කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි

November 29, 2018
black-sea-crisis-russia-deploys-anti-ship-missiles-ukraine-says-russian-warplane-attacks-its-ships/
රුසියාව නොවැම්බර් මස 27දා කර්ච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ "බල් - Bal" නම් වෙරළාශ්‍රිත මිසයිල පද්ධති ස්ථාපනය කරන්නට පටන් ගත්තේය.මෙම ක්‍රියා මාර්ගයට හේතු වූයේ නොවැම්බර් මස 25දා යුක්‍රේනයේ ගුර්සා පන්තියේ සන්නද්ධ බෝට්ටු දෙකක් සහ ටග් යාත්‍රාවක් රුසියාවට අයත් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්වීමත් සමග ඔවුන් සහ රුසියානු වෙරළාරක්ෂක හමුදාවත් අතර ඇති වූ ගැටුමයි.

 Bal මිසයිල පද්ධති රැගත් රථ පෙළ කර්ච් නගරයට දෙසට ගමන් කරන අයුරු


බල් වෙරළාශ්‍රිත මිසයිල පද්ධතියක මිසයිල දියත් කරන රථයක කේ එච්-35 වර්ගයේ නෞකා නාශක කෲස් මිසයිල 8ක් අඩංගු වේ.මෙම මිසයිලයක කිලෝ ග්‍රෑම් 145ක පුපුරණද්‍රව්‍ය ඇතුලත්ය.කේ එච්-35 මිසයිලය ප්‍රහාරක පරාසය කිලෝ මීටර් 130-260 අතර වේ.මිසයිල මොඩලයේ සංස්කරණය අනුව මෙම දුර ප්‍රමාණය වෙනස් වේ.මෙම මිසයිලයකට උපරිමව ටොන් 5000 ජල පරිමාවක් විස්ථාපනය කරන නෞකාවක් වුවද විනාශ කල හැකිය.

BAL-E වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය සමග Kh-35E (3M-24E)නෞකා නාශක මිසයිල


 
ජංගම වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ:

  • සමූද්‍ර සන්ධි සහ භෞමික ජල තලයන් පාලනය කිරීමට
  • නාවුක හමුදා කඳවුරු,අනෙකුත් වෙරළාශ්‍රිත පිහිටුවීම් සහ යටිතල ව්‍යුහයන් ආරක්ෂා කිරීමට
  • ගොඩබැසීම් සිදු කරන ප්‍රදේශවල මුහුදු තීර ආරක්ෂා කිරීමටය.

දහවල් සහ රාත්‍රී කාලයේ මෙන්ම සතුරු ප්‍රහාර සහ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික උපක්‍රම හමුවේ සහ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ සංග්‍රාමික ක්‍රියාමාර්ග ගැනීමටත්,මිසයිල මුදා හැරීමෙන් පසුව පුර්ණ ස්වයංක්‍රීයව ඉලක්කය කරා ගමන් කිරීමටත් මෙම මිසයිල පද්ධතියට පුලුවනි.

MAZ 7930 චැසිය මත පදනම්ව නිර්මාණය කර තිබෙන Bal-E ජංගම මිසයිල පද්ධතියේ අන්තර්ගතය

1.ස්වබලයෙන් ක්‍රියාත්මක පාලන සහ සන්නිවේදන රථ(C3) දෙකක් දක්වාද

2.Kh-35E (3M-24E) නෞකා නාශක මිසයිල සහිත ස්වබලයෙන් ක්‍රියාත්මක දියත් කිරිමේ රථ හතරක් දක්වාද

3.මිසයිල ප්‍රවාහන සහ නැවත පැටවීම් රථ 4ක් දක්වාද එක් මිසයිල පද්ධතියක් සඳහා යොදා ගත හැකිය.


අත්අඩංගුවට ගත් යුක්‍රේන නාවික හමුදා යාත්‍රා මේ වන විට කර්ච් වරායේ නැංගූරම් ලා තිබේ.රුසියානු රැදවුම් භාරයේ පසුවන බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුලුව යුක්‍රේන නැවියන් 24 දෙනෙකුට එරෙහිව එහිදී අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.මේ දක්වා ඔවුන්ට රුසියානු දේශසීමාව උල්ලංඝනය කිරීම යටතේ චෝදන ගොනු කර තිබේ.
Arrested-Ukrainian-servicemen
අත්අඩංගුවට ගත් යුක්‍රේන නැවියන්

රුසියාව,බෙලරුසියාව සහ ඩිනියෙස්ටර් සමූහාණ්ඩුව(එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගනියි)යන රටවල දේශසීමාවලට මුහුණලා ඇති යුක්‍රේනයේ පළාත් 10කට නොවැම්බර් මස 28 දා සිට යුද නීතිය ක්‍රියාවට නැංවිණි.

රුසියානු වෙරළාරක්ෂක හමුදාව භාරයට පත් වූ යුක්‍රේන නෞකා කර්ච් වරාය වෙත රැගෙන එන අයුරු


යුද නීතියට මුවා වී පොරොෂෙන්කොව් රජය යුක්‍රේනයේ විපක්ෂ දේශපාලනඥයින්,මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් දැවැන්ත මර්ධනයකට ලක් කරාවි යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර බිය පල කරයි.පසුගිය වසර කිහිපය තුලදී විපක්ෂ දේශපාලන සහ සිවිල් ප්‍රජාව මෙන්ම තම රජයට පක්ෂපාතී නොවන මාධ්‍ය මර්ධනය කිරීම සම්බන්ධව වර්තමාන යුක්‍රේන රජය පුළුල් ප්‍රසිද්ධියක් ලබා තිබේ.

ගැටුමක් ඇති කර ගැනීමේ නිරර්ථකත්වය කොතරම්ද යත් බලසම්පන්න යුක්‍රේන නාවික හමුදාවත්,රුසියානු ආක්‍රමණශීලීත්වයත් සම්බන්ධව නවතම ප්‍රබන්ධ කතාවක් සමග යුක්‍රේන සන්නද්ධ හමුදාහි ජෙනරල්වරුන්ගේ  ප්‍රධානී ජෙනරල් වික්ටර් මූෂෙන්කෝ කරලියට පැමිණියේය.ඔහුගේ ප්‍රකාශයට අනුව නොවැම්බර් 25 දා සිදුවීමේදී රුසියානු සුකොයි-30 ෆයිටර් ජෙට් යානයක් යුක්‍රේන නෞකා දෙසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

යුක්‍රේනයේ ගුර්සා පන්තියේ බෝට්ටු සහ ටග් යාත්‍රාව මෙම මිසයිල ප්‍රහාරවලින් බේරුණේ කෙසේද හෝ ප්‍රහාර හමුවේ එකදු නෞකාවක් හෝ ගිලී නොගියේ කෙසේද යන්නට මේ දක්වා පැහැදිලි කිරීමක් නොමැත.




source:southfront.org


කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි Reviewed by HarshaLulzSec on November 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 27

November 28, 2018
Syrian war report  2018-11-27
මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරික්ෂණාගාරයට අනුව ඩීර් එසෝර් පළාතේදී ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් මරා දමන ලද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගණන 739කි.ඔවුන්ගේ වාර්තාවලට අනුව එම කාල සීමාව තුල සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි සටන්කරුවන් 452ක් මිය ගොස් තිබේ.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ඉදිරිපත් කරන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ මරණ ගණන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කාලයෙන් කාලයට ප්‍රකාශ කල වාර්තාවල සඳහන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ජිවිත හානි ප්‍රමාණයට ආසන්නය.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව හජින් නගරය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුවේ සිටින ත්‍රස්තවාදීන් ගණන 1000-2000 අතර වීමයි.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරයේ කියවීම් සත්‍යයක් නම් එම ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අඩක් පමණ මේ වෙද්දී මියගොස් තිබේ. කෙසේවෙතත් ගොඩබිම් මෙහෙයුම්වලදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ලබාගෙන තිබෙන ප්‍රගතිය සලකා බලද්දී ,මෙම ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා සහ සන්ධානයේ ගුවන් ප්‍රහාරක බලය එතරම් කාර්යයක් සිදු කර නැති බව පෙනේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ ඇති හජින් නගරය සහ ඒ අවට ගම්මාන ප්‍රමුඛ කුඩා බිම් කඩ අල්ලා ගැනීමට මේ දක්වා සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අසමත්ව තිබෙන අතර පසුගිය සති කිහිපය තුල ඔවුන්ට යම් භූමි ප්‍රමාණයක බලයද අහිමි විය.


මේ සම්බන්ධව අනුමාන දෙකක් පවතියි

  • මෙම කුඩා බිම් කඩේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගණන 1000-2000 වඩා බොහෝ ඉහළය.
  • සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ඉදිරිපත් කරන ත්‍රස්තවාදීන්ට සිදු වූ ජිවිත හානි ප්‍රමාණය සැබෑ අගයන්ට වඩා අඩුය..

නොවැම්බර් මස 24දා ඇලපෝ නගරයට සටන්කාමීන් විසින් එල්ල කල රසායනික අවි ප්‍රහාරය මුඛ්‍යධාරාවේ මාධ්‍ය දිගින් දිගටම චේතනාන්විතව නොසලකා හරිමින් සිටිති.රජයේ පාලන ප්‍රදේශ වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 107 ක් පමණ ඉලක්ක වී තිබිණි.මෙම ප්‍රහාරයට මුඛ්‍යධාරාවේ මාධ්‍ය දැක්වූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ඔවුන් කටයුතු කරන්නේ පූර්ව - සැලසුමකට අනුව බවයි.මන්ද සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයක මෙම සිදුවීම ඇති වූයේ නම් මේ වෙද්දී සිරියාවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගෙන් අනතුරු ඇඟවීම් මෙන්ම සමහර විට 2017,2018 වර්ෂවල එල්ල වූවාක් මෙන් සිරියානු රජයේ පාලන ප්‍රදේශ මිසයිල ප්‍රහාරවල ඉලක්ක වන්නටද තිබිණි.

Syrian war report map 2018-11-27

වයිට් හෙල්මට් නම් මුදා ගැනීමේ කණ්ඩායමත් සමග එක්ව ඉඩ්ලිබ් සටන්කාමීන් කණ්ඩායම් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි ප්‍රහාර රඟදක්වන්නට සූදානම් වන බවට පසුගිය මාස කිහිපය පුරාවට රුසියාව සහ සිරියාව යන රටවල හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු කලහ.එම ප්‍රහාර වල අරමුණ වූයේ ප්‍රහාරවල වගකීම අෂාඩ් රජය මත පටවා සිරියාවට එරෙහිව නැවත වරක් යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාව එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍යයන්ට ලබා දීමයි.වයඹදිග සිරියාවේ සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශය පුරා විෂ රසයනික ප්‍රවාහනය කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

මෙම මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික ව්‍යාපාරය නිසා එවැනි ව්‍යාජ රසායනික අවි ප්‍රහාරයක ඵලදායීතාවය අඩු විය.කෙසේවෙතත් පෙර සැලසුම් කල මාධ්‍ය ප්‍රචාරණයක් හරහා වාසි ලබා ගැනීමකින් තොරව මෙම රසායනික අවි භාවිතා කිරීමටත්,ඇලපෝ නගරයට පහර දීමටත් සටන්කාමීන්ගේ සමහර කොටස් සූදානමින් පසුවේ.

ඉහත ප්‍රහාරයෙන් පසුව මුඛ්‍යධාරාවේ මාධ්‍ය සංවිධාන මෙන්ම සටන්කාමීන්ට පක්ෂ ප්‍රකාශකයෝ සහ සිරියානු මාධ්‍ය පතුරවා හැරි ප්‍රචාරය වූයේ දුෂ්ඨ අෂාඩ් රජය විසින්ම ඇලපෝ නගරයට රසායනික අවි ප්‍රහාරය එල්ල කර ගත් බවයි.

එම සංස්කරණයට අනුව මෙම ප්‍රහාරය අෂාඩ්ගේ උපායශීලී සැලැස්මේ කොටසක් වන අතර එහි අරමුණ "මධ්‍යස්ථ විපක්ෂය" රසායනික අවි භාවිතා කරන බවට චෝදනා කිරීමත්,ඉඩ්ලිබ් පළාතේ සාමකාමී වාතාවරණය අවුල් කිරීමයි.

මුඛ්‍යධාරාවේ මාධ්‍යවලින් කියවෙන කතාන්දරයේ සාරාංශය මෙසේය:
  • රසායනික අවි ප්‍රහාරයක් සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයේ සිදුවූයේ නම් අෂාඩ් රජය ඊට වගකිවයුතුය.මන්ද රජයට සාම්ප්‍රදායික සටනකින් "මධ්‍යස්ථ කැරලිකරුවන්" පරාජය කල නොහැකි වීමයි.
  • රසායනික අවි ප්‍රහාරයක් රජයේ පාලන ප්‍රදේශයේ සිදු වූයේ නම් ඊට වගකිව යුත්තේද අෂාඩ් රජයයි.මන්ද රජයට සාමකාමී වාතාවරණය අවුල් කිරීමට අවශ්‍යව තිබීමයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 27 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 27 Reviewed by HarshaLulzSec on November 28, 2018 Rating: 5

කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය

November 27, 2018
නොවැම්බර් මස 25දා කලු මුහුදේ ක්‍රිමියාව අවට රුසියාවට අයටත් ප්‍රදේශයට ඇතුල් වූ යුක්‍රේන යුද නෞකා කිහිපයක් වෙත රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් වෙඩි තබා ඇත.

කෙටි වෙඩි හුවමාරුවෙන් පසුව යුක්‍රේන නෞකා දෙකක් ඇදගෙන යමින්ද අනෙක් නෞකාව රුසියානු හමුදාවල ආරක්ෂාව යටතේ රුසියාවට අයත් කර්ච් වරායට ගෙන යන ලදි.යුක්‍රේන පාර්ශ්වය පැවසුවේ ඔවුන්ගේ නැවියන් 6 දෙනෙක් තුවාල ලැබූ බවයි.රුසියාව පාර්ශ්වය කියා සිටියේ තුවාල ලැබූ යුක්‍රේන ජාතිකයෝ ගණන 3ක් බවයි.ඔවුන්ට වෛද්‍යාධාර සැපයූ බවත්,එම පිරිසට ජිවිත අවධානමක් නොමැති බවද රුසියාව පැවසීය.

කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය Reviewed by HarshaLulzSec on November 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 26

November 26, 2018
Syrian war report - 2018-11-26 Aleppo Chemical attack
නොවැම්බර් මස 24දා පස්වරුවේ සටන්කාමීන් රජයේ පාලනය යටතේ තිබෙන ඇලපෝ නගරයේ උතුරු කොටසේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ක්ලෝරීන් වායුව සහිත රොකට් කිහිපයක් එල්ල කලේ යැ‍යි සිරියානු අරාබි පුවත් සේවය වාර්තා කලේය.ප්‍රහාරයට මුහුණ දුන් කාන්තාවන් සහ දරුවන් ඇතුලුව 107ක් පමණ හුස්ම ගැනීමේ අපහසුතාවලට ලක්ව රෝහල් ගත කෙරිණි.

ප්‍රාදේශීය සටන්කාමී කණ්ඩායම්වල රොකට් සහ උණ්ඩ විෂ වායුවලින් සන්නද්ධ කිරීමට ප්‍රංශ සටන්කාමීන් ඉඩ්ලිබ් වෙත පැමිණි බව සානා පුවත් සේවය වාර්තා කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම රසායනික අවි ප්‍රහාරය එල්ල විය.ඔවුන් සිරියාවට ඇතුල් වී තිබෙන්නේ තුර්කි-සිරියා දේශසීමාව හරහාය.

Idlib military situation 2018-11-25

සටන්කාමීන්ගේ ප්‍රහාරයට පළමු ප්‍රතිචාරය වශයෙන් සිරියානු අරාබි හමුදාව බටහිර ඇලපෝ සහ ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සටන්කාමීන්ගේ ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.ඉඩ්ලිබ් පොකට්ටුව යුද මෙහෙයුමක් හරහා මුදා ගන්නට සිරියානු අරාබි හමුදාවට සිදුවන බව මෙම ප්‍රහාරවලින් පෙනෙන්නට තිබේ.

ඊට අමතරව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම අල්-ලටාමිනා දෙසින් උතුරු හමා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහර දෙන්නට උත්සාහ දැරීය.කෙසේවෙතත් සිරියානු අරාබි හමුදාව ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කලේය.
 නොවැම්බර් මස 22දා ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ආයතනය සිරියාවේ ටාර්ටස් වරායේ රුසියානු නෞකාවල චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කලේය.මෙම ඡායාරූප ලබා ගෙන තිබෙන්නේ නොවැම්බර් මස 12දාය.ඒවාහි අද්මිරාල් ග්‍රිගොවිචි-පන්තියේ ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාවක් වන් අද්මිරාල් මකරොව් සහ ඇලිගේටර්-පන්තියේ උභයචර සංග්‍රාමික නෞකාවක් වන නිකොලායි ෆිල්චෙන්කොව් ඇතුලත් වේ.

අද්මිරාල් මකරොව් නෞකාව නොවැම්බර් මස 20දා සිරියාව ආසන්නයේ නාවුක අභ්‍යාසයකට සහභාගි විය.නිකොලායි ෆිල්චෙන්කොව් යනු  සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්ත විරෝධී මෙහෙයුමට අවශ්‍ය යුදෝපකරණ ප්‍රවාහනය කිරීමට සහභාගි වන නෞකාවකි.

Russian Admiral Makarova at Tartus

Russia Nikolai Filchenkov  landing ship at Tartus
2018 වර්ෂය අවසන් වන්නට පෙර වයඹදිග සිරියාවේ ඉතිරිව සිටින සටන්කාමීන් සටන්කාමීන්ට එරෙහිව මහා පරිමාණ යුද මෙහෙයුමක් දියත් කිරීමට සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී හමුදා සූදානම් වෙමින් සිටින බව සිරියානු සහ ලෙබනන මූලාශ්‍ර අනාවරණය කලෝය.පසුගිය කාලයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණය මෙම තීරණයට හේතු වී තිබෙන බව පෙනේ.

SDF battle against ISIS in Hajin

ඩීර් එසෝර් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවේ සාර්ථක යැයි කියන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.යුප්‍රටීස් නිම්නයේ හජින් නගරය අවට සිය ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාර තමන් විසින් ව්‍යර්ථ කල බව එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නොවැම්බර් මස 23දා නිවේදනය කලේය.එක්සත් ජනපද ප්‍රමුඛ සන්ධාන හමුදාවේ යුද ගුවන් යානා ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කර ගුවන් ප්‍රහාර 10ක් පමණ එල්ල කරමින් ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට සහාය ලබා දුන්නේය.කුර්දි මූලාශ්‍රවලට අනුව එහිදී ත්‍රස්තවාදීහු 27 දෙනෙක් මරණයට පත්ව තිබේ.

 සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතට පත් වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අයත් වාහනයක් සහ ඩ්‍රෝන් යානයක්




හජින් සහ අල්-සූසාහ් නගර අතරදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත ප්‍රහාර එල්ල කලේ යැ‍යි ත්‍රස්තවාදී සංවිධානයේ අමාක් නම් පුවත් සේවය නොවැම්බර් මස 24 වෙනිදා වාර්තා කලේය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අණදෙන නිලධාරියෙක් පවසා තිබුණේ ප්‍රහාරවලින් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල සටන්කරුවන් 32ක් මරා දමා එක් හම්වී රථයක් සහ අවි රැසක් අත්පත් කරගත් බවයි.ප්‍රහාර අතරතුර ත්‍රස්තවාදීන් අල්-බරාහ් නගරයේ විශාල ප්‍රදේශයක බලය අල්ලා ගන්නට සමත් වූ බව සිරියානු පුවත් වාර්තා සඳහන් කර තිබිණි.මේ සියල්ල නොසලකා හරිමින් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි මාධ්‍ය මධ්‍යස්ථාන කියා සිටියේ සියල්ල තම පාලනය යටතේ ඇති බවත් හජින් නගරය අවට සියල්ල තම කැමැත්ත පරිදි සිදුවන බවත්ය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 26 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 26 Reviewed by HarshaLulzSec on November 26, 2018 Rating: 5

මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව

November 25, 2018
Special Operators Fly Across Moscow Skyline On Tactical Platform Slung Below Mi-8 Helo
රුසියානු එම් අයි-8 හෙලිකොප්ටරයකට සවි කල අටපට්ටම් හැඩය සහිත දැලක් වැනි උපකරණයක සිට ගෙන යන මිනිසුන් පිරිසකගේ ඡායාරූප සහ විඩියෝ පසුගිය සිකුරාදා දිනයේදී රුසියාවෙන් මතුවන්නට විය.මෙම හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටරයක් ක්‍රෙම්ලිනයේ එලිමහන් බිමකට ගොඩ බස්සවන අයුරු විඩියෝවල දැකගත හැකිවිය.එසේ වුවත් හෙලිකොප්ටර් යනු මොස්කව් නගරය අමුත්තෙක් නොවේ.විශේෂයෙන් හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට නිර්මාණය කල විශාල වේදිකාවලින් සමන්විත ක්‍රෙම්ලිනය ආසන්නයේ ජනපති පුටීන්ගේ  Mi-8MTI හෙලිකොප්ටර් යානා නිතර දැක ගැනීමට පුලුවනි.නමුත් ඒවා ඉහත ආකාරයේ පිටතින් සවි කල වේදිකාවල මිනිසුන් රැගෙන යනවා මීට පෙර වාර්තා වී නැත.සැබවින්ම මොස්කව් වාසීන් දුටුවේ එරට ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් බලකා,AirTEP(Airborne Tactical Extraction Platform-වාසර උපායමාර්ගික නිශ්කර්ශන වේදිකාව) නම් කෙටි නමින් හඳුන්වන උපාංගය යොදාගෙන සිදු කල පුහුණු අභ්‍යාසයකි.
මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5

මධ්‍යම අප්‍රිකාවේ රුසියානු හමුදා උපදේශකයෝ

November 25, 2018
Russian Military contractors in CAR
රුසියානු හමුදා උපදේශකයන් විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හමුදා පුහුණු කිරීම් සිදු කරන භූමියකට ඇතුල් වන්නට අල් ජසීරා පුවත් සේවයට හැකිව තිබේ.රුසියාව සිය උපදේශකයෝ මධ්‍යම අප්‍රිකානු ජනරජයට පිටත් කර හරිනු ලැබුවේ එරට ජනපති ෆස්ටින්-ආකේන්ජ් ටුවඩේරාගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ අවසරයත් ඇතිවයි.
මධ්‍යම අප්‍රිකාවේ රුසියානු හමුදා උපදේශකයෝ මධ්‍යම අප්‍රිකාවේ රුසියානු හමුදා උපදේශකයෝ Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5

ජමාල් කෂොගිගේ ඝාතකයා සහ ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශය

November 25, 2018
TRUMP RELEASES OFFICIAL STATEMENT ON KHASHOGGI MURDER
ඔක්තෝම්බර් මස 2දා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි තානාපති කාර්යාලයේදී ජමාල් කෂොගි නම් සෞදි රජය විවේචනය කල මාධ්‍යවේදියා ඝාතනයට ලක් විය.බොහෝ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි ඔහුගේ ඝාතකයා සම්බන්ධව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය නොවැම්බර් මස 20දා නිකුත් කරනු ලැබීය.
ජමාල් කෂොගිගේ ඝාතකයා සහ ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශය ජමාල් කෂොගිගේ ඝාතකයා සහ ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශය Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5

සිරියාව:කැරලිකරුවන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්

November 25, 2018
2018 නොවැම්බර් මස 24දා රාත්‍රියේදී සටන්කාමීන් කණ්ඩායමක් ක්ලෝරීන් වායුව අඩංගු රොකට් කිහිපයක් ඇලපෝ නගරයේ උතුරු ප්‍රදේශය වෙත එල්ල කලේ යැයි සිරියානු අරාබි පුවත් සේවය වාර්තා කලේය.

රොකට් ප්‍රහාරවල ඉල්ලක  වූයේ අල්-කලිඩියා සහ අල්-නීල් නම් විදි දෙකයි.සානා පුවත් සේවයට අනුව රසායනික අවි ප්‍රහාරයට ගොදුරු වූ පිරිස 75 දෙනෙකි.ඉන් 14 දෙනෙක් පමණ දරුවන්ය.ඔවුන් ඇලපෝ විශ්ව විද්‍යාල රෝහලට සහ අල්-රෙයිසි රෝහලට ඇතුලත් කර තිබේ.
සිරියාව:කැරලිකරුවන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක් සිරියාව:කැරලිකරුවන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක් Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 23

November 24, 2018
SDF repeled ISIS attack
නොවැම්බර් මස 22දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු ඩීර් එසෝර් පළාතේ අල්-ටනක් තෙල් නිධිය අවට සිටින ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ස්ථාන වෙත කඩා වැදිණි.වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය ආරම්භ වන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිත පුපුරණ ද්‍රව්‍ය ඇට වූ රථ දෙකක් ඉදිරි ආරක්ෂක වළලු බිදගෙන ඒමට දැරූ උත්සාහයක් සමගයි.ඉන්පසුව ත්‍රස්තවාදීන් සිය පාබල හමුදා යොදාගෙන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවේ පළමු ආරක්ෂක වළල්ල බිදීම ආරම්භ කලහ.කෙසේවෙතත් ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තියත් සමග ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ගමන අඩාල කරන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.
සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 23 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 23 Reviewed by HarshaLulzSec on November 24, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 22

November 23, 2018
Turkey army fighting against own proxies in syria
අල්-සාෆා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙ මුදා ගැනීමෙන් පසු,සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා දැන් සිය ත්‍රස්ත-විරෝධී මෙහෙයුම් හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරය දක්වා පුළුල් කිරීමට සූදානම් වේ.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව මෙම කාන්තාරයේ දැනට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 1000 ක පමණ පිරිසක් සැඟව සිටිති.ඔවුන්ගෙන් 500ක් පමණ දෙනා අල්-සාෆා හි සිට හෝම්ස් පොකට්ටුවට පලා ගිය අයයි.

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 22 සිරියානු යුද වාර්තාව -  2018 නොවැම්බර් 22 Reviewed by HarshaLulzSec on November 23, 2018 Rating: 5

තුර්කි හමුදාවේ සටන්කාමීන් දඩයම සහ ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය

November 22, 2018
නොවැම්බර් මස 18-20 කාල සීමාව තුල අෆ්රින් අවට තමන්ගේ ප්‍රොක්සි හමුදාවන්ට එරෙහිව තුර්කි සන්නද්ධ හමුදා යුද මෙහෙයුමක් දියත් කරන ලදි.එහිදී තුර්කි සන්නද්ධ හමුදා අරාර් අල්-ෂාර්කියාහ් සහ එහි මිත්‍ර කණ්ඩායම්වල පහර දී ඒවාහි සාමාජිකයෝ 200 දෙනෙකු පමණ අර්ධ වශයෙන් නිරායුද කරන ලදි.මෙම මෙහෙයුමට තුර්කි පාර්ශවයෙන් සහභාගී වූයේ හම්සා සේනාංකය,සුල්තාන් මියුරාඩ් සේනාංකය,අල්-ෂාම් බල ඇණිය සහ 3 වන බල ඇණියයි.ගැටුම් වලින් සටන්කාමීන් 25 දෙනෙක් වත් මිය යන්නට ඇතැයි වාර්තා වේ.
තුර්කි හමුදාවේ සටන්කාමීන් දඩයම සහ ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය තුර්කි හමුදාවේ සටන්කාමීන් දඩයම සහ ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය Reviewed by HarshaLulzSec on November 22, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 19

November 21, 2018
SAA liberated al-safa
ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළලු බිද වැටීමත් සමග නොවැම්බර් මස 17 දා අල්-සාෆා හි බලය තහවුරු කරන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් විය.පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පවුරු සහ තිප්පොලවල් බොහොමයක් විනාශ විය.ඉතිරි වූ ත්‍රස්තවාදීන් පිරිස නැගෙනහිර හෝම්ස් හි කාන්තාරය දෙසට පළා ගියහ.සිරියානු අරාබි හමුදාව සැලකිය යුතු ප්‍රදේශයක බලය තහවුරු කරගත් බවත්,ප්‍රදේශය අවට උස් බිම්වල බලයද හමුදාව අතට පත් බවත් සිරියාවේ සානා පුවත් සේවය තහවුරු කලේය.

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 19 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 19 Reviewed by HarshaLulzSec on November 21, 2018 Rating: 5

වසර 39කට පෙර - ඉරාන ප්‍රාණ ඇපකරු අර්බුදය

November 21, 2018
1979 වර්ෂයේදී ඉරාන සිසුන් පිරිසක් ටෙහෙරාන් නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදී එහි සිටි රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ඇමෙරිකානුවන් ප්‍රාණඇපයට ගැනීමත් සමග එක්සත් ජනපදයත් ඉරානයත් අතර රාජ්‍යතාන්ත්‍රික සබදතාවලට තිත තැබිණි.මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා හරින ලද්දේ 1981 වර්ෂයේදීය.

දින 444ක් තානාපති කාර්යාලය තුල රදවා ගෙන සිටි ඇමෙරිකානුන් සියලු දෙනා නිදහස් වූයේ ඇල්ජීරියාවේ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුවයි.1979 නොවැම්බර් මාසයේදී ජනපති ජිමී කාටර් නියෝගයක් පනවමින් ඇමෙරිකා තුල වූ ඉරාන වත්කම් රාජ්‍යසන්තක කල අතර ඉරානයට සම්බාධක පැනවීය.

වසර 39කට පෙර - ඉරාන ප්‍රාණ ඇපකරු අර්බුදය වසර 39කට පෙර - ඉරාන ප්‍රාණ ඇපකරු අර්බුදය Reviewed by HarshaLulzSec on November 21, 2018 Rating: 5

ඊශ්‍රායලයේ දුර්වලත්වය අනාවරණය කල ගාසා තීරය සමග කෙටි සංග්‍රාමය

November 20, 2018
Israeli special force gaza raid 2018
නොවැම්බර් මස දෙවන සතියේදී ගාසා තීරයත්,ඊශ්‍රායලයත් සටන් විරාමයකට එකඟ විය.
සටන් විරාමය ඊජිප්තුවේ මැදිහත් වීමත් යටතේ සැලසුම් කෙරෙනු අතර,කටාර් රාජ්‍යයෙන් ලැබුණු මූල්‍යම ආධාරය ගාසා තීරයට මහත් සහනයක් මෙන්ම අත්‍යාවශ්‍ය උදව්වක් විය.මේ සමග දේශසීමාවේ ඊශ්‍රායල පාර්ශ්වය නැවත යථාතත්ත්වයට පත් විය.මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ තවත් යුද්ධයක් ඇති වීම වැළකී ගියේය.
2018 නොවැම්බර් මස 11 දා රාත්‍රියේදී ඊශ්‍රායල විශේෂ බලකා කණ්ඩායමක් සටන් විරාමය කඩකරමින් ගාසා තීරයට කඩා වැදුනේ ඉතා වෙස් වළාගෙනය.මෙවැනි රහසිගත මෙහෙයුම් නිරන්තරයෙන් සිදු වුවද සාමාන්‍යයෙන් ඒවා මුඛ්‍යධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ නැති තරම්ය.මෙම විශේෂ බලකා කණ්ඩායම ඔවුන්ගේ මෝටර් රථයෙන්,කසාම් බ්‍රිගේඩය නම් හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රාදේශීය නායකයෙකුගේ නිවසට පැමිණ තිබේ.එහිදී ඔහුගේ ආරක්ෂකයෝ ඔවුන්ව වළක්වන්නට උත්සාහ ගත් අතර,පසුව දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදු විය.ගැටුමේදී පලස්තීනුවන් 7 දෙනෙක් සහ එක් ඊශ්‍රායල නිලධාරියෙක් මරණයට පත් විය.ඊශ්‍රායලයේ මෙම රහස් මෙහෙයුමේ සැබෑ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැත.ඔත්තු බැලීමට යොදා ගත්තා යැයි සිතිය හැකි මෝටර් රථය අතහැර දමා ගොස් තිබිණි.හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ විශේෂ බලකා කණ්ඩායම හෙලිකොප්ටරයක සහායෙන් ඊශ්‍රායලයට පළා ගියහ.පලා යෑමට පෙර ඊශ්‍රායල සෙබලුන් තමන් භාවිතා කල මෝටර් රථයද විනාශ කරන ලදි.

ඊශ්‍රායලයේ දුර්වලත්වය අනාවරණය කල ගාසා තීරය සමග කෙටි සංග්‍රාමය ඊශ්‍රායලයේ දුර්වලත්වය අනාවරණය කල ගාසා තීරය සමග කෙටි සංග්‍රාමය Reviewed by HarshaLulzSec on November 20, 2018 Rating: 5

සිරියාවෙන් මතුවන යුදෝපකරණ

November 19, 2018
නොවැම්බර් මස 17දා,සිරියානු අරාබි හමුදාව සිරියානු අගනුවර වන ඩැමැස්කස් නගරයට දකුණින් වූ බබිලා සහ යාල්ඩා දිස්ත්‍රික්ක වල සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුර අවි තොගයක් සොයා ගන්නට සමත් විය.

"ඉඩ්ලිබ් වෙත පසුබැස ගිය ත්‍රස්තවාදීන් රැදී සිටි ප්‍රදේශයක තිබී විවිධ යුදෝපකරණ සොයා ගන්නට අපිට හැකි වුනා.මේවා පසුකාලීනව යළිත් ලබා ගන්නට ත්‍රස්තවාදීන් සැලසුමක් කර තිබුණා." යනුවෙන් හමුදා නිලධාරියෙක් සානා පුවත් සේවයට පවසා තිබිණි.
සිරියාවෙන් මතුවන යුදෝපකරණ සිරියාවෙන් මතුවන යුදෝපකරණ Reviewed by HarshaLulzSec on November 19, 2018 Rating: 5

ලිබියාවේ යුදමය වාතාවරණය - 2018 නොවැම්බර් 18

November 19, 2018
 2018 ඔක්තෝම්බර් 28

ලිබියානු ජාතික හමුදාව සිය විශේෂ බලකා එරට දකුණුදිග ප්‍රදේශයට යැවූ බව වාර්තාවේ.ලැබී තිබෙන තොරතුරුවලට අනුව ලිබියාව සහ චැඩ් රාජ්‍යයන්ගේ දේශසීමාව ආශ්‍රිතව ක්‍රියාත්මක ත්‍රස්තවාදී තිප්පොලවල් විනාශ කිරීම මෙහෙයුමක් සඳහා විශේෂ බලකා සහභාගී වනු ඇත.

ලිබියානු ජාතික හමුදාවේ ඒකක දැනටමත් චැට්-ලිබියා දේශ සීමාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනයට නතු හුදකලා ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි වාර්තාවලින් කියවේ.හමුදා කණ්ඩායම් එක් රැස් කරන්නේ එම ප්‍රදේශ වෙත ආක්‍රමණයක් දියත් කිරීමේ අරමුණින්ය.

දේශසීමාව ආශ්‍රිතව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලදී සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ලිබියානු ජාතික හමුදාවේ නායකත්වය චැඩ් සහ නයිජර් රාජ්‍යයන් සමග එකඟතාවයකට පැමිණි බව ඔක්තෝම්බර් මාසයේදි වාර්තා විය.

MILITARY SITUATION IN LIBYA ON NOVEMBER 03 map



2018 නොවැම්බර් මස 03

ඔක්තෝම්බර් මාසයේදී ලිබියාවේ ගැටුම් වලින් සිවිල් වැසියන් 8 දෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලැබූ බව උතුරු අප්‍රිකාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සභාව නොවැම්බර් මස 2දා සඳහන් කර තිබිණි.මෙම ජීවිත හානි සහ තුවාල ලැබීම්වලට හේතු වී තිබෙන්නේ වෙඩි තැබීම් සහ පුපුරණද්‍රව්‍යයි.

ප්‍රාදේශීය මූලාශ්‍ර මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්පුර්ණ ලිබියාවම ආවරණය කිරීමට ඇති නොහැකියාව නිසා රට පුරා සියලු සිදුවීම් ඔවුන්ගේ වාර්තාවලට ඇතුල් නොවන බව පවසයි.සති කිහිපයකට පෙර බටහිර සහාය ලබන සටන්කාමී කණ්ඩායම් ට්‍රිපොලි හිදී එකිනෙකා සමග ගැටුම් ඇති කර ගත් අතර එම සිදුවීම්වල ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ වාර්තාවේ ඇතුල්ව නැතැයි ප්‍රාදේශී මූලාශ්‍ර චෝදනා කරයි.

ලිබියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටා තිබෙන ඩර්නා පැරණි නගරයේ සිට මෙහෙයුම් සිදු කරන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම්වල තිප්පොලවල් මුලිනුපුටා දැමීම සඳහා ලිබියානු ජාතික හමුදාව මෙහෙයුමක් ආරම්භ කරන ලදි.වර්ග කිලෝමීටර් 200 ක් පමණ විශාලත්වයකින් යුතු මෙම කොටස ලිබියානු ජාතික හමුදාවේ පාලනය යටතේ නොමැත.
 
මෙම වර්ෂයේ මුල් සමයේදී ලිබියානු ජාතික හමුදාව ඩර්නා නගරයේ බලය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමී කණ්ඩායම්වල සන්ධානයේ පාලනයෙන් මුදා ගත් නමුත් මේ දක්වා නගරයේ තත්ත්වය ව්‍යාකූලය.

MILITARY SITUATION IN LIBYA ON NOVEMBER 03 map



2018 නොවැම්බර් 08

 ලිබියානු ජාතික හමුදාවේ ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් කලීෆා බෙල්කාසිම් හාෆ්ටර් සහ තවත් හමුදා ප්‍රධානීන් පිරිසක් නොවැම්බර් මස 7දා රුසියාවේ මොස්කව් නගරයේදී එරට ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂෙයිගු ඇතුලු රුසියානු හමුදාවේ ප්‍රධානීන් පිරිසක් හමුවිය.

Field Marshal Khalifa Belqasim Haftar visited Moscow
 ෆීල්ඩ් මාර්ෂල් කලීෆා බෙල්කාසිම් හාෆ්ටර් සහ සර්ගෙයි ෂෙයිගු

මෙහිදී ඔවුන්ගේ සාකච්ඡාවට භාජනය වූයේ ලිබියාවේ වර්තාමන තත්ත්වය,අර්බුදය විසඳා ගත හැකි මාර්ගයක් සහ ත්‍රස්තවාදයට එරෙහි සටන සම්බන්ධවයි.

Field Marshal Khalifa Belqasim Haftar visited Moscow

හාෆ්ටර්ගේ මොස්කව් සංචාරය සිදුවූයේ ලිබියානු ජාතික හමුදාවේ සහාය පිණිස රුසියාව ලිබියානු අර්බුදයට මැදිහත් වීමට යන්නේ යැයි මුඛ්‍යධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා ගණනාවක් පළවූ සමයකයි.ලිබියාවට මහා පරිමාණ මට්ටමේ රුසියානු හමුදා මැදිහත් වීමක් සිදුවීමට හැකියාවක් නොමැති වුවද ලිබියාව ස්ථාවර කිරීමට ලිබියානු ජාතික හමුදාව ගන්නා උත්සාහයට මොස්කව් රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහාය ලබා දේවි යැ‍යි අනුමාන කල හැකිය.

Field Marshal Khalifa Belqasim Haftar visited Moscow

Field Marshal Khalifa Belqasim Haftar visited Moscow

Field Marshal Khalifa Belqasim Haftar visited Moscow



2018 නොවැම්බර් 18

පසුගිය දින කිහිපය තුල ලිබියාව තුල යුදමය වාතාවරණය සම්බන්ධව සාමාන්‍යය අවබෝධයක් පහත සිතියමෙන් ලබා ගත හැකිය.

MILITARY SITUATION IN LIBYA ON NOVEMBER 18 Map



source:southfront.org


ලිබියාවේ යුදමය වාතාවරණය - 2018 නොවැම්බර් 18 ලිබියාවේ යුදමය වාතාවරණය - 2018 නොවැම්බර් 18 Reviewed by HarshaLulzSec on November 19, 2018 Rating: 5

බහරේන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රදර්ශනය

November 18, 2018
බහරේන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රදර්ශනය යනු අතිශය බලගතු සහ නමක් දිනාගත් ගුවන් සේවා ඉසව්වක් මෙන්ම මැදපෙරදිග විශාලතම ප්‍රදර්ශනයකි.2010 වර්ෂයේදී ආරම්භ කල මෙය  2018 වසරේදී පවත්වන්නේ 5 වන වරටයි.ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සකීර් ගුවන් හමුදා කඳවුරු භූමියේය.ප්‍රදර්ශන නොවැම්බර් මස 14 දා සිට 16 වනදා දක්වා පැවැත්විණි.එහිදී දෛනිකව ගුවන් ගමන් ආදර්ශනය සඳහා පැය 4ක කාලයක් වෙන් කර තිබිණි.

මෙවර ඉසව්වට රටවල් 19 නියෝජනය කරමින් යුද ගුවන් යානා 33ක් සහ රටවල් 35 නියෝජනය කරමින් සිවිල් ගුවන් යානා 20ක් සහභාගි විය.ප්‍රදර්ශනයේදී කැමරා ඇසට හසුවූ දර්ශන කිහිපයක් පහත දැක්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆර්සන් ගුවන් සංදර්ශන කණ්ඩායමේ නියමුවන් පුහුණු කරන Aermacchi MB-339 ගුවන් යානා සිය දස්කම් දක්වමින්




ඉතාලි ගුවන් හමුදාවේ Frecce Tricolori ගුවන් සංදර්ශන කණ්ඩායමට අයත් Aermacchi MB-339 ගුවන් යානයක්




ඉතාලි ගුවන් හමුදාවේ Frecce Tricolori ගුවන් සංදර්ශන කණ්ඩායමේ Aermacchi MB-339 ජෙට් යානා




බ්‍රිතාන්‍යයේ ග්ලෝබල් ස්ටාර්ස් ගුවන් සංදර්ශන කණ්ඩායමේ යානයක්




බෙල් බොයින් වී-22 ඔස්ප්‍රේ යානයක් ප්‍රදර්ශන භූමියට ඉහළින් පියාසර කරමින්




සිකොර්ස්කි යූ එච්-60 බ්ලැක් හොක් හෙලිකොප්ටර් යානයක්




රුසියාවේ යමාල් ගුවන් සේවය සතු සුකොයි සුපර් ජෙට් 100 සිවිල් ගුවන් යානයක් 




රුසියාවේ රුසියන් නයිට්ස් ගුවන් සංදර්ශන කණ්ඩායම සතු සුකොයි-30 එස් එම් ෆයිටර් ජෙට් යානා



 
බහරේන් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිය හැකියාවන් පෙන්වූ එරට සාම්ප්‍රදායික ඇදුමෙන් සැරසුණු වාද්‍ය වෘන්දයක්




යුරෝෆයිටර් ටයිපූන් බහුකාර්යය ෆයිටර් ජෙට් යානය




බහරේනයේ අබ්දුල්ලා බින් හමාඩ් බින් ඊසා කුමරු ප්‍රදර්ශන භූමියේ සංචාරය කරමින්




Embraer Phenom 100 නම් සැහැල්ලු මගී ජෙට් යානය




ඇමෙරිකානු සෙබලෙක් සහ සෙබලියක් මැක්ඩොනෙල් ඩග්ලස් එෆ්-15 ඊගල් ජෙට් ෆයිටර් යානයක මත සිටින අයුරු




බ්‍රිතාන්‍යයේ හැරියර් ජම්ප් ජෙට් යානයක්




ඇමෙරිකානු ලොක්හීඩ් සී-130 හමුදා ප්‍රවාහන ගුවන් යානයක්




source:tass.com


බහරේන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රදර්ශනය බහරේන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රදර්ශනය Reviewed by HarshaLulzSec on November 18, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 16

November 18, 2018
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය නිර්මාණය කර සිරියාව,ඉරාකය ඇතුලු මැදපෙරදිග කලාපය අවුල් ජාලයක් කිරීමේ සිරියානු ජනපති බෂාර් අල්-ෂාඩ්ගේ දුෂ්ඨ සැලැස්මක් සිරියාවේ ඇමෙරිකානු තානාපති වන ජේම්ස් ජෙෆ් රි නොවැම්බර් මස 15දා හෙලි කලේය.

"2013,2014 සමයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ නැගී සිටිමට විශාල දායකත්වයක් දුන් සිරියානු රජය සහ සිරියාව තුල ඉරානයේ කාර්යයභාර්යය වෙනස් කරන තෙක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ස්ථිරවම පරාජය කරන්නට බැරි බව අපි සිතනවා" යනුවෙන් ජෙෆ්රි සිය මාධ්‍ය හමුවේදී පැවසීය.

"සිරියානු රජය විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය නිර්මාණය කලේය" යැ‍යි ඔහු කියා සිටියේ ඩැමැස්කස් රජයේ ක්‍රියා මාර්ග හේතුවෙන් එම ත්‍රස්තවාදී සංවිධානය වර්ධනය වූ බවට චෝදනා කරමින්ය.

අෂාඩ් රජයට එරෙහි ප්‍රධාන විරුද්ධවාදී හමුදා වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අල්කයිඩා ත්‍රස්තවාදීන් සිරියාව තුල මතුවීම සිරියානු විපක්ෂය විසින් පැහැදිලි කල පැරණි මාදිලියේ ප්‍රචාරණ විධිය ජෙෆ් රි විසින් නැවත සොයාගෙන තිබෙන බව මෙම ප්‍රකාශනයෙන් පැහැදිලිවේ.බටහිර සහාය ලබන සිරියානු විපක්ෂයේ මාධ්‍ය ඉන්පසුව කියා සිටියේ අන්තර්ජාතිකව පිළිගත් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රධාන ප්‍රතිපක්ෂය බවට පත් කිරීම සම්බන්ධව අෂාඩ් රජය වැරදිකරුවෙක් බවයි.

2018 වසරේදී,සිරියාව තුල තවදුරටත් රැදී සිටීම සාධාරණීකරණය සඳහා මෙම කතාන්දරය වොෂින්ටන් රජයට වැදගත් හේතුවක් ලෙස හුවා දැක්විය හැකිය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සතු සිරියාවේ අවසන් බලකොටුව වන හජින් පොකට්ටුව අල්ලා ගැනීම සඳහා වූ සටනේදී එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධාන හමුදා සැලකියයුතු සහායක් ලබා දෙන්නේය.නමුත් මේ දක්වා ත්‍රස්තවාදීන්ට සැලකිය යුතු හානියක් කරන්නට ඔවුන්ට හැකියාව ලැබී නැත.කෙසේවෙතත් මාස ගණනාවක් තිස්සේ සිදු කරන මෙහෙයුම හරහා හජින් පොකට්ටුවේ ත්‍රස්තවාදීන් පරාජය කරන්නට සැබෑ උත්සාහයක් නොගන්නේ ත්‍රස්තවාදී තර්ජනය අවසන් වූ පසු සිය හමුදා සිරියාව තුල රදවා තැබීමට සාධාරණ හේතුවක් සොයා ගත නොහැකි වීම නිසාවෙනි.

සිරියාව තුල ඇමෙරිකානු හමුදා තර කිරීමේ සැබෑ අරමුණු වන්නේ කලාපය තුල රුසියානු බලපෑම සීමා කිරීමත්,ඊශ්‍රායලය කලාපය තුල ඉරානයට එරෙහිව දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන සතුරු ආකල්පවලට සහාය ලබාදීමයි.

ඒ අතරතුර අල්-සාෆා හි ඉස්ලමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් විනාශ කිරීමට සිරියානු අරාබි හමුදා ආරම්භ කල මෙහෙයුම තාවකාලිකව නවතා දමා තිබේ.ඒ ප්‍රදේශයට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

අල්-සාෆා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම අවසන් කිරීම සඳහා වූ අලුත්ම මෙහෙයුම ආරම්භ කලේ නොවැම්බර් මස 11දාය.එතැන් පටන් සිරියානු අරාබි හමුදාව ත්‍රස්තවාදීන්ගේ පාලනය ප්‍රදේශයේ කි.මී. කිහිපයක් ඇතුලතට ගමන් කර ස්ථාන කිහිපයක බලය අල්ලා ගත්හ.කාලගුණය යහපත් වූ වහා සිරියානු අරාබි හමුදා යළිත් මෙහෙයුම ආරම්භ කරාවි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ වැඩිම වාර ගණනක් සටන් විරාමය උල්ලංඝනය කල ප්‍රදේශයේ ලෙස උතුරු දිග හමා වාර්තා ගත වී තිබේ.ජයිස් අල්-ඊසා සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් තවත් වරක් අල්-ලටාමිනා සහ අල්-සැකාට් යන දිශාවලින් සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහර දුන්හ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 16 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 16 Reviewed by HarshaLulzSec on November 18, 2018 Rating: 5

චීන ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය 2018- විශේෂ අවස්ථා

November 18, 2018
airshow-china-highlights-photo
චීන අන්තර්ජාතික ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය එනම් චීන ගුවන් ප්‍රදර්ශනය නොවැම්බර් මස 6දා චීනයේ ගුවන්ඩොන්ග් හි සුහායි නගරයේදී ආරම්භ විය.මෙවර ගුවන් ප්‍රදර්ශනය සඳහා ඇතුලත් වූ සුවිශේෂී ගුවන් යානයක් වන්නේ චීනයේ කොමැක් සහ රුසියානු එක්සත් ගුවන් යානා සමාගම් ඒකාබද්ධව සංවර්ධනය කල ද්විත්ව එන්ජින් සහිත දිගු දුර පියාසර හැකියාවක් සහිත සිවිල් ගුවන් යානයයි.මෙම යානය වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ බොයින් සහ එයාර්බස් සමාගම්වල වෙළඳපොළ ඒකාධිකාරයට අභියෝග කිරීමයි.

මෙම ප්‍රදර්ශනය නොවැම්බර් මස 6 දින ආරම්භ වී නොවැම්බර් මස 11දා දක්වා පැවැත්විණි.පහත දැක්වෙන්නේ එම ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.


12 වන වරට පැවැත් වුන චීන ජාත්‍යන්තර ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය නොවැම්බර් මස 8දා සුහායි නගරයේදී ආරම්භ විය.




චීනය සහ රුසියාවේ ඒකාබද්ධ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ CR929 මගී ගුවන් යානයේ ඇතුලත.




මෙවර ප්‍රදර්ශනයට සඳහා ස්වදේශීය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තිබිණි.




ප්‍රදර්ශන භූමියට ඉහළ අහසේ ජේ-10 ෆයිටර් ජෙට් යානා ගුවන් සංදර්ශනයක නිරත වන අයුරු




ඉහළ උන්නතාංශ,දිගු දුර පියාසර හැකියාවක් සහිත CH-7 නම් ස්ටෙල්ත් තාක්ෂණයෙන් සන්නද්ධ ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානය ප්‍රදර්ශනය භූමිය තුල දැක ගත හැකි විය.




ජේ-10බී ෆයිටර් ජෙට් යානයක් ගුවනේ සිය දස්කම් පෙන්වන අයුරු




චීනයේ නිෂ්පාදිත A-Hawk II ඩ්‍රෝන් යානයක් ප්‍රදර්ශන භූමියේ දැකගත හැකිවිය.




BLOWFISH A2 නම් ඩ්‍රෝන් හෙලිකොප්ටර් යානය 12 වන චීන ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය තුල දක්නට ලැබිණි.




චීනය සතු විශාලතම හමුදා ප්‍රවාහන ගුවන් යානය  වන වයි-20 යානයක් ප්‍රදර්ශන භූමියට ඉහළින් පියාසර කල අයුරු




චීනයේ AVIC සමාගම නිෂ්පාදනය කල වසාර මිසයිල සහ බෝම්බ නිරීක්ෂණය කරන නරඹන්නන්




ජේ-10 ෆයිටර් ජෙට් යානා සිය දස්කම් පෙන්වමින්




CR929 මගී ප්‍රවාහන ගුවන් යානයේ නියමු කුටිය.යානය ආසන 280 කින් සමන්විත වන අතර ඊට කි.මී.12,000 දුර පියාසර කල හැකිය.




චීනයේ ගුවන්-අභ්‍යාවකාශ විද්‍යා සහ තාක්ෂණික සමාගම නිපද වූ රොකට් මොඩලයන් 




චීනය විසින් නිපදවන ලද පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වීමේ මිනිසුන් සහිත කැප්සියුලයක්




චීනය සතු WS-600L මිසයිල දියත් කරන රථයක්




චීන ගුවන් හමුදාවේ ඒ-10බී සහ ජේ එච්-7 ඒ ෆයිටර් ජෙට් යානා




source:tass.com


චීන ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය 2018- විශේෂ අවස්ථා චීන ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය 2018- විශේෂ අවස්ථා Reviewed by HarshaLulzSec on November 18, 2018 Rating: 5
Powered by Blogger.