වසර 70ක් සපිරුණු රුසියාවේ හෙලිකොප්ටර් නිෂ්පාදනය

සෝවියට් දේශයේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරුණු පළමු හෙලිකොප්ටරය වූ එම් අයි-1  සිය මංගල ගුවන් ගමන සිදු කලේ 1948 වසරේ සැප්තැම්බර් මස 20දාය.එය 1950 වර්ෂයේදී සේවයට එක් වූ අතර එතැන් පටන් වසර 16 එම් අයි-1 හෙලිකොප්ටර් නිෂ්පාදනය කෙරිණි.එම් අයි-1 හෙලිකොප්ටර් 1000කට වඩා සෝවියට් දේශයේද,එස් එම්-1 නමින් පෝලන්තයේ හෙලිකොප්ටර් 1,594ක්ද නිෂ්පාදනය කෙරිණි.මිල් සැලසුම් කාර්යාංශය හෙලිකොප්ටර් සැලසුම් කිරීම් සහ නිෂ්පාදනය කිරීම අතින් ලොව ප්‍රමුඛයෙක් බවට පත් විය.විශේෂයෙන්ම විශාල බරක් ගෙන යා හැකි හෙලිකොප්ටර් නිෂ්පාදනයට මිල් සැලසුම් කාර්යාංශය ප්‍රවීණතාවයක් දැක්වීය.සෝවියට් දේශයේ තිබූ හෙලිකොප්ටර් වලින් 95% ප්‍රතිශතයක්ම මිල් සැලසුම් කාර්යාංශයේ නිෂ්පාදන විය.2006 වර්ෂයේදී මිල් සමාගම කමොව් සහ රොස්ට්වර්ටොල් යන සමාගම් සමග ඒකාබද්ධ කෙරිණි.මෙම ලිපිය ඔස්සේ මිල් සමාගමේ අද්විතීය හෙලිකොප්ටර් යානා දැකගත හැකිය.

සෝවියට් දේශය තුල මහා පරිමාණයෙන් නිෂ්පාදය කල එම් අයි-1 හෙලිකොප්ටරය



එම් අයි-8 හෙලිකොප්ටරය ප්‍රවාහන කටයුතු,වාසර අණදෙන ස්ථානයක්,සන්නද්ධ අවි නැවක් සහ පෙරික්සුම් වේදිකාවක් ආදී වශයෙන් විවිධ කාර්යයන් සඳහා යොදා ගැනේ.රටවල් 92ක භාවිතා කරන මෙම හෙලිකොප්ටරය ලොව වැඩියෙන් නිෂ්පාදනය කල හෙලිකොප්ටරය ලෙසද වාර්තාවක් තබා තිබේ.



එම් අයි-10 යනු සෝවියට් හමුදා ප්‍රවාහන හෙලිකොප්ටර් යානයකි.එය එම් අයි-6 හෙලිකොප්ටරය ඇසුරෙන් නිර්මාණය කල අතර 1963 වර්ෂයේදී සේවයට එක් විය.



ලොව මෙතෙක් කාලයකට නිපදවන ලද විශාලතම හෙලිකොප්ටරය ලෙස ඉතිහාස ගත වන්නේ එම් අයි-12 හෙලිකොප්ටරයයි.



එම් අයි-14 යනු ජලය මත ගොඩබැස්ස වීමේ හැකියාව සහිත උභයචර ප්‍රති-සබ්මැරීන හෙලිකොප්ටරයකි.එය එම් අයි-8 හෙලිකොප්ටරයෙන් ව්‍යුත්පන්න වූවකි.රුසියාව සියලුම එම්-14 හෙලිකොප්ටර් 1996 වර්ෂයේදී විශ්‍රාම ගන්වන ලදි.නමුත් 2016 වර්ෂයේදී රුසියානු හෙලිකොප්ටර් සමාගම කියා සිටියේ එම් අයි-14 හෙලිකොප්ටර් නිෂ්පාදනයට යළි පණ දෙන්නට සූදානම් බවයි.



එම් අයි-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය 1972 වර්ෂයේ පටන් සෝවියට් ගුවන් හමුදාවත්,ඉන් පසුව රුසියාවත් භාවිතා කරයි.ඊට අමතරව 45 කට වැඩි රටවල් ගණනක එම් අයි-24 යානා සේවයේ යොදවා තිබේ.සෝවියට් ගුවන් නියමුවන් මෙය හඳුන්වන ලද්දේ  "පියාඹන යුද ටැංකිය" යන නමින්ය.



එම් අයි-26 විශාල බරක් එසවිය හැකි භාණ්ඩ ප්‍රවාහන හෙලිකොප්ටර් යානයකි.හමුදාව මෙන්ම සිවිල් කටයුතු සඳහාද මෙය යොදා ගනියි.එම් අයි-26 යනු ලොව තිබෙන විශාලතම සහ දැවැන්තම හෙලිකොප්ටර් වලින් එකකි.



එම් අයි-පීඑස්වී(Mi-PSV - අනාගත අධි වේගී හෙලිකොප්ටරය)යනු එම් අයි-24 මත පදනම් වූ පරීක්ෂණාත්මක හෙලිකොප්ටර් යානයකි.එම් අයි-24 එල් එල් පීඑස්වී යානය පරීක්ෂණ ගමන් වාරවලදී පැයට කිලෝමීටර් 405 තරම් වේගයෙන් පියාසර කර තිබේ.



source:tass.com


වසර 70ක් සපිරුණු රුසියාවේ හෙලිකොප්ටර් නිෂ්පාදනය වසර 70ක් සපිරුණු රුසියාවේ හෙලිකොප්ටර් නිෂ්පාදනය Reviewed by HarshaLulzSec on October 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.