පටන් අපිට තර්ජනයක්ව තිබේ.අපි ඒ සමග සිටිමින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය වැනි ගොඩබිම් මූලික කර ගත් දැවැන්ත ඉස්ලාමීය රාජ්‍ය බිහි නොවන්නට වග බලා ගත යුතුය". -මයික් පොම්පෙයෝ

පොම්පේයෝගේ "99%" කතන්දරය අසත්‍ය දත්ත මත පදනම්ව හෝ ඊට සම්බන්ධ සිතියමක් දෙස හෝ නොබලා සිදු කරන ලද ප්‍රකාශයක් බව පෙනේ.


පහත දැක්වෙන සිතියමෙන් පෙන්වා තිබෙන්නේ 2015 ජූනි 15දා සිරියාවේ යුදමය වාතාවරණයයි.




මෙම සිතියමේ දැක්වෙන්නේ 2019 ජනවාරි 8දා සිරියාවේ යුදමය වාතාවරණයයි.

යම් පුද්ගලයෙක් ඉහත දැක්වෙන සිතියම් දෙස විමසිලිමත්ව බැලුවහොත් එක්සත් ජනපදය මෙහෙයුම් සිදු කලේ සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ පමණක් බව පැහැදිලි වනු ඇත.රටේ ඉතිරි ප්‍රදේශවලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතුගා දැමුවේ සිරියා-ඉරාන-රුසියා සන්ධානයේ මෙහෙයුම් ඔස්සේය.අල්-බාබ් ප්‍රදේශය මුදා ගත්තේ තුර්කිය දියත් කල මෙහෙයුමකින්ය.

ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් පරාජය කර ඇතැයි ද ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර ගන්නේ යැ‍යිද ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේය.එතැන් පටන් ඔහු ට්විටර් ගිණුම ඔස්සේ මේ සම්බන්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරයි.ජනවාරි මස 7 දා ඔහු පළ කල ප්‍රකාශයක දැක්වුනේ "ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටන් කරමින් අඩියෙන් අඩිය ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් වේවි" කියාය.

ඇමෙරිකාව සිරියාවෙන් ඉවත්ව යෑම සිදු විය හැක්කේ තුර්කිය ඊසාන දිග සිරියාවේ ඇමෙරිකානු මිත්‍රයන් වන කුර්දි හමුදාවන්ට පහර නොදෙන බවට එකඟ වීමෙන් පසුව යැයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පැවසීය.

ඉරාකය සහ සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය,සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීම සඳහා වූ සැලැස්ම අනුමත කල බවත් දැන් ඔවුන් ඉවත්ව යෑම ක්‍රියාවේ යොදවන්නට කටයුතු කරමින් සිටි යැ‍යි පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් රොබර්ට්සන් ජනවාරි මස 7 දා ප්‍රකාශ කරන ලදි.

ඇමෙරිකානු හමුදා ඉවත් යාවි දැයි තවමත් පැහැදිලි නැත.දැනට එහි වේගය අඩාල වී තිබේ.




source:southfront.org


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රාජ්‍යයේ 99%ක් විනාශ කලේ ඇමෙරිකාවයි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රාජ්‍යයේ 99%ක් විනාශ කලේ ඇමෙරිකාවයි Reviewed by HarshaLulzSec on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.