සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 27

SYRIAN WAR REPORT – DEC. 27, 2018: LARGE NUMBER OF SYRIAN TROOPS DEPLOYED NEAR MANBIJ

අල්කයිඩාවට සම්බන්ධ වා හරිඩ් අල්-මුමිනින් නම් සටන්කාමී කණ්ඩායම දෙසැම්බර් මස 26 දා උතුරු දිග ලටාකියා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන කිහිපයකට පහරදී පලා ගොස් තිබේ.සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව එහිදී රජයේ හමුදා සෙබලුන් 20කට වැඩි පිරිසක් මියගියහ.

සිදුවීම ගැන පලවන අනෙක් වාර්තාවලින් කිය වුනේ නාක්ෂිබා රුයිසාට් අල්-මලික් සහ අයින් අල්-කන්ට්‍රා යන ගම්මානවලට එල්ල වූ ප්‍රහාරය ව්‍යර්ථ කර සටන්කාමීන් විශාල පිරිසක් මරා දමන්නට සිරියානු අරාබි හමුදා සමත් වූ බවයි.


අරිමා ගම්මානයට ඇතුල් වූවාක් මෙන් නුදුරේදීම සිරියානු අරාබි හමුදාව,සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේ තිබෙන මැන්බිජ් නගරයට පිවිසේවි යැ‍යි රජයට පක්ෂපාතී බොහොමයක් මූලාශ්‍ර සඳහන් කරයි.

ඒ අතරතුර,පලවන වාර්තාවලට අනුව ඊසානදිග සිරියාවේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව කතිකා කිරීමට ඊජිප්තු බුද්ධි අංශවල නියෝජිත පිරිසක් නුදුරේදීම ඩැමැස්කස් අගනුවරට පැමිණීමට නියමිතය.මෙහිදී එම නියෝජිත පිරිස,රුසියානුවන්ද සමග එක්ව ඩැමැස්කස් රජයත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි දේශපාලන අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලයත් අතර කතිකාවතක් සඳහා මැදිහත් වීමට නියමිතය.


තුර්කි හමුදාව එම්60ටී යුද ටැංකි 10කට වැඩි ගණනක් සමග තවත් සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් තුර්කියේ කිලිස් පළාතේ සිරියාව සමග දේශසීමාව ආසන්නයට ගෙන්වූ බව සිරියනු එනාබ් බලාඩි නම් මාධ්‍ය විසින් දෙසැම්බර් මස 27දා වාර්තා කර තිබුණේ තුර්කි මූලාශ්‍ර උපුටා දක්වමින්ය.

ඊශ්‍රායලයේ IMI සමාගම විසින් නවීකරණය කරන ලද සිය ගණනක් වූ තුර්කියේ පැරණි එම්60ඒ3 යුද ටැංකි 2001 සහ 2008 යන කාල සීමාවේදී එම්60ටී සබ්‍රා එම් කේ 2 ප්‍රමිතියට උසස් කරන ලදි.එම නවීකරණයත් සමග මි.මී.120 ස්මූත්බෝර් අවියක්,ඉලෙක්ට්‍රික් ස්ථායිකරණ පද්ධතියක්,නව වෙඩි පාලන පද්ධතියක් සහ අලුත්ම සන්නාහය පැකේජයක් යුද ටැංකියට හිමිවිය.

කෙසේවෙතත් 2016 වර්ෂයේ ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම යටතේ උතුරුදිග සිරියාව ආක්‍රමණයේදී නවීකරණය කරන ලද එම්60ටී යුද ටැංකි අසාර්ථක විය.ඉන් පසුව එම යුද ටැංකි නැවත වරක් නවීකරණයට භාජනය විය.මෙවර තුර්කියේ ASELSAN සමාගමට එය භාර විය.දෙවැනි නවීකරණයේදී ලේසර් අනනතුරු ඇඟවීමේ පද්ධතියක්,දුරස්ථපාලක අවි පද්ධතියක්(මැෂින් තුවක්කුවක් හෝ බෝම්බ විදිනයක්)එක් කෙරිණි.

තුර්කිය කිලිස් පළාතේ මෙලෙස යුද ටැංකි ප්‍රමාණය ඉහළ දමන්නේ සිරියාවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව දියත් කිරීමට නියමිත යුද මෙහෙයුමට සූදානම් වීමේ අරමුණින්ය.














ඊසානදිග සිරියාවේ හජින් පොකට්ටුවේ නොබෝදා සිදු වූ ගැටුම්වලදී සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 236කට වැඩි පිරිසක් මරණයට පත් වූ බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.මෙතරම් විශාල හානියක් ත්‍රස්තවාදීන්ට සිදුවූ බව සනාථ කිරීමට ප්‍රමාණවත් ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි කිසිවක් මේ දක්වා ඔවුන් නිකුත් කර නැත.හජින් නගරය අල්ලා ගැනීමෙන් පසුව යුප්‍රටීස් නිම්නයේ නැගෙනහිර ඉවුරේ ඉතිරිව තිබෙන ත්‍රස්තවාදීන්ට අයත් ගම්මානවල බලය අල්ලා ගැනීමට සිරියානු ප්‍රජතන්ත්‍රික හමුදා උත්සාහ දරමින් සිටිති.කෙසේවෙතත් මෙම උත්සාහයන්ගෙන් සැලකිය යුතු වාසියක් මේ දක්වා අත් කරගෙන නොමැත.

දෙසැම්බර් මස 25දා සිරියාවේ බටහිර ඩැමැස්කස් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වල ප්‍රතිඵල දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඊශ්‍රායලයේ ImageSat International සමාගම විසින්  නිකුත් කර තිබිණි.ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍රවල කියා සිටින්නේ ප්‍රහාරවලින් ඉරානයට අයත් ෆජිර්-5 නම් රොකට් ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක් විනාශ වූ බවයි.මෙම රොකට් හිස්බුල්ලා සංවිධානයට ලබාදීමට තිබූ ඒවාය.



ඊසානදිග සිරියාවේ වාතාවරණය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය මෙවුලට් කැව්සොග්ලු, ජනපති පෞද්ගලික සහායක ඊබ්‍රහීම් කේලන්,ජාතික ආරක්ෂක අමාත්‍ය සුලුසි අකර් සහ බුද්ධි අංශ ප්‍රධානී හකාන් ෆිඩන් ආදී ඉහළ පෙළේ බලධාරීන්ගෙන් සමන්විත තුර්කි නියෝජිත පිරිසක් මෙම සති අන්තයේදී මොස්කව් හි සංචාරයකට සහභාගී වීමට නියමිතය.කුර්දි පාලනය යටතේ තිබෙන ඊසානදිග සිරියාව ආක්‍රමණය කිරීමේ සිය සැලැස්මට රුසියාවේ සහාය ලබා ගැනීම හෝ රුසියාව ඊට මැදිහත් නොකර තබා ගැනීම යන කාරණා තුර්කිය විසින් එහිදී සාකච්ඡා කරනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 27 සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 27 Reviewed by HarshaLulzSec on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.