ඊශ්‍රායලය:නෙතන්යාහුගේ උමං මාර්ග දඩයම


ලෙබනන්-ඊශ්‍රායල දේශ සීමාව හරහා දිවෙන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරක උමං මාර්ග අනාවරණය කිරීමත්,විනාශ කිරීමත් අරමුණු කරගත් "ඔපරේෂන් නෝර්තන් ෂීල්ඩ් - Operation Northern Shield" නමින් මෙහෙයුමක් දියත් කල බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දෙසැම්බර් මස 4දා නිවේදනය කලේය.

ඊශ්‍රායල පාර්ශ්වයට අනුව ඊශ්‍රායල ආරක්ෂක හමුදා මේ දක්වා හිස්බුල්ලා සංවිධානයේ එක් උමං මාර්ගයක් විනාශ කර තිබේ.එය දිගින් මීටර් 200 වන අතර ඊශ්‍රායල තුලට මීටර් 40 දුරක් ගමන් කර එරට උතුරුදිග ප්‍රදේශයේ මෙටුල්ලා නගරය ආසන්නයෙන් අවසන් වේ.මේ දක්වා ඊශ්‍රායල හමුදා මෙහෙයුම සිදු කරමින් සිටින්නේ දේශසීමාවේ ඊශ්‍රායලයට අයත් භූමියේ පමණි.කෙසේවෙතත් මෙහෙයුම ලෙබනනය තුලටත් ව්‍යාප්ත කරන්නට අදහස් කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා විවෘතව ප්‍රකාශ කර තිබේ.

Operation Northern Shield map

ඔපරේෂන් නෝර්තන් ෂීල්ඩ් මෙහෙයුමේ අරමුණ වන්නේ ඊශ්‍රායලයේ ගැලීලි පළාතේ කොටස් අල්ලා ගැනීමට උත්සාහ දරන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කිරීම යැ‍යි,දූෂණ චෝදනාවලට ලක්ව තිබෙන අගමැති බෙන්ජමින් නෙතන්යාහු දෙසැම්බර් මස 4දා හවස් වරුවේ ප්‍රකාශ කරන ලදි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල ක්‍රියාමාර්ග පුලුල් මෙහෙයුමක කොටසක් බවත්,එහි අරමුණු සියල්ල මුදුන්පත් කර ගන්නා තුරු මෙහෙයුම අවසන් නොකරන බවද ඔහු කියා සිටියේය.

Operation Northern Shield - Hezbollah cross-border attack tunnel

Operation Northern Shield - Hezbollah cross-border attack tunnel

දෙසැම්බර් මස 3දා ඊශ්‍රායලයේ ආරක්ෂක,සෞඛ්‍ය,විදේශ කටයුතු අමාත්‍යාංශ භාර අගමැතිවරයා බ්‍රසල්ස් නගරයේ සංචාරයක් සඳහා ගියේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මයික් පොම්පේයො මුණ ගැසීම සඳහාය.ඊශ්‍රායලයේ බදු ගෙවන්නන්ගේ වාසනාවට ඒ සියලු අමාත්‍යාංශවල ප්‍රධානියා නෙතන්යාහුය.ඒ නිසා සංචාරවලදී අමාත්‍යවරුන්ට ගෙවන්නට වන හෝටල් සහ ගුවන් සේවා සඳහා වියදම් සියල්ලද රජයට ඉතිරි වේ.නෙතන්යාහු මෙම සංචාරයට සහභාගි වන්නේ මොසාඩ් සංවිධානයේ ප්‍රධානී යොසි කොහෙන්,ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී මේර් බෙන්-ෂබාට් සහ හමුදා ලේකම් ඇවි බ්ලොට් සමගයි.
දෙසැම්බර් මස 4 වනදා දියත් කල ඔපරේෂන් නෝර්තන් ෂීල්ඩ් මෙහෙයුම යටතේ ඊශ්‍රායල සෙබලුන් ලෙබනන-ඊශ්‍රායල දේශසීමාවේ උමං මාර්ග සොයා යන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් හිබුල්ලා සංවිධානයේ මාධ්‍ය ඒකකය විසින් දෙසැම්බර් මස 5 දා මුදා හැර තිබිණි.ඒවාහි දැක්වෙන්නේ ඊශ්‍රායල ඉන්ජිනේරු බලකා හි රථ ඒවාහි භූමිය විනිවිද දකින රේඩාර් පද්ධති යොදාගෙන දේශසීමාව ඔස්සේ නිරීක්ෂණ කටයුතු කරන අයුරුත්,යන්ත්‍ර යොදාගෙන එම භූමිය කණින අයුරුත්ය.අනෙක් සෙබලුන් එම කාර්යයන් සිදු කරන ස්ථාන වෙත ආරක්ෂාව සපයමින් සිටියි.

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

හිස්බුල්ලා සංවිධානයේ "නවතම ආක්‍රමණශීලීතාවයට" ප්‍රතිචාර වශයෙන් එම සංවිධානයට අමතර සම්බාධක පනවන්න යැ‍යි තමන් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට කියා සිටි බව නෙතන්යාහු පැවසීය.නෙතන්යාහුට අනුව එක්සත් ජනපදය ඊශ්‍රායලයට පුර්ණ සහාය ලබා දීමට සූදානම්ය.

 හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් යැ‍යි සැලකෙන පිරිසක් උමං මාර්ගය ඔස්සේ පැමිණෙන අයුරු සහ ඊශ්‍රායල හමුදා ඒ තුල අටවා තිබූ කැමරාවක් ඔවුන්ට හසුවන්නට පෙර ස්වයං විනාශ වීමකට ලක් වන අයුරු




මේ දක්වා සොයා ගත් එකම උමං මාර්ගයේ ඇතුලත දර්ශන




යන්ත්‍ර යොදාගෙන භූමිය කණින අයුරු



මෙහි තිබෙන සිත්ගන්නා සුළු කරුණ වන්නේ "හිස්බුල්ලා උමං මාර්ගවලට" එරෙහි අගමැතිවරයාගේ "කෙටි විජයග්‍රාගී යුද්ධය" සිදුවන්නේ ඊශ්‍රායල පොලිසිය විසින් බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිදට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධව ඊශ්‍රායල පොලිසිය අධි චෝදනා ගොනු කරන මොහොතකයි.2018 වර්ෂය තුල ඊශ්‍රායල නායකයාට දූෂණ චෝදනා එල්ල වූ තුන්වන අවස්ථාව මෙයයි.ඔහු අල්ලස් ගැනීම සහ විවිධාකරයේ වංචා කල බවට චෝදනාවලට ලක්ව තිබේ.

 දේශසීමාවේ ලෙබනනයට අයත් සීමාවේ සිට ලබා ගත් විඩියෝපටයක්


හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ඇතුල් වන්නට නිර්මාණය කල යටිතල ව්‍යුහයන්ට එරෙහි මෙහෙයුමෙන් ලබා ගන්නා ක්ෂණික ජයග්‍රහණයක් හරහා අගමැතිවරයා ඉහළ පෙළේ නායකයෙක් බවත්,ඔහුගේ රජය ස්ථාවරත්වය සහ ආරක්ෂාව රැගෙන එන බවත් ඊශ්‍රායලය ජනයාට පෙන්වා දිය හැකි යැයි නෙතන්යාහු විශ්වාස කරනවා විය හැකිය.එසේම දූෂණ සම්බන්ධව එල්ල වන චෝදනා වලින් සහනයක් ලබාගෙන තවත් කාලයක් බලයේ සිටීමට ඔහුට හැකි වේවි.

 ඊශ්‍රායල හමුදාවේ කැණීම් යන්ත්‍ර ලෙබනන-ඊශ්‍රායල දේශසීමාවේ කැණීම් වල නිරතව සිටින අයුරු

Operation Northern Shield

Operation Northern Shield

Operation Northern Shield

Operation Northern Shield

Operation Northern Shield


හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යම මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල ඡායාරූප කිහිපයක්

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

Operation Northern Shield - Hezbollah media released photos

කෙසේවෙතත් මෙහෙයුම දේශසීමාවෙන් ඔබ්බෙහි ලෙබනනයේ භූමිය දක්වා පුළුල් කරන්න යැයි නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක අංශවලට නියෝග කල හොත් හිස්බුල්ලා සංවිධානය සමග ගැටුමක් දක්වා එය දුර දිග යාවි.එවැනි යුද්ධයකට ලෙබනන හෝ ඊශ්‍රායල වැසියන් කිසිසේත් කැමැත්තක් නොදක්වන බව සහතිකය.




source:southfront.org


ඊශ්‍රායලය:නෙතන්යාහුගේ උමං මාර්ග දඩයම ඊශ්‍රායලය:නෙතන්යාහුගේ උමං මාර්ග දඩයම Reviewed by HarshaLulzSec on December 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.