සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 28

syrian-war-report-dec-28-2018-ypg-invites-syrian-army-to-manbij

කුර්දි මහජන ආරක්ෂක ඒකක ඉවත්ව ගියා යැ‍යි සැලකෙන මැන්බිජ් ප්‍රදේශයට පැමිණෙන්න යැ‍යි එම ඒකක විසින් දෙසැම්බර් මස 28දා නිල නිවේදනයක් නිකුත් කරමින් සිරියානු රජයට ආරාධනා කලේය.කුර්දි සටන්කාමීන් මෙම තීරණයට එළඹියේ තුර්කියෙන් එල්ල වන තර්ජනය සහ බටහිර යුප්‍රටීස් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටන සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් යුතුව බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

එදින උදෑසන සිරියානු රජයේ හමුදා මැන්බිජ් නගරයට ඇතුල් වීම ඇරඹීය.

මැන්බිජි ආක්‍රමණය කිරීමට තුර්කිය සූදානම් කර තිබෙන යුද මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වීමේ සම්භාවිතාවයක් තිබෙන නිසා සිරියානු රජයේ හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් එම ප්‍රදේශය අවට සිය යුද ශක්තිය වර්ධනය කර ගනිමින් සිටිති.






ඒ අතරතුර තුර්කි සන්නද්ධ හමුදා සිරියානු දේශසීමා ආසන්නයේ සිය පිරිස් බලය සහ යුද ශක්තිය වර්ධනය කිරීමද නොනවත්වා කරගෙන යනු ලැබේ.අලුත්ම වාර්තාවලට අනුව තුර්කි රජයේ හමුදා අවම වශයෙන් එම්60ටී වර්ගයේ යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ 10ක් වත් කිලිස් ප්‍රදේශයට යවා තිබේ.

අන්තර්ජාලයේ පලවන වාර්තා සහ ඡායාරූපවලට අනුව තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් සිරියාවේ මැන්බිජ් නගරාසන්නයේ පිරිස බලය සහ යුදෝපකරණ රැස් කරමින් සිටිති.දෙසැම්බර් මස 28දා වාර්තා වූ පරිදි සිරියානු රජයේ හමුදාවත්,කුර්දි මහජන ආරක්ෂක ඒකකත් අතර මැන්බිජ් නගරය සම්බන්ධව එකඟතාවයක් ඇතිව තිබේ.එම එකඟතාවයට අනුව රජයේ හමුදාවට මැන්බිජ් වෙත පැමිණෙන්න යැයි කුර්දීන් ආරාධනා කලහ.ඊට සමගාමීව කුර්දි හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් කර ගත් බව පැවසේ.








සිරියාවේ ඩැමැස්කස් නගරයේ තම රටේ තානාපති කාර්යාලයක් විවෘත කල බව දෙසැම්බර් මස 27 දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ අන්තර්ජාතික සහයෝගීතාවය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කලේය.තානාපති කාර්යාලයේ ප්‍රධානියා වන්නේ අබ්දුල් හකිම් අල්-නුයිමිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීම හරහා කලාපය තුල ඩැමැස්කස් රජයේ පිළිබඳ ආකල්ප හොඳට හැරෙමින් තිබෙන බව පෙනේ.එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය,අෂාඩ් රජය සිරියාවේ නීත්‍යානුකූල භාරකාරයා යැයි පිළිගන්නා බවද තහවුරු වේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු මැදපෙරදිග කලාපයේ තුල සිටින ඇමෙරිකාවේ ප්‍රධානම මිත්‍ර රාජ්‍යයකි.

දෙසැම්බර් 14දා පවත්වන ලද සිරියා-රුසියා අන්තර් ආණ්ඩු කොමිසමේ 11වන සැසියේදී එකඟ වූ පරිදි ඒකාබද්ධ සිරියා-රුසියා එන්නත් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමටත්,ටාර්ටස් නගරයේ ගුවන් තොටුපලක් ඉදි කිරීමටත් රුසියානු සමාගම් සැලසුම් කර තිබේ.අනෙකුත් වැදගත් ද්වීපාර්ශ්වීය වැඩසටහන් වන්නේ මෝටර් රථ ටයර් සහ සිමෙන්ති නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 28 සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 28 Reviewed by HarshaLulzSec on December 29, 2018 Rating: 5

No comments:

Powered by Blogger.