පසුගිය සතිය දෙක ඇතුලත ලිබියාවේ සැලකිය යුතු ගැටුම් ඇති නොවුවද එරට ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිතය.
ලිබියාවේ ගිනිකොණදිග දිශාවේ අල්-උවයිනාට් පළාතට එල්ල කල නිරවද්‍ය ගුවන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ සාමාජිකයෝ 11ක් මිය ගොස් හමුදා රථ 4ක් විනාශ වූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රිකානු බල සේනා මූලස්ථානය නොවැම්බර් මස 30දා ප්‍රකාශ කලේය.
ඇමෙරිකානු පාර්ශ්වය පැවසුවේ ලිබියානු ජාතික සම්මුති රජය සමග සම්බන්ධීකරණයක් සහිතව මෙම ගුවන් ප්‍රහාර එල්ල කල බවයි.ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුනොවූ බව ඔවුහු පවසති.
යාහියා අබු අල්-හම්මෙන් නම් ඇල්ජීරියානු ත්‍රස්තවාදියෙක් විසින් මෙහෙයවනු ලබන සහරා එමිරේට් නම් කණ්ඩායමේ රථ පෙළකට ඇමෙරිකානු යුද ගුවන් යානා පහර දුන් බව ලිබියානු මූලාශ්‍ර තහවුරු කරයි.සහරා එමිරේට් යනු උතුරු අප්‍රිකාවේ අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන ශාඛාවකි.
මෙය මෙම වර්ෂය තුල ලිබියාවේ අල්කයිඩා තිප්පොලවල් වෙත එක්සත් ජනපදය විසින් එල්ල කල තෙවන ගුවන් ප්‍රහාරයයි.පසුගිය මාර්තුවේදී ලිබියාවේ නිරිතදිග ප්‍රදේශයේ උබ් රි නම් නගරයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඉහත ත්‍රස්තවාදී කණ්ඩායමේ අණදෙන නිලධාරීන් දෙදෙනෙක් මරණයට පත් විය.මාස තුනකට පෙර ගුවන් ප්රහාරයක ඉලක්ක බවට පත් වීමෙන් ගිනිකොණ දිග ප්‍රදේශයේ බනි වලිඩ් නම් නගරයේදී තවත් අණදෙන නිලධාරියෙක් මරුමුවට පත් විය.
නේටෝ සංවිධානය විසින් ලිබියාවට ප්රජාතන්ත්රවාදය ලබා දෙන බව පවසමින් 2011 වර්ෂයේදී ගඩාෆි රජය පෙරළා දැමීමෙන් පසුව ලිබියාව අල්කයිඩා,ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ඇතුලුව ත්‍රස්ත සංවිධාන ගණනාවක ක්ෂේම භූමියක් බවට පත්ව තිබේ.
මෙම සිතියමෙන් දෙසැම්බර් මාසයේ මුල් දින කිහිපය තුල ලිබියාවේ යුදමය වාතාවරණය දළ වශයෙන් විස්තර කෙරේ.ට්‍රිපොලි නගරය කේන්ද්‍ර කරගෙන ලිබියාවේ බටහිර ප්‍රදේශය පාලනය කරන බටහිර රටවල සහාය ලබන රජයට දුර්වල ආරක්ෂක තත්ත්වයන්ට සහ වර්ධනය වන අපරාධවලට මුහුණ දෙන්නට සිදුව තිබේ.ඒ අතරතුර නැගෙනහිර ලිබියාවේ සිය බලය ඒකාබද්ධ කරන්නට ප්රයත්න දරන ලිබියානු ජාතික හමුදාවද ඊට සමාන ප්‍රශ්නවලට මුහුණ පා සිටියි.
source:southfront.org
- ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ අණදෙන නිලධාරියෙක් වූ අඩෙල් අල්-සගිර් අල්-වෝෆලි නැමැත්තා ට්‍රිපොලි නගරයේ දකුණු දිශාවේ බනි වලිඩ් නම් ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් විය.
- ට්‍රිපොලි නගරයේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධානී සලාහ් අල්-ස්මුයි වෙඩි වැදීමෙන් තුවාල ලැබීය.ඔහු දැනට ඉතාලියේ ප්‍රතිකාර ලබමින් සිටියි.
- අජ්ඩබියා නගරය ආසන්නයේ හමුදා ගුවන් තොටක් නිර්මාණය කල බව ලිබියානු ජාතික හමුදාව නිවේදනය කලේය.
ගිනිකොණදිග ලිබියාවේ අල්කයිඩා තිප්පොලකට ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
ලිබියාවේ ගිනිකොණදිග දිශාවේ අල්-උවයිනාට් පළාතට එල්ල කල නිරවද්‍ය ගුවන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ සාමාජිකයෝ 11ක් මිය ගොස් හමුදා රථ 4ක් විනාශ වූ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රිකානු බල සේනා මූලස්ථානය නොවැම්බර් මස 30දා ප්‍රකාශ කලේය.
ඇමෙරිකානු පාර්ශ්වය පැවසුවේ ලිබියානු ජාතික සම්මුති රජය සමග සම්බන්ධීකරණයක් සහිතව මෙම ගුවන් ප්‍රහාර එල්ල කල බවයි.ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුනොවූ බව ඔවුහු පවසති.
යාහියා අබු අල්-හම්මෙන් නම් ඇල්ජීරියානු ත්‍රස්තවාදියෙක් විසින් මෙහෙයවනු ලබන සහරා එමිරේට් නම් කණ්ඩායමේ රථ පෙළකට ඇමෙරිකානු යුද ගුවන් යානා පහර දුන් බව ලිබියානු මූලාශ්‍ර තහවුරු කරයි.සහරා එමිරේට් යනු උතුරු අප්‍රිකාවේ අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන ශාඛාවකි.
මෙය මෙම වර්ෂය තුල ලිබියාවේ අල්කයිඩා තිප්පොලවල් වෙත එක්සත් ජනපදය විසින් එල්ල කල තෙවන ගුවන් ප්‍රහාරයයි.පසුගිය මාර්තුවේදී ලිබියාවේ නිරිතදිග ප්‍රදේශයේ උබ් රි නම් නගරයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඉහත ත්‍රස්තවාදී කණ්ඩායමේ අණදෙන නිලධාරීන් දෙදෙනෙක් මරණයට පත් විය.මාස තුනකට පෙර ගුවන් ප්රහාරයක ඉලක්ක බවට පත් වීමෙන් ගිනිකොණ දිග ප්‍රදේශයේ බනි වලිඩ් නම් නගරයේදී තවත් අණදෙන නිලධාරියෙක් මරුමුවට පත් විය.
නේටෝ සංවිධානය විසින් ලිබියාවට ප්රජාතන්ත්රවාදය ලබා දෙන බව පවසමින් 2011 වර්ෂයේදී ගඩාෆි රජය පෙරළා දැමීමෙන් පසුව ලිබියාව අල්කයිඩා,ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් ඇතුලුව ත්‍රස්ත සංවිධාන ගණනාවක ක්ෂේම භූමියක් බවට පත්ව තිබේ.
ගුවන් ප්‍රහාර වලින් විනාශ වූ රථ පෙළ
ලිබියාවේ යුදමය වාතාවරණය - 2018 දෙසැම්බර් 02
මෙම සිතියමෙන් දෙසැම්බර් මාසයේ මුල් දින කිහිපය තුල ලිබියාවේ යුදමය වාතාවරණය දළ වශයෙන් විස්තර කෙරේ.ට්‍රිපොලි නගරය කේන්ද්‍ර කරගෙන ලිබියාවේ බටහිර ප්‍රදේශය පාලනය කරන බටහිර රටවල සහාය ලබන රජයට දුර්වල ආරක්ෂක තත්ත්වයන්ට සහ වර්ධනය වන අපරාධවලට මුහුණ දෙන්නට සිදුව තිබේ.ඒ අතරතුර නැගෙනහිර ලිබියාවේ සිය බලය ඒකාබද්ධ කරන්නට ප්රයත්න දරන ලිබියානු ජාතික හමුදාවද ඊට සමාන ප්‍රශ්නවලට මුහුණ පා සිටියි.
source:southfront.org
ලිබියානු යුද වාර්තාව - නොවැම්බර් 28 - දෙසැම්බර් 02
Reviewed by HarshaLulzSec
on
December 03, 2018
Rating:

No comments: