සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 01

උතුරුදිග සිරියාවේ සිය පාලන ප්‍රදේශයට තුර්කි හමුදාවේ ප්‍රහාර එල්ල වීම නිස යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම නවතා දැමූ බව එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඔක්තෝම්බර් මස 31දා නිවේදනය කලේය.

යුප්‍රටීස් නිම්නයේ හජින් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලය මුලිනුපුටා දැමීමට ඇති නොහැකියාව වසා ගන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා තුර්කියට දෝෂාරෝපණය කලේය.සිය පාලන ප්‍රදේශවෙත තුර්කිය එල්ල කරන ප්‍රහාර නවත්වන්නට ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනය අන්කාරා රජයට එල්ල කරන්න යැ‍යි ඉල්ලා සිටියහ.තුර්කියෙන් පළිගන්නා බවට ඔවුහු තර්ජනය කලෝය.

ඔක්තෝම්බර් මස 30,31 සහ නොවැම්බර් මස 1දා සිරියාවේ අයින් ඇරබ්/කොබානි සහ ටෙල් අබ්යාඩ් නගරවලදී තුර්කි හමුදා සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක අතර ගැටුම් වාර්තා විය.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව කුර්දි සටන්කාමීන් 4 දෙනෙක් මියගොස් 6 දෙනෙක් තුවාල ලබා ඇත.කුර්දි මූලාශ්‍ර පැවසුවේ ඔවුන් යුද ටැංකි නාශක නියාමක මිසයිලයක් යොදාගෙන තුර්කි හමුදා ට්‍රක් රථයක් විනාශ කල බවයි.

පසුගිය දින කිහිපය තුලදී හජින් පොකට්ටුව ආශ්‍රිතව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමග ඇතිවූ ගැටුම්වලදී සැලකියු යුතු සාර්ථකත්වයක් අත් කරගන්නටත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු සමත් විය.එහිදී ඔවුන් අනෙක් පාර්ශ්වය සතු ස්ථාන රැසක බලය අත්පත් කර ගත්හ.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සිය මෙහෙයුම නවතා දැමීම නිසා ඉදිරියේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉරාක දේශසීමාව දක්වා ව්‍යාප්ත වේවි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය බොහෝ කාලයක පටන් හජින් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම නොසලකා හරිමින් සිටියහ.ඊට හේතූ වූයේ මෙම ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමුව හොත් සිරියාව තුල තවදුරටත් සිය හමුදා රදවා තැබීමට නිදහසට කරුණක් ලෙස ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන්න වොෂින්ටනයට භාවිතා කල නොහැකි වීමයි.දැන් ඔවුන් එහි ප්‍රතිවිපාක අත්විදිමින් සිටියි.

ගිනිකොණදිග සිරියාවේ අල්-සාෆා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටනේදී සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් 33ක් මියගිය බව ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් අමාක් පුවත් සේවය පැවසීය.මෙම වාර්තාව සම්බන්ධව රජයට පක්ෂපාතී මූලාශ්‍ර තවමත් අදහස් දක්වා නොමැත.මෙම සතිය තුල අල්-සාෆා හිදී සිරියානු අරාබි හමුදාවේ දෙවන අසාර්ථක ප්‍රහාරයයි.

අල්-සාෆා හි සිරියානු අරාබි හමුදාව අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ දක්ෂතම බලකායන් හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලුව අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් පාලනය කරන ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය ආසන්නයේ ස්ථානගත කර තිබීමයි.ඒ නිසා අල්-සාෆා හි සිටින්නේ සීමා සහිත හමුදාවක් පමණි.ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම්වලට බාධා කිරීම හැර ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලය මුලුමනින්ම බිද හෙළීමේ හැකියාවක් ඒ කුඩා හමුදාව සතුව නොමැත.


එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කිරීම සම්බන්ධව සිරියානු සෙබලුන්ට රුසියානු විශේෂඥයින් විසින් තවමත් පුහුණු ලබා දෙමින් සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසීය.ගුවන් ආරක්ෂක බ්‍රිගේඩ් හි ඉහළ මට්ටමේ අණදෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරමින් ගුවන් ඉලක්ක 500ක් දක්වා හැසිරවිය හැකි "පොලියානා-ඩී4එම්" නම් ස්වයංක්‍රීය අණදෙන සහ පාලන පද්ධතියක් රුසියාව විසින් සිරියානු ගුවන් ආරක්ෂක බලකා වෙත ලබා දී තිබේ.එය සිරියානු හමුදාව වෙනුවෙන් නිර්මාණය කල ගුවන් ආරක්ෂක ජාලය සමග සම්බන්ධ කෙරෙනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 01 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 01 Reviewed by HarshaLulzSec on November 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.