සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 30

syrian-war-report-nov-30-2018-15000-al-qaeda-linked-terrorists-remain-in-idlib-province
සිරියාවේ ඉඩ්ලිබ් පළාත තුල හයාට් ටරිර් අල්-ෂාම් (කලින් ජබාත් අල්-නුස්රා) ත්‍රස්තවාදීහු 15,000ක් පමණ සිටින බවත් ඔවුන් වනසා දමන්නට රුසියාව සිරියානු රජයට උදව් ලබා දෙන්නට සූදානම් යැයි සිරියාව සඳහා වූ රුසියානු ජනපතිගේ නියෝජිත ඇලෙසැන්ඩර් ලැව් රෙන්ටියෙව්,අස්තානා සාකච්ඡාවලට සමගාමීව නොවැම්බර් මස 29දා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කලේය.
ඒ අතරතුර පළවන වාර්තාවලට අනුව යුද මුක්ත කලාපය තුල සිරියානු අරාබි හමුදාවට එරෙහිව සටනක් සඳහා අන්තවාදී සටන්කාමීන් හමුදා රැස් කරමින්,මිසයිල ස්ථානගත කරමින් සිටිති.

නොවැම්බර් මස 29 උතුරුදිග හමා ප්‍රදේශයේදී සිරියානු අරාබි හමුදාව සහ තුර්කියේ සහාය ලබන "විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ" නම් සටන්කාමීන්ගේ එකමුතුව අතර සටනක් සිදු විය.සටන්කාමීන් කර්නාස් ප්‍රදේශයේ සිටි සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් වෙත ප්‍රහාරයක් එල්ල කල මුත් කාලතුවක්කු ප්‍රහාර හමුවේ පසුබැස ගියහ.මහාඩාහ් නම් ක්‍රිස්තියානු නගරය ආසන්නයේ ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදා සහ විවිධ සටන්කාමීන් කණ්ඩායම් නිතර සටන් ඇති වේ.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවය නම් සංකල්පය මේ වෙද්දී නමට පමණක් සීමා වී තිබේ.එක් අතකින් ත්‍රස්තවාදීන්ට මහත් විනාශයක් අත්කර දිය හැකි ඉඩ්ලිබ් වෙත ගමන් කරන මෙහෙයුමක් සිදුකිරීමට සිරියානු අරාබි හමුදාවට ඇති හැකියාව අන්කාරා රජය අහුරා තිබේ.අනෙක් අතින් යුදමුක්ත කලාපය තුල සිටින අල්කයිඩා සහ එහි මිත්‍ර ත්‍රස්තවාදී කණ්ඩායම් මුලුනුපුටා දැමීමට තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.

අනෙක් පසින් සිරියාව,ඉරානය සහ රුසියාව වාතාවරණය සමීප නිරීක්ෂණය කරමින් ඉඩ්ලිබ් ප්‍රශ්නය පවතින හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික නාලිකා ඔස්සේ විසඳා ගැනීමට තවමත් උත්සාහ කරමින් සිටිති.මෙම ක්‍රියාමාර්ගයේ තිබෙන එක් අවාසියක් වන්නේ හයාට් ටරිර් අල්-ෂාම් සහ ඊට සමාන කණ්ඩායම් ප්‍රති සංවිධානය සහ යුදමය සැපයුම් ලබා ගැනීමට මෙම කාලය භාවිතා කිරීමයි.මීට මාස කිහිපයකට පෙර සිටියාට වඩා ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් දැන් වඩාත් ශක්තිමත් අතර සිරියානු අරාබි හමුදාව දියත් කරන මෙහෙයුමක් හමුවේ ඔවුන්ගේ ප්‍රතිරෝධයද පෙරට වඩා ඉහළ මට්ටමක පවතියි.

හජින් පොකට්ටුවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉලක්ක කර දියත් කල ඇමෙරිකානු සහාය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි අවම තීව්‍රතාවයක් සහිත මෙහෙයුම නොකඩවා සිදු කරගෙන යයි.නමුත් මේ දක්වා සැලකිය යුතු වාසියක් අත් කරගන්නට ඔවුහු අසමත් වුවද,එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ත්‍රස්තවාදීන්ගේ බන්ධනාගාරයකට බෝම්බ හෙළා තිබේ.කෙසේවෙතත් එහි රඳවා සිටියේ ත්‍රස්තවාදීන්ගේ අත් අඩංගුවට පත් වූ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි සාමාජිකයෝය.


මෙම සිදුවීම සනාථ කෙරෙන විඩියෝ පටයක් ඉස්ලාමීය රාජ‍ය ත්‍රස්තවාදීන්ගේ අමාක් නම් පුවත් සේවය විසින් මුදා හැර තිබිණි.පසුගිය නොවැම්බර් මාසයේ මුල් භාගයේදී ත්‍රස්තවාදීහු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා  වෙත එල්ල කල දැවැන්ත ප්‍රහාරයකදී ඔවුන්ගේ සාමාජිකයෝ සැලකිය යුතු පිරිසක් ත්‍රස්තවාදී අත් අඩංගුවට නතුවිය.

ඒ අතරතුර ඊශ්‍රායලයේ අගමැති මෙන්ම ආරක්ෂක,විදේශ සහ සෞඛ්‍ය අමාත්‍ය ධූරයන් දරන බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ "යුදෙව් විරෝධයට හොඳම පිළිතුර වන්නේ ඊශ්‍රායල රජය සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදා" බවයි.තම රටවල යුදෙව් විරෝධය අවුලවන්න වැඩියෙන්ම හේතුව වන්නේ ඊශ්‍රායල නායකත්වයේ ක්‍රියාකාරකම් බව යුරෝපීයන්ගෙන් 28%කට වැඩි ප්‍රතිශතයක් විශ්වාස කරන බවට සී එන් එන් පුවත් සේවයේ ඡන්ද විමසීමක සඳහන් වී තිබූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා ඉහත ප්‍රකාශය සිදු කර තිබේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 30 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 30 Reviewed by HarshaLulzSec on December 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.