මෑත ඉතිහාසයේ රුසියාව පවත්වන ලද දැවැන්තම යුද අභ්‍යාසය


යුද ටැංකි,හෙලිකොටර්,යුද නැව් සහ දස දහස් ගණනක් සෙබලු...එය දැවැන්තය,ලෝකයම බලා සිටි යුද අභ්‍යාසයකි.එය කොතරම් විශාලද යන්න දැක්වෙන ඡායාරූපවලින් ඔබට දැක ගත හැකිය.

1.රුසියානු හමුදාවෙන් 1/3ක් මොස්කව් සිට ඈත පෙරදිග කැම්චැට්කා තරම් දුර ප්‍රදේශයක් වෙත යවන ලද්දේ සැප්තැම්බර් 11-17 කාල සමය තුල පවත්වන ලද යුද අභ්‍යාස වලට සහභාගී වීම පිණිසයි.
යුද අභ්‍යාසවලට සහභාගී වීමට පැමිණි චීන හමුදා ඔවුන්ගේ යුද ටැංකි සමග



2.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ සඳහා සෙබලුන් 300,000ක්,යුද රථ 40,000 සහ ගුවන් යානා දහසගණනක් සහභාගී වන බවයි.
රුසියානු ටී-72 යුද ටැංකි යුද අභ්‍යාසවලට සමගාමීව පවත්වන ලද යුද පෙළපාලියකට සහභාගී වූ අයුරු



3.නැගෙනහිර සහ මධ්‍ය හමුදා දිස්ත්‍රික්ක,උතුරුදිග නාවික බල ඇණිය,රුසියානු වාසර ඒකක,ගුවන් හමුදාවේ උපායමාර්ගික ගුවන් බල ඇණිය යුද අභ්‍යාසවලට සහභාගී වන්නේ යැ‍යි රුසියානු සන්නද්ධ හමුදාවල ජෙනරල්වරුන්ගේ ප්‍රධානී වැලෙරි ජෙරසිමොව් පැවසීය.
රුසියානු එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා

චීන හමුදා සෙබලුන්



4.මෙම යුද අභ්‍යාසයේ උපායමාර්ගික අරමුණ වන්නේ එරට හමුදාවේ යුද සූදානමත්,එක් රැස් කිරීමේ හැකියාවත් පරීක්ෂා කිරීමයි.
රුසියානු සෙබලුන් රැට්නික් නම් සංග්‍රාමික ඇදුම් කට්ටලයෙන් සැරසී යුද රථවලට ගොඩවන අයුරු

ඩ්‍රෝන් යානා අඩපණ කල හැකි අවියක් සහිතව සිටින රුසියානු සෙබලෙක්



5.මෙම යුද අභ්‍යාසයේදී පිටපත වූයේ මනඃකල්පිත රටක්(මෙය රුසියාව යැ‍යි කිසිවෙක් නොකියයි)විදෙස් හමුදාවල ප්‍රහාරයට ලක් වන අතර රටේ හමුදාව එම ප්‍රහාරය ව්‍යර්ථ කරමින් සිය දැවැන්ත භූමිය ඔස්සේ ගමන් කරයි.
රුසියානු සෙබලෙක් ඩ්‍රෝන් යානයක් ගුවන් ගත කරමින්



6.පළමු හමුදාංශය සතුරා ලෙස පෙනී සිටිමින් 'රුසියාවට' පහර දෙයි.දෙවැනි හමුදාංශය සිය රටේ දේශසීමා ආරක්ෂා කරයි.
රුසියානු විශේෂ මෙහෙයුම් ඒකකවල සෙබලුන් යුද අභ්‍යාසයට එක් වෙමින්



7.පාබල හමුදා කි.මී.7000 ප්‍රදේශයක්ද නෞකා වලින් නාවික සැතපුම් 4,000 ප්‍රදේශයක්ද ආවරණය කෙරිණි.
රුසියානු එස්-300 මිසයිල පද්ධතියක්

රුසියානු සන්නාහ සන්නද්ධ බලකා යුද අභ්‍යාසයේ නිරත වෙමින්



8.ප්‍රහාරක යානාවල සිට බෝම්බ හෙළන යානා දක්වාද,හෙලිකොප්ටර් සහ ඩ්‍රෝනා ඇතුලුව 1000 වැඩි ගුවන් යානා ප්‍රමාණයක් මේ  සඳහා සහභාගී විය.
එම් අයි-26 ප්‍රවාහන හෙලිකොටර් යානා

රුසියානු ජනපතිවරයා යුද අභ්‍යාසය නිරීක්ෂණය කරමින්



9.බර සහ සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථ 36,000ක් මෙන්ම නවතම ටී-14 අමාටා යුද ටැංකි සහ ටී-15 ටර්මිනේටර් යුද ටැංකි සහායක රථද මෙහිදී දැක ගත හැකි විය.
රුසියානු ටී-72 යුද ටැංකි

රුසියානු එම් අයි-17 හෙලිකොප්ටර් යානා



10.රුසියානු හමුදාව සමග චීන හමුදාවද යුද අභ්‍යාස මාලාවට එක් විය.මෙම ඉසව්වන් සමීපව නිරීක්ෂණය කරන බව පෙන්ටගනය පවසා තිබිණි.
ගුවනින්  හෙළු බෝම්බයක් පිපිරී යන අයුරු

ජංගම හොවිත්සර රථ ප්‍රහාර එල්ල කරන අයුරු



11.පාබල හමුදා අභ්‍යාස සඳහා ගුවන් සහ නාවික හමුදාවල සහාය හිමිවිය.උතුරුදිග සහ පැසිෆික් නාවික බල ඇණි වල යුද සහ සිවිල් නෞකා 80 පමණ සහභාගී විය.
රුසියානු ඉලියුෂන්-76 ප්‍රවාහන ගුවන් යානා

රුසියානු සුකොයි-34 ජෙට් යානා



12.ජෙනරල් ඇලෙසැන්ඩර් සහුකොව් කියා සිටියේ සමහර මෙහෙයුම් වලට නායකත්වය දුන්නේ සිරියානු යුද්ධයට සම්බන්ධව රුසියානු හමුදා නිලධාරීන් බවයි.
වෛද්‍ය බලකා රථයක් සහ ටයිගර් වර්ගයේ ජිප් රථයක්



13.නියමිත කාලයක් ඇතුලත අසල්වැසි රටවලට යුදමය සහාය ලබා දීමට සමර්ථකම් ඇතිකර ගැනීමේ මෙම යුද අභ්‍යාසයේ එක් අරමුණකි.චීනය සමග ද්වීපාර්ශ්වීය සහයෝගීතාවය ද වැදගත් අංගයක් විය.




source:rbth.com


මෑත ඉතිහාසයේ රුසියාව පවත්වන ලද දැවැන්තම යුද අභ්‍යාසය මෑත ඉතිහාසයේ රුසියාව පවත්වන ලද දැවැන්තම යුද අභ්‍යාසය Reviewed by HarshaLulzSec on October 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.