ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ කාස් යුරුගුසාන් ප්‍රදේශයේ දී තලෙයිබාන් සටන්කාමීන් සමග ඇතිවූ සටන්වලින් රජයට පක්ෂපාතී හමුදාවල ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් ඇතුලුව සටන්කරුවන් 30 දෙනෙක් මරණයට පත් වූ බව ජිහාඩ් හඬ නම් තලෙයිබාන් සංවිධානයේ පුවත් සේවය ඔක්තෝම්බර් මස 31දා වාර්තා කලේය.එදිනම බටහිර ෆරා පළාතේදී ඇෆ්ගන් හමුදාවට යටත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටිණි.එම අනතුරෙන් යානයේ ගමන් ගත් 25 දෙනාම මරණයට පත් වූ බව ෆරා පළාතේ ප්‍රකාශකයා ලෙස කටයුතු කරන මොහොමඩ් නාසර් මෙරි  පැවසීය.

අනතුර සිදු වූයේ හෙලිකොප්ටර් යානය අනර් ඩාරා කඳුකර දිස්ත්‍රික්කයෙන් ගුවන් ගත වී හෙරාට් පළාත වෙත යමින් සිටියදීය.මිය ගිය පිරිස අතර බටහිර කලාපයේ නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී නයිමුදුල්ලා කලිල්,ෆරා පළාත් කවුන්සිලයේ ප්‍රධානී ෆරිඩ් බැක්ටවාර් ඇතුලුව එහි සාමාජිකයෝ දෙදෙනෙක්ද සිටිති.

ජිහාඩ් හඬ නම් තලෙයිබාන් සංවිධානයේ පුවත් සේවයට අනුව හෙලිකොප්ටරය එම සංවිධානයේ ප්‍රහාරයකින් කඩා වැටී තිබේ.මෙම සිදුවීම එක්සත් ජනපදයේ සහාය ලබන හමුදා තලෙයිබාන් සංවිධානයට එරෙහිව ආරම්භ කර තිබෙන යුද මෙහෙයුම්වල ප්‍රතිඵලයක් යැ‍යි එම පුවත් සේවය පවසයි.

තලෙයිබාන් මාධ්‍ය අංශයට අනුව පක්ටිකා පළාතේ තලෙයිබාන්වරුන්ට එරෙහි මෙහෙයුමේදී රජයට පක්ෂපාතී හමුදා විසින් සිවිල් වැසියන් 14ක් ඝාතනය කර 8 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
පුල්-ඊ-චර්කි බන්ධනාගාරය

ඔක්තෝම්බර් 29දා කාබුල් නගරයේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ල ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් එම ආයතනයේ නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 2ක් මතුවාල ලැබීය.පුල්-ඊ-චර්කි බන්ධනාගාරය ඉලක්ක කරගෙන ඔක්තෝම්බර් මස 31දා එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 7 දෙනෙක් වත් මියගොස් තිබේ.



source:southfront.org


ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31 ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31 Reviewed by HarshaLulzSec on October 31, 2018 Rating: 5

No comments:

Powered by Blogger.