සුපර්සොනික් ග්ලයිඩරයේ සිට න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා:සේවයට එක් වීමට නියමිත රුසියානු අවි


2019 වර්ෂයේදී සේවයට එක් වීමට නියමිත නවතම සුපර් සොනික් ග්ලයිඩරයේ අත්හදා බැලීම් පසුගියදා අවසන් කෙරිණි.මෙම ලිපියෙන් විමසා බලන්නේ නුදුරු අනාගතයේදී රුසියානු හමුදාවේ සේවයට එක්වන්නට සූදානම් අති නවීන යුදෝපකරණ කිහිපයක් සම්බන්ධවයි.

ඇවන්ගාඩ් සුපර් සොනික් ග්ලයිඩරය

 අධිධ්වනි වේගයෙන් පියාසර කරන 'ඇවන්ගාඩ්' නම් ග්ලයිඩරයේ අත්හදා බැලීම් අවසන් කලේ දෙසැම්බර් මස 26 දාය.එය ලබන වසරේ රුසියානු උපායමාර්ගික මිසයිල බලකා වෙත ලබා දීමට නියමිතය.මෙම අවිය ඉදිරියේදී සේවයට එක් වන සර්මට් නම් පරාසය දීර්ඝ කල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයේ සම්මත අවිය බවට පත් වේවි.එක්සත් ජනපදය ස්ථාපනය කල ගෝලීය ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතියට ප්‍රතිචාර ලෙස රුසියාව නිවේදනය කල අවි පද්ධති 5න් දෙකක් වන්නේ මෙම ග්ලයිඩරය සහ සර්මට් මිසයිලයයි.

final testing of Avangard hypersonic glider
ඇවන්ගාඩ්  ග්ලයිඩරයේ අවසන් අත්හදා බැලීමේ දර්ශනයක්



කින්සාල් මිසයිලය

 ඉහත සඳහන් කල අවි පද්ධති 5න් තවත් එකක් වන්නේ 'කින්සාල්' නම් බැලස්ටික් මිසයිලයයි.ගුවන් යානයක් මගින් මුදා හරින මෙම හයිපර්සොනික් මිසයිලය,ඉස්කන්ඩර්-එම් ජංගම මිසයිල පද්ධතිය නිකුත් කරන මිසයිලයකින් ව්‍යුත්පන්න වූවක් යැ‍යි කියනු ලැබේ.කින්සාල් මිසයිලයක් මුදා හැරීමට නම් වේගයෙන් චලනය ප්ලැට්ෆෝම් එකක් අවශ්‍ය වේ.දැනට රුසියාව මිග්-31කේ අතුරුවාරක ජෙට් යානය හෝ ටුපලෙව්-22එම්3 බෝම්බ හෙළන යානය භාවිතා කරමින් කින්සාල් මිසයිල දියත් කරනු ලබයි.

Kinzhal missile and MiG-31k
මිග්-31 යානයක රදවා තිබෙන කින්සාල් මිසයිලයක්



අලුත්ම සුදු හංසයා

 ටුපලෙව්-160 සුපර්සොනික් බෝම්බ හෙළන යානය 1980 දශකයේ පටන් භාවිතා කරන අතර පසුකාලීනව ටුපලෙව්-160 එම් සහ ටුපලෙව්-160 එම් 2 යන මොඩල දක්වා නවීකරණය කරන ලදි.නවතම මොඩලය වඩාත් දියුණු ඉලෙක්ට්‍රොනික් උපාංගවලින් මෙන්ම රේඩාර් හරස්කඩ අවම කරන ආලේපයකින්ද සමන්විතය.

Tu-160M2
ටුපලෙව්-160 එම් 2 යානයක්



වැඩි දියුණු කල යාසෙන් පන්තියේ ප්‍රහාරක සබ්මැරීන

 වයස් ගත වෙමින් තිබෙන සෝවියට් සබ්මැරීන වෙනුවට ඊළඟ වර්ෂයේදී නවීකරණය කල පළමු යාසෙන් පන්තියේ සබ්මැරීනය රුසියානු නාවික හමුදාවට ලැබේ.යාසෙන් පන්තියේ සබ්මැරීන 2014 වර්ෂයේ පටන් සේවය ඇතත් එහි නවීකරණය කල යාසෙන්-එම් පන්තියේ සබ්මැරීනය වන 'කසාන්' සිය අත්හදා බැලීමේ චාරිකා නිමා කල අතර තවත් සබ්මැරීනයක් වන 'නෝවාසිබ්‍රිස්ක්' ඊළඟ වර්ෂයේදී දියත් කිරීමට නියමිතය.

Yasen-M-class submarine, the Kazan
කසාන් නම් යාසෙන්-එම් පන්තියේ සබ්මැරීනය



 ස්ටෙල්ත් තාක්ෂණයෙන් තවත් ශක්තිමත් වූ බොරෙයි පන්තියේ සබ්මැරීන

 බොරෙයි-ඒ පන්තිය යනු නුතන රුසියානු සබ්මැරීන අතර තවත් නවීනතම සබ්මැරීන මොඩලයකි.කෲස් මිසයිල සහ ටෝර්පිඩෝ වෙනුවට එහි රැගෙන යන්නේ දිගු දුර න්‍යෂ්ඨික මිසයිලයි.මෙම පන්තියට අයත් පැරණි සබ්මැරීන තුනක් දැනට සේවයේ යොදා ඇති මුත් ඊළඟ වර්ෂයේදී වැඩිදියුණු කල බොරෙයි පන්තියේ පළමු සබ්මැරීනය වන 'නියාස් ව්ලැඩිමීර්' රුසියානු නාවික හමුදාව එක් වනු ඇත.එය ස්ටෙල්ත් තාක්ෂණයෙන් පොහොසත් අතර කාර්ය මණ්ඩලයට වඩාත් සුවපහසු වටපිටාවකින්ද යුක්තය.

Borei-A class Knyaz Vladimir submarine
බොරෙයි පන්තියේ පළමු සබ්මැරීනය වන 'නියාස් ව්ලැඩිමීර්'

 මේවාට අමතරව 'ප්‍රසයිඩන්' නම් ජලය යටින් යාත්‍රා කල හැකි න්‍යෂ්ඨික ඩ්‍රෝන් යානය සහ 'පැරෙස්වෙට්' නම් ලේසර් අවි පද්ධතිය ලැයිස්තුවේ 5 දෙනා අතර තිබෙන මෙහිදී සඳහන් නොකල අවි පද්ධතීන්ය.



source:rt.com


සුපර්සොනික් ග්ලයිඩරයේ සිට න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා:සේවයට එක් වීමට නියමිත රුසියානු අවි සුපර්සොනික් ග්ලයිඩරයේ සිට න්‍යෂ්ඨික සබ්මැරීන දක්වා:සේවයට එක් වීමට නියමිත රුසියානු අවි Reviewed by HarshaLulzSec on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.