සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 03


ඉඩ්ලිබ් හි සිටින හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායම මුළුනුපුටා දැමීම සඳහා "ජාත්‍යන්තර එකඟතාවයක්" තිබෙන බව සිරියානු විපක්ෂයේ කැපී පෙනෙන තැනැත්තෙක් වන කලිඩ් අල්-මහමිඩ් නොවැම්බර් මස 30දා අනාවරණය කලේය.අල්-මහමිඩ් යනු දකුණුදිග සිරියාවේ 2018 වර්ෂය තුල සිදුවූ සමගි සන්ධාන ක්‍රියාවලියේ පුරෝගාමියාය.ඩාරා සහ අල්-කුනීට්‍රා යන පළාත්වල සිටි නිදහස් සිරියානු හමුදා සටන්කාමීන් දහස් ගණනක් සිරියානු අරාබි හමුදාවේ 5 වන ප්‍රහාරක හමුදාවට එක් කරගන්නට ඔවුන්ව නම්මා ගත්තේද මොහුය.කලිඩ් අල්-මහමිඩ් ව්‍යාපාරිකයෙක් වන අතර අෂාඩ් විරෝධී විප්ලය ආරම්භ වූ ඩාරා නගරයේ ඔහු පදිංචිව සිටියේය.යුද්ධය ආරම්භ වීමත් සමග ඔහු බෂාර් අල්-අෂාඩ් හට විරුද්ධව සිටි ගත්තේය.
සිරියානු අරාබි හමුදාවේ 4 වන සන්නාහ සන්නද්ධ සේනාංකය උතුරුදිග අල්-සුවයිඩා හි සිට උතුරුදිග ලටාකියා සහ වයඹදිග හමා හි යුද පෙරමුණු වෙත යවා තිබේ යැයි නොවැම්බර් මස 30 දා වාර්තා විය.

දෙසැම්බර් මස 1දා සිරියානු අරාබි හමුදාව 5 වන ප්‍රහාරක හමුදාවේ සහ ජනරජ ආරක්ෂක හමුදාවේ අමතර ඒකක ඇලපෝ අවට ස්ථාන කිහිපයක ස්ථානගත කල බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලේය.ටී-72 යුද ටැංකි සහ බී එම් පී-1 පාබල හමුදා ප්‍රහාර රථ කිහිපයක් බටහිර ඇලපෝ හි ස්ථාන වෙත ගමන් කරන අයුරු දැක්වෙන විඩියෝවක්ද නිකුත් කර තිබිණි.


සටන්කාමීන් පිරිසක් අල්-සලාකියාට් ගම්මානයේ හමුදා මුර පොලවල් බිද ගෙන රජයේ පාලන ප්‍රදේශයට ඇතුල් වන්නට උත්සාහ කරද්දී ලටාමිනාහ් නගරයේ දකුණු ප්‍රදේශයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින්  සිටි සිරියානු අරාබි හමුදාව පසුව ප්‍රහාර දියත් කරන ලදි.

අල්-හමාමියට් ගම්මාන අවට සිටින හමුදා ඒකකයක්ද තවත් සටන්කාමීන් කණ්ඩායම් ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලද්දෙ ඔවුහු අල්-ජයිසාට් සහ ටල්-අල්-සකිර් යන ප්‍රදේශවලින් රජයේ පාලන ප්‍රදේශයට ඇතුල්වන්නට ප්‍රයත්න දරද්දීය.

Syrian war report 2018-12-02 map

ඩීර් එසෝර් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි සටන මිශ්‍ර ප්‍රතිඵලද සහිත තවත් ක්‍රියාත්මකය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩිගේ සමීපතමයෙක් වන අබු අවෙයිඩ් නැමැත්තා අත් අඩංගුවට ගත් බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි මාධ්‍ය මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි.

Ossama Abu Awayd
අබු අවෙයිඩ්

විශේෂ මෙහෙයුමකින් පසුව යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුවෙන් සිවිල් වැසියන් දුසිම් ගණනක් සාර්ථක ඉවත් කරගන්නට සිය හමුදා සමත් වූ බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නිවේදනය කලේය.

මෙහෙයුම යටතේ මුදා ගත් සිවිල් වැසියන් පිරිසක්

US-BACKED FORCES EVACUATE MORE CIVILIANS FROM ISIS POCKET IN EUPHRATES VALLEY

US-BACKED FORCES EVACUATE MORE CIVILIANS FROM ISIS POCKET IN EUPHRATES VALLEY
 
US-BACKED FORCES EVACUATE MORE CIVILIANS FROM ISIS POCKET IN EUPHRATES VALLEY

පසුගිය සති අන්තයේදී නැගෙනහිර ඩීර් එසෝර් හි ස්ථාන වෙත එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කල බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කීය.එහිදී ඔවුන්ට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ යුද ගුවන් යානාවල සහායද හිමි වූ අතර ත්‍රස්තවාදීන්ගේ වාහන සහ ඔවුන් රැදී සිටි ස්ථාන ඉල්කක කර ගුවන් ප්‍රහාර 34ක් එල්ල කර තිබේ.

පසුගිය සතිය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත ප්‍රහාර කිහිපයක් එල්ල කල අතර ඉන් පැහැදිලි වන්නේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ත්‍රස්තවාදීන්ගේ බලය තවමත් ශක්තිමත් බවයි.


පසුගිය සමයේ මුදා ගත් දකුණුදිග සිරියාවේ සිදු කල සෝදිසි මෙහෙයුම් අතරතුර යුදෝපකරණ තොගයක් සොයාගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව සානා පුවත් සේවය දෙසැම්බර් මස 1දා වාර්තා කලේය.

එම අවි අතර ඇමෙරිකානු TOW යුද ටැංකි නාශක මිසයිල 4ක් ,චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත ආර් පී ජී-75 වර්ගයේ යුද ටැංකි නාශක අවි සඳහා යොදන උණ්ඩ කිහිපයක්,බල්ගේරියාවේ නිෂ්පාදිත ආර් පී ජී-7 රොකට් ප්‍රචාලන බෝම්බ දුසිම් ගණනක්,මැෂින් තුවක්කු සහ විවිධ ප්‍රමාණ වල උණ්ඩ ලක්ෂයකට වඩා තිබිණි.



කුර්දි මහජන ආරක්ෂක ඒකක,එනම් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ආධිපත්‍ය දරන කණ්ඩායම ඇලපෝ ආසන්නයේ අබ්ලාහ් නගරයේදී තුර්කියේ සහාය ලබන නිදහස් සිරියානු හමුදා හි ස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කල පලාගොස් ඇත.

බැග්ඩෑඩ් හි සිදු කල විශේෂ මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රධාන පෙළේ අණදෙන නිලධාරියෙක් වන ජමාල් කලිල් ටාහා සන්ඩ් මෂාඩනි නැමැත්තා අත් අඩංගුවට ගැනීමට සිය නියෝජිතයෝ සමත් වූ බව ඉරාක ජාතික බුද්ධි සේවය නොවැම්බර් මස 30දා ප්‍රකාශ කලේය. 2017 දෙසැම්බර් මස 9දා සිය රට තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පරාජය කල බව ඉරාකය නිවේදනය කලේය.කෙසේවෙතත් රට තුල ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අණදෙන නිලධාරීන් සහ ත්‍රස්තවාදීන්ගේ රහස් තිප්පොලවල් දඩයම් කිරීමට මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 03 සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 03 Reviewed by HarshaLulzSec on December 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.