ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩා ඉස්ලාමීය රාජ්‍යය යුප්‍රටීස් නිම්නයේ වර්ධනය වන ලකුණු

syrian war report 2018 11 05
යුප්‍රටීස් නිම්නයට සීමා වී තිබූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශය
එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයත් ,එරටේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලත් වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් දැන් ක්‍රමයෙන් පුලුල් වෙමින් තිබේ.

පසුගිය දින කිහිපය තුලදී සුසාහ්,හවි සුසාහ්,මොසාන් ,ෂාජ්ලා,බගුස් ෆකානි සහ ටටනි යන ගම්මාන නැවත වරක් සිය ග්‍රහණයට ගැනීමට  ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් සමත් වූයේ අයහපත් කාලගුණයත්,එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ මෙහෙයුම්වල තීව්‍රතාවය අවම කිරීමත් හමුවේය.උතුරුදිග සිරියාවේ කොබානි නගරයේ ආසන්නයේ සිය පාලන ප්‍රදේශයට තුර්කිය ප්‍රහාර එල්ල කිරීම හමුවේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ පාබල හමුදා මෙහෙයුම් නවතා දමන ලදි.

යුප්‍රටීස් නිම්නයේ හජින් නගරය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශය බොහෝ කාලයක පටන් පිටස්තර හමුදාවකගේ පය නොගැසුණු භූමියකි.එක්සත් ජනපදය ඇතුලු මිත්‍ර සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එහි වෙසෙන ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන ආක්‍රමණ කිහිපයක්ම සිදු කලද ඒ ඔස්සේ සැලකිය යුතු ලාභයක් නම් ලැබුණේ නැත.කෙසේවෙතත් සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම අවසන් වුවහොත් එහි අවාසිය අත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි.මන්ද සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත තර්ජනය සිය හමුදා එරට තුල රදවා තබන්නට සාධාරණ හේතුවක් ලෙස මෙතෙක් කාලයක් ඇමෙරිකානුවන් ලෝකයා ඉදිරියේ පෙන්වමින් සිටියහ.සිරියාව තුල රුසියානු බලපෑම අවම කරන්නටත්,ඉරානයට සිය හමුදා එරටින් ඉවත් කරගන්නට බල කරන්නටත් (ඊශ්‍රායලයේ ඇලුම්කම් රැකීමට)ඇමෙරිකානු හමුදා සිරියාව තුල තවදුරටත් තබා ගත යුතුය යන තැනට විවෘත ප්‍රකාශ සිදු කරන්නට එක්සත් ජනපදයේ සමහර ඉහළ පෙළේ බලධාරීන් පත්ව තිබේ.

මෙම තත්ත්වය හමුවේ යළිත් වරක් සිරියා-ඉරාක දේශසීමාව වෙත සිය බලය ව්‍යාප්ත කරන්නට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අවස්ථාව නිර්මාණය වී තිබේ.මින් වඩාත් කලබලයට පත් වූයේ ඉරාකයයි.ඉරාකයේ කාන්තාර ප්‍රදේශවල තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් පවතියි.ඉරාක රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්වලින් සැදුම් ලත් Popular Mobilization Units (PMU) නම් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් වන හෂෙම් අල්-මුසාවි නොවැම්බර් මස 4දා කියා සිටියේ ඉරාක සහ සිරියානු රජයන් එකඟ වන්නේ නම් ඉරාක හමුදාවන්ට සිරියාව තුල මෙහෙයුමක් දියත් කර ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට හැකි බවයි.


Popular Mobilization Units (PMU)
Popular Mobilization Units (PMU) සංවිධානයේ සාමාජිකයෝ පිරිසක්


"අපි(PMU) සිරියාව තුලට රොකට් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා..එම ප්‍රහාරවලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අණදෙන නිලධාරීන් ගණනාවක් මිය ගියා" යැයි හෂෙම් අල්-මුසාවි උපුටා දක්වමින් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.

ත්‍රස්තවාදීන් ඉරාක දේශසීමාව හරහා පැමිණීමට දරන ඕනෑම් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට අවශ්‍ය හදිසි සැලසුම් කිහිපයක්ම සූදානම් යැ‍යි ඉරාක අණදෙන නිලධාරීන් පවා තිබේ.

PMU සංවිධානය ඉරානයේ ප්‍රොක්සි හමුදාවක් ලෙස දකින එක්සත් ජනපදය,සිරියාව තුල ඉරාක හමුදාවන්ට මෙහෙයුමක් සිදු කිරීමට ඉඩක් දේවි යැයි අපේක්ෂා කල නොහැකිය.එමගින් ඇමෙරිකාවේ සැඟවුණු අරමුණ පැහැදිලිවේ.සිරියාව තුල සිය හමුදා රදවා තැබිය හැක්කේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එරට තුල සිටින තාක් පමණක් බව ඇමෙරිකානුවන් හොඳින් දනියි.



source:southfront.org


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩා ඉස්ලාමීය රාජ්‍යය යුප්‍රටීස් නිම්නයේ වර්ධනය වන ලකුණු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩා ඉස්ලාමීය රාජ්‍යය යුප්‍රටීස් නිම්නයේ වර්ධනය වන ලකුණු Reviewed by HarshaLulzSec on November 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.