සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 07

turkish media claims 7us troops were captured by isis
සැප්තැම්බර් මාසයේදී ඩීර් එසෝර් පළාත තුලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුවූ ඇමෙරිකානු සෙබලුන් 7 දෙනෙක් නිදහස් කර ගැනීම සඳහා කුර්දි මහජන ආරක්ෂක ඒකක ත්‍රස්තවාදීන් සමග එකඟතාවයකට පැමිණි බව තුර්කි රජයේ ඇනඩොලු නම් පුවත් සේවය නොවැම්බර් මස වාර්තාවක් පළ කර තිබුණේ ප්‍රාදේශීය මූලාශ්‍ර උපුටා දක්වමින්ය.

එම වාර්තාවට අනුව දෙපාර්ශ්වය අතර කතිකා ආරම්භ වී තිබෙන්නේ සැප්තැම්බර් 28දාය. එක්සත් ජනපදයේ නිර්මාණයක් වන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි කොටසක් වන කුර්දි මහජන ආරක්ෂක ඒකක,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පීඩනය හමුවේ අස්රාක් හි තෙල්වලින් පොහොසත් ප්‍රදේශවලින් ඉවත් වන්නටත්,ත්‍රස්තවාදී පාලනයට නතු ප්‍රදේශවලට ඖෂධ සහ ආහාර සපයන්නටත් එකඟ වී තිබේ.

කුර්දි සටන්කාමීන් අස්රාක් හි තෙල් ලිං කිහිපයකින් පසු බැස ගිය අතර ත්‍රස්තවාදීන් ප්‍රාණඇපයේ සිටි ඇමෙරිකානු සෙබලුන් නිදහස් කල මුත් ඖෂධ සහ ආහාර සැපයීම තවමත් සිදු කර නැතැයි ඇනඩොලු පුවත් සේවය සඳහන් කරයි.

යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රසාරණය අලුත් වීමත් සමග එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය,ත්‍රස්තවාදීන් සමග තවත් එකඟතාවයකට පැමිණීම සම්බන්ධ වාර්තාවක් පළවීම සිත් ඇදගන්නා සුලුය.ඒ හරහා මිත්‍ර සන්ධාන හමුදා සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා යුප්‍රටීස් නිම්නයේ ත්‍රස්තවාදීන් වනසා දමන්නට මාස ගණනක් සැබෑ උත්සාහයකින් කටයුතු නොකිරීමට හේතුව හෙලි වේ.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඇමෙරිකානු සෙබලුන් 7 දෙනෙක් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධ වාර්තාව එක්සත් ජනපදය නායකත්වය දරන ජාත්‍යන්තර සන්ධානයේ ප්‍රකාශක ඇමෙරිකානු කර්නල් ෂේන් රයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදි.මිත්‍ර සන්ධානය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අතර කිසිදු ගනුදෙනුවක් සිදුවී නැති බවද හෙතෙම පැවසීය.2016 සහ 2017 වර්ෂ වලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මැන්බිජ්,අල්-ටබ්කාහ් සහ රක්කා යන නගරවලින් පසුබැස ගියේ මෙම මිත්‍ර සන්ධානයේ ඇස නොගැටෙන අයුරින් බව පෙනේ.නැතිනම් ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් අත් වැරදීමකින් කළු කොඩි රැගත්,වෙස් මුහුණු පැළදි මිනිසුන් ආයුද සන්නද්ධ කර තිබේ.

කර්නල් රයන්ගේ ප්‍රකාශයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එය පෙන්ටගනයේ පෙර ප්‍රකාශයන්ට පරස්පරවිරෝධී වීමයි.උදා: ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රක්කා නගරයෙන් පසුබැසීමට ඉඩ දුන් බව පෙන්ටගනයේ ප්‍රකාශක එරික් පහොන් 2017 ඔක්තෝම්බර් මාසයේදී තහවුරු කලේය.

සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ ඩැමැස්කස් රජය,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග උපායමාර්ගික එකඟතාවයන්ට පැමිණි තිබේ.නමුත් සිරියානු අර්බුදය සම්බන්ධව ඇමෙරිකානු නායකත්වය අනුගමනය කරන දෙබිඩි පිළිවෙත වංක ආකල්ප හේතුවෙන් ඔවුන් දැඩි විවේචනයට භාජනය වේ.ඒ අතරතුර සිය රාජ්‍යතාන්ත්‍රික සහ යුදමය අරමුණු වෙනුවෙන් වොෂින්ටනය්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ඇතුලු ත්‍රස්ත කණ්ඩායම් වලින් ප්‍රයෝජන ගනිමින් සිටියි.ඔවුන් සිය හමුදා සිරියාව තුලට ගෙන එන්නට හේතුවක් ලෙස භාවිතා කලේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන සටන් පාඨයයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 07 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 07 Reviewed by HarshaLulzSec on November 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.