සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 04


සිරියානු රජයේ පාලනය යටතේ තිබෙන නැගෙනහිර අල්-සුවයිඩා වෙත මෙම වසරේ ජූලි මස 25 දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයෙන් පසුව ප්‍රාණඇපකරුවන් වශයෙන් අල්ලාගෙන ගිය අයෙක්ව ඝාතනය කර තිබේ.ත්‍රස්තවාදීන් නිකුත් කල වීඩියෝවකට අනුව වයස අවුරුදු 25ක් වන තරාවට් අල්-ෆඩෙල් අබු අමාර් නම් වන මෙම කාන්තාව ඝාතනය කර තිබෙන්නේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමෙන්ය.

දකුණුදිග සිරියාවේ අල්-සෆා හි සිදු කරන ත්‍රස්ත විරෝධී මෙහෙයුම නවතා දමන ලෙසත් බන්ධනාගාරයේ සිටින සිය ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකාවන් කිහිපදෙනෙක් මුදා හරින ලෙසත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සිරියානු හමුදාවට නියම කර තිබේ.

සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ජූලි 25දා ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදීහු රඳවාගෙන සිටින 28 දෙනාගෙන් වැඩි පිරිස ළමුන් සහ කාන්තාවන්ය.

දකුණුදිග සිරියාව තුල ත්‍රස්ත තර්ජනය තවදුරටත් ඉතිරිව තිබීමට ඉඩ දෙන ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම්,සිරියානු හමුදාව විසින් ඉෂ්ඨ නොකරනු ඇත.මාධ්‍ය වෙත නිකුත් කරන ඡායාරූප සහ විඩියෝපටවලට අනුව රජයේ හමුදා මෙහෙයුම තවදුරටත් කරගෙන බව පෙනේ.

හමා,අල්-සුවයිඩා සහ ඩීර් එසෝර් පළාත්වල රජයේ හමුදා සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදී යුද ටැංකි නාශක මිසයිල,ආර් පී ජී අවි,ස්වයංක්‍රීය රයිෆල් සහ අනෙකුත් අවි සහිත ගබඩා කිහිපයක් සොයා ගන්නට රජයේ හමුදා සමත් විය.

මෙම සිදුවීම් වලින් පෙනෙන්නේ ඩැමැස්කස් රජයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශවල ආරක්ෂාව තවමත් ප්‍රමාණවත් නොවන බවත්,සිරියානු හමුදාව සහ පොලිසිය මෙම ප්‍රදේශවල සාමය සහ ආරක්ෂාව ප්‍රතිස්ථාපනය කිරීමට අමතර පරිශ්‍රමයක් දැරිය යුතු බවත් පෙනේ.

සිරියාවට එස්-300 පද්ධති ලැබුණත් ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාව තුල සිදු කරන යුද මෙහෙයුම් දිගටම සිදු කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලීබ්‍ර මන් ඔක්තෝම්බර් මස 3 වනදා පැවසීය.

සිරියාව තුල එස්-300 පද්ධති තිබීම ගැන ඊශ්‍රායලයට සතුටු විය නොහැකි බවත්,නමුත් ඊට මුහුණදීමට සිදුවන බවත්  ඔහු කීය.කිසිම අවස්ථාවක අපි වික්‍රමයන් කිරීමට යන්නේ නැහැ.අපි හුදෙක් අපේ අත්‍යාවශ්‍ය ඇලුම්කම් ආරක්ෂා කරනවා.අපි සිටින්නේ අපේ ආරක්ෂක ඇලුම්කම් අරභයා කිසිදු සම්මුතියකට පැමිණිය නොහැකි තත්ත්වයකයි.දැන් ඊශ්‍රායලයට තිබෙන ඉතාම වැදගත් දේ වන්නේ රුසියාව සමග තිබෙන සබදතාවය සාමාන්‍යය තත්ත්වයට පත් කරවා ගැනීමයි යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

සිරියානු වෙරළාසන්නයේදී රුසියානු ඉලියුෂන්-20 යානය අනතුරට පත් වීමේ සිදුවීමේදී රුසියාව ඊශ්‍රායලයේ කතාව විශ්වාස නොකිරීම ගැන විවේචනාත්මකව කතා කල අමාත්‍යවරයා,අනතුරට හේතුව සිරියාව බවට නැවත වරක් චෝදනා එල්ල කලේය.රුසියාවට අනුව ඉලියුෂන්-20 යානය අනතුරට ලක් වූයේ ඊශ්‍රායලයේ සතුරු ක්‍රියාමාර්ග නිසාවෙනි.එනිසා එස්-300 පද්ධති සිරියානු හමුදාවට සපයන්නටත්,සිරියාවේ ගුවන් ආරක්ෂක හැකියාවන් උසස් කිරීමටද මොස්කව් රජය තීරණය කලේය.

සිරියාව සතු එස්-300 පද්ධතිවලින් ඊශ්‍රායලයට මෙහෙයුම් කිරීමට තිබෙන නිදහස සීමා කල නොහැකි යැ‍යි ඊශ්‍රායලයේ ප්‍රාදේශීය සහයෝගීතා අමාත්‍ය ට්සචි හනෙග්බි පැවසීය.

"ඔබ දන්නවා අපිට ස්ටෙල්ත් ප්‍රහාරක යානා තිබෙන බව.ලෝකයේ හොඳම ගුවන් යානා.මෙම මිසයිල පද්ධතිවලට ඒ ගුවන් යානා හඳුනා ගැනීමටවත් බැහැ." යැ‍යි හනෙග්බි පැවසුවේ එක්සත් ජනපදය ලබා දුන් එෆ්-35 ෆයිටර් ජෙට් යානා මතක් කරමින්ය.

සිරියාවට එස්-300 පද්ධති ලබා දීමෙන් සිරියානු අර්බුදයේ බරපතල ගැටුමක් නිර්මාණය විය හැකි යැ‍යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කීය.

ඊශ්‍රායලයේ ආරක්ෂාව ඉහළ නැංවීමට හැකි ඇමෙරිකානු ඩොලර් බිලියන 38ක් වටිනා යුද ආධාර පැකේජයක් ඊශ්‍රායලයට සැපයීම,ඔක්තෝම්බර් මස 2දා ඇමෙරිකානු රජය විසින් අනුමත කරන ලදි.මෙම යුද ආධාර ලබා දෙන්නේ කලාපීය තර්ජන මැඩලීමට සහ ඊශ්‍රායලයට පමණක් නොවේ ඇමෙරිකානු ඇලුම්කම්වලටද පහරදෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඉරානයේ  සහාය ලබන ත්‍රස්ථවාදී සංවිධානවලට එරෙහිව සටන් වැදීමට බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තු ප්‍රකාශිකා හෙතර් නොයෙර්ට් පැවසීය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 04 සිරියානු යුද වාර්තාව -  2018 ඔක්තෝම්බර් 04 Reviewed by HarshaLulzSec on October 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.