කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය

නොවැම්බර් මස 25දා කලු මුහුදේ ක්‍රිමියාව අවට රුසියාවට අයටත් ප්‍රදේශයට ඇතුල් වූ යුක්‍රේන යුද නෞකා කිහිපයක් වෙත රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් වෙඩි තබා ඇත.

කෙටි වෙඩි හුවමාරුවෙන් පසුව යුක්‍රේන නෞකා දෙකක් ඇදගෙන යමින්ද අනෙක් නෞකාව රුසියානු හමුදාවල ආරක්ෂාව යටතේ රුසියාවට අයත් කර්ච් වරායට ගෙන යන ලදි.යුක්‍රේන පාර්ශ්වය පැවසුවේ ඔවුන්ගේ නැවියන් 6 දෙනෙක් තුවාල ලැබූ බවයි.රුසියාව පාර්ශ්වය කියා සිටියේ තුවාල ලැබූ යුක්‍රේන ජාතිකයෝ ගණන 3ක් බවයි.ඔවුන්ට වෛද්‍යාධාර සැපයූ බවත්,එම පිරිසට ජිවිත අවධානමක් නොමැති බවද රුසියාව පැවසීය.


 සිදුවීමට අදාල ගුවනේ සිට ලබා ගත් දර්ශන


යුක්‍රේන සහ රුසියානු යන දෙපාර්ශවයේ ලැබී තිබෙන දත්තවලට අනුව යුක්‍රේන යුද නෞකා ඕනෑකමින්ම රුසියානු මුහුදු සීමාවට පිවිස පසුව තවත් ඇතුලට යාත්‍රා කර තිබේ.මෙවැනි යුදමය ක්‍රියාමාර්ගයක් සඳහා යුක්‍රේනයේ ඉහළ පෙළේ හමුදා-දේශපාලන නායකත්වයෙන් සෘජු ආඥාවක් අවශ්‍ය බව පැහැදිලිය.

රුසියානු වෙරළාරක්ෂක හමුදාවේ නෞකා විසින් යුක්‍රේන යුද නෞකා ලුහුබදින අයුරු දැක්වෙන ඡායාරූප



ආරම්භයේදී යුක්‍රේන පාර්ශ්වය පැවසුවේ සිය නෞකා කර්ච් සමුද්‍ර සන්ධිය හරහා අසොව් මුහුදට යාත්‍රා කිරීමේ සැලැස්ම සම්බන්ධව රුසියානු පාර්ශ්වය දැනුවත් කර තිබූ බවයි.මෙම ප්‍රශ්නය සම්බන්ධව කිසිදු ඉල්ලීමක් නොතිබූ බව රුසියානු පාර්ශ්වය පැවසීය.


යුක්‍රේන පාර්ශ්වය සැබවින්ම රුසියානුවන් දැනුවත් කලේ නම් රුසියානු බලධාරීන්ගෙන් පිළිතුරක් සහ අවසරයක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුවේ.පසුව අනාවරණය වූ තොරතුරුවලට අනුව යුක්‍රේන පාර්ශ්වයට පිළිතුරක් / අවසරයක් රුසියාවෙන් ලැබී නැත.


යුක්‍රේන නෞකා අසොව් මුහුදට ප්‍රවේශ වීම වැළැක්වීමට කර්ච් සමුද්‍ර සන්ධිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් යොදාගෙන වසා දමා ඇති අයුරු

රුසියානුවන්ට යුක්‍රේන පාර්ශ්වයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූයේද නැද්ද යන්න මෙහිදී අදාල නොවේ.වැදගත් කරුණ වන්නේ යුක්‍රේන යුද නෞකා රුසියානු මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාත්‍රා කිරීමත්, රුසියානු පාර්ශ්වය කුපිත කරවීමත්ය.


පැය පහකට වැඩි කාලයක්  සිය මුහුදු ප්‍රදේශයේ සැරිසරන සතුරු රාජ්‍යයේ යුද නෞකා නවතාලීමෙන් හෝ මග අවහිර කිරීමෙන් වැළකී සිටීමට රුසියාව ක්‍රියා කලේය.රුසියානු වේලාවෙන් පස්වරු 7 පමණ ෆෙඩරල් ආරක්ෂක සේවාවේ දේශසීමා සේවය විසින් යුක්‍රේන යුද නෞකාවල ගමන් මග හරස් කලේය.


දැනට තිබෙන දත්තවලට අනුව සිදුවීමේ සාරාංශය මෙසේය:

  • යුක්‍රේන යුද නෞකා රුසියානු මුහුදු ප්‍රදේශයට ඇතුල්වීමත් සමග නෞකා කණ්ඩායමේ ඉදිරි ගමන වළක්වාලීමට රුසියාව උත්සාහ කලේය.ෆෙඩරල් ආරක්ෂක සේවයේ දේශසීමා සේවයට අයත් එක් නෞකාවක් සිය බඳ බාධකයක් ලෙස යොදාගනිමින් එක් යුක්‍රේන යුද නෞකාවක ගමන් මග හරස් කලේය.
  • ඉන්පසු පැය කිහිපයක් ඇතුලත රුසියානු නෞකා කණ්ඩායම් යටතේ යුක්‍රේන නෞකා යාත්‍රා කලහ.දෙපාර්ශ්වයම ඒ වනවිට සිටියේ රුසියානු ජල තලය තුල හෝ ඒ අද්දරය.
  • සිදුවීම ඇති වූයේ රුසියාවේ නාවික සැතපුම් 12ක මුහුදු කලාපයේ සීමාව ආසන්නයේ බව යුක්‍රේන නාවික හමුදාව පිළිගනියි.
  • යුක්‍රේන නෞකා කණ්ඩායම මුලුමනින්ම රුසියානු නෞකා කණ්ඩායමට යටත් විය.
  • යුක්‍රේන පාර්ශ්වයේ නැවියන්ට සිදුවීමෙන් හානි සිදුවිය.
  • දෙපාර්ශ්වයේම නෞකාවලට මෙහිදී හානි වූ බව ඡායාරූපවලින් පෙනී යයි(රුසියානු පාර්ශ්වය තම නෞකාවලට හානි සිදුවූ බව ප්‍රකාශ නොකලද සමාජ ජාල වෙබ් අඩවිවල පළවූ ඡායාරූපවලට අනුව යුක්‍රේන යුද නෞකාවක් හරස් කල රුසියානු නෞකාවේ බදට හානි සිදුව තිබේ)
  • යුක්‍රේන නෞකා කණ්ඩායමේ ගමන අවහිර කල අතර පසුව ඔවුන් කර්ච් වරාය වෙත ගෙන යන ලද්දේ රුසියානු නෞකා කණ්ඩායම යටතේය.


මෙම නාටකය රඟ දැක්වීමට නියෝගය ලබා දුන්නේ යුක්‍රේන සන්නද්ධ හමුදාවල නායකත්වය දරන යුක්‍රේන ජනපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ බවට කිසිදු විවාදයක් නැත.එම සිදුවීමෙන් යුක්‍රේන නැවියන්ට තුවාල සිදුවිය.මෙම නියෝගය ඉෂ්ඨ කර ගැනීමට යුක්‍රේන නාවික හමුදා සියලු ප්‍රයත්නයන්ම ගන්නා ලදි.

යුක්‍රේන ටග් යාත්‍රාවේ ගමන් මග හරස් කිරීම නිසා හානියට පත් රුසියානු වෙරළාරක්ෂක හමුදාවට අයත් නෞකාව

රුසියානු පාර්ශ්වය ගැටුම්වලින් වැළකී සිටිමින් මෙම අර්බුදය හමුදා-රාජ්‍යතාන්ත්‍රික නාලිකා ඔස්සේ විසඳා ගැනීමට පැය කිහිපයක්ම උත්සාහ කල බව පෙනෙන්නට තිබේ.කෙසේ හෝ එම උත්සාහයන් අසාර්ථක විය.

යුක්‍රේන නෞකා හඹා යන රුසියානු වෙරළාරක්ෂක හමුදාවේ නෞකා


දැනට තිබෙන දත්තවලට අනුව නොවැම්බර් මස 25දා නාවික ගැටුමේ වගකීමෙන් වැඩි කොටසක් හිමි වන්නේ වර්තමාන යුක්‍රේන දේශපාලන නායකත්වයටයි.

ඉන්පසුව  දිනවලදී සිදුවූ සිදුවීම් දාමය ඊට සාක්ෂි දරනු ඇත.

රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණකාරී සතුරෙක් යන චිත්‍රය මතු කර පෙන්වීමට යුක්‍රේන රජය සිය ප්‍රචාරණ යාන්ත්‍රණය සහ දුෂ්ඨ බලය පාවිච්චි කරාවි.මේ හරහා නැගෙනහිර යුක්‍රේනයේ මෙන්ම කළු මුහුද සහ අසොව් මුහුදේ රුසියානු සහ යුක්‍රේන හමුදා අතර අවිනිශ්චිතභාවය වර්ධනය කරනු ඇත.

කර්ච් වරාය වෙත රැගෙන ආ යුක්‍රේන නෞකා තුන

එම උත්සාහය අසාර්ථක වුවහොත් මෙම සිදුවීම නිසා වර්තමාන යුක්‍රේන දේශපාලන නායකත්වය එනම් ජනපති පොරොෂෙන්කෝ සහ ඔහුගේ ඇමෙරිකානු අධීක්ෂකයෝ මහත් අපකීර්තියකට පත් වේවි.

කර්ච් වරාය වෙත රැගෙන ආ යුක්‍රේන නෞකා තුන


යුක්‍රේන සන්නද්ධ හමුදා ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ පාලනය යටතේ තිබෙන නගර සහ ගම්මානවලට නොවැම්බර් මස 26 දා රාත්‍රියේ 9.48(ප්‍රාදේශීය වේලාවෙන්) දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් දියත් කරමින් ගැටුමක් ආරම්භ කල බව මෙහිදී මතක් කල යුතු කරුණකි.මෙයින් පෙනී යන්නේ අලුත් අර්බුදයක් ආරම්භ කිරීමේ අරමුණින් යුතුව පොරොෂෙන්කෝ රජය කලාපයේ යුදමය අවිනිශ්චිතභාවය චේතනාන්විතව අවුලවමින් සිටින බවයි.


නොවැම්බර් මස 26දා ජනපති පොරොෂෙන්කෝ හමුදා කැබිනට් හමුවක් කැදවා යුක්‍රේනයට යුද නීතිය පනවන බවට නිවේදනය කලේය.ඊට අමතරව යූක්‍රේන හමුදාව යුද සූදානමක තැබීමටද ක්‍රියා කලේය.


යුද නීතිය හඳුන්වාදීම හරහා 2019 මාර්තු මස 31දා පැවැත් වීමට නියමිත යුක්‍රේනයේ 2019 වර්ෂයේ ජනපතිවරණය ප්‍රමාද කල හැකිය.මැතිවරණය පැවැත්වුවහොත් පොරොෂෙන්කෝට ජනපති ධූරය අහිමිවන බව සමීක්ෂණවලින් පෙනෙන්නට තිබේ.යුද්ධයත්,යුද නීතියත් හරහා වාතාවරණයට තම අභිමතය පරිදි වෙනස් කර ගන්නට ඔහුට හැකියාව ලැබේවි.

ජනපති පොරොෂෙන්කෝ කැදවූ හමුදා කැබිනට් හමුව

එවැනි යුද්ධයක් හමුවේ යුක්‍රේනයේ "බටහිර පාර්ශ්වකරුවන්ට" එරට තුල සිය හමුදා රදවා තැබීමටත්,කලාපය තුල වාතාවරණය තවදුරටත් අස්ථාවර කිරීමටත් අවස්ථාව හිමිවේ.




source:southfront.org


කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය Reviewed by HarshaLulzSec on November 27, 2018 Rating: 5

No comments:

Powered by Blogger.