සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 02

ගිනිකොණදිග ඉඩ්ලිබ් හි  අබු කමිස් ගම්මානය ආසන්නයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කල බව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නොවැම්බර් මස 1දා නිවේදනය කලේය.එහිදී සිරියානු හමුදා සාමාජිකයෝ තිදෙනෙක් මරණයට පත් වූ බව වාර්තා වේ.

සිරියානු අරාබි හමුදාවේ මූලාශ්‍රයකට අනුව මෙම අදාල ගම්මානය අසලදී ගැටුම් ඇතිව තිබේ.නමුත් සිද්ධිය සම්බන්ධව වැඩි විස්තර එම මූලාශ්‍රය මගින් සපයා දී නැත.මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරයට අනුව සටන් වලින් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ එක් සටන්කාමියෙක් මිය ගොස් ඇත.

එදිනම,හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ හොරස් අල්-ඩීන් කණ්ඩායම උතුරු හමා සහ බටහිර ඇලපෝ හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන ගණනාවකට ප්‍රහාර එල්ල කරන ලදි.

ඒ අතරතුර තුර්කි සහ ඇමෙරිකානු සෙබලුන් මැන්බිජ් නගරය ආසන්නයේ සිය ප්‍රථම ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.එය සිදු වූයේ තුර්කි පාලනයට නතු ජරාබුලස් නගරය මැන්බිජ් නගරයෙන් වෙන් කරන සජු නම් ඇළ මාර්ගය ආසන්නයේය.මැන්බිජ් නගරයේ පාලනය පවතින්නේ ඇමෙරිකානු සහාය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේය.එම හමුදාවල හරය වන්නේ කුර්දි මහජන ආරක්ෂක ඒකක වැනි කුර්දි සටන්කාමී කණ්ඩායම්ය.තුර්කි රජය මෙම කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

 තුර්කි සහ ඇමෙරිකානු ධජවලින් සැරසුනු රථ මුර සංචාරයේ යෙදෙන අයුරු


කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ තවත් කුර්දි සන්නද්ධ කණ්ඩායමක් වන කුර්දිස්ථාන කම්කරු පක්ෂය ඔවුන් විසින් මැන්බිජ් නගරාසන්නයේ හෑරූ අගල්වලම වැළලී යනු ඇතැයි තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් පැවසීය.උතුරු ඉරාකය තුල කුර්දිස්ථාන කම්කරු පක්ෂයට එරෙහි යුද මෙහෙයුම් තවදුරටත් කරගෙන යන්නේ යැයිද ඔහු කීය.තුර්කියට පහරදීම සඳහා කුර්දි සටන්කාමින් භාවිතා කරන පුලුල් යටිතල ව්‍යුහය පිහිටා තිබෙන්නේ උතුරුදිග ඉරාකයේය.

සිරියාවේ කොබානි නගරය ආසන්නයේ තුර්කි සන්නද්ධ හමුදා සහ කුර්දි සටන්කාමීන් අතර කඩිකඩ ගැටුම් සිදුවන බව වාර්තාවේ.යුප්‍රටීස් ගංගාව ආසන්නයේ කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට එරෙහිව ක්‍රියාත්මක කරන්නට නියමිත යුද මෙහෙයුම සඳහා සහභාගී වන තුර්කියේ සහාය ලබන කණ්ඩායම් ලැයිස්තුව පිළියෙල කිරීමෙහි තුර්කි රජයේ හමුදා නිරතව සිටි යැ‍යි වාර්තාවල සඳහන්ය.

7.62×51mm වර්ගයේ උණ්ඩ 450,000 පමණ අඩංගු විශාල උණ්ඩ සංචිතයක් ඩීර් එසෝර් පළාතේ අල්-මයාඩී නගරාසන්නයෙන් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත්ව තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,සිරියානු අරාබි හමුදාව හමුවේ අල්-මයාඩීන් සටන පරාජය වීමත් සමග ඔවුහු මෙම උණ්ඩ තොගය අත්හැර පළා ගියහ.

 අල්-මයාඩීන් නගරාසන්නයෙන් හමුවූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අයත්ව තිබූ උණ්ඩ තොගය







සිරියානු රජයේ මාධ්‍යට අනුව මෙම උණ්ඩ එක්සත් ජනපදය විසින් සිරියානු සටන්කාමීන් කණ්ඩායම්වලට ලබාදුන් ඒවාය.පසුව ඔවුන් ඒවා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට විකුණා දමා ඇත.ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස පෙනෙන හෝ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමග විවෘතව සහයෝගීතාවයෙන් ක්‍රියා කරන විපක්ෂ කණ්ඩායම්වලට එක්සත් ජනපදයේ සහාය ලැබුණු අවස්ථා ගණනාවක් පසුගිය වසර කිහිපය තුල වාර්තා විය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 02 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 02 Reviewed by HarshaLulzSec on November 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.