නොවැම්බර් මස 28දා සිරියාවේ ලටාකියා පළාතේ රුසියාවට අයත් මෙයිමිම් ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී රුසියානු ගුවන් ආරක්ෂක බලකා විසිනි ඩ්‍රෝන් යානයක් බිම හෙළු බව ප්‍රාදේශීය මූලාශ්‍ර පැවසීය.
පෙනෙන හැටියට මෙම ඩ්‍රෝන් යානය සටන්කාමීන් විසින් ගුවන් ගත කල සන්නද්ධ එකක් වන අතර ඔවුන්ගේ ඉලක්ක වූයේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ රුසියානු සෙබලුන්ට සහ ගුවන් යානාවලට හානි සිදු කිරීමයි.ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ නොකරන තාක් කල් සටන්කාමීන් මෙම ප්‍රහාර නවත්වන්නේ නැති බව දිගින් දිගටම සිදුවන ඩ්‍රෝන් ප්‍රහාරවලින් පෙනෙන්නට තිබේ.
නැගෙනහිර මධ්‍යධරණී පෙරමුණ නම් සටන්කාමී කණ්ඩායමට අයත් වාහනයක් ග්බෙලේ නම් ගම්මානයේදී කුර්දි සටන්කාමීන්ගේ යුද ටැංකි නාශක මිසයිල ප්රහාරයක ගොදුරක් බවට පත් විය.
නොවැම්බර් මස 24දා කුර්දි සටන්කාමීන් විසින් බර්ජ් හයිඩර් ගම්මානය ආසන්නයේදී ෂාම් හමුදා නම් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයෝ 2ක් මරා දමා ඔවුන්ගේ වාහනයද විනාශ කර තිබේ.
අෆ්රින් හි කුර්දි සටන්කාමීන්ගේ සාර්ථක ප්‍රහාරවලින් පෙනී යන්නේ එම ප්‍රදේශය යටත් කරගෙන සිටින තුර්කි සන්නද්ධ හමුදා සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාවල ආරක්ෂක පද්ධතියේ තිබෙන සැලකිය යුතු හිඩැසයි.
එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පසුගිය සතියේ නිවේදනය කල,මෙම ක්‍රියාමාර්ගයට යොමුවූයේ උතුරුදිග සිරියාවේ බලය අල්ලාගෙන සිටින ඇමෙරිකානු සහාය ලබන කුර්දි සටන්කාමීන්ට එරෙහිව තුර්කිය යුද මෙහෙයුමක් දියත් කිරීම වළක්වාලීමයි.
source:southfront.org

සටන්කාමීන් විසින් සඟවා ගිය යුදෝපකරණ තොග දෙකක් හෝම්ස් සහ ඩැමැස්කස් ප්‍රදේශවලින් සොයා ගන්නට සිරියානු ආරක්ෂක අංශ සමත් වූ බව සානා පුවත් සේවය වාර්තා කර තිබිණි.හෝම්ස් පළාත උතුරු දිසින් වූ ටැල්බිසෙ සහ අල්-ෆර්හනියා යන ගොවිබිම්වලින් අවි සහ උණ්ඩ තොගයක් හමුවිය.ඩැමැස්කස් හි නිරිතදිග ප්‍රදේශයේ වඩි බහරෙන් හිදී අනෙක් අවි තොගය සොයාගෙන ඇත.අෆ්රින් නගරය අවට ප්‍රදේශයේ සැඟව සිටින කුර්දි මහජන ආරක්ෂක ඒකකවල සටන්කාමීන් තුර්කියේ ප්‍රොක්සි හමුදා වෙත නොනවත්වා සාර්ථක ප්‍රහාර එල්ල කරමින් සිටියි.අෆ් රින් සහ බසූටා නගර අතර මාර්ගයේ කුර්දි සටන්කාමීන් අටවා තිබූ මර උගුලකට හසුවීමෙන් නොවැම්බර් මස 26දා හම්සා සේනාංකය නම් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයෝ 4 දෙනෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත.
නැගෙනහිර මධ්‍යධරණී පෙරමුණ නම් සටන්කාමී කණ්ඩායමට අයත් වාහනයක් ග්බෙලේ නම් ගම්මානයේදී කුර්දි සටන්කාමීන්ගේ යුද ටැංකි නාශක මිසයිල ප්රහාරයක ගොදුරක් බවට පත් විය.
නොවැම්බර් මස 24දා කුර්දි සටන්කාමීන් විසින් බර්ජ් හයිඩර් ගම්මානය ආසන්නයේදී ෂාම් හමුදා නම් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයෝ 2ක් මරා දමා ඔවුන්ගේ වාහනයද විනාශ කර තිබේ.
අෆ්රින් හි කුර්දි සටන්කාමීන්ගේ සාර්ථක ප්‍රහාරවලින් පෙනී යන්නේ එම ප්‍රදේශය යටත් කරගෙන සිටින තුර්කි සන්නද්ධ හමුදා සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාවල ආරක්ෂක පද්ධතියේ තිබෙන සැලකිය යුතු හිඩැසයි.
සිය සටන්කරුවන් උතුරුදිග ලටාකියා හි සිරියානු අරාබි හමුදාව සතු විශාලතම මෙහෙයුම් මැදිරියට ප්‍රහාරයක් එල්ල කල බව "වා හරිඩ් අල්-මුමනන්" මෙහෙයුම මැදිරිය නොවැම්බර් මස 27දා ප්‍රකාශ කර තිබිණි.මෙම මෙහෙයුමේදී සිරියානු සෙබලුන් සහ නිලධාරීන් ගණනාවක් මිය ගිය බව සටන්කාමීන් පැවසීය.එක්සත් ජනපදය සිරියානු-තුර්කි දේශසීමාව ඔස්සේ සිය ප්‍රථම නිරීක්ෂණ මුර පොළ පිහිටුවීම ආරම්භ කල බව සිරියානු විපක්ෂය නියෝජනය කරන මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය නොවැම්බර් මස 28 දා සඳහන් කලේය.පළමු මුරපොළ උතුරු රක්කාහි බර් ෂික් ආසන්නයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් සටන්කාමීන්ගේ ප්‍රකාශ අසත්‍යයක් බවට පත් කරමින් සටනේදී මිය ගිය සටන්කාමීන්ගේ මළ සිරුරුවල ඡායාරූප සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබේ.සිරියානු රජයේ හමුදාවලට අනුව සතුරු ප්‍රහාරය ව්‍යර්ථ කල අතර එහිදී සටන්කාමීන් පස් දෙනෙක් මරණයට පත් විය.ඉන් සමහරෙක් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල වලින් සැරසී සිටියහ.
වා හරිඩ් අල්-මුමනන් යනු අල්කයිඩා සංවිධානයට සම්බන්ධ,වයඹදිග සිරියාවේ සිටින සන්නද්ධ කණ්ඩායම් කිහිපයක එකතුවකි.වා හරිඩ් අල්-මුමනන් මෙහෙයුම් මැදිරිය නිර්මාණය කරන්නේ ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේදීය.තුර්කි-රුසියා රජයන්ගේ මැදිහත් වීමෙන් ඇති කර ගත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවය කඩාකප්පල් කිරීම අරමුණු කරගෙන නිර්මාණය කෙරෙන්නේ 2018 ඔක්තෝම්බර් මාසයේ මැදභාගයේදීය.
නොවැම්බර් මාසයේ මුල් භාගයේදී උතුරු දිග ලටාකියා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථානයකට වා හරිඩ් අල්-මුමනන් කැරලිකරුවන් මීට සමාන ප්‍රහාරයක් එල්ල කරන ලදි.එහිදී සිරියානු සෙබලින් 18කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.එතැන් පටන් ප්‍රාදේශීය නිරීක්ෂකයන් අනතුරු ඇඟවූයේ අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වලට වයඹදිග සිරියාව තුල නිදහසේ සැරි සැරීමට අවස්ථාව තිබෙන තාක් ඉදිරියටත් මෙවැනි ප්‍රහාර බලාපොරොත්තු විය හැකිය කියාය.
එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පසුගිය සතියේ නිවේදනය කල,මෙම ක්‍රියාමාර්ගයට යොමුවූයේ උතුරුදිග සිරියාවේ බලය අල්ලාගෙන සිටින ඇමෙරිකානු සහාය ලබන කුර්දි සටන්කාමීන්ට එරෙහිව තුර්කිය යුද මෙහෙයුමක් දියත් කිරීම වළක්වාලීමයි.
අලුතින් මුදා ගන්නා ලද අල්-සාෆා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුර අවි ගබඩා කිහිපයක් සොයාගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව රුසියානු රුස්වෙස්නා පුවත් සේවය වාර්තා කර තිබිණි.මෙම අවි තොග ප්‍රදේශයේ රැදි සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට අයත් ඒවාය.
අවි අතර ඇමෙරිකානු TOW යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්,බල්ගේරියානු ෆැගොට් යුද ටැංකි නාශක නියාමක මිසයිල 3ක්,සෝවියට් ආර් පී ජී-22 යුද ටැංකි නාශක රොකට් දෙකක් සහ යුගෝස්ලෝවියානු එම්79 ඕසා නම් යුද ටැංකි නාශක අවියක් සහ ඊට යොදන උණ්ඩ 5ක් විය.
source:southfront.org
සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 29
Reviewed by HarshaLulzSec
on
December 01, 2018
Rating:

No comments: