සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 01

එක්සත් ජනපදය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිරියාවේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ පිහිටා ඇති අල්-රුකබාන් සරණාගත කඳවුරේ සිටින ගෝත්‍රික නායකයින්ගේ නියෝජිතයෝ සහ ඩැමැස්කස් රජය,එහි පවතින මානුෂීය අර්බුදය නිමා කිරීමට අවශ්‍ය මූලික එකඟතාවයකට පැමිණීමට සමත්ව තිබේ.

එම එකඟතාවයට අනුව රජය සමග සාමදාන වීමට කැමති පිරිස නිදහස් කිරීමට අල්-රුකබාන් කඳවුරේ ප්‍රාදේශීය නායකයෝ කැමැත්ත පළ කලහ.තවත් පිරිසක් තුර්කියේ සහාය ලබන සටන්කාමීන් යටතේ පවතින උතුරු ඇලපෝ ප්‍රදේශයට පිටත් කර හරිනු ඇත.ඊට අමතරව අසනීප තත්ත්වයෙන් පසුවන 150 ක් පමණ දෙනා රජයේ රෝහල් වෙත යැවීමට නියමිතය.

අල්-රුකබාන් හි මානුෂීය අර්බුදයක් හට ගත්තේ අල්-ටන්ෆ් හි රැදී සිටින ඇමෙරිකානු හමුදා විසින් බලාත්මක කරන ලද කි.මී.50 ආරක්ෂිත කලාපය නිසාවෙනි.එම ප්‍රදේශයට මානුෂීය ආධාර සැපයීම එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් වළක්වා තිබේ.තවද ප්‍රදේශය ආරක්ෂාව ප්‍රතිස්ථාපනය කිරීමට සඳහා රජයේ හමුදාවන් ඊට ඇතුලුවීමට දැරූ සියලු උත්සාහයන් දිගින් දිගටම අඩාල කරන ලදි.

අල්-ටන්ෆ් ප්‍රදේශය එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් හිටපු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සාමාජිකයෝ පුහුණු කිරීමටත්,සන්නද්ධ කිරීමටත් භාවිතා කරන්නේ යැ‍යි සිරියානු පාර්ශ්වය දිගින් දිගටම චෝදනා එල්ල කලේය.මෙලෙස පුහුණු කල ත්‍රස්තවාදීන් රජයේ හමුදාවන්ට එරෙහි ප්‍රහාර සඳහා යොදා ගන්නා ලදි.

රුසියානු රජයට අනුව,අල්-ටන්ෆ් අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම්වලට පසුපස කඳවුරක් බවට පත්ව තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියාවේ අනෙකුත් ප්‍රදේශවලදී පරාජය වුවද මෙම ප්‍රදේශයේ සිට එම ත්‍රස්ත ඒකක මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇත.

එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී අල්-ටන්ෆ් බලකොටුව අත්‍යාවශ්‍ය බව පවසයි.

2015 වර්ෂයේ ආරම්භ සිරියාවේ යුද මෙහෙයුමෙන් මේ දක්වා මිය ගිය රුසියානු රුසියානු හමුදා සාමාජිකයන් ගණන 112ක් වන බව එරට පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක කොමිටුවේ මුලසුන දරන වික්ටර් බොන්ඩරෙව්  සැප්තැම්බර් 30 දා පැවසීය.වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වූයේ ඇන්ටනොව්-26 සහ ඉලියුෂන්-20 යානා අනතුරට ලක් වීමෙන් යැයි ඔහු කීය.බොන්ඩරෙව්ට අනුව සිරියාවේදී රුසියානු හමුදාවට ගුවන් යානා 8ක්,හෙලිකොප්ටර් යානා 7ක් සහ බී ටී ආර් ඇතුල සන්නද්ධ රථ 1-2 පමණ අහිමිව තිබේ.

සිරියානු හමුදාවට එස්-300 මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව් රොව් සැප්තැම්බර් 28දා ප්‍රකාශ කරන ලදි.

"බාර දීම(එස්-300 පද්ධති ) දැනටත් ආරම්භ වෙලා තියෙන්නේ.ජනපති පුටීන් කීවාක් මෙන්,ඒ සිදුවීමෙන් පසුව..සිරියාව තුල සිටින අපේ සෙබලුන්ගේ සුරක්ෂාව 100%කින් තහවුරු කරන්නට අපි ක්‍රියා මාර්ග ගන්නවා." යනුවෙන් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කලේය.

එස්-300 පද්ධති සැපයෙන්නේ,මොස්කව් රජයට අනුව ඊශ්‍රායලයේ සතුරු ක්‍රියා මාර්ගය නිසාවෙනි.

වඩාත් නූතන එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති රුසියාවෙන් ලබා ගන්නට සිරියාව බලාපොරොත්තු වන්නේ යැ‍යි සිරියානු විදේශ අමාත්‍ය වලිඩ් මුඅලිම් කීය.කෙසේවෙතත් රුසියාවත්,කලාපීය බලවතුන් අතර සිදුවීමක් ඇති නොවුනහොත් එස්-300 පද්ධති සැපයීම ඉතා අසම්භාව්‍ය පවතීවි.

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සැප්තැම්බර් මස 30දා රක්කා නගරයේ තිබූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රහස් තිප් පොලක් වටලන ලදි. එහිදී ඒ කේ-47 වර්ගයේ රයිෆල් 2ක්,අත් තුවක්කුවක්,අත් බෝම්බ 7ක්,පුපුරණ ද්‍රව්‍ය සහිත බදපටි 3ක්,යුද ටැංකි නාශක බිම්බෝම්බ 11ක්,කලාතුවක්කු උණ්ඩයක් සහ සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා භාවිතා කරන රථ සඳහා භාවිතා කරන උපාංගයක් හමුවී තිබේ.

රක්කා නගරයේ පාලනය මුළුමනින්ම තමන් සතු යැ‍යි එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කීවද පසුගිය සමයේදී ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් පෙනී යන්නේ රක්කා නගරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රහසිගත තිප් පොලවල් ක්‍රියාත්මක බවයි.

ඩීර් එසෝර් පළාතේ හජින් සහ අල්-සුසාහ් නගර දෙසට ඇදෙන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ප්‍රහාරවලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 49 දෙනෙක් මිය ගොස් වාහන 4ක් විනාශ වූ බව එම හමුදා පවසයි.හජින් යනු සිරියාව තුල තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුවයි.එය මුලිනුපුටා දමන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට හැකි වුවහොත් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ත්‍රස්තවාදීන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත් වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කල හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 01 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 01 Reviewed by HarshaLulzSec on October 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.