සිරියාව:රසායනික අවි ප්‍රහාර අවදානම සහ රුසියානු හමුදාවේ සූදානම

සටන්කාමීන්ගේ පාලනයට නතු ප්‍රදේශවල අලුතින් රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමේ හැකියාවක් තිබේ යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් ඔක්තෝම්බර් මස 31දා පැවසීය.ඒ අතරතුරු රුසියානු හමුදාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය ආසන්නයේ සිය නිරීක්ෂණ මුර පොළවල් වලට RKhM-6 නම් රසායනික අවි පෙරික්සුම් රථ හයක් යවා තිබේ.

මේජර් ජෙනරල්වරයාට අනුව රසායනික අවි ප්‍රහාර හරහා කුපිත කරවීමක් සිදුවිය හැක්කේ ඇලපෝ පළාතේය.මේ කර්තව්‍යය සඳහා වෘත්තීයමය විඩියෝ උපාංග සමග වයිට් හෙල්මට්-මුදා ගැනීමේ කණ්ඩායමක්-සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් අසාස්,මරියා සහ චොන්බෙනියි යන ජනාවාස වෙත ළඟා වූ බව රුසියාව පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියේ රුසියානු විශේෂඥයෝ මෙම වාතාවරණය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

"අන්තවාදී සටන්කාමීන් සහ වයිට් හෙල්මට් සාමාජිකයෝ රසායනික අවි යොදාගෙන සංවිධානාත්මක කුපිත කරවීම් කරන්නටත් සහ රජයේ හමුදා සිරියානු ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කරන බවට බොරු චෝදනා නගන්නටත් කුප්‍රකටය."- මේජර් ජෙනරල් කොනෂෙන්කොව්

ඉඩ්ලිබ් පළාතේ ගම්මානය තුල ව්‍යාජ රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීම සඳහා යොදා ගැනීමට ලීටර් 10 හි ක්ලෝරීන් වායු සිලින්ඩර් 20ක් තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නම් සටන්කාමී කණ්ඩායම ගෙන්වා ගත්තේ බවට ප්‍රදේශවාසීන්,සිරියාවේ සමගිසන්ධානය උදෙසා රුසියානු මධ්‍යස්ථානයට ඔක්තෝම්බර් මස 27 දා තොරතුරු ලබා දුන්නේ යැ‍යි මේජර් ජෙනරල්වරයා කීය.මෙම අවි මරාට් අල්-නුමන් ආසන්නයේ කැෆ්ර් නාබ්ල් සහ අල්-හවාෂ් වෙත ගෙන ආ බව වාර්තාවේ.

රඟ දැක්වෙන ව්‍යාජ රසායනික අවි ප්‍රහාරයට සහභාගී කර ගන්නේ ආහාර වෙනුවෙන් එම කාර්යයේ නියුතු වීමට සූදානම් සිවිල් වැසියන්ය.වයිට් හෙල්මට් සාමාජිකයෝ එම නාටකයේ විඩියෝවට එලෙස ආහාර වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් පුද්ගලයන් සොයා මෙහෙයුමක්ද සිදු කර තිබේ යැ‍යි ජෙනරාල්වරයා පැවසීය.

RKhM-6 යනු BTR-80 සන්නාහ සන්නද්ධ රථය මත පදනම්ව නිර්මාණය කල රසායනික පෙරික්සුම් රථයකි.එය සතු දිගු දුර රසායනික පෙරික්සුම් උපාංගයට කි.මී. 3 දක්වා දුරකින් වූ විෂ සංඝටක හඳුනාගත හැකිය.ඊට අමතරව මෙම රථයට විකිරණ මට්ටමේ ඉහළ යෑමක් හඳුනා ගැනීමටද පුලුවනි.රථය ඇතුලත තිබෙන පහසුකම් යොදාගෙන විකිරණ සාම්පල් පරීක්ෂාවන්ද සිදු කරයි.රථයේ අඩංගු ජීවවිද්‍යාත්මක සංවේදක වලින් වෛරස් වැනි දෑ අනාවරණය කර ගත හැකිය.

රුසියානු හමුදාව සතු RKhM-6 රථයක්







source:southfront.org


සිරියාව:රසායනික අවි ප්‍රහාර අවදානම සහ රුසියානු හමුදාවේ සූදානම සිරියාව:රසායනික අවි ප්‍රහාර අවදානම සහ රුසියානු හමුදාවේ සූදානම Reviewed by HarshaLulzSec on November 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.