මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව

Special Operators Fly Across Moscow Skyline On Tactical Platform Slung Below Mi-8 Helo
රුසියානු එම් අයි-8 හෙලිකොප්ටරයකට සවි කල අටපට්ටම් හැඩය සහිත දැලක් වැනි උපකරණයක සිට ගෙන යන මිනිසුන් පිරිසකගේ ඡායාරූප සහ විඩියෝ පසුගිය සිකුරාදා දිනයේදී රුසියාවෙන් මතුවන්නට විය.මෙම හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටරයක් ක්‍රෙම්ලිනයේ එලිමහන් බිමකට ගොඩ බස්සවන අයුරු විඩියෝවල දැකගත හැකිවිය.එසේ වුවත් හෙලිකොප්ටර් යනු මොස්කව් නගරය අමුත්තෙක් නොවේ.විශේෂයෙන් හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට නිර්මාණය කල විශාල වේදිකාවලින් සමන්විත ක්‍රෙම්ලිනය ආසන්නයේ ජනපති පුටීන්ගේ  Mi-8MTI හෙලිකොප්ටර් යානා නිතර දැක ගැනීමට පුලුවනි.නමුත් ඒවා ඉහත ආකාරයේ පිටතින් සවි කල වේදිකාවල මිනිසුන් රැගෙන යනවා මීට පෙර වාර්තා වී නැත.සැබවින්ම මොස්කව් වාසීන් දුටුවේ එරට ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් බලකා,AirTEP(Airborne Tactical Extraction Platform-වාසර උපායමාර්ගික නිශ්කර්ශන වේදිකාව) නම් කෙටි නමින් හඳුන්වන උපාංගය යොදාගෙන සිදු කල පුහුණු අභ්‍යාසයකි.

සිදුවීමට අදාල වීඩියෝ දර්ශන



හෙලිකොප්ටර්වලට ගොඩබෑමට ප්‍රමාණවත් ඉඩක් නොමැති ස්ථාන වෙත පුද්ගලයින් කණ්ඩායමක් සීඝ්‍රයෙන් ගොඩබස්සවන්නට සහ එවැනි ස්ථානයක සිටින පිරිසක් ඉවත් කර ගැනීමට AirTEP පද්ධතියක් භාවිතා කරයි.දක්ෂ ගුවන් නියමුවෙකුට මෙම වේදිකාව ඉතා කුඩා පෘෂ්ඨයක් මතට වුවද ඉක්මණින් පහත් කල හැකිය.වේදිකාව පහත් කල වහාම ඒ මත සිටින මෙහෙයුම්කරුවන්ට පද්ධති විසන්ධි කර හෙලිකොප්ටරයට ඉක්මණින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යෑමට කටයුතු සලසා දීමට පුලුවනි.මෙම මෙහෙයුමේ ප්‍රතිලෝමය වන්නේ නිශ්කර්ශනයයි/පුද්ගලයින් ඉවත් කර ගැනීමයි.

AirTEP
AirTEP පද්ධතියක් ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක්

කඹයක් දිගේ පහලට රූටා ඒම,ඉනි මගක් හෝ SPIE හෙවත් විශේෂ මුර සංචාර ස්ථාපනය/නිශ්කර්ශනය ආදී ක්‍රමවලට වඩා ඉහත ශිල්ප ක්‍රමයේ වාසි කිහිපයක්ම තිබේ.ඉක්මන්බාවය මෙම පද්ධතියේ මූලික අංගය වන අතර ප්‍රවාහනය අතරතුර කොමාන්ඩෝ සෙබලුන්ට සිය අවි සාධනීය අයුරින් භාවිතා කිරීමටද පුලුවනි.  කඹයක් ඔස්සේ රූටා ඒමත්,නිශ්කර්ශනය සඳහා AirTEP ක්‍රමය භාවිතා කිරීමත් හමුවේ විශේෂ බලකා මෙහෙයුම්වල සුනම්‍යතාවය වැඩිදියුණු කර ගත හැකිය.

 ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා SPIE ක්‍රමය මුහුදේදී ප්‍රායෝගික භාවිතා කරන අවස්ථාවක්


AirTEP පද්ධතිය අලෙවි කරනු ලබන්නේ Capewell Aerial Systems නම් සමගාම විසින්ය.ඔවුන්ගේ පැහැදිලි කිරීම්වලට අනුව මෙම පද්ධති,

  • ගොඩබිම හෝ මුහුදු ආශ්‍රිත මෙහෙයුම්වලට භාවිතා කල හැකිය.
  • ගංවතුර,සුළි කුණාටු,ලැව් ගිනි ආදියේදී පුද්ගලයින් ඉවත් කර ගැනීමට වේදිකාවක් මෙය සිවිල් කටයුතුවලදී යොදා ගත හැකිය.
  • ගෙන යාහැකි උපරිම පුද්ගලයින් 10කි.
  • බර රාත්තල් 110ක්ද විෂ්කම්භය අඩි 9.5ක් වේ.
  • උපරිම පුද්ගලයින් ගණනත් සමග නාවික සැතපුම් 100 තරම් වේගයෙන් පියාසර කල හැකිය.

මෙම පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ Escape International නම් ප්‍රංශ සමාගමකි.


මෙම පද්ධතිය ත්‍රස්ත විරෝධි,ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම් සහ අනෙකුත් දක්ෂ විශේෂ මෙහෙයුම් ඒකක විසින් භාවිතා කරයි.නමුත් මෙහි තිබෙන අවධානම නිසා සෙවුම් සහ මුදා ගැනීම් හෝ අනෙකුත් යෙදවුම් වන මුහුදු ආශ්‍රිත තෙල් කැනීම් වේදිකාවලට සේවකයින් සැපයීම ආදියට මෙම පද්ධති යොදා ගැනීම සැක සහිතය.කෙසේවෙතත් එවැනි භූමිකා වෙනුවෙන් AirTEP පද්ධතිය භාවිතා නොකරන බව ඉන් කියවෙන්නේ නැත.විශේෂ මෙහෙයුම් බලකා අතර පවා මෙම පද්ධතීන් අතිශය ජනප්‍රිය හෝ නිතර භාවිතා වන්නේද නොමැති තරම්ය.

පහත වීඩියෝ දර්ශනවල දැක්වෙන්න පද්ධතිය සිවිල් කටයුතු සඳහා භාවිතා කරන ආකාරයයි



ප්‍රංශයේ ජාතික පොලිස් හමුදා දෙකෙන් එකක් වන National Gendarmerie යටතේ තිබෙන විශේෂ පුහුණුවක් ලද GIGN නම් ඒකකය මෙන්ම ජර්මන් ෆෙඩරල් පොලිසියේ නම් විශේෂ පුහුණුවක් සහිත GSG 9 ඒකකය, AirTEP පද්ධතිය බහුලවම භාවිතා කරයි.ජෝර්දාන විශේෂ මෙහෙයුම් බලකාද මෙම පද්ධතිය භාවිතා කරන අයුරු දැක ගත හැකිවිය.SAS යන කෙටි නමින් හඳුන්වන මහා බ්‍රිතාන්‍යයේ විශේෂ බලකායක් වන විශේෂ ගුවන් සේවය සහ ඇමෙරිකානු ත්‍රස්ත විරෝධී ඒකක සතුවද මෙම පද්ධතිය තිබෙන බව සඳහන් වුවද ඔවුන් එයත් සමග නිරන්තර පුහුණුවීම් වල යෙදෙනවාද නැද්ද යන්න පැහැදිලි නැත.කෙසේවෙතත් මෙවැනි අද්විතීය හැකියාවන් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමෙන් ඔවුන් වැළකී සිටිනවාද විය හැකිය.


රුසියාව කලින් ආනයනය කරන ලද හෝ AirTEP හි ස්වදේශිය සංස්කරණයක ඡායාරූප මීට පෙර අන්තර්ජාලයෙන් දැකගත හැකි විය.මෑත කාලය තුලදී රුසියාවේ විශේෂ මෙහෙයුම් සහ ආරක්ෂක බලකා බටහිර රටවල උපාය මාර්ග සහ ආම්පන්න යොදා ගැනීමට නැඹුරුවක් දක්වමින් සිටියි.එවැනි වාතාවරණයක් යටතේ මෙවැනි පද්ධති ආනයනය කර හො නොකර භාවිතා කිරීම පුදුමයට කරුණක් නොවේ.

රුසියානු විශේෂ මෙහෙයුම් බලකා භාවිතා කරන AirTEP පද්ධතියේ ඡායාරූප



පසුගිය වසර කිහිපය තුලදී රුසියාව තම විශේෂ මෙහෙයුම් බලකා වල හැකියාවන් වැඩි දියුණු කිරීමටත්,වඩාත් නවීන අංගෝපාංග එකතු කිරීමට යොමු විය.ඔවුන්ගේ සමහර ආම්පන්න,ව්‍යුහයන් සහ උපාය මාර්ග ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් ඒකකවලට සමානය.ස්පෙට්ස්නාස් ඒකක මේ සියල්ල ඉතා සාර්ථකව සිරියාව තුලදී භාවිතා කරන්නේ අෂාඩ්ගේ හමුදාව,හිස්බුල්ලා සටන්කාමීන් සමග එක්ව මෙහෙයුම් සිදු කිරීම හරහාය. රුසියානු ගුවන් ප්‍රහාරක ශක්තියත් සමග ඔවුන්ට සිරියාවේ සැබෑ යුද ජයග්‍රහණ ලබා ගන්නටද හැකි විය.

අර්බුද අවස්ථාවකදී වේගවත් ප්‍රතිචාර දැක්වීමක් සඳහා රුසියානු ත්‍රස්ත විරෝධී කණ්ඩායම් සූදානම් කිරීම මෙම පුහුණු මෙහෙයුමේ කොටසක් බව පැහැදිලිය.රුසියාවේ ඉහළ පෙළේ නායකත්වය සහ මර්මස්ථාන ත්‍රස්තවාදීන්ගේ ඉහළ මට්ටමේ ඉලක්ක බව රුසියාව හොඳින් දනියි.ඒ නිසා ක්‍රෙම්ලිනය තුල සහ ඒ අවට පුහුණුවීම්වලට දැඩි අවදානයක් යොමු වේ.

Escape International සමාගම නිෂ්පාදනය කරන AirTEP පද්ධතිය අකුලා ඇති අවස්ථාවක

නගරබද භූමි භාගයක සිදු කෙරෙන පුහුණු අභ්‍යාස,ඒ සඳහාම නිර්මාණය කල පුහුණු භූමි තුල සිදුකෙරෙන අභ්‍යාස වලට සරලව සමාන කල නොහැකිය.මන්ද සැබෑ ජිවිතයේදී සිදු කරන මෙහෙයුමක් තුල අහඹු සිදුවීම් මෙන්ම පැමිණිය හැකි අනපේක්ෂිත බාධක කෘත්‍රීම පරිසර තත්ත්ව යටතේදී සෙබලුන්ට අත්දැකීමට නුපුලුවනි.ඒ නිසා සැබෑ පරිසර තත්ත්ව යටතේ සිදු කෙරෙන මෙවැනි පුහුණු වීම්වල ඉහළ වටිනාකමක් තිබේ.




AirTEP පද්ධතිය සම්පුර්ණයෙන්ම දිග හැරිය පසු දිස්වන අයුරු

මෙම කාරණයේදී එක්සත් ජනපදයේ තත්ත්වය රුසියාවට වඩා වෙනස් නැත.AirTEP පද්ධති භාවිතය එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකක අතර ජනප්‍රිය ක්‍රමයක් නොවන අතර ඔවුන් නිතරම සිදු කරන්නේ විශාල නගර තුල හෙලිකොප්ටර් යානා පියාසර කරවමින් සීඝ්‍රයෙන් ඉලක්ක වෙත පහරදීමයි.මෙවැනි ආකාරයේ අභ්‍යාස ජනාකීර්ණ ඇමෙරිකානු නගරවල සුලභ සිදුවීමකි.ඒ නිසාම මෙවැනි අවස්ථාවලදී නගරවාසීන් අතර අනවශ්‍ය බියක් සහ කලබලයක් ඇති වීම ස්වභාවයෙන්ම සිදු වන්නකි.පුහුණු වීම්වලදී ආරක්ෂිත ප්‍රදේශවලින් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වහා නිශ්කර්ශනය කර ගැනීම වොෂින්ටන් හි සිය නිව්යෝර්ක් හි මෑන්හැටන් දක්වා සිදු වන්නකි.





මොස්කව් නගරයේ ත්‍රස්ත ක්‍රියාවක් හෝ ප්‍රාණ ඇපකරු අර්බුදයකදී රුසියානු ආරක්ෂක ජාලය කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න මෙම සිදුවීම හරහා සුලු අවබෝධයක් ලබා දෙයි.උස් ගොඩනැගිලි වලින් ගහන නගරයක් තුල වාසර මඬලක් මත නැගී පැයට සැතපුම් 115 පමණ වේගයෙන් පියාසර කිරීම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ.මෙවැනි අභ්‍යාසයක් රාත්‍රී කාලයේදී සිදු කිරීම අතිශය ත්‍රාසජනක ක්‍රියාවකි.




source:thedrive.com


මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5

No comments:

Powered by Blogger.