සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30

සැප්තැම්බර් මස 17 දා රුසියානු ඉලියුෂන්-20 ඔත්තු බැලීමේ යානය බිම හෙළීමෙන් පසුවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිරියාවේ ඉලක්ක වෙත දිගින් දිගටම පහර දුන් බව ඊශ්‍රායලයේ ඉහල පෙළේ බලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඔක්තෝම්බර් මස 29දා වාර්තා කර තිබිණි.

"රුසියානු ගුවන් යානය බිම හෙළීමෙන් පසුවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිරියාවට පහර දී තිබෙනවා.රුසියාව සමග යුදමය සම්බන්ධීකරණය පෙර මෙන් පවත්වාගෙන යනවා" - රොයිටර්

මෙම වාර්තාව මුඛ්‍යධාරාවේ මාධ්‍යවල පුලුල් අවදානයට ලක් වූ අතර එය තවදුරටත් සංවර්ධනය වන පුවතක් බවටද පත් විය.ඊශ්‍රායල මාධ්‍යවලට අනුව සිරියානු හමුදාවට එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ලැබීමෙන් පසුවත් ඊශ්‍රායල ගුවන් හමුදා යානා,හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ලැබුණු අවි තොගයක් ඉලක්ක කර ඔක්තෝම්බර් මස 1දා ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉන් එහාට ගොස් ප්‍රහාර ගණනාවක් එල්ල කලේ යැ‍යි ඊශ්‍රායල මූලාශ්‍ර පැවසුවද ඊශ්‍රායල ආරක්ෂක අංශවල නිල මාධ්‍ය අංශය මෙන්ම සිරියා සහ ඊශ්‍රායල ක්‍රියාකාරීද එම වාර්තා ප්‍රතික්ෂේප කරති.

සිරියාව තුල ඊශ්‍රායලය සිදු කරන ක්‍රියාවන්ට සහාය දක්වන්නන් මෙම වාර්තාවලින් ප්‍රීතියට පත්ව තිබෙන මුත්,මෙම වාර්තා තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් නොවීම ප්‍රශ්නයකි.සිරියානු හමුදාව සහ ප්‍රාදේශීය මූලාශ්‍ර ,ඊශ්‍රායලයේ ප්‍රකාශ දකින්නේ එරට හමුදාවේ ගෞරවය රැක ගැනීමට නිර්මාණය කල අසත්‍ය පුවත් ලෙසයි.

රුසියාවේ ස්පුට්නික් පුවත් සේවය සමග ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වන උසි ඩයන් පැවැත් වූ කෙටි සම්මුඛ සාකච්ඡාව පළ කර පැයකටත් වඩා අඩු කාලයකදී අඥාත මූලාශ්‍රයක් පදනම් කරගෙන රොයිටර් පුවත් සේවයේ වාර්තාව පළ කිරීම පුදුමයට කරුණකි.සිරියාව රුසියාවෙන් ලබා දුන් එස්-300 පද්ධති සේවයේ යෙදවුවත් ඊශ්‍රායලය ගුවන් හමුදාවට වෙනසක් නොදැනෙනු ඇතැයි ජෙනරල්වරයා කීය.කිසිදු ප්‍රතිශක්තිය(එස්-300 පද්ධතිවලට සතුරු ප්‍රහාර හමුවේ ප්‍රතිරෝධයක් නොදැක්විය හැකිය යන්න මෙහි අරුතයි ) නොමැති මෙම අවි විනාශ කර දමන්නට ඊශ්‍රායල යුද ගුවන් යානාවලට හැකි යැ‍යිද ඔහු පැවසීය.

ඊශ්‍රායලය සිරියාවේ ඉලක්ක වෙත සිදු කරන ප්‍රහාර නවතා දමන්නට සූදානම් නැති බව පැහැදිලිය.එසේම සිරියානු ගුවන් ආරක්ෂක බලකා වෙත ලැබුණු එස්-300 පද්ධති නොසලකා හරිමින් දිගටම සිරියාවට පහර දෙන්නට ඔවුන් සූදානම් වෙමින් සිටියි.කෙසේවෙතත්,එවැනි ක්‍රියාමාර්ග දිගින් දිගටම පමා වීම ඔස්සේ සිරියානු අර්බුදය එරෙහි ඊශ්‍රායල බලපෑමේ පසුබෑම ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රකයෝ විසින් හෙළිකිරීම ඊශ්‍රායල දේශපාලන සහ හමුදා බලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වීම අනිවාර්යය වේ.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි යොදාගෙන කුපිත කරවීමක් කිරීමට වයිට් හෙල්මට්ස්(මුදා ගැනීමේ කණ්ඩායමක්)සහ හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල් නුස් රා නමින් හැඳින්වූ සිරියාවේ අල්කයිඩා ශාඛාව)කණ්ඩායම් වලට තවමත් හැකියාව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු උප නියෝජිත ව්ලැඩ්මීර් සෆ් රොන්කොව් ඔක්තෝම්බර් 29දා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී පැවසීය.ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි සැක කටයුතු ලෙස ප්‍රවාහනය කරන බවත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප ගිවිසුම යනු තාවකාලික පියවරක් බවත්,සිරියාවේ වයඹදිග කොටසේ ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිමේ අරමුණ කිසිවෙකුත් අතහැර දමා නැතැ‍යිද ඔහු කීය.සටන්කාමීන්ගේ ප්‍රකෝප කිරීම් තවදුරටත් සිදුවුවහොත් ත්‍රස්තවාදී තර්ජනය මුලිනුපුටා දැමීම සඳහා රුසියාව සිරියානු හමුදාවට සහාය ලබා දෙන්නට සූදානම්ය.

යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතර ගැටුම් තවදුරටත් සිදුවන අතර සමහරක් ත්‍රස්තවාදී කණ්ඩායම් ඉරාක දේශසීමාව ආසන්නයට ලගා වී ඇතැයිද වාර්තා වේ.Popular Mobilization Units (PMU) නම් ඉරාකයේ රජයට පක්ෂපාතී පැරාමිලිටරි කණ්ඩායම් වල එකතුව සිය සටන්කරුවන් ඉරාක දේශසීමාවට යවා ඉදිරියේ සිදුවිය හැකි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණයක් වළක්වන්නට කටයුතු කරන බව නිවේදනය කලේය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30 Reviewed by HarshaLulzSec on October 31, 2018 Rating: 5

No comments:

Powered by Blogger.