ක්‍රෙම්ලිනයේ රහස් අවිය


නව වර්ෂයක උදාව අභියස රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2019 වසර සඳහා ආකර්ෂණීය දින දර්ශනයක් නිකුත් කර තිබේ.කොලොප්පන් කිරීමටත් යුදෝපකරණවලට සිත් ගන්නා සුළු නම් යෙදීමටත් රුසියානු හමුදාව ප්‍රසිද්ධියක් උසුලයි.ක්‍රෙම්ලිනයේ සුපිරි අවිය කුමක්ද යන්න දැනගැනීමට නම් ඔබ මේ දින දර්ශනය නැරඹිය යුතුමයි.


ජනවාරි:ලෝකයේ ඕනෑම තැනකට භාණ්ඩ රැගෙන යාම

වසරේ පළමු මාසය නියෝජනය කරන්නේ ටොපොල්-එම් නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය රැගෙන යන විශේෂිත ට්‍රක් රථයයි.මෙය රුසියානු න්‍යෂ්ඨික ත්‍රිකයේ කොටසකි.

Russian Defense Ministry 2019 calendar



පෙබරවාරි:ශීත සෘතුවේදී නොනිදන රුසියානු වලසා

මෙම මාසය අලංකාර වී තිබෙන්නේ ටුපලෙව්-95 උපාය මාර්ගික බෝම්බ හෙළන යානයෙනි.එහි නේටෝ නාමය වන්නේ "බෙයාර්" හෙවත් වලසා යන්නයි.

Russian Defense Ministry 2019 calendar



මාර්තු:ඇස්වල පාලනය පැහැර ගන්නා ක්‍රෙම්ලිනයේ රහස් අවිය

හමුදා පෙළපාලි සහ අනෙකුත් හමුදා ඉසව්වන්හිදී කාන්තා ශිෂ්‍ය භටයෝ ප්‍රේක්ෂකයන්ගේ ඇස් සිය වසඟයට ගනියි.

Russian Defense Ministry 2019 calendar



අප්‍රේල්:රුසියානු හිම බිදිති

මෙම මාසය ආවරණය කෙරෙන්නේ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කිරීමට පුහුණුව ලැබූ විශේෂිත සෙබලුන්ගෙන්ය.

Russian Defense Ministry 2019 calendar



මැයි:2033 වර්ෂයේ විජයග්‍රාහී දින පෙළපාලියට සූදානම් වීම

විජයග්‍රාහී දිනය,එනම් නාසි ජර්මනිය පරාජය කිරීම මැයි මස 9 දා සැමරේ.එය රුසියාවේ වඩාත් වැදගත්ම නිවාඩු දිනයක්  වන අතර රතු චතුරස්‍රයේ දැවැන්ත පෙළපාලියකින් සමරනු ලැබේ.

Russian Defense Ministry 2019 calendar



ජූනි:ප්‍රසංගයට පෙර හඩ පරීක්ෂාව

ශීර්ෂ පාඨයට අනුව සෙබලුන් මෙහෙයුමට යෑමට පෙර ඔවුන්ගේ අවි පරීක්ෂා කරමින් සිටියි.

Russian Defense Ministry 2019 calendar



ජූලි:රළු රුසියානු විද්‍යුත් වාෆල් සාදන්නා

භූගත සයිලෝ භාවිත කරන්නේ බැලස්ටික් මිසයිල ගබඩා කිරීමටයි.එහි පෙනුම මුලුතැන්ගෙයි තිබෙන සාමාන්‍ය වාෆල් සාදනයට සමානය.වාෆල් යනු ජාලිකා රටාවක් සහිත පෑන්කේක්/ලැවරිය ආකාරයේ කෑම වර්ගයකි.

Russian Defense Ministry 2019 calendar



අගෝස්තු:කිඹුලන් පවා පියාසර කරවිය හැකි රුසියාවේ අති දක්ෂ නියමුවෝ

එම් අයි-24 හෙලිකොප්ටරයට දී තිබෙන අනුවර්ත නාමය වන්නේ "ක්‍රොකඩයිල්" හෙවත් කිඹුලා යන්නයි.දැඩි ලෙස අවිවලින් සන්නද්ධ නිසා "පියාඹන යුද ටැංකිය" යන නමද පටබැඳී ඇත.

Russian Defense Ministry 2019 calendar



සැප්තැම්බර්:සමහර කාන්තාවෝ ඔබව පරාජය කරාවි

රුසියානු සන්නද්ධ හමුදාවන්හි දැනට කාන්තාවෝ 44,500ක් සේවය කරයි.

Russian Defense Ministry 2019 calendar



ඔක්තෝම්බර්:දක්ෂ පී සී පරිශීලකයෙක්

රුසියානු බසින් පී සී යනු පී කේ හෙවත් කලෂ්නිකොව් මැෂින් තුවක්කුවට භාවිතා කරන සංක්ෂිප්ත යෙදුමකි.

Russian Defense Ministry 2019 calendar



නොවැම්බර්:කෝර්නෙට් යනු පදවියක් නොවේ,කෝර්නෙට් යනු වෘත්තියකි

9එම්133 කෝර්නෙට් යනු ජංගම යුද ටැංකි නාශක නියාමක මිසයිලයකි.

Russian Defense Ministry 2019 calendar



දෙසැම්බර්:නව වසරේ ආලෝකය සහ ගිනිකෙළි
අවසන් මාසය අලංකාර වී තිබෙන්නේ අවිවලින් නොව නිකුත් කල මිසයිල සහ උණ්ඩවලින් අහසේ නිර්මාණය වූ දර්ශනීය අඩිපාරවල් වලිනි.
 
Russian Defense Ministry 2019 calendar
 
 
 
 source:rt.com
 
 
ක්‍රෙම්ලිනයේ රහස් අවිය ක්‍රෙම්ලිනයේ රහස් අවිය Reviewed by HarshaLulzSec on December 26, 2018 Rating: 5

No comments:

Powered by Blogger.