සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 09

රුසියානු හමුදාව මිසයිල දියත්කරණ රථ 24ක් ඇතුලුව එස්-300 පීඑම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති කට්ටල තුනක් සිරියානු හමුදාවට ලබා දුන් බව රුසියානු රජයේ ටාස් නම් පුවත් සේවය ඔක්තෝම්බර් මස 8දා පුවත් වාර්තාවක් පළ කර තිබුණේ රාජ්‍යතන්ත්‍රික මූලාශ්‍රයක් පදනම් කරගෙනය.එම මූලාශ්‍රයට අනුව සිරියානුවන්ට ලබා දුන් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල ගණන 300කි.මේ සියල්ල ලබා දී තිබෙන්නේ නොමිලේය.

ඉඩ්ලිබ් සටන්කාමීන් කණ්ඩායම් ඔවුන් සතු ග්‍රාඩ් රොකට් විදින රථ,මෝටාර් සහ මැදි දුර මිසයිල ඇතුලුව බර අවි යුද මුක්ත කලාපයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත් බව තුර්කි රජයේ මාධ්‍ය ඔක්තෝම්බර් 8 වනදා වාර්තා කරන ලදි.

තුර්කියේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වල එකමුතුව ලෙස හඳුන්වන විමුක්තිය උදෙසා වූ ජාතික පෙරමුණේ ප්‍රකාශන සහ නිවේදන වලට අනුව ඔවුන්ගේ සාමාජිකයෝ යුද මුක්ත කලාපයේ සිය ස්ථානවල රැදී සිටිති.එපමණක් නොව ඔවුන් සිය සැහැල්ලු අවි,මැෂින් තුවක්කු සහ වාහන වල සවි කල ප්‍රබල මැෂින් තුවක්කු ඇතුලු අවි සහිතව ස්ථානගත වී සිටින බව වාර්තා වේ.

ඊට සමගාමීව තුර්කි සන්නද්ධ හමුදා එම ප්‍රදේශයටම අමතර භට පිරිස් සහ යුදෝපකරණ යවා තිබේ.මීට පෙර ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ නිරීක්ෂණ මුරපොළවල්හි  සිය හමුදා ඉහළ දමන්නට තුර්කිය ක්‍රියා කලේය.ඉන්පසුව දැන් එහි සැලකිය යුතු සෙබලුන් ප්‍රමාණයක් සහ යුදෝපකරණ තිබේ.

ඒ අතරතුර සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ වල ආරක්ෂක තත්ත්වය නරක අතට හැරී තිබේ.වාර්තාවලට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ අණදෙන නිලධාරියෙක් වන අබු මුසාබ් ඩුරීර් සහ තවත් සටන්කාමීන් දෙදෙනෙක් උතුරුදිග ඉඩ්ලිබ් හි අස්මරීන් සහ ආර්කුෂ් යන ගම්මාන අතර මාර්ගයේදී එල්ල වූ ප්‍රහාරයකින් මිය ගියහ.

ඩැමැස්කස්-අල්සුවයිඩා කාන්තාරයේ අල්-සාෆා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ සිරියානු අරාබි හමුදා අතර ගැටුම් තවදුරටත් සිදුවේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව ප්‍රදේශයේ සියලු ප්‍රධාන කඳ මුදුන්වල පාලනය සියතට ගැනීමට සමත්ව තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රතිරෝධයේ බලවත්භාවය හේතුවෙන් සම්පුර්ණ අල්-සාෆා ප්‍රදේශයම මුදා ගැනීම ගැටලුවක්ව ඇත.ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පසුගිය දිනවල සටන් වලින් සිරියානු අරාබි හමුදාවේ සාමාජිකයෝ 20ක් පමණ මරණයට පත්ව ඇත.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට නතු තවත් පොකට්ටුවක් යුප්‍රටීස් නිම්නයේ හජින් අවට පිහිටා තිබේ.ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා මාසයක පටන් ඒ දෙසට ඇදෙමින් සිටිති.කෙසේවෙතත්,ඔවුන්ට සිය අරමුණ ඉෂ්ඨ කර ගැනීම බොහෝ දුෂ්කර වී ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 09 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 09 Reviewed by HarshaLulzSec on October 10, 2018 Rating: 5

No comments:

Powered by Blogger.