සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 31

වයඹදිග ඇලපෝ ප්‍රදේශයේදී හයාට් ටරිර් අල්-ෂාම් සහ තුර්කියේ සහාය ලබන විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ නම් සටන්කාමීන් කණ්ඩායම්වල එකමුතුවත්  අතර ගැටුම් ඇවිලී ගොස් තිබේ.

වාර්තාවලට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම් අනෙක් පාර්ශ්වයේ සටන්කරුවන් රැදී සිටින කෆ්ර් හම්රා නම් ගම්මානයට ඔක්තෝම්බර් මස 29දා පහරදී ඔක්තෝම්බර් 30 වනදා හවස් වරුවේදී එහි බලය මුලුමනින්ම සියතට ගැනීමට සමත් විය.එහිදී තුර්කියට පක්ෂපාතී සටන්කරුවන් කිහිපදෙනෙක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

යුදමුක්ත කලාප ගිවිසුමට ඇතුලත් ඇලපෝ ,ඉඩ්ලිබ් සහ ලටාකියා පළාත්වල කොටස් එරෙහි සිය බලපෑම ක්‍රමයෙන් පුලුල් කරන්නට පසුගිය මාස කිහිපය තුල හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ක්‍රියා කලේය.ඒ අතරතුර අන්කාරා රජය කියා සිටියේ එහි තත්ත්වය සම්පුර්ණයෙන්ම සිය පාලනය යටතේ තිබෙන බවයි.පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරද්දී පෙනී ගියේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට යුද මුක්ත කලාපය තුල නිදහසේ මෙහෙයුම් කරන්නට ඉඩ දෙන ගිවිසුමකට තුර්කිය එළඹ ඇති බව හෝ එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට තරම් බලය තුර්කිය සතුව නොමැති බවයි.

විපක්ෂ කණ්ඩායම්වල පාලන ප්‍රදේශයේ හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම් රැදී සිටින තෙක් සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව මෙම සිදුවීම් වලින් සනාථ වේ.

යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල මහා පරිමාණ ත්‍රස්තවිරෝධී මෙහෙයුමට තුර්කිය සූදානම් යැ‍යි එරට ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් ඔක්තෝම්බර් මස 30 දා නිවේදනය කලේය.තුර්කිය ත්‍රස්තවාදීන්ට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගනිවී යැ‍යි එර්ඩොගන් කීය.ඔහු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූයේ ඊසානදිග සිරියාවේ බලය අල්ලාගෙන සිටින කුර්දි සන්නද්ධ කණ්ඩායම්ය.ඊට කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ කුර්දිස්ථාන කම්කරු පක්ෂය ඇතුල්ත.

අන්කාරා රජයේ ඊළඟ ඉලක්කය නැගෙනහිර යුප්‍රටීස් ප්‍රදේශය බව තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා වන හුලුසි අකර් ඔක්තෝම්බර් මස 30දා තහවුරු කලේය.අන්තවාදී සටන්කාමීන් සහ යුදෝපකරණ කි.මි. 15-20 කොරිඩෝරයෙන් ඉවත් කරමින් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය මුලුමනින්ම ස්ථාපිත කලේ යැ‍යිද ඔහු ප්‍රකාශ කලේය.පෙනෙන හැටියට සටන්කාමීන් දිගින් දිගටම ලටාකියා,හමා සහ ඇලපෝ හි රජයේ හමුදා වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමත්,කෆ්ර් හම්රා හි වර්ධනය වන තත්ත්වයත් සම්බන්ධව අමාත්‍යවරයා නොදැනුවත්ය,නැතිනම් ඔහු එම සිදුවීම් නොසලකා හැර තිබේ.

නැගෙනහිර යුප්‍රටීස් හි පිහිටා ඇති අයින් අල්-ඇරබ් හෙවත් කොබානි නගරයේ කුර්දි සටන්කාමීන්ගේ ස්ථාන ඉලක්ක කර තුර්කි සන්නද්ධ හමුදාවන් ඔක්තෝම්බර් මස් 28දා කාලතුවක්කු ප්‍රහාර මාලාවක් දියත් කරන ලදි.තුර්කි ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්නේ යැයි මෙම ප්‍රහාරවලින් අනතුරුව කුර්දි මහජන ආරක්ෂක ඒකක ප්‍රකාශයක් නිකුත් කරමින් තර්ජනය කර තිබුණි.

කුර්දි පාර්ශ්වයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව තුර්කි සන්නද්ධ හමුදා දැන් සිය භට පිරිස් සහ යුදෝපකරණය අයින් අල්-ඇරබ් නගරය ආසන්න සිරියානු දේශසීමාවට එක් රැස් කරමින් සිටිති.

ට්‍රම්ප් පරිපාලනය තුර්කිය සමග ඇති කරගත් මැන්බිජ් ගනුදෙනුවේ දී කතිකා කර ගත් දෑ ක්‍රියාත්මක නොවන්නේ නම් කුර්දි ප්‍රශ්නය විසඳීමට තුර්කි සන්නද්ධ හමුදා යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව එර්ඩොගන් තීරණය කර තිබේ.ඊසානදිග සිරියාවේ ඇමෙරිකානු හමුදා රැඳී සිටින නිසා තුර්කිය මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කරාවි යැ‍යි සිතිය නොහැකිය.නමුත් කාලතුවක්කු ප්‍රහාර මගින් ඇමෙරිකානු සහාය ලබන කුර්දි සටන්කාමීන්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට තුර්කිය හැකියාව තිබේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 31 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 31 Reviewed by HarshaLulzSec on November 01, 2018 Rating: 5

No comments:

Powered by Blogger.