යේමන් යුද වාර්තාව - 2018 නොවැම්බර් 08

Yemeni War Report November 8, 2018: Battle Of Al-Hudayadh
නොවැම්බර් මස 3දා සෞදි අරාබිය-එක්සත් අරාබි එමීර් රාජ්‍යය-නායකත්වය දරන මිත්‍ර සන්ධානයේ හමුදා අලුතින් මහා පරිමාණ යුද මෙහෙයුමක් ආරම්භ කලේ හවුති සටන්කාමීන් සහ එහි මිත්‍ර හමුදා යටතේ තිබෙන අල්-හුඩයිඩා වරාය නගරය අල්ලා ගැනීමේ අරමුණින් යුතුවයි.ඊට පෙර ඔවුන් දස දහස් ගණනන් සෙබලුන් සහ දහස් ගණනක් යුදෝපකරණ නගරය ආසන්නේ ඉදිරි ආරක්ෂක වළලු වෙත ගෙන ආහ.

Battle Of Al-Hudayadh map






  යේමනයේ යුදමය වාතාවරණය-2018 නොවැම්බර් 07

Yemen War report 2018.11.07

 අල්-හුඩයිඩා සටන අතරතුර හවුති සටන්කාමීන් හරාඩ් නගරය ආසන්නයේ ප්‍රති-ප්‍රහාර මාලාවක් දියත් කලහ.හවුති සටන්කාමීන්ගේ බලකොටුවක් වන මෙම නගරය සන්ධාන හමුදා විසින් වටලන්නට උත්සාහ කරන්නේ බොහෝ කාලයක පටන්ය.

Battle of Al-Hudayadh

 උතුරු යේමනයේ දහිර් දිස්ත්‍රික්කයේදී සෞදි ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන් යානයක් බිම හෙළන්නට හවුති සටන්කාමීන් සමත් විය.


ඊට අමතරව මිත්‍ර සන්ධානයේ යුද ගුවන් යානා හවුති සටන්කාමීන්ගේ ස්ථාන සහ නගරයේ යටිතල ව්‍යුහයන් ඉලක්ක කර මහා පරිමාණ බෝම්බ හෙළීමක්ද ආරම්භ කරන ලදි.

සිය පිරිස් බලයේ,යුදෝපකරණවල සහ වෙඩි බලයේ වාසිය භාවිතා කරමින් නොවැම්බර් මස 8 වනදා වෙන විට නගරයේ නැගෙනහිර,බටහිර සහ දකුණු පිවිසුම් වෙත ළඟා වන්නට මිත්‍ර සන්ධාන හමුදා සමත් විය.නමුත් ඔවුන්ට තවමත් හවුති සටන්කාමීන්ගේ ශක්තිමත් ස්ථානයක් පිහිටා ඇති අල්-හුඩයිඩා ගුවන් තොටුපොල යටත් කරගන්නට හැකියාව ලැබී නොමැත.

ස්කයි නිවුස් අරාබියා පුවත් සේවයට අනුව මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා හවුති සටන්කාමීන් සහ අණදෙන නිලධාරීන් 70කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.හවුති සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව එම කාල සීමාව තුල මිත්‍ර සන්ධානය හමුදා සාමාජිකයෝ 200 ක් පමණ මිය ගොස් 300 පමණ පිරිසක් තුවාල ලබා ඇත.ඊට අමතරව හවුති හමුදා විසින් වාහන 20ක් පමණ විනාශ කර තිබේ.

හවුතීන්ට පක්ෂපාතී යේමන සන්නද්ධ හමුදා හි ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් යාහියා සාරි ප්‍රකාශ කර තිබෙන්නේ අල්-හුඩයිඩා අල්ලා ගැනීමට දියත් කල මිත්‍ර සන්ධානයේ ආක්‍රමණය ව්‍යර්ථ කල බවයි.

අල්-හුඩයිඩා නගරයට නැගෙනහිරින් වූ මිත්‍ර සන්ධානයේ පෙරමුණ අනවශ්‍ය ලෙස පුලුල් වීම නිසා ප්‍රහාර වලට ඉලක්ක වීමේ සම්භාවිතාවය වැඩිව තිබේ.කෙසේවෙතත් මේ වෙද්දී අල්-හුඩයිඩා නගරය අර්ධ වශයෙන් වටලා තිබෙන අතර මිත්‍ර සන්ධාන හමුදා නගරයේ නැගෙනහිර සහ නිරිතදිග ප්‍රදේශවල සිය ස්ථාන තහවුරු කරගෙන සිටියි.ඔවුන් හවුති සටන්කාමීන්ට සැලකිය යුතු තර්ජනයක් එල්ල කල හැකි තැනක සිටියි.

Battle of Al-Hudayadh map





මිත්‍ර සන්ධානය අල්-හුඩයිඩා නගරය අල්ලා ගත හොත් මෙම වර්ෂය තුල ඔවුන් ලබා ගත් පළමු ප්‍රධාන සාර්ථකත්වය බවට පත් වේවි.හවුති පාලන ප්‍රදේශයට අවශ්‍ය ආහාර සහ ඖෂධ රජය විසින් සපයන්නේ මෙම වරාය නගරය ඔස්සේය.එසේම හවුති සටන්කාමීන්ට අවශ්‍ය යුදෝපකරණ ලබා ගැනීමේදී වැදගත් මධ්‍යස්ථානයක් ලෙස අල්-හුඩයිඩා නගරය ක්‍රියාත්මක වේ.




source:southfront.org


යේමන් යුද වාර්තාව - 2018 නොවැම්බර් 08 යේමන් යුද වාර්තාව -  2018 නොවැම්බර් 08 Reviewed by HarshaLulzSec on November 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.