ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය සහ ඇමෙරිකා-චීන පසමිතුරුභාවයේ වර්ධනය

ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර අවිනිශ්චිතබාවය ආර්ථික,රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය අය අංශ ඔස්සේ වර්ධනය වෙමින් තිබේ.ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සේම එක්සත් ජනපද උපායමාර්ගයේ ඉලක්කය වන්නේ,ආසියා-පැසිෆික් කලාපය තුල වර්ධනය වන චීනයේ යුදමය ශක්‍යතාවයන්ට සහ ලොව පුරා චීන බලපෑමට බාධා කිරීමයි.ඒ හරහා දෙරට අතර විවෘත ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික අර්බූධයකට පාර කපා තිබේ.

2018 වර්ෂයේ ආරම්භයේ පටන් එක්සත් ජනපදය පුලුල් පරාසයක චීන නිෂ්පාදන වලට එරෙහිව තීරුබදු ගණනාවක් පනවන ලදි.ජනපති ට්‍රම්ප්ට අනුව එක්සත් ජනපද ජාතික ඇලුම්කම් ආරක්ෂා කිරීමට තවත් පියවර ගැනීමට ඔහුගේ පාලන තන්ත්‍රය සූදානම්ය.

විදේශවල නිෂ්පාදනය කෙරෙන(බොහොමයක් චීනයේ)සූර්ය කෝෂ ඇතුලු නිෂ්පාදන වලට 30% ප්‍රතිශතයකින් තීරුබදු පනවන්නට තීරණය කල බව එක්සත් ජනපදය 2018 ජනවාරි 22දා නිල වශයෙන් නිවේදනය කලේය.ඇමෙරිකානු ඩොලර්  බිලියන 34ක් වටිනා චීන නිෂ්පාදන වලට 25% තීරුබදු ගාස්තු පනවන්නට ට්‍රම්ප් පරිපාලනය මෙම වසරේ ජූලි 6 දා ක්‍රියා කලේය.මෙම තිරුබදු බලපැවැත් වෙන්නේ වතුර බොයිලේරු,එක්ස්-කිරණ යන්ත්‍රවල කොටස්,ගුවන් යානා ටයර් සහ අනෙකුත් කර්මාන්තමය කොටස් වලටය.ඊට පළිගැනීමක් වශයෙන් සෝයා බෝංචි,ඌරු මස්, විද්‍යුතයෙන් ධාවනය වන රථ ඇතුලුව ඇමෙරිකානු ඩොලර් බිලියන 34ක් වටිනා එක්සත් ජනපදයේ නිෂ්පාදන ලැයිස්තුවකට වහාම තීරුබදු ක්‍රියාත්මක කරන ලදි.එම කාලයේ මෙම තත්ත්වය බීජිං රජය විසින් හඳුන්වන ලද්දේ "ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය" ලෙසයි.කෙසේවෙතත් තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබේ

ඉලෙක්ට්‍රොනික් කොටස්,ප්ලාස්ටික්,රසායනික ද්‍රව්‍ය,බැටරි සහ රේල් කාර් ඇතුලුව ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් වටිනා චීන ආනයන භාණ්ඩ ඉලක්ක කරමින් 25% අමතර තීරුබදු පනවන්නට එක්සත් ජනපදය අගෝස්තු මස 23දා ක්‍රියා කලේය.ඊට ප්‍රතිචාර වශයෙන් බීජිං රජයේ පළිගැනීමේ තීරුබදු පැනවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක් වටිනා ඉන්ධන,වානේ නිෂ්පාදන,මෝටර් රථ සහ වෛද්‍ය උපකරණ ආදිය ඇතුලත් විය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනා චීන ආනයනවලට සැප්තැම්බර් 24දා 10%ක තීරුබදු ගාස්තු පනවන්නට වොෂින්ටන් රජය ක්‍රියා කල අතර චීනය ඊට පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ගත හොත් ඇමෙරිකානු ඩොලර් බිලියන 257ක් වටිනා ආනයන වලට තීරුබදු පනවන්නේ යැ‍යි තර්ජනය කලේය.ඇමෙරිකාවේ නව තීරුබදු වලට පළිගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි චීන වෙළඳ අමාත්‍යාංශය කීය.පිළිතුරු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 60ක් වටිනා ඇමෙරිකානු ආනයනවලට 10%ක තීරුබදු පනවන්නට බීජිං රජය පියවර ගත්තේය.

ඇමෙරිකානු ව්‍යාපාර ,විශේෂයෙන් කර්මාන්ත සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමටත්,චීනය සමග වෙළඳ හිඟය අඩු කර ගැනීමටත් තීරුබදු අවශ්‍ය යැ‍යි ට්‍රම්ප් පාලනතන්ත්‍රය පවසයි."වෙළඳ යුද්ධය" ආරම්භයේ පටන් ඇමෙරිකා සහ චීන ඉහළ පෙළේ බලධාරීන් හමුවීම් ගණනාවක් සිදු කලද පවතින මතභේද විසඳීමට නොහැකිව තිබේ.

එපමණක් නොව,රුසියානු ප්‍රහාරක යානා සහ එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගැනීම නිසා චීනයේ ආරක්ෂක ඒජන්සියකට සහ එහි අධ්‍යක්ෂකවරයාට සම්බාධක පනවන්නට එක්සත් ජනපදය සැප්තැම්බර් මස 20දා පියවර ගත්තේය.එදිනම රුසියාවේ පුද්ගලයින් 33 දෙනෙකුට සම්බාධක පනවන ලදි.මෙම ක්‍රියාමාර්ග ගන්නේ කිසිම රටක යුදමය ශක්‍යතාවයන් හෝ සංග්‍රාමික සූදානම අඩාල කිරීමට නොව රුසියාව,එක්සත් ජනපද ජනාධිපතිවරණයට ඇගිලි ගැසීමට දඩුවමක් ලෙස යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව පැවසීය.ඊට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙම ක්‍රියාව යුක්තිසහගත නොවන බවත්,දඩුවම ඉවත් කර නොගත හොත් එහි ප්‍රතිවිපාක භාර ගන්නා ලෙසත්ය.

මෙලෙස අර්බුදය හමුදා සහ දේශපාලන ක්ෂේත්‍රවලටද පැතිර ගොස් තිබේ.2018 වර්ෂයේ පැවැත්වෙන මැතිවරණයේදී සිය රජයට එරෙහි මැදිහත් වීම් සිදු කරන්නට චීනය උත්සාහ කරමින් සිටින බවට ජනපති ට්‍රම්ප් සැප්තැම්බර් මස 26 දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් කරන ලදි.ඒ කෙසේවෙතත් සිය චෝදනාව ඔප්පු කිරීමට ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කලේ නැත.ඊට අමතරව,තායිවානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් වටිනා යුදෝපකරණ අලෙවි කිරීමට ට්‍රම්ප් පරිපාලනය අනුමැතිය ලබා දුන්නේය.මෙම ක්‍රියාව නිසා චීනයත් සමග සබදතා තවත් පළදුවේවි.


එක්සත් ජනපදයට අපි බල කර සිටිනවා..වහාම මෙම ගනුදෙනුව අවලංගු කර තායිවානය සමග ඇති හමුදාමය සබදතා නවතා දමන ලෙස.එමගින් ඇමෙරිකා-චීන සබදතාවලට,තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට මෙන්ම වැදගත් ක්ෂේත්‍රයන්හි ඇමෙරිකා චීන සහයෝගීතාවයට සිදුවන බරපතල හානිය වැළකී යනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ජෙන්ග් ෂුන්ග් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමත් සමග තායිවාන ප්‍රශ්නය ඇමෙරිකා-චීන අවිනිශ්චිතබාවයේ කේන්ද්‍රගත ලක්ෂයක් බවට පත් විය.2016 දෙසැම්බර් මස 2දා ,එනම් ට්‍රම්ප් ජනපතිවරය ජයගත් වහාම දුරකතය හරහා තායිවාන ජනපති සායි ඉන්ග්-වෙන් ආසියා-පැසිෆික් කලාපයේ දේශපාලනික,ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන් සම්බන්ධව කතා කරන ලදි.එක්සත් ජනපද ජනාධිපතිවරයක් හෝ ජනාධිපතිවරයෙක් ලෙස තේරී පත් වූ අයෙක් 1979 වර්ෂයේ සිට මේ දක්වා තායිවාන රාජ්‍ය නායකයෙක් සමග සෘජු කතාබහක නිරත වූ පළමු අවස්ථාවද එයයි.බීජිං රජය සමග වඩා හොඳ වෙළඳ ගනුදෙනුවක් සඳහා තායිවාන ප්‍රශ්නය භාවිතා කරන බව ට්‍රම්ප් විවෘතව ප්‍රකාශ කර තිබේ.1970 දශකයේ පටන් චීනය සහ තායිවානය යනු එක් රටක් යැ‍යි ඇමෙරිකාව පිළිගනියි.මෙය ඒකීය චීනයක් යන ප්‍රතිපත්තිය නම් වේ.
තායිවාන ජනපති සායි ඉන්ග්-වෙන්සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ආසියා පැසිෆික් කලාපයේ බල තුලනයේදී පොදුවේ සහ ප්‍රධාන වශයෙන්ම දකුණු චීන මුහුද සහ නැගෙනහිර චීන මුහුද යනු ඇමෙරිකා-චීන සබදතාවල උණුසුම් ලක්ෂයක් වේ.හමුදාමය සහ රාජතාන්ත්‍රිකව චීනයේ බලපෑම වර්ධනය වීම අඩාල කරන්නට එක්සත් ජනපදය සක්‍රීයව ක්‍රියා කරමින් සිටියි.චීන හමුදාවේ ඉදිකිරීම් සිදු කර තිබෙන කෘත්‍රීම දූපත් ආසන්නයට හමුදා යුද නැව් සහ ජෙට් යානා යැවීමටත් ඒ ආසන්න මුහුදු ප්‍රදේශයේ යුද අභ්‍යාස සිදු කිරීමටත්  ඇමෙරිකානු සන්නද්ධ  පියවර ගෙන තිබේ.

චීනයද උපායමාර්ගික වශයෙන් වැදගත් දකුණු චීන මූහුදේ දූපත් අතහැර දමන්නට සූදානම් නැති අතර ඊට සමාන ආකාරයෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර දක්වයි.

සැප්තැම්බර් මාසයේ අග භාගයේදී දකුණු චීන මුහුද මෙන්ම නැගෙනහිර චීන මුහුදටද  ඉහල අහසේ සිය බී-52 බෝම්බ හෙළන යානා පියාසර කරවන්නට එක්සත් ජනපදය පියවර ගත්තේය.

ජපාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ඇමෙරිකාවේ බී-52 එච් බෝම්බ හෙළන යානයක් දකුණු චීන සහ ජපන් මුහුදු වලට ඉහල අහසේ පියාසර කරමින්,2018 සැප්තැම්බර් 26 දා.

ජපාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා සහ ඇමෙරිකාවේ බී-52 එච් බෝම්බ හෙළන යානයක් දකුණු චීන සහ ජපන් මුහුදු වලට ඉහල අහසේ පියාසර කරමින්,2018 සැප්තැම්බර් 26 දා.

එක්සත් ජනපද නාවික හමුදාවෙ යූ එස් එස්  වාස්ප් නම් උභ්‍යචර ප්‍රහාරක නෞකාව හොංකොං වරාය භාවිතා කිරීමට කරන ලද ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කල බව හොංකොං හි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය සැප්තැම්බර් මස 26දා ප්‍රකාශ කරන ලදි.

ඇමෙරිකානු නාවික හමුදාවේ යූ එස් එස්  ඩිකේටර් නම් ආර්ලිග් බර්ක්  නියාමක මිසයිල සහිත ඩ්‍රිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාව චීන යුද නෞකාවක් සමග ගැටුමක් ඇතිවීමට ආසන්නයට පැමිණියේය.ඇමෙරිකානු නාවික හමුදා බලධාරීන්ට අනුව යාත්‍ර දෙක යාර 45ක් පමණ එකිනෙක හා ළංව ගමන් කර තිබේ.මෙම සිදුවීම සිද්ධ වූයේ දකුණු චීන මුහුදේ  ගේවන් ගල් පරය ආසන්න මුහුද ප්‍රදේශයෙන් ඇමෙරිකානු යුද නෞකාව යාත්‍රා කරමින් සිටියදීය.

චීනයේ ලැන්ස්හවු යුද නෞකාව දකුණුපසින්,ඇමෙරිකානු යූ එස් එස්  ඩිකේටර් නෞකාව වම්පසින්



ඔක්තෝම්බර් මස මැද භාගයේදී බීජිං හි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ වාර්ෂික හමුව අවලංගු කරන්නට චීනය ක්‍රියා කලේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔක්තෝම්බර් මාසයේ මුලදී වාර්තා කර තිබිණි.

ඉදිරියේදී එක්සත් ජනපදය සහ චීනය අතර සබදතා අවිනිශ්චිතබාවයත් පුර්ව කොන්දේසිත් සහිත එකක් දක්වා නරක අතට පත් වීමට හැකිය.දැනට තිබෙන තත්තය ප්‍රධාන දිශාවන් දෙකක් ඔස්සේ වර්ධනය විය හැකිය.එනම් පළමුවැන්න පවතින තත්ත්වය තවත් තීව්‍රකරණය,දෙවැන්න පරස්පර විරෝධය සමනය වීමයි.

පළමුවැන්නේදී,ට්‍රම්ප් පරිපාලනය බීජිං පාලනයට එරෙහිව තම වෙළඳ යුද්ධයේදී ගන්නා ඉදිරි පියවර හමුවේ ඇමෙරිකා-චීන සබදතා සීඝ්‍රයෙන් පිරිහී යනු ඇත.ඇමෙරිකාවෙන් එල්ල වන පීඩනයට ප්‍රතිරෝධය දක්වමින් වැඩි හෝ අඩු වශයෙන් සාර්ථක වන්නට චීනයට හැකි වුවහොත්,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් පීඩනය එල්ල කරමින් ලෝකය තවදුරටත් කැබලිවලට වෙන් කිරීම වැඩි කරනු ඇත.

එක්සත් ජනපදයෙන් එල්ල වන පීඩනයට විරුද්ධව යෑමට ඉඩ ලබා දෙන ආර්ථික මොඩලයක් නිර්මාණය කිරීමට චීනය,රුසියාව සහ අනෙකුත් බලවත් රාජ්‍යයන් අමතර උත්සාහයක් දරනු ඇත.මෙම පද්ධතිය කලාපීය ආර්ථික බැදීම් විශ්වාසය තබා,ජාතික මුදල් ඒකකවලින් වෙළඳාම සිදු කරාවි.චීනය,රුසියාව,යුරෝපා සංගමය සහ තුර්කිය දැනටමත් එවැනි යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීමට සක්‍රීයව ක්‍රියා කරමින් සිටිති.ඇමෙරිකානු සම්බාධක නොසලකා හරිමින් වෙළඳාම් කිරීමට නව ගෙවීම් පද්ධතියක් භාවිතා කරන්නට යුරෝපා සංගමය,රුසියාව සහ චීනය සැප්තැම්බර් මස 24දා එකඟත්වයකට පැමිණ තිබේ.ඉරානය සමග වෙළඳාම් නීත්‍යානුකූලව සිදු කිරීමට ඔවුන්ගේ ආර්ථික මෙහෙයුම්කරුවන්ගේ නිදහස ආරක්ෂා කරන බව එම රටවල් නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශයෙන් තීන්දු කර ඇත. 

සිය ප්‍රධාන කොන්ත්‍රාත්තු,විශේෂයෙන් යුදෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගෙවීම් වලදී සිය ජාතික මුදල් ඒකක පාවිච්චි කිරීමටත් ඔවුන්ගේ කලාපීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත් තුර්කිය,චීනය,රුසියාව සහ ඉන්දියාව යන රටවල් අවදානය යොමු කර තිබේ.මෙලෙස එක්සත් ජනපද සම්බාධක ප්‍රතිපත්තිය, වර්තමාන ගෝලීය ආර්ථික මොඩලය සිය ආධිපත්‍යය අනතුරේ හෙළන සාධකයක් බවට පත්ව ඇත.

එක්සත් ජනපදය,චීනය මත යොදන තෙරපුම සාර්ථක වුවොත් බීජිං සහ එහි ප්‍රධාන කොටස්කරුවා වන මොස්කව් රජයන් හුදකලා වනු ඇත.එමගින් ඉදිරි වසරවලදී චීනයේ ආර්ථික අර්බුදය තවත් බරපතල තත්ත්වයට පත්වනු ඇතැයි සමහරක් විශ්ලේෂකයෝ අපේක්ෂා කරයි.චීනයේ ආර්ථික වර්ධන නතර වීම හෝ පසුබැසීම සිදුවෙවි.අනෙක් අතට එක්සත් ජනපද ආර්ථිකයේ කර්මාන්ත සහ පශ්චාත් කර්මාන්ත අංශවලට ස්තුතිවන්නට එහි ආර්ථික ආධිපත්‍යය  තවදුරටත් පවත්වාගෙන යෑමට හැකි වේවි.

එනමුත් මෙවැනි වාතාවරණයක් නිර්මාණය විය හැක්කේ වොෂිංටනයේ ප්‍රතිපත්තිය හෝ වෙනත් හේතුවක ප්‍රතිඵලයක් මත චීන-රුසියා ආර්ථික,හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවයට හානි පැමිණිය හොත් පමණි.රුසියා-චීන සහයෝගීතාවයට හානි පමුණන්නට සැලසුම් කල එක්සත් ජනපදයේ මෙම ප්‍රතිපත්තියේ බලපෑම රුසියා සහ චීන මාධ්‍ය ඔස්සේ දැක ගත හැකිය.එක්සත් ජනපදය සමග මතවාදීව හෝ ආර්ථික වශයෙන් අඩු හෝ වැඩි වශයෙන් අනුබද්ධ රුසියානු විශේෂඥයින් කියන්නේ,චීනය සමග ඇති නිශ්ඵල සහයෝගීතාවය සීමා කර කලාපය තුල චීනයේ ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියට අධෛර්යයමත් කිරීමට ප්‍රයත්න දැරිය යුතු බවයි.අනෙක් අතට,රුසියාව දුර්වල රාජ්‍යයක් සහ චීනයට සමාන ආර්ථික ශක්තියක් නොමැති හවුල්කාරයෙක් යන අදහස සමහර චීන විශේෂඥයින් මතු කර පෙන්වන්නට උත්සාහ දරයි.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ චීනයේ විදේශ රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ප්‍රතිපත්තිවල කිසිදු පරාර්ථකාමීත්වයක් නොමැති බවයි.එරට සිය ආර්ථික සහ දේශපාලනික අරමුණු ලුහුබැද යන්නේ වඩාත් ලාභදායි මාර්ගයක් ඔස්සේය.කෙසේවෙතත් සිය ජාතික ඇලුම්කම් ආරක්ෂා කිරීමේදී ලොව ඕනෑම බලවතෙක් ක්‍රියාත්මක වන්නේද ඊට සමාන ආකාරයෙනි.දැනට චීනයේ ජාතික ඇලුම්කම් වන්නේ රුසියාව සහ අනෙකුත් ස්වාධීන බලවතුන් සමග  ඵලදායි සහයෝගීත්වයක් පවත්වා ගැනීමයි.

ට්‍රම්ප් පරිපාලනය බීජිං කෙරෙහි සිය ප්‍රතිපත්තිය නැවත හැඩ ගැස්වීමක් හෝ චීනය නායකත්වය සමග නව දේශපාලන ආර්ථික ගනුදෙනුවකට පැමිණිම හරහා ඇමෙරිකා-චීන සබදතා සම්බන්ධව පවතින නරක වාතාවරණය තවත් නරක අතට හැරීම වළක්වාගත හැකිය.

පනවන ලද අවහිර කිරීම් සියල්ලම නොව යම් කොටසක් තවත් දැඩි කිරීමට සහ සමහර තැන් වලදී චිනය කෙරෙහි සිය ප්‍රතිපත්තියේ සැර බාල කරන්නට වොෂින්ටනය පියවර ගනිවි යැයි අනුමාන කල හැකිය.චීනය එවැනි ගනුදෙනුවක් පිළිගත හැකි මුත් ආසියා-පැසිෆික් කලාපයේ ආධිපත්‍යය ලබා ගැනීමත් ඉන්පසුව සුපිරි බලවතෙක් බවට පත් වීමත් යන අරමුණු ඔවුන් විසින් අතහැර දමනු ඇතැයි විශ්වාස කල නොහැකිය.යුරේසියාව සහ ලොව පුරා සිය ආර්ථික සහ දේශපාලනික තත්ත්වය ශක්තිමත් කරගැනීමට චීනය මෙම ගනුදෙනුව යොදාගනිවි.

අනෙක් අතට මොස්කව් සහ බීජිං අතර සබදතාවයට හානි කිරීමට වොෂින්ටනය යොදා ගන්නේ බෙදීම සහ පාලනය යන උපක්‍රමයයි.මෙම ක්‍රමය සාර්ථක වුවහොත් සිය තරඟකරුවන් මට්ටු කිරීමේදී එක්සත් ජනපදය වරකට එකා බැගින් තෝරා ගනු ඇත.

මේ ඕනෑම තත්ත්වයක් හමුවේ ලොව පුරා යුදමය,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික අවිනිශ්චිතබාවය වර්ධනය වේ.මීට ප්‍රධාන හේතුව වන්නේ,දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය පිහිටුවා ගත් ගෝලීය ආඥාව ක්‍රමයෙන් පිරිහී යෑම වළක්වන්නට වොෂින්ටනය සටනට බැසීමයි.අනෙක් අතට ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග වල ඔවුන්ගේම න්‍යායක් තිබේ.ඉන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ගෝලීය සහ කලාපය තරඟකරුවන් වන චීනය,රුසියාව  සහ ඉරානය යන රටවල ආර්ථික වර්ධනය නැවැත්වීමත් ඔවුන්ගේ බලපෑම සීමා කිරීමත්ය.එක්සත් ජනපදයේ ආධිපත්‍යයට එරෙහිව තිබෙන මැදි සහ දිගු කාලීන තර්ජන හමුවේ තම ජාතික ආර්ථිකය ශක්තිමත් කරගන්නට ලොව පුරා ඇතිව තිබෙන අවුල් සහගත වාතාවරණය පාවිච්චි කරන්නට වොෂින්ටනය තීරණය කර තිබෙන බව පෙනේ.කලින් පැවති ඇමෙරිකානු රජයන්ගේ නිසා ඇතිවූ සමාජ සහ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමටත්,තම භූදේශපාලනික විරුද්ධවාදීන් සමග තරග කිරිමටත් පවතින සියලු උපක්‍රම සහ ක්‍රියාමාර්ග එක්සත් ජනපද විසින් භාවිතා කරාවි.




southfront.org


ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය සහ ඇමෙරිකා-චීන පසමිතුරුභාවයේ වර්ධනය ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය සහ ඇමෙරිකා-චීන පසමිතුරුභාවයේ වර්ධනය Reviewed by HarshaLulzSec on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.