සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 06

Russian Mercenaries Casualties rumor
සිරියාව තුල රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන්ට ජීවිත හානි සිදුවූ බවට කැරලිකරුවන්ට පක්ෂපාතී සිරියානු සහ රුසියානු මුලාශ්‍ර වාර්තා කලහ.

මුලදී මේ සිදුවීම සම්බන්ධව වාර්තා මතු වූයේ නොවැම්බර් 3 සහ 4 යන දිනවලදීය.මූලාශ්‍ර කිහිපයකට අනුව ඩීර් එසෝර් පළාතේ සිරියානු අරාබි හමුදාවේ 5 වන ප්‍රහාරක හමුදාවේ බැරැක්ක ඉලක්ක කරගෙන පිපිරීමක් සිදුව තිබේ.

මෙම පුවතේ එක් සංස්කරණයකට අනුව ඩීර් එසෝර් නගරයේ මුරපොලක් අසල පිහිටා තිබෙන "රුසියානු හමුදා මූලස්ථානයක්" පිපිරීමේ ඉලක්කය විය.එහිදී අවම වශයෙන් රුසියානු හමුදා කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙක් මිය ගොස් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් යම් ප්‍රමාණයකටද හානි සිදුව තිබේ.කෙසේවෙතත් සිදුවීම තහවුරු කිරීමට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි හෝ රජයට පක්ෂපාතී මූලාශ්‍රවල තහවුරු කිරීමක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත.ප්‍රහාරයට ගොදුරු වූවා යැයි කියන 5 වන ප්‍රහාරක හමුදාව රුසියානු හමුද කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබන ඒකකයකි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පිපිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ මුදා ගත් ප්‍රදේශවලින් සොයා ගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිපදවන ලද මර උගුල් පුපුරවා විනාශ කිරීමට ගත් තීරණයකි.

නොවැම්බර් 5 වනදා මෙම කටකතාව රුසියානු මාධ්‍යවලටද මාතෘකාවක් විය.ඇමෙරිකානු සී එන් එන් පුවත් සේවයට සමාන ආකාරයෙන් සිරියානු අර්බුදය දෙස බලන නොවායා ගසෙටා නම් රුසියානු විපක්ෂ පුවත්පත වාර්තා කලේ නොවැම්බර් මස 4 දා ඩීර් එසෝර් පළාතේ යම් ස්ථානයක සිදුවූ පිපිරීමකින් රුසියාවේ හමුදා කොන්ත්‍රාත්කරුවන් 5 දෙනෙක් සහ සිරියානු හමුදාවේ සෙබලුන් 6 දෙනෙක් මරණයට පත් වූ බවයි.එම පුවත්පත පවසන්නේ මෙම තොරතුරු ඔවුන්ට ලැබුණේ සිරියාවේ සිටින ඔවුන්ගේම මූලාශ්‍රයකින් වුවත් සිදුවීමට අදාල ස්ථානය සහ අනෙකුත් තොරතුරු සපයන්නට අසමත්ව තිබේ.

නොවායා ගසෙටා පුවත්පත් වාර්තාව රුසියාවේ සහාය ලබන 5 වන ප්‍රහාරක හමුදාව යොදාගෙන රුසියානු හමුදා කොන්ත්‍රාත්කරුවන්ට සිදුවූ හානිය තහවුරු කිරීමට උත්සාහ දරා තිබේ.

මෙහි තිබෙන පුදුමාකාර දෙයක් වන්නේ හුදෙක් නොවායා ගසෙටා පුවත්පතේ වාර්තාව යළිත් පළ කරන රුසියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙම කටකතාව අවිචාරයකින් තොරව පිළිගැනීමයි.

සමහරක් අරාබි බ්ලොග් අඩවිය සහ කැරලිකරුවන්ට පක්ෂපාතී මාධ්‍යවල සංසරණය වන කටකතා නැවත නැවත පළ කරන මෙම පුවත්පත,පුවතට අදාල තොරතුරු ලැබුණේ සිරියාවේ තුල සිටින සිය මූලාශ්‍රයකින් යැ‍යි පැවසීම හරහා ප්‍රේක්ෂකයන් තුල විශ්වාසය වැඩි කරන්නට උත්සාහ ගෙන ඇත.

අවාසනාවකට,පසුගිය වසර කිහිපය තුලදී "නිර්නාමික මූලාශ්‍ර" පිටුපස සැඟවී විමර්ශනයකින් තොර සහ අසත්‍ය පුවත් පතුරවා හරින්නට රුසියාවේ සහ බටහිර ගැති ප්‍රධාන පෙළේ මාධ්‍ය යොමුව තිබේ.

ඉහත සඳහන් කල ප්‍රවෘත්තිය ඊට හොඳම උදාහරණයකි.ඔවුන් එවැනි කටකතා විශ්වාසනීය පුවත් බවට පත් කරන්නට දැඩි උත්සාහයක් දරන බවද පෙනේ.

මීට සමාන එහෙත් දැඩි අවධානය දිනා ගත් කටකතාවක් වූයේ 2018 පෙබරවාරි මාසයේදී ප්‍රසිද්ධියට පත්,ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් නැගෙනහිර සිරියාවේදී රුසියානු කුලී හමුදාවන්ට සහ සිරියානු අරාබි හමුදාවට සිය ගණනක් සාමාජිකයින් අහිමි වීමේ පුවතයි.රුසියානු සටන්කරුවන් සියගණනක් මිය යෑම කිසිදා තහවුරු නොවූ අතර එකම විශ්වාසනීය තොරතුර වූයේ එම කාල සමයේදී සංග්‍රාම භූමිය තුල රුසියානු පුරවැසියන් 5 දෙනෙක් මිය යෑම පමණි.


කෙසේවෙතත්,ඉන්පසුවත් අසත්‍යය පුවත් පතුරවා හැරීම මාධ්‍ය විසින් අතහැර දමා නැත.තවද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ පවා සිය ගණනක් රුසියානුවන් මිය යෑමේ කටකතාව ප්‍රසිද්ධියේ උපුටා දැක්වූයේ ආඩම්බරයෙනි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 06 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 06 Reviewed by HarshaLulzSec on November 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.