සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 08

ඉඩ්ලිබ් සටන්කාමීන් අවි බිම තැබීම ප්‍රතික්ෂේප කිරීමත් සහ රජයේ හමුදාවන්ට දිගින් දිගටම පහරදීමත් නිසා ඔවුන් අත් අඩංගුවට ගන්නට හෝ මුලිනුපුටා දැමීමට සිදු වෙතැයි,මැදපෙරදිග සඳහා වූ රුසියානු ජනපතිගේ විශේෂ නියෝජිත මිකායිල් බොග්ඩනොව් එරට රජයට අයත් RIA Novosti පුවත් සේවයට ඔක්තෝම්බර් මස 6 වනදා පවසා තිබිණි.

ජාත්‍යන්තරව පිළිගත් ඩැමැස්කස් හි රජයත් ඇතුලුව රුසියාව සහ එහි හවුල්කරුවන් දිගින් දිගටම සිය මතය ප්‍රකාශ කර තිබේ යැයි ඔහු කීය.සැප්තැම්බර් මාසයේදී දෙපාර්ශ්වය විසින් එකඟ වූ පරිදි ඉඩ්ලිබ් හි තත්ත්වය පවත්වා ගැනීමට රුසියාව නොකඩවා තුර්කිය සමග සම්බන්ධකම් පවත්වන බවද  බොග්ඩනොව් පැවසීය.

හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා) කණ්ඩායමත් තුර්කියේ සහාය ලබන විමුක්තිය උදෙසා ජාතික පෙරමුණ නම් සටන්කාමී කණ්ඩායම්වල එකමුතුවෙන් නිර්මාණය කල සංවිධානයත් අතර පසුගිය සති දෙකක කාලය තුල බටහිර ඇලපෝ හි ගැටුම් ඇති විය.

එහි ආරම්භය සිදුවන්නේ ඩරාට් ඊසා නගරයේදී තුර්කියේ සහාය ලබන සටන්කාමීන්ගේ එකමුතුවට සැප්තැම්බර් මස 26දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පහර දීමයි.ඉන්පසු ඇතිවූ ගැටුම් ගණනාවකට පසුව දෙපාර්ශ්වය සටන් විරාමයක් ඇති කරගත්හ.කෙසේවෙතත් ඔක්තෝම්බර් මස 5දා කෆ්ර් හලාබ්හිදී යළිත් අවි ගැටුමක් ඇති විය.ඔක්තෝම්බර් මස 6දා මිසානාස් සහ කෆ්ර් නවුරන් යන නගරවලින්ද ගැටුම් වාර්තා වූ අතර මෙම සිදුවීම්වලින් සටන්කාමීන් 7 දෙනෙක් මිය ගොස් දුසිමක් පමණ සිවිල්වැසියන් ගණනක් තුවාල ලබන්නට හෝ මිය යන්නට ඇතැයි විවිධ මූලාශ්‍ර සඳහන් කරයි.

දැනට මේ දෙපක්ෂය යළිත් වරක් සටන් විරාමයකට පිවිස තිබේ.කෙසේවෙතත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය බලාත්මක කරන දිනය,ඔක්තෝම්බර් 20,ලංවද්දී සටන්කාමී කණ්ඩායම් අතර අවිනිශ්චිතබාවය ක්‍රමයෙන් වර්ධනය වන බව පෙනේ.මෙම එකඟතාවය ක්‍රියාවට නැංවුවහොත් ඉන් පරාජයට පත්වන්නේ හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලුව අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වල පක්ෂයයි.

විමුක්තිය උදෙසා වූ ජාතික පෙරමුණේ කොටස් වන නිදහස් ඉඩ්ලිබ් හමුදාව සහ ෆයිලාක් අල්-ෂාම් කණ්ඩායම්,එකඟ වූ යුද මුක්ත කලාපයෙන් සිය බර අවි සහ උපකරණ ඉවත් කර ගැනීම ආරම්භ කර තිබේ යැ‍යි ඔක්තෝම්බර් මස 6 දා වාර්තා විය.

සිරියාවේ තත්ත්වය සම්බන්ධව සහ දෙරට අතර සහයෝගීතාවය ගැන කතාබහ කිරීම සඳහා ද්වීපාර්ශ්වික හමුවක් පවත්වන්නට තමන් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන් එකඟ වූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඔක්තෝම්බර් මස 7 දා කීය.

"අපගේ සන්නද්ධ හමුදා අතර වැදගත් ආරක්ෂක සහයෝගීතාවය දිගටම පවත්වා ගැනීම සඳහා ඉතා ඉක්මණින් මුණ ගැසෙන්නට අපි තීරණය කලා" යැයි නෙතන්යාහු ජෙරුසලමේ පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කරන ලදි.

ඊශ්‍රායලය සිරියාව තුල ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වන බව ඊශ්‍රායල අගමැතිවරයා එම රැස්වීමේදී නැවත වරක් ප්‍රකාශ කලේය.

සැප්තැම්බර් මස 17දා ඉලියුෂන්-20 යානය බිම හෙළීමෙන් පසුව දෙරට අතර ඇතිවූ අවිනිශ්චිතබාවය මකා දමන්නට නෙතන්යාහු සහ පුටීන් අතර ඉදිරියේ පැවැත්වෙන හමුව ඊශ්‍රායල නායකත්වය අවස්ථාවක් ලෙස භාවිතා කරාවි.එසේම පෙරදී තමන් රුසියාව කෙරෙහි දැක්වූ සතුරු ප්‍රවේශයේ ඉදිරියේ ප්‍රතිවිපාක වළක්වා ගැනීමටද ටෙල් අවිව් රජයට හැකිවේවි.

ඩීර් එසෝර් පළාතේ හජින් ආශ්‍රිතව ආරම්භ කල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුමෙන් මේ දක්වා සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් මරාදමන ත්‍රස්තවාදීන් ගණන 241 වෙතැයි මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂනායතනය පවසයි.කෙසේවෙතත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට අනුව නම් එම මරණ ගණන ඊට වැඩිය.ඒ කොයිහැටි වෙතත් ප්‍රදේශයේ තත්ත්වය තවමත් සංකීර්ණ මෙන්ම මේ දක්වා හජින් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළල්ල බිදීමට ප්‍රතිවාදී හමුදාවන්ට පුලුවන්කමක් ලැබීද නැත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 08 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 08 Reviewed by HarshaLulzSec on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.