සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 10

කුර්දි මහජන ආරක්ෂක ඒකක අෆ්රින් නගරය ඇතුලු ප්‍රදේශයේ පාලනය සතු තුර්කියේ සහාය ලබන හමුදා ඉලක්ක කරගෙන අලුත් ප්‍රහාරයක් දියත් කරන ලදි.කුර්දි වාර්තාවලට අනුව මරියම් ගම්මානයේදී තුර්කියේ සහාය ලබන සටන්කාමීන් කණ්ඩායමක් කුර්දි සටන්කාමීන් විසින් මරා දමා තිබේ.

ඔක්තෝම්බර් මාසය තුල කුර්දි සටන්කාමීන් අෆ්රින් හි සිදුකල ප්‍රථම ප්‍රහාරය මෙයයි.සැප්තැම්බර් මාසය තුලදී කුර්දි සටන්කාමීන් ප්‍රහාර 20 සිදු කර තිබේ.ඉන් බොහොමයක් ප්‍රහාර එල්ල කරන ලද්දේ මාසයේ මුල් කාර්තුව තුලදීය.

අෆ්රින් අවට කුර්දීන්ගේ ප්‍රහාර අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ තුර්කි හමුදා සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා අමතර ආරක්ෂක විධිවිධාන ක්‍රියාවට නැංවීමයි.

රට තුල සහ විදේශයන්හි සිටින හමුදා සේවය අත්හැර ගිය අයවලුන්ට සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් ඔක්තෝම්බර් මස 9 වනදා පොදු සමාවක් ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලදි.රට තුලදී මාස 4ක් සහ රටින් පිට සිටියදී නම් මාස 6ක් ඇතුලත ආපසු නොපැමිණෙන අයට මෙම පොදු සමාව නීතියෙන් පලා යාමට ඉඩ නොවේ.

මෙම තීරණය හරහා සාමදාන වීමේ ක්‍රියාවලියට සහාය දීම ඩැමැස්කස් රජයේ අරමුණයි.තවද අසල්වැසි රටවල සිට සිරියාව බලා එන සරණාගතයන්ට මෙය ධනාත්මක අයුරින් බලපානු ඇත.

සිරියාවේ ඉඩ්ලිබ් සිට ඉරාකයට යළිත් ත්‍රස්තවාදීන් දියත් කිරීමේ උත්සාහයන් ගනිමින් සිටින බවටත්,එම ක්‍රියාමාර්ග වළක්වාලමින් තිබෙන බවත්  රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඔලෙග් සිරොමොලොටොව් ඔක්තෝම්බර් මස 10දා පැවසීය.ඉරාකය මෙම ප්‍රශ්නය සම්බන්ධව කටයුතු කරන බවත් ඔවුන්ට තවත් ත්‍රස්තවාදීන් අවශ්‍ය නැති බව පැහැදිලි යැ‍යිද ඔහු කීය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සහ හයාට් ටරිර් අල්-ෂාම් ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් වල සාමාජිකයෝ නැවත දියත් කිරීම් සිදු කරන බව ඉරානය,සිරියාව සහ රුසියාව දිගින් දිගටම හෙළිදරවු කරන ලදි.එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ඩීර් එසොර් පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ව හෙලිකොප්ටර් යානා යොදාගෙන සිය කඳවුරු වෙත ගෙන ගියේ යැයි සිරියානු රජය මාධ්‍ය නිතර නිතර කියන දෙයකි.

ඇෆ්ගනිස්ථානයේදී "හඳුනා නොගත් හෙලිකොප්ටර් යානා" මගින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සැපයුම් සහ අනෙකුත් කාර්යසාධන සහාය ලබා දෙන්නේ යැයි රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ඒවා "වැරදි තොරතුරු සහ ප්‍රචාරණ" ලෙස හඳුන්වයි.ඒ කෙසේවෙතත් බොහොමයක් විශේෂඥයින්ට සහ ආරක්ෂක මූලාශ්‍රවලට අනුව සිරියා-ඉරාක සංග්‍රාම භූමියේ සිට ඇෆ්ගනිස්ථානයට සහ ලිබියාවට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යම් ප්‍රමාණයක් සාර්ථකව යොදවා ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 10 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 10 Reviewed by HarshaLulzSec on October 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.