සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 03

එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් සහ තවත් දුසිම් ගණනක් වූ අමතර යුදෝපකරණ සිරියාවට යැවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂෙයිගු ඔක්තෝම්බර් මස 2දා ජනපති ව්ලැඩ්මීර් පුටීන් හට වාර්තා කරන ලදි.අමාත්‍යවරයාට අනුව යවන ලද උපකරණ අතර එස්-300 මිසයිල විදින රථ 4ක්,රේඩාර් සහ පාලන කටයුතු කෙරෙන රථ ඇතුලත්ය.මෙම මිසයිල පද්ධතිවල හැසිරවීමේ කටයුතු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයන් පුහුණු කිරීම් මාස 3ක් ඇතුලත සිදු කිරීමට නියමිත යැ‍යි ඔහු කීය.

සමෝධානික ගුවන් ආරක්ෂක ජාලය සිරියාව තුල ස්ථාපිත කරන්නේ ඔක්තෝම්බර් මස 20 දාය.මේ සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණු කරන ලද සිරියානු කාර්ය මණ්ඩලයන් රුසියාව විසින් දැනටමත් සපයා දී තිබේ.සිරියාව තුල සිටින රුසියානු හමුදාවල ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික හැකියාවන් වැඩිදියුණු කර ඇතැයිද අමාත්‍යවරයා කීය.සිරියාවට බහුලවම ප්‍රහාර එල්ල වන ප්‍රධාන දිශාවන් කි.මී. 200 දුරකට රුසියානු හමුදා විසින් නිරීක්ෂණය කරමින් සිටියි.

එස්-300 පද්ධති සැපයීම මේ දක්වා සිරියාව තුල දියත් කර සිටින ඇමෙරිකානු හමුදාවලට බලපෑමක් කර නැතැයි එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ප්‍රකාශක කර්නල් ෂෝන් රයන් පැවසීය."එය කිසිවක් වෙනස් කරන්නේ නැත",කියන ඔහු අනතුරු වළක්වා ගැනීමට දැනට තිබෙන ගැටුම් වළක්වාගැනීමේ යාන්ත්‍රණය භාවිතා කරන බව කියයි.

කෙසේවෙතත්,මෙහි බලපෑම සෘජුව දැනෙන්නේ ඊශ්‍රායලයටයි.සිරියාවට එස්-300 පද්ධති ලැබුණත් තමන් සිරියාවට දිගින් දිගටම පහර දෙන බවත් මිසයිල පද්ධති විනාශ කිරීමටද සූදානම් බව ඊශ්‍රායල නායකත්වය තර්ජනය කර තිබේ.සිරියානු ගුවන් ආරක්ෂක බලකාවල හැකියාවන් වර්ධනය වීමෙන් පසුව ඊශ්‍රායල ගුවන් හමුදාව ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න බොහෝදෙනා බලා සිටින කාරණයකි.


පළමු එස්-300 මිසයිල පද්ධතිය සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ අයුරු


තුර්කි සහාය ලබන සටන්කාමීන් සතු ඉඩ්ලිබ් සහ ඇලපෝ පළාත් වලින් මේ වන විට වැදගත් සිදුවීම් කිහිපයක් වාර්තාවේ.

ඩැමැස්කස් ආසන්නයේ නැගෙනහිර ගූටා හි සිට උතුරු ඇලපෝ වෙත පැමිණි ජයිස් අල්-ඉස්ලාම් කණ්ඩායම තුර්කියේ සහාය ලබන සිරියානු ජාතික හමුදාවට එක් වූ බව ජයිස් අල්-ඉස්ලාම් කණ්ඩායමේ නායක  එසාම් අල්-බුවයිඩානි  සැප්තැම්බර් මස 27දා ප්‍රකාශ කරන ලදි.

සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා ජයිස් අල්-ඉස්ලාම් කණ්ඩායම නැවත ප්‍රති සංවිධානය වෙමින්,නැවත අවි අතට ගනිමින් සිටින්නේ තුර්කියේ සහාය ඇතිවයි.අභිරහස් ප්‍රාදේශීය ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ගේ සහාය ඇතුව මොවුන් අල්-බාබ් නගරයට කි.මී.15ක් උතුරින් වෛද්‍ය මධ්‍යස්ථානයක්,පාසලක් සහ පල්ලියක් සහිතව නිවාස 1,400කින් සමන්විත නව නගරයක් නිර්මාණය කරමින් සිටිති.

තවමත් තම කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි තිබෙන්නේ ඩැමැස්කස් රජය පෙරළා දැමීමට යැ‍යි එසාම් අල්-බුවයිඩානි පැවසීය."අෂාඩ් පෙරළා දැමීම කලනොහැක්කක් නොවේ.විශේෂයෙන් සියලුම විරුද්ධ පක්ෂ හමුදා අද වනවිට එකම තැනකට එක්කාසු වී සිටින මොහොතක." යනුවෙන්  ඔහු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ඔක්තෝම්බර් මාසයේ මුලදී පළ වූ වාර්තාවලට අනුව හයාට් ටරිර් අල්-ෂාම්(ජබාත් අල්-නුස් රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව)කණ්ඩායම තුර්කිය සමග එකඟතාවයකට පැමිණ ඇති අතර ඔවුන් වෙනස් නාමයන් සහිතව සිය හමුදාව අලුත් හමුදාවන් තුනක් ලෙස ප්‍රති සංවිධානය කිරීමට සැරසේ.ඉහත වාර්තාව සත්‍යයක් නම් මෙය ඉඩ්ලිබ් හි ක්‍රියාත්මක ත්‍රස්තවාදීන්ගේ ස්වභාවය සැඟවීමේ එක් උත්සාහයක් වනු ඇත.

මැන්බිජ් නගරය වටා ඒකාබද්ධ මුර සංචාර සඳහා අවශ්‍ය තුර්කි සෙබලුන් පුහුණු කිරීම ඇමෙරිකානු හමුදා විසින් ආරම්භ කර ඇතැයි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ඔක්තෝම්බර් මස 2දා පැවසීය.

"පුහුණුව දැන් ක්‍රියාත්මකයි,එය සිදුවන්නේ කෙසේද යන්න තමයි අපි දැන් බලාසිටින්නේ"යැ‍යි මැටිස් පැවසීය.

ආරක්ෂක ලේකම්වරයාට අනුව පුහුණුව සිදුවන්නේ තුර්කිය තුලයි.මීට පෙර තුර්කි සහ ඇමෙරිකානු හමුදා මැන්බිජ් හි මුර සංචාර සිදු කලේ වෙන් වෙන් වශයෙන්ය.පුහුණුවේ අරමුණ දෙරට ඒකාබද්ධව මෙම මුර සංචාර කිරීමයි.

සිරියාවේ මැන්බිජ් නගරය සම්බන්ධව ඇති කරගත් තුර්කි-ඇමෙරිකා ගනුදෙනුවේ සිය වගකීම් එක්සත් ජනපදය පැහැර හැරියේ යැයි තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් සැප්තැම්බර් මස 28දා පවසා තිබේ.

"එක්සත් ජනපදය මැන්බිජ් එකඟතාවයේ පොරොන්දු නියමිත කාලයට ඉෂ්ඨ කලේ නැත.එසේ කලා නම් කුර්දි සටන්කාමීන් එහි නැත.කලාපයේ සැබෑ හිමිකරුවන් තවමත් පදිංචි කරවා නැත." එර්ඩොගන් අවධාරණය කලේ "එක්සත් ජනපදය ඔවුන්ගේ පොරොන්දු නොරැකි බවයි".

සිරියානු අර්බුදයට මැදිහත්ව සිටින ප්‍රධාන බලවතෙක් වන තුර්කිය සමග නොහොද තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා,එක්සත් ජනපදය මැන්බිජ් එකඟතාවය ක්‍රියාවට නැංවීම සඳහා පියවර අලුත් කරන්නට තීරණය කලේ යැ‍යි සිතිය හැකි‍ය.අනෙක් අතට තමන් විසින්ම මැන්බිජ් වටා තුර්කි-ඇමෙරිකා මුර සංචාර ආරම්භ කර නගරයේ කුර්දි හමුදා සහ දේශපාලනික ව්‍යුහයන් අතු ගා දැමීමට අන්කාරා රජය බලාපොරොත්තුවෙන් පසුවේ.එය සිදුවුවහොත්,කලාපය තුල තම දේශපාලනික සහ ආරක්ෂක අරමුණු ළඟා කර ගැනීම සඳහා එර්ඩොගන් රජය එක්සත් ජනපද-ඊශ්‍රායල පක්ෂයත්,සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානයත් අතර වෙනස භාවිතා කරන බවට එය තවත් උදාහරණයක් වනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 03 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 03 Reviewed by HarshaLulzSec on October 04, 2018 Rating: 5

No comments:

Powered by Blogger.