සබ්මැරීන අංගනය - 3

Borey-class ballistic missile submarine

ඊළඟ දශකය තුල තවත් බොරෙයි පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන දෙකක් නිර්මාණය කිරීමට අදහස් කරන බව රුසියානු රජයේ යුදෝපකරණ වැඩසටහන නිවේදනය කලේය.එවිට රුසියාව සතු සම්පුර්ණ බැලස්ටික් මිසයිල සබ්මැරීන ගණන 11ක් බවට පත් වේ.ඒ අතරතුර එම පන්තියේ නවතම සබ්මැරීනය වන "ප්‍රින්ස් ව්ලැඩිමීර්" පසුගිය සතියේදී අත්හදා බැලීමේ මුහුදු චාරිකාවලට නිරත වීම ආරම්භ කලේය.
සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව නිපදවන ලද පළමු සබ්මැරීන පන්තිය වන බොරෙයි පන්තියේ බැලස්ටික් සබ්මැරීන 2007 වර්ෂයේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලදි.ටොන් 24,000 ජල කදක් විස්ථාපනය කරන බොරෙයි පන්තියේ සබ්මැරීන,ටයිපූන් පන්තියේ ටොන් 48,000 විස්ථාපනය කල හැකි ඩිමිත්‍රි ඩොන්ස්කොයි සබ්මැරීනය ඉදිරියේ අඟුටුමිට්ටෙකි.නමුත් බොරෙයි පන්තියේ සබ්මැරීනවල "බුලාව" බැලස්ටික් මිසයිල 16 රැගෙන යා හැකිය.

දැනට බොරෙයි පන්තියේ සබ්මැරීන තුනක් සේවයේ යොදා තිබෙන අතර බොරෙයි-ඒ පන්තියට අයත් තවත් සබ්මැරීන දෙකක් ඉදිරි දශකය තුල නිපදවීමට අදහස් කරයි.


සෙව්මැෂ් නම් නෞකා නිෂ්පාදන සමාගමේ නෞකා තටාකාංගන පිහිටා ඇති රුසියාවේ උතුරුදිග නගරයක් වන සෙවරොඩ්වින්ස්ක් හි මෙම සම්බැරීන නිපදවනු ඇත.ඉදිරි කිරීම කටයුතු 2024 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතය.අලුත් සබ්මැරීන දෙකෙහි නාමයක් මේ දක්වා නිවේදනය කර නොමැත.

ඒ අතරතුර බොරෙයි පන්තියේ නවීකරණය කරන ලද බොරෙයි-ඒ මොඩලයේ ප්‍රින්ස් ව්ලැඩ්මීර් සබ්මැරීනය නොවැම්බර් මස 28දා අත්හදා බැලීමේ චාරිකා සඳහා මුහුදට ප්‍රවිෂ්ඨ විය.

අලුත් මොඩලය සතුව වඩා හොඳ ප්‍රචාලන පද්ධතියක් තිබෙන අතර එහි සැලසුම් සිදු කෙරුණේ රුසියාවේ ප්‍රධාන සබ්මැරීන සැලසුම් කාර්යාංශවලින් එකක් වන රූබන් සැලසුම් කාර්යාංශයේද සහාය ඇතිවයි.

Borey-class ballistic missile submarine

සිය බැලස්ටික් සබ්මැරීන බල ඇණිය පුලුල් කරන එකම රට රුසියාව පමණක් නොවේ.ඔහියෝ පන්තියේ සබ්මැරීනවල වෙනුවට ඉදිරියේදී පාවිච්චි කරන්නට සැලසුම් කර තිබෙන කොලොම්බියා පන්තියේ සබ්මැරීන 12ක් නිපදවීම සඳහා එක්සත් ජනපද රජය විසින් ජෙනරල් ඩයිනැමින් සමාගමට ඇ.ඩො. බිලියන 5ක කොන්ත්‍රාත්තුවක් ලබා දි තිබේ.ඉන්දියාව සහ දකුණු කොරියාව ඔවුන්ගේ ප්‍රථම බැලස්ටික් මිසයිල සබ්මැරීන මෙම වර්ෂයේදී දියත් කලහ.



source:sputniknews.com

සබ්මැරීන අංගනය - 3 සබ්මැරීන අංගනය - 3 Reviewed by HarshaLulzSec on December 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.