යේමනය:සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයෙන් අල්-හුඩයිඩා නගරයට දැවැත්ත ප්‍රහාරයක්

al-hudaydah map 2018 11 04
හවුති සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින යේමනයේ බටහිර වෙරළේ පිහිටා ඇති අල්-හුඩයිඩා නගරය ඉලක්ක කරගෙන සෞදි අරාබිය නායකත්වය දරන මිත්‍ර සන්ධානය සහ එහි යේමන ප්‍රොක්සි හමුදා විසින් නොවැම්බර් මස 3දා මහා පරිමාණ ප්‍රහාරයක් ආරම්භ කලහ.

කාලයක පටන් සූදානම් වූ මෙම ප්‍රහාරයේ පළමු දිනයේදී සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය නගරයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල තිබෙන පිළිවෙලින් අල්-හුඩයිඩා විශ්වවිද්‍යාලය සහ ප්‍රධාන ගුවන් ආරක්ෂක බලකා කඳවුරක බලය අල්ලා ගැනීමට සමත් විය.ඊළඟ දිනයේ සිය ප්‍රහාරය අල්-හුඩයිඩා නගරයේ නැගෙනහිර,බටහිර සහ දකුණුදිග පිවිසුම් වෙත ළඟා වන්නට සමත් වූ බව ස්කයි නිවුස් අරාබියා රූපවාහිනිය වාර්තා කර තිබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක මෙම රූපවාහිනී නාලිකාවට අනුව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල යුද ගුවන් යානාවලට සහාය හිමිවූ මෙම ප්‍රහාරය හමුවේ හවුති පාර්ශ්වයේ සටන්කරුවන් සහ අණදෙන නිලධාරීන් 70කට වැඩි පිරිසක් මරණයට පත් ව තිබේ.දුසිම් ගණනක් හවුති සටන්කරුවන් අත් අඩංගුවට ගත් බවද සඳහන්ය.

සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ කියුම් යේමන සන්නද්ධ හමුදාවල(හවුති සටන්කාමීන්ට පක්ෂ )ප්‍රකාශකයෙක් ප්‍රතික්ෂේප කල අතර අල්-හුඩයිඩා වෙත එල්ල වූ ප්‍රහාරය බිහිසුණු සටන් වලින් පසුව ව්‍යර්ථ කරන්නට හවුතින් සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම්වලට හැකිවූ බව ඔහු කීය.

"සියලු උත්සාහයන් අසාර්ථක වීමත් සහ සිදුවූ සැලකිය යුතු හානිවලිනුත් පසුව සතුරු සටන්කරුවන් මානසික බිද වැටී,චිත්ත ධෛර්යයක් නොමැතිව සිය ගණනින් සටන් බිමෙන් පළා ගියා" යැ‍යි අල්-මසිරාහ් නම් යේමන රූපවාහිනී නාලිකාව වාර්තා කර තිබුණේ බ්‍රිගේඩියර් ජෙනරල් යහ්යා සරි නොවැම්බර් මස 4දා සිදු කල ප්‍රකාශයක් උපුටා දක්වමින්ය.

සෞදි අරාබිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය අල්-හුඩයිඩා නගරයට සිදු කරන ප්‍රහාරයේ ආරම්භයේ පටන් සෞදියේ සහාය ලබන යේමන සටන්කරුවන් 215ක් මිය ගොස් යුද රථ 20කට වැඩි ගණනක් අහිමි වූ බව හවුති පක්ෂය සහ මිත්‍රයෝ ඇස්තමේන්තු කරයි.

යේමන යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා ආරම්භ කිරීමට වහා සිදු කල යුතු බව ඔක්තෝම්බර් මාසයේ අවසන් භාගයේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කලේය.කෙසේ වෙතත් පෙනෙන හැටියට හවුති සටන්කාමින් අමාරුවේ හෙළීම සඳහා අල්-හුඩයිඩා වෙත අවසන් ප්‍රහාරය දියත් කරන්නට වොෂින්ටනය රහසේම රියාද් රජයට කොළ එලියක් ලබා දී තිබෙන බව නම් පැහැදිලිය.














source:southfront.org


යේමනය:සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයෙන් අල්-හුඩයිඩා නගරයට දැවැත්ත ප්‍රහාරයක් යේමනය:සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයෙන් අල්-හුඩයිඩා නගරයට දැවැත්ත ප්‍රහාරයක් Reviewed by HarshaLulzSec on November 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.