යේමනය:අල්-හුඩයිඩා වරාය ආසන්නයේ සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ යුද ශක්තිය වර්ධනය කෙරේ

අන්සාර් අල්ලාහ්  නොහොත් හවුති සටන්කාමීන් සහ එහි මිත්‍ර කණ්ඩායම් සතුව තිබෙන උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් අල්-හුඩයිඩා වරාය නගරය අල්ලා ගැනීම් සඳහා ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහෙයුමක් වෙනුවෙන් සටන්කරුවන් 10,000 ක් පමණ නගරය ආසන්නයට යවන්නට සෞදි අරාබිය-එක්සත් අරාබි එමීර් රාජ්‍යය-නායකත්වය දරන මිත්‍ර සන්ධානය ක්‍රියා කරමින් සිටියි යැයි අරාබි මාධ්‍ය වාර්තා කරයි.මේ ක්‍රියාමාර්ගය ඔස්සේ දැනටත් ප්‍රදේශය අවට සිටින හමුදාවල ශක්තිය වර්ධනය කෙරේ.

2018 වර්ෂයේ ජූනි මාසයේ පටන් මිත්‍ර සන්ධානය සහ එහි ප්‍රාදේශීය ප්‍රොක්සි හමුදාවන් අල්-හුඩයිඩා නගරය අල්ලා ගැනීමට මහා පරිමාණ ආක්‍රමණ ගණනාවක් දියත් කරන ලදී.කෙසේවෙතත් ඒ සියල්ල අසාර්ථක විය.මෙම ප්‍රයත්නයහිදී හවුති ප්‍රතිප්‍රහාර හමුවේ මිත්‍ර සන්ධානයේ සහාය ලබන සටන්කාමීන් 400-500 අතර පිරිසක් මිය ගොස් යුදෝපකරණය විශාල ප්‍රමාණයක්ද විනාශයට පත් වූ බව ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරයි.

ඒඩන් හි පිහිටි සෞදියේ සහාය ලබන යේමන් රජයේ නම හෙලි නොකල හමුදා බලධාරියෙක් ඔක්තෝම්බර් මස 30දා ප්‍රංශයේ පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ මිත්‍ර සන්ධානය ඉදිරි දිනවලදී දියත් කිරීමට නියමිත අලුත් ආක්‍රමණයක් සඳහා අමතර භට පිරිස් සහ යුදෝපකරණය රතු මුහුදට මායිම් වූ වෙරළ තීරයට යවන බවයි.එම මුලාශ්‍රයට අනුව මිත්‍ර සන්ධානය හමුදා දැනටමත් අල්-හුඩයිඩා අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කීරීමට ක්‍රියා කරගෙන යති.


මෙම වරාය නගරය හවුති පාලනය සහිත ප්‍රදේශයට අවශ්‍ය ආහාර,ඖෂධ ආදී සැපයුම් ලබා ගැනීමට ඉඩ සලසා දෙන අවසන් සහ ප්‍රධානතම මධ්‍යස්ථානයයි.අල්-හුඩයිඩා නගරය මිත්‍ර සන්ධානයට නතු වුවහොත් වයඹදිග යේමනයේ පවතින මානුෂීය අර්බුදය තවත් උග්‍ර වනු ඇත.




source:southfront.org


යේමනය:අල්-හුඩයිඩා වරාය ආසන්නයේ සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ යුද ශක්තිය වර්ධනය කෙරේ යේමනය:අල්-හුඩයිඩා වරාය ආසන්නයේ සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ යුද ශක්තිය වර්ධනය කෙරේ Reviewed by HarshaLulzSec on November 01, 2018 Rating: 5

No comments:

Powered by Blogger.