සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 27

Syrian war report  2018-11-27
මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරික්ෂණාගාරයට අනුව ඩීර් එසෝර් පළාතේදී ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් මරා දමන ලද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගණන 739කි.ඔවුන්ගේ වාර්තාවලට අනුව එම කාල සීමාව තුල සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි සටන්කරුවන් 452ක් මිය ගොස් තිබේ.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ඉදිරිපත් කරන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ මරණ ගණන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කාලයෙන් කාලයට ප්‍රකාශ කල වාර්තාවල සඳහන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ජිවිත හානි ප්‍රමාණයට ආසන්නය.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව හජින් නගරය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුවේ සිටින ත්‍රස්තවාදීන් ගණන 1000-2000 අතර වීමයි.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරයේ කියවීම් සත්‍යයක් නම් එම ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අඩක් පමණ මේ වෙද්දී මියගොස් තිබේ. කෙසේවෙතත් ගොඩබිම් මෙහෙයුම්වලදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ලබාගෙන තිබෙන ප්‍රගතිය සලකා බලද්දී ,මෙම ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා සහ සන්ධානයේ ගුවන් ප්‍රහාරක බලය එතරම් කාර්යයක් සිදු කර නැති බව පෙනේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ ඇති හජින් නගරය සහ ඒ අවට ගම්මාන ප්‍රමුඛ කුඩා බිම් කඩ අල්ලා ගැනීමට මේ දක්වා සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අසමත්ව තිබෙන අතර පසුගිය සති කිහිපය තුල ඔවුන්ට යම් භූමි ප්‍රමාණයක බලයද අහිමි විය.


මේ සම්බන්ධව අනුමාන දෙකක් පවතියි

  • මෙම කුඩා බිම් කඩේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගණන 1000-2000 වඩා බොහෝ ඉහළය.
  • සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ඉදිරිපත් කරන ත්‍රස්තවාදීන්ට සිදු වූ ජිවිත හානි ප්‍රමාණය සැබෑ අගයන්ට වඩා අඩුය..

නොවැම්බර් මස 24දා ඇලපෝ නගරයට සටන්කාමීන් විසින් එල්ල කල රසායනික අවි ප්‍රහාරය මුඛ්‍යධාරාවේ මාධ්‍ය දිගින් දිගටම චේතනාන්විතව නොසලකා හරිමින් සිටිති.රජයේ පාලන ප්‍රදේශ වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 107 ක් පමණ ඉලක්ක වී තිබිණි.මෙම ප්‍රහාරයට මුඛ්‍යධාරාවේ මාධ්‍ය දැක්වූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ඔවුන් කටයුතු කරන්නේ පූර්ව - සැලසුමකට අනුව බවයි.මන්ද සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයක මෙම සිදුවීම ඇති වූයේ නම් මේ වෙද්දී සිරියාවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගෙන් අනතුරු ඇඟවීම් මෙන්ම සමහර විට 2017,2018 වර්ෂවල එල්ල වූවාක් මෙන් සිරියානු රජයේ පාලන ප්‍රදේශ මිසයිල ප්‍රහාරවල ඉලක්ක වන්නටද තිබිණි.

Syrian war report map 2018-11-27

වයිට් හෙල්මට් නම් මුදා ගැනීමේ කණ්ඩායමත් සමග එක්ව ඉඩ්ලිබ් සටන්කාමීන් කණ්ඩායම් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි ප්‍රහාර රඟදක්වන්නට සූදානම් වන බවට පසුගිය මාස කිහිපය පුරාවට රුසියාව සහ සිරියාව යන රටවල හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු කලහ.එම ප්‍රහාර වල අරමුණ වූයේ ප්‍රහාරවල වගකීම අෂාඩ් රජය මත පටවා සිරියාවට එරෙහිව නැවත වරක් යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාව එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍යයන්ට ලබා දීමයි.වයඹදිග සිරියාවේ සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශය පුරා විෂ රසයනික ප්‍රවාහනය කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

මෙම මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික ව්‍යාපාරය නිසා එවැනි ව්‍යාජ රසායනික අවි ප්‍රහාරයක ඵලදායීතාවය අඩු විය.කෙසේවෙතත් පෙර සැලසුම් කල මාධ්‍ය ප්‍රචාරණයක් හරහා වාසි ලබා ගැනීමකින් තොරව මෙම රසායනික අවි භාවිතා කිරීමටත්,ඇලපෝ නගරයට පහර දීමටත් සටන්කාමීන්ගේ සමහර කොටස් සූදානමින් පසුවේ.

ඉහත ප්‍රහාරයෙන් පසුව මුඛ්‍යධාරාවේ මාධ්‍ය සංවිධාන මෙන්ම සටන්කාමීන්ට පක්ෂ ප්‍රකාශකයෝ සහ සිරියානු මාධ්‍ය පතුරවා හැරි ප්‍රචාරය වූයේ දුෂ්ඨ අෂාඩ් රජය විසින්ම ඇලපෝ නගරයට රසායනික අවි ප්‍රහාරය එල්ල කර ගත් බවයි.

එම සංස්කරණයට අනුව මෙම ප්‍රහාරය අෂාඩ්ගේ උපායශීලී සැලැස්මේ කොටසක් වන අතර එහි අරමුණ "මධ්‍යස්ථ විපක්ෂය" රසායනික අවි භාවිතා කරන බවට චෝදනා කිරීමත්,ඉඩ්ලිබ් පළාතේ සාමකාමී වාතාවරණය අවුල් කිරීමයි.

මුඛ්‍යධාරාවේ මාධ්‍යවලින් කියවෙන කතාන්දරයේ සාරාංශය මෙසේය:
  • රසායනික අවි ප්‍රහාරයක් සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයේ සිදුවූයේ නම් අෂාඩ් රජය ඊට වගකිවයුතුය.මන්ද රජයට සාම්ප්‍රදායික සටනකින් "මධ්‍යස්ථ කැරලිකරුවන්" පරාජය කල නොහැකි වීමයි.
  • රසායනික අවි ප්‍රහාරයක් රජයේ පාලන ප්‍රදේශයේ සිදු වූයේ නම් ඊට වගකිව යුත්තේද අෂාඩ් රජයයි.මන්ද රජයට සාමකාමී වාතාවරණය අවුල් කිරීමට අවශ්‍යව තිබීමයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 27 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 27 Reviewed by HarshaLulzSec on November 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.