ඇමෙරිකානු සම්බාධක අභිමුව ඉරානය පළමු ස්වදේශීය ජෙට් ප්‍රහාරක යානයේ නිෂ්පාදන අරඹයි

Sanctions are coming
ඉරානයේ ස්වදේශීයව සැලසුම් කලා යැයි සැලකෙන සිව්වන පරම්පරාවේ කොව්සාර් නම් ෆයිටර් ජෙට් යානය ඉස්ෆහන් පළාතේ ඉරාන ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත සමාගමේදී මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම උත්සවාකාරයෙන් නොවැම්බර් මස 3 වනදා ආරම්භ කල අතර උත්සවය සඳහා එරට ආරක්ෂක අමාත්‍ය බිග්‍රේඩියර් ජෙනරල් අමීර් හටමි සහභාගී විය.

"අවශ්‍ය යානා ගණන ඉක්මණින් නිපදවා ගුවන් හමුදාවේ සේවයට එක් කරනවා" යැ‍යි බිග්‍රේඩියර් ජෙනරල් හටාමි උත්සවය අමතමින් පැවසීය.

මෙම ජයග්‍රහණ ඉරාන ඉන්ජිනේරුවන් විසින් ළඟා කරගත්තේ සතුරන්ගේ මනෝ සංග්‍රාමය,ප්‍රචාරකයන්ගේ අපකීර්තිය පැතිරවීම සහ ආර්ථික සම්බාධක හමුවේ යැයිද ඔහු කීය.

ඉරාන රජයට අනුව කොව්සාර් ෆයිටර් ජෙට් යානය දියුණු ගුවන් ඉලෙක්ට්‍රොනික උපාංග,බහුකාර්යය රේඩාර් පද්ධතියක් සහ ස්වාධීන රේඩියෝ මාර්ගෝපදේශන පද්ධතිකයකට මෙන්ම ඩිජිටල් හමුදා දත්ත ජාලයකට සම්බන්ධ වෙඩි පාලන පද්ධතියකින්ද සමන්විතය.

 කොව්සාර් ෆයිටර් ජෙට් යානය

Iran first domestic fighter jet - Kowsar

Iran frist domestic fighter jet-Kowsar jet

එක් ජෙට් යානයකින් එරටට ඇ.ඩො.මිලියන 16.5 මුදලක් ඉතිරි කර දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ පොදු සබදතා දෙපාර්තුමේන්තුව සඳහන් කර තිබේ.

මෙම ජෙට් යානය මහා යක්ෂයා,එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී පද්ධතිය එරෙහිව නැගී සිටින සහ ගෝලීය අහංකාරයට එරෙහිව සටන් කරන සලකුණක් ලෙස බිග්‍රේඩියර් ජෙනරල්වරයා විසින් හැඳින්වීය.

කිසිම බලවතෙකුට බිදිය නොහැකි සහ එරටට අභියෝග කල නොහැකි ලෙස ඉරානයේ ආරක්ෂක හැකියාවන් වර්ධනය වී ඇතැයි ඉරාන සන්නද්ධ හමුදාවල ප්‍රකාශක අබොල්ෆාස්ල් ෂෙකර්චි පැවසීය.


නිතරම පාහේ ඉරාන බලධාරීන් මෙවැනි අවස්ථාවලදී අතිශෝක්තියෙන් ප්‍රකාශ නිකුත් කලද එරටට පනවා තිබෙන සම්බාධක හේතුවෙන් ඉරාන හමුදාව එහි සාම්ප්‍රදායික හැකියාවන්,විශේෂයෙන් ගුවන් හමුදාව ඇතුලුව සුවිශේෂී ගැටලුවලට මුහුණදී සිටියි.මෙම වාතාවරණයට ටෙහෙරාන් රජය ප්‍රතිචාර දැක්වූයේ සිය සාම්ප්‍රදායික නොවන සංග්‍රාමික හැකියාවන් වර්ධනය කර ගැනීමෙන්ය.ලොව සිටින හැකියාවෙන් ඉහළ ගුප්ත සංග්‍රාමික ඒකක සහ ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ එක් විශේෂ ඒකකයක් වන 'කුඩ්ස් බලකාය' ඔවුන්ගේ විදේශීය මෙහෙයුම් සඳහා වගකිව යුතු යැ‍යි එක්සත් ජනපදය,එහි මිත්‍රයෝ සහ ස්වාධීන විශේෂඥයෝ පවා පවසයි.

2015 වර්ෂයේ න්‍යෂ්ඨික ගිවිසුම යටතේ ඔබාමා රජය විසින් ඉවත් කල සම්බාධක සියල්ල යලි පනවන්නටත්,සම්බාධක ලැයිස්තුව තවත් පුලුල් කරන්නට තීරණය කල බව නොවැම්බර් මස 2දා ධවල් මන්දිරය නිවේදනය කලේය.නිල නිවේදනයේ සඳහන් වූයේ "ඉරානයට දැඩිම සම්බාධක පැනවූ රජය මෙය වේවි" කියාය.සම්බාධක නොවැම්බර් මස 5 දා පටන් ක්‍රියාත්මක වන අතර ඒවා මගින් පුද්ගලයින් සහ ආයතන 700කට වැඩි ගණනක්(ප්‍රධාන පෙළේ ඉරාන බැංකු,තෙල් අපනයනකරුවෝ සහ නෞකා සමාගම්)ඉලක්ක කර තිබේ.මේ හරහා ඉරාන ආරක්ෂක සහ බලශක්ති සමාගම්වල වැඩ කටයුතු තවදුරටත් දුෂ්කර වනු ඇත.

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet

Iran launches production of domestic fighter jet



source:southfront.org


ඇමෙරිකානු සම්බාධක අභිමුව ඉරානය පළමු ස්වදේශීය ජෙට් ප්‍රහාරක යානයේ නිෂ්පාදන අරඹයි ඇමෙරිකානු සම්බාධක අභිමුව ඉරානය පළමු ස්වදේශීය ජෙට් ප්‍රහාරක යානයේ නිෂ්පාදන අරඹයි Reviewed by HarshaLulzSec on November 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.