ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31

October 31, 2018
මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ කාස් යුරුගුසාන් ප්‍රදේශයේ දී තලෙයිබාන් සටන්කාමීන් සමග ඇතිවූ සටන්වලින් රජයට පක්ෂපාතී හමුදාවල ක්ෂේත්‍ර අණදෙන නිලධාරින් ඇතුලුව සටන්කරුවන් 30 දෙනෙක් මරණයට පත් වූ බව ජිහාඩ් හඬ නම් තලෙයිබාන් සංවිධානයේ පුවත් සේවය ඔක්තෝම්බර් මස 31දා වාර්තා කලේය.එදිනම බටහිර ෆරා පළාතේදී ඇෆ්ගන් හමුදාවට යටත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටිණි.එම අනතුරෙන් යානයේ ගමන් ගත් 25 දෙනාම මරණයට පත් වූ බව ෆරා පළාතේ ප්‍රකාශකයා ලෙස කටයුතු කරන මොහොමඩ් නාසර් මෙරි  පැවසීය.

අනතුර සිදු වූයේ හෙලිකොප්ටර් යානය අනර් ඩාරා කඳුකර දිස්ත්‍රික්කයෙන් ගුවන් ගත වී හෙරාට් පළාත වෙත යමින් සිටියදීය.මිය ගිය පිරිස අතර බටහිර කලාපයේ නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී නයිමුදුල්ලා කලිල්,ෆරා පළාත් කවුන්සිලයේ ප්‍රධානී ෆරිඩ් බැක්ටවාර් ඇතුලුව එහි සාමාජිකයෝ දෙදෙනෙක්ද සිටිති.

ජිහාඩ් හඬ නම් තලෙයිබාන් සංවිධානයේ පුවත් සේවයට අනුව හෙලිකොප්ටරය එම සංවිධානයේ ප්‍රහාරයකින් කඩා වැටී තිබේ.මෙම සිදුවීම එක්සත් ජනපදයේ සහාය ලබන හමුදා තලෙයිබාන් සංවිධානයට එරෙහිව ආරම්භ කර තිබෙන යුද මෙහෙයුම්වල ප්‍රතිඵලයක් යැ‍යි එම පුවත් සේවය පවසයි.

තලෙයිබාන් මාධ්‍ය අංශයට අනුව පක්ටිකා පළාතේ තලෙයිබාන්වරුන්ට එරෙහි මෙහෙයුමේදී රජයට පක්ෂපාතී හමුදා විසින් සිවිල් වැසියන් 14ක් ඝාතනය කර 8 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
පුල්-ඊ-චර්කි බන්ධනාගාරය

ඔක්තෝම්බර් 29දා කාබුල් නගරයේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ල ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් එම ආයතනයේ නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 2ක් මතුවාල ලැබීය.පුල්-ඊ-චර්කි බන්ධනාගාරය ඉලක්ක කරගෙන ඔක්තෝම්බර් මස 31දා එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 7 දෙනෙක් වත් මියගොස් තිබේ.



source:southfront.org


ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31 ඇෆ්ගනිස්ථානය:යුදමය වාතාවරණය - 2018 ඔක්තෝම්බර් 31 Reviewed by HarshaLulzSec on October 31, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30

October 31, 2018
සැප්තැම්බර් මස 17 දා රුසියානු ඉලියුෂන්-20 ඔත්තු බැලීමේ යානය බිම හෙළීමෙන් පසුවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිරියාවේ ඉලක්ක වෙත දිගින් දිගටම පහර දුන් බව ඊශ්‍රායලයේ ඉහල පෙළේ බලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඔක්තෝම්බර් මස 29දා වාර්තා කර තිබිණි.

"රුසියානු ගුවන් යානය බිම හෙළීමෙන් පසුවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිරියාවට පහර දී තිබෙනවා.රුසියාව සමග යුදමය සම්බන්ධීකරණය පෙර මෙන් පවත්වාගෙන යනවා" - රොයිටර්

මෙම වාර්තාව මුඛ්‍යධාරාවේ මාධ්‍යවල පුලුල් අවදානයට ලක් වූ අතර එය තවදුරටත් සංවර්ධනය වන පුවතක් බවටද පත් විය.ඊශ්‍රායල මාධ්‍යවලට අනුව සිරියානු හමුදාවට එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ලැබීමෙන් පසුවත් ඊශ්‍රායල ගුවන් හමුදා යානා,හිස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් ලැබුණු අවි තොගයක් ඉලක්ක කර ඔක්තෝම්බර් මස 1දා ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉන් එහාට ගොස් ප්‍රහාර ගණනාවක් එල්ල කලේ යැ‍යි ඊශ්‍රායල මූලාශ්‍ර පැවසුවද ඊශ්‍රායල ආරක්ෂක අංශවල නිල මාධ්‍ය අංශය මෙන්ම සිරියා සහ ඊශ්‍රායල ක්‍රියාකාරීද එම වාර්තා ප්‍රතික්ෂේප කරති.

සිරියාව තුල ඊශ්‍රායලය සිදු කරන ක්‍රියාවන්ට සහාය දක්වන්නන් මෙම වාර්තාවලින් ප්‍රීතියට පත්ව තිබෙන මුත්,මෙම වාර්තා තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් නොවීම ප්‍රශ්නයකි.සිරියානු හමුදාව සහ ප්‍රාදේශීය මූලාශ්‍ර ,ඊශ්‍රායලයේ ප්‍රකාශ දකින්නේ එරට හමුදාවේ ගෞරවය රැක ගැනීමට නිර්මාණය කල අසත්‍ය පුවත් ලෙසයි.

රුසියාවේ ස්පුට්නික් පුවත් සේවය සමග ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වන උසි ඩයන් පැවැත් වූ කෙටි සම්මුඛ සාකච්ඡාව පළ කර පැයකටත් වඩා අඩු කාලයකදී අඥාත මූලාශ්‍රයක් පදනම් කරගෙන රොයිටර් පුවත් සේවයේ වාර්තාව පළ කිරීම පුදුමයට කරුණකි.සිරියාව රුසියාවෙන් ලබා දුන් එස්-300 පද්ධති සේවයේ යෙදවුවත් ඊශ්‍රායලය ගුවන් හමුදාවට වෙනසක් නොදැනෙනු ඇතැයි ජෙනරල්වරයා කීය.කිසිදු ප්‍රතිශක්තිය(එස්-300 පද්ධතිවලට සතුරු ප්‍රහාර හමුවේ ප්‍රතිරෝධයක් නොදැක්විය හැකිය යන්න මෙහි අරුතයි ) නොමැති මෙම අවි විනාශ කර දමන්නට ඊශ්‍රායල යුද ගුවන් යානාවලට හැකි යැ‍යිද ඔහු පැවසීය.

ඊශ්‍රායලය සිරියාවේ ඉලක්ක වෙත සිදු කරන ප්‍රහාර නවතා දමන්නට සූදානම් නැති බව පැහැදිලිය.එසේම සිරියානු ගුවන් ආරක්ෂක බලකා වෙත ලැබුණු එස්-300 පද්ධති නොසලකා හරිමින් දිගටම සිරියාවට පහර දෙන්නට ඔවුන් සූදානම් වෙමින් සිටියි.කෙසේවෙතත්,එවැනි ක්‍රියාමාර්ග දිගින් දිගටම පමා වීම ඔස්සේ සිරියානු අර්බුදය එරෙහි ඊශ්‍රායල බලපෑමේ පසුබෑම ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රකයෝ විසින් හෙළිකිරීම ඊශ්‍රායල දේශපාලන සහ හමුදා බලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වීම අනිවාර්යය වේ.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි යොදාගෙන කුපිත කරවීමක් කිරීමට වයිට් හෙල්මට්ස්(මුදා ගැනීමේ කණ්ඩායමක්)සහ හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල් නුස් රා නමින් හැඳින්වූ සිරියාවේ අල්කයිඩා ශාඛාව)කණ්ඩායම් වලට තවමත් හැකියාව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු උප නියෝජිත ව්ලැඩ්මීර් සෆ් රොන්කොව් ඔක්තෝම්බර් 29දා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී පැවසීය.ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල රසායනික අවි සැක කටයුතු ලෙස ප්‍රවාහනය කරන බවත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප ගිවිසුම යනු තාවකාලික පියවරක් බවත්,සිරියාවේ වයඹදිග කොටසේ ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිමේ අරමුණ කිසිවෙකුත් අතහැර දමා නැතැ‍යිද ඔහු කීය.සටන්කාමීන්ගේ ප්‍රකෝප කිරීම් තවදුරටත් සිදුවුවහොත් ත්‍රස්තවාදී තර්ජනය මුලිනුපුටා දැමීම සඳහා රුසියාව සිරියානු හමුදාවට සහාය ලබා දෙන්නට සූදානම්ය.

යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතර ගැටුම් තවදුරටත් සිදුවන අතර සමහරක් ත්‍රස්තවාදී කණ්ඩායම් ඉරාක දේශසීමාව ආසන්නයට ලගා වී ඇතැයිද වාර්තා වේ.Popular Mobilization Units (PMU) නම් ඉරාකයේ රජයට පක්ෂපාතී පැරාමිලිටරි කණ්ඩායම් වල එකතුව සිය සටන්කරුවන් ඉරාක දේශසීමාවට යවා ඉදිරියේ සිදුවිය හැකි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණයක් වළක්වන්නට කටයුතු කරන බව නිවේදනය කලේය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 30 Reviewed by HarshaLulzSec on October 31, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 29

October 30, 2018
සිරියානු අර්බුදය සම්බන්ධව කතාබහක් සඳහා තුර්කි,ප්‍රංශ,ජර්මන් සහ රුසියානු නායකයෝ ඔක්තෝම්බර් මස 27දා ඉස්තාන්බුල් හිදී හමුවිය.ඔවුහු සිරියාවේ ත්ත්වය සම්බන්ධව කතිකා කිරීමත්,අර්බුදයට දේශපාලනික විසඳුම් ලබාදීමට තමන් සතු වගකීමත් ප්‍රකාශ කලහ.කෙසේවෙතත් මෙම සමුළුවේදී එකඟ වූ එකම ප්‍රායෝගික පියවර වූයේ වසර අවසානයේදී සිරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව පිහිටුවීමේ තීරණයයි.

සමුලුව අවසානයේ පැවති කෙටි මාධ්‍ය හමුවේදී ජනපති ව්ලැඩ්මීර් පුටීන් පැවසුවේ සිරියාවේ අනාගතය ගැන තීරණය කල යුත්තේ සිරියානුවන් බවත් එම න්‍යාය පත්‍රයේ සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් නොවන බවත්ය.සටන්කාමීන් දියත් කල ඩ්‍රෝන් යානා 50ක් මෙයිමිම් රුසියානු ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී බිම හෙළු බවද පුටීන් එහිදී හෙළි කලේය.


යුදමුක්ත කලාපය ස්ථාපනය කිරීම වළක්වාලීමත් දිගින් දිගටම කුපිත කිරීම් සිදු කිරීමත් හමුවේ ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට රුසියාවේ සහාය ලබාදෙන බවද ඔහු කීය.ඉඩ්ලිබ් හි වාතාවරණය සම්බන්ධව තම හවුල්කරුවන් දැනුවත් කල බවත්,සමහර ඉලක්ක වෙත දැනටමත් කාලතුක්කු ප්‍රහාර එල්ල කර ඇතැයි පුටීන් කියා සිටියේය.

ඇලපෝ,ලටාකියා,හමා සහ ඉඩ්ලිබ් හි රජයේ පාලන ප්‍රදේශ වෙත නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් යුද මුක්ත කලාප ගිවිසුම උල්ලංඝනය කරන්නේ හයාට් ටරිර් අල්-ෂාම්,ජයිස් අල්-ඊසා සහ හොරස් අල්-ඩීන් යන කණ්ඩායම්ය.සටන්කාමීන් කාන් ටුමන් නගරය ආසන්නයේ සිටි සිරියානු අරාබි හමුදා සෙබලුන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කලේ බව ඇලපෝ හි හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ අණ දෙන නිලධාරියෙක් වන සුබයිර් අල්-තුර්ක්මනි විසින් තහවුරු කරන ලදි.

සිරියානු රජයේ හමුදා සහ "ඉරානයේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායම්" සටන් විරාම ගිවිසුම බිද දමමින් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල වූ රාෆා ගම්මානයට ප්‍රහාර එල්ල කලේ යැ‍යි යෙනි සාෆක් නම් තුර්කි මාධ්‍ය,වයිට් හෙල්මට්ස් - මුදා ගැනීමේ කණ්ඩායම උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.ප්‍රහාර වලින් ළමුන් තිදෙනෙක් ඇතුලුව සිවිල් වැසියන් 7 දෙනෙක් මිය ගිය බව වාර්තාවේ සඳහන්ය.

ඒ අතරතුර මානව හිමිකම් සම්බන්ධව සිරියානු නිරීක්ෂණාගාරය වාර්තා කර තිබුණේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් ඇමෙරිකානු සහාය ලබන
සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි සටන්කරුවන් සහ අණදෙන නිලධාරීන් 68 දෙනෙක් මරණයට පත්ව ඇති බවයි.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අමාක් පුවත් සේවය නිකුත් කල නිවේදනයක සඳහන්ව තිබුණේ ඔවුන් අල්-සුසාහ් සහ ල්-බගුස් අල්-ෆව්කානි වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල බවයි.එහිදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි සටන්කරුවන් දෙදෙනෙක් ත්‍රස්තවාදීන්ගේ අත් අඩංගුවට පත්ව තිබේ.

ඔක්තෝම්බර් මස 27දා ප්‍රහාරයෙන් සිය සටන්කරුවන් 14 දෙනෙක් පමණක් මිය ගිය බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නිකුත් කල ප්‍රකාශයක සඳහන් වේ.එසේම තමන්ට යුප්‍රටීස් නිම්නයේ කිසිදු ස්ථානයක බලය අහිමි නොවූබවද ඔවුහු කීය.කෙසේවෙතත් ඔක්තෝම්බර් 28 සහ 29 දිනවලද ප්‍රදේශයේ දෙපාර්ශ්වය අතර සටන් පැවති අතර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු වඩාත් ආක්‍රමණකාරී ස්වභාවයක් අනුගමනය කලහ.

අල්-ෂුහයිල් නගරයත් ඔමාර් තෙල් නිධිත් අතර මාර්ගයේ ගමන් කරමින් සිටි එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට අයත් රථ පෙළකට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් බෝම්බ ඇටවූ රථයක් යොදාගෙන ප්‍රහාරය එල්ල කලේ යැයි ඔක්තෝම්බර් මස 28දා අමාක් පුවත් සේවය වාර්තා කලේය.අමාක් හි වාර්තාව ප්‍රාදේශීය මුලාශ්‍රද තහවුරු කලහ.ප්‍රහාරයෙන් සිදුවූ හානි සම්බන්ධව වාර්තා නිකුත් වී නැතිද,ප්‍රාදේශීය සිරියානු මාධ්‍යයන්ට අනුව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සාමාජිකයෝ කිහිපදෙනෙක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි අනුමාන කෙරේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රක හමුදාහි කුර්දි කණ්ඩායම් බහුල 'අයින් අල්-ඇරබ්' එනම් කොබානි යන නමින් ප්‍රසිද්ධ නගරය ආසන්නයට තුර්කි සන්නද්ධ හමුදාවන්හි කාලතුවක්කු ප්‍රහාර ගණනාවක් එල්ල විය.අන්කාරා රජය ත්‍රස්තවාදීන් ලෙස දකින කුර්දි සන්නද්ධ කණ්ඩායම් උතුරු දිග සිරියාවෙන් මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කිරීමට යන යුද මෙහෙයුම සම්බන්ධව අනතුරු ඇඟවීමක් ලෙස මෙම ප්‍රහාරය සැලකිය හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 29 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 29 Reviewed by HarshaLulzSec on October 30, 2018 Rating: 5

රුසියානු හමුදාවේ සේවය කරන රොබෝවරු

October 29, 2018
සංග්‍රාමික කොත් සහ කෘත්‍රීම බුද්ධියක් සහිත මිසයිල යනු රුසියානු හමුදාව ඇතුලුව ලෝක හමුදාවන්හි අතිශය නවීන හමුදාවන් හොලිවුඩයේ ටර්මිනේටර්වරුන් වෙත ගමන් කරමින් සිටින බවට පෙන්වන පළමු පියවරයි.

සංග්‍රාම භූමියේ මානව සොල්දාදුවන් ප්‍රතිස්ථාපනය කරන රෝබෝවරු සහ ස්මාට් අවි වනාහි 21 වන සියවසේ මුල් භාගයේ  ප්‍රධානතම අවි සංවර්ධන ප්‍රවණතාවයකි.ලොව ශක්තිමත් හමුදා සතුව මේවන විටත් තිබෙන මූලාකෘත්‍රි යන්ත්‍ර යනු හෙට දිනයේ අපරිණත ටමිනේටර්වරුන් සහ රොබෝ පොලිස් භටයින්ය.



සංග්‍රාමික මොඩියුලයන්

රුසියානු හමුදාවේ පළමු 'රොබෝවරු'(වීඩියෝ ක්‍රීඩාවක මෙන් ජොයිස්ටික් එකක් මගින් මානව ක්‍රියාකරුවෙක් මෙහෙය වන බිම්බෝම්බ ඉවත් කරන කුඩා යන්ත්‍ර හැර )වන්නේ සැහැල්ලු සහ බර සන්නාහ සන්නද්ධ රථ වල ස්ථාපනය කර තිබෙන මැෂින් තුවක්කු කොත් හෙවත් සංග්‍රාමික මොඩියුලයන්ය.

ඒවායින් එකක් නිෂ්පාදනය කරනු ලබන්නේ කලෂ්නිකොව් කන්සර්න් සමාගමයි.එය දුරස්ථව පාලන කරනු ලබන මී.මී. 12.7 සහ මි.මී.7.62 මැෂින් තුවක්කු දෙකක් සහිත කොතකි.

දෙවැන්න සැහැල්ලු-සන්නාහයක් සහිත ටයිගර් වැනි රථ සඳහා සුදුසු කොතකි.එය සතු මි.මී.30  සහ මි.මී.12.7 සහ මි.මී.7.62 මැෂින් තුවක්කුවලට සංග්‍රාම භූමිය පාලනය කිරීමටත් කලින් වැඩසටහන් ගත කල ඉලක්ක වෙත ස්වාධීනව වෙඩි ප්‍රහාර දියත් කිරීමටත් පුලුවනි.

රොබෝවරුන්ගේ කෘත්‍රීම බුද්ධිය සතුව තිබෙන පුර්ව-ස්ථාපිත ඉලක්ක සහිත දත්ත ගබඩාවක් තිබේ.එම දත්ත පදනම් වන්නේ ඉලක්ක වල පෙනුම,චලනය,තාප විකිරණය ආදීය මතයි.ස්වය-අධ්‍යයනය ඇල්ගොරිතම් ඔස්සේ මෙම දත්ත ගබඩාව යාවත් කාලීන කිරීමට,එකතු කර ගැනීමට,පුලුල් කර ගැනීමට කෘත්‍රීම බුද්ධිය සමත්ය.ඊට අමතරව අධෝරක්ත වර්ණාවලියේ උෂ්ණත්වය,දීප්තිය ආදිය මත පදනම්ව අමතර අනාවරණ ක්‍රම මොඩියුලයට එකතු කරන්නට ඉන්ජිනේරුවන්ට හැකිය.

කෙසේවෙතත් එහි වර්තමාන සංවර්ධන අවධිය සැලකිල්ලට ගෙන ඉලක්ක වෙත විවෘතව වෙඩි තැබීම මානව මෙහෙයුම්කරුවෙක් හට පවරා තිබේ.ඇත්තෙන්ම කෘත්‍රීම බුද්ධියට තාක්ෂණිකව තීරණය කිරීමේ හැකියාව තිබෙන මුත් ජෙනර්ල්වරුන් එම කාර්යය ඔවුන්ට භාර දෙන්නට තවමත් සූදානම් නැත.සමහර විට ටර්මිනේටර්-විලාසයේ යන්ත්‍රවල නැගිටීමක් ගැන ඔවුන් බියෙන් සිටිනවා විය හැකිය.

මෙවැනි ආකාරයේ කොතක් යනු ස්වයංඝාතක ඩ්‍රෝන් යානා හෝ බෝම්බ සහිතව පියාසර කරන දුරස්ථව පාලනය කෙරෙන කුඩා යානාවලට එරෙහි ප්‍රබල අවියකි.මැදපෙරදිගදී සටන්කාමීන්ට එරෙහි සියලු සංග්‍රාමික මෙහෙයුම්වලදී එවැනි දුරස්ථ පාලන කොත් භාවිතා කෙරේ.

යුදෝපකරණ ඉංජිනේරුවන්ට අනුව මෙම යන්ත්‍රවල මොළය ඉතා දියුණුය.එයට තමාගේ වටපිටාව අධ්‍යයනය කිරීමටත් සතුරා සහ ඔහුගේ පරිසරය සම්බන්ධව තොරතුරු දත්ත ගබඩාවට එකතු කරගන්නටත් හැකියාව තිබේ.



ස්මාට් මිසයිල

තම හමුදා සතුව "ස්මාට් මිසයිල" තිබෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ව්ලැඩ්මීර් පුටීන් වැනි නායකයෝ නිතරම ආත්මවර්ණනා කරයි.ඇත්තටම එවැනි මිසයිල පවතියි.

ටොමහොක් සහ කැලිබ්(ර්) කෲස් මිසයිලවලට ඒවාහි ඉලක්කය සඳහා පාර කියන උපාංග මෙන්ම ස්කන්ඩර්-එම් මිසයිල ක්‍රියා කරන්නේ ඡායාරූප සහ ඉලක්කයට සම්බන්ධ තොරතුරු මතයි.

කෲස් මිසයිල සිය ඉලක්කය වෙත ගමන් කරද්දී උන්නතාංශය වෙනස් කිරීම,ඇලයට ගමන්  කිරීම ආදී හරඹයන් පෙන්වන්නට මෙය එක් හේතුවකි.තමන්ට ගමන් කරන මාර්ගයේ දී හමුවන සියලු උගුල් නොසලකා හරිමින් කලින් ලබා දුන් ඉලක්කය වෙතම පතිත වන්නේ කෲස් මිසයිල පතින වන්නේය.

ඉදිරි දශකවලදී මෙම සියලු තාක්ෂණයන් අති විශාල දියුණුවක් අත් කරගනු ඇත.එසේම ගොඩබිම,ජලය සහ අහසේ සංග්‍රාමයන්හි මිනිසාට හිමි තැන යන්ත්‍ර විසින් හිමි කරගන්නා දිනයද වැඩි ඈතක නොවේ



source:rbth.com


රුසියානු හමුදාවේ සේවය කරන රොබෝවරු රුසියානු හමුදාවේ සේවය කරන රොබෝවරු Reviewed by HarshaLulzSec on October 29, 2018 Rating: 5

රුසියාව:අනාගත අධිවේගී හෙලිකොප්ටර් යානය

October 28, 2018
රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට යන අනාගත,අධිවේගී හෙලිකොප්ටර් යානයේ තොරතුරු ඇතුලත් ඡායාරූප පෙළක් කමොව් සැලසුම් කාර්යාංශය විසින් හෙළිදරව් කරන ලදි.

රුසියානු සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියක මෙම හෙලිකොප්ටරයේ ඡායාරූප පළ කර තිබිණි.සමහර වාර්තා වලට අනුව මෙම හෙලිකොප්ටර් යානයේ විස්තර අනාවරණය වන්නේ අහම්බෙනි.

 රුසියාවේ අනාගත අධිවේගී හෙලිකොටර් යානයේ දළ සටහන්


මෙම ඡායාරූපවලට අනුව හෙලිකොප්ටරය ඩෙල්ටා හැඩැති ස්ථිර පියාපතක්,සමක්ෂක භ්‍රමක පද්ධතියක්,පැත්තෙන් පැත්තට පිහිටි නියමු කුටියක් සහ ඉදිරිපසට තල්ලුවක් දිය හැකි පිටුපස එන්ජින්වලින් සමන්විතය.බැලූ බැල්මට රුසියානු හෙලිකොප්ටරය ඇමෙරිකානු "සිකොර්ස්කි එස්-97 රයිඩර්" සහ "බෙල් වී-280 වැලර්" යන හෙලිකොප්ටර් යානා දෙකේ අංගයන්ට සමානකම් දක්වයි.එහි සමක්ෂක භ්‍රමක පද්ධතිය එන්ජින් දෙකකින් බලගැන්වේවි.
එක්සත් ජනපදයේ  Sikorsky S-97 Raider හෙලිකොප්ටර් යානය

එක්සත් ජනපදයේ Bell V-280 Valor හෙලිකොප්ටර් යානය

සංකල්පිත අධිවේගී හෙලිකොප්ටර් යානය අධෝරක්ත ඉලක්ක කිරිම් මැඩලන පද්ධති සහ අභ්‍යන්තර අවි ගබඩාවක් මෙන්ම බාහිරින් සවි කල අවි පද්ධතිවලින්ද සමන්විත වනු ඇත.ඊට අමතරව සතුරු රේඩාර් පද්ධතිවලට අනාවරණය වීමේ හැකියාව අවම කරන ස්ටෙල්ත් තාක්ෂණය මෙම හෙලිකොප්ටරය සතු වේවි.

කමොව් සැලසුම් කාර්යාංශයට අනුව නවතම තාක්ෂණයන් ඔස්සේ මෙම යානයට වැඩි වේගයක්,දිගු පරාසයක් සහ වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත.අපේක්ෂා කරන පරිද්දෙන් අලුත් හෙලිකොප්ටරය පැයට සැතපුම් 435 වැඩි උපරිම වේගයක් රඳවා ගැනීමට සමත් වේවි.එය දැනට තිබෙන සාම්ප්‍රදායික හෙලිකොප්ටරයක වේගය මෙන් තුන් ගුණයකට ආසන්නය.

අනාගත රුසියානු අධිවේගී හෙලිකොප්ටර් යානා ව්‍යාපෘතිය ප්‍රදර්ශනය කලේ කමොව් සැලසුම් කාර්යාංශයේ ප්‍රධාන සැලසුම් ශිල්පියා වන සර්ගෙයි මිකෙයෙව් විසිනි.ඔහු 1987 වර්ෂයේ පටන් සමාගමේ ප්‍රධාන සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරයි.

පෙනෙන හැටියට රුසියාව අධිවේගී හෙලිකොප්ටර් යානා සංකල්පය අතින් ඇමෙරිකානු ආරක්ෂක සමාගම්වලට පිටුපසින් සිටියි.තම අනාගත ප්‍රහාරක ,ඔත්තු බැලීමේ යානය සඳහා තරඟයක් සංවිධානය කරන්නට එක්සත් ජනපද හමුදාව ක්‍රියා කර තිබේ.එහිදී ඉදිරි වසර කිහිපය සඳහා පියාසර කල හැකි මූලාකෘති ඉදිරිපත් කරන්න යැ‍යි ඔවුන් ආරක්ෂක සමාගම් වෙත දන්වා ඇත.

2023 වර්ෂයේදී ගුවන් හමුදාවට එක් කර ගත හැකි හෙලිකොප්ටර් මූලාකෘති දෙකක් සම්බන්ධව දැනට ඇමෙරිකානු හමුදාවේ අවධානය යොමුව  තිබේ.ඔවුන්ගේ ප්‍රයත්නය වන්නේ ඉදිරි වසර 10 කාලය වෙනුවෙන් යොදාගත හැකි සිරස්ව ගුවන් ගත වන අනාගත ගුවන් යානා පවුලක් නිර්මාණය කිරීමයි.ඒ හරහා යූ එච්-60 බ්ලැක් හොක්ස් සහ ඒ එච්-64 අපාචි යන හෙලිකොප්ටර් යානා විශ්‍රාම යැවෙනු ඇත.

සිකොස්කි එස්-97 රයිඩර් නම් හෙලිකොප්ටර් යානය ඇමෙරිකානු හමුදාවේ අනාගත අධිවේගී හෙලිකොටර් යානා හි ඉදිරි පෙළ ධාවකයා වේවි යැ‍යි අනුමාන කල හැකිය.

පසුගිය සමයේ මෙම යානය යොදාගෙන සිදු කල අත්හදා බැලීම් ගමන්වාර වලදී එය නාවික සැතපුම් 200 ඉක්මවන වේගයකින් පියාසර කර තිබේ.


ඊට අමතරව බෙල් හෙලිකොප්ටර් සමාගමේ වී-280 වැලර් නම් යානය වසරකට වැඩි කාලයක පටන් අත්හදා බැලේ.එම යානයද ඇමෙරිකානු හමුදාව සංවිධානය කල තරඟයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.




source:zerohedge.com


රුසියාව:අනාගත අධිවේගී හෙලිකොප්ටර් යානය රුසියාව:අනාගත අධිවේගී හෙලිකොප්ටර් යානය Reviewed by HarshaLulzSec on October 28, 2018 Rating: 5

යේමනය:හවුති නාවික හමුදාව

October 27, 2018
ඔක්තෝම්බර් මස 12දා යේමනයේ අල්-මසිරාහ් රූපවාහිනී නාලිකාව යේමන නාවික හමුදාව(හවුති සටන්කාමීන්ට පක්ෂපාතී) සම්බන්ධව කෙටි වාර්තා වැඩසටහනක් විකාශනය කලේය.එහි සඳහන් පරිදි 2015 වර්ෂයේ යේමන් යුද්ධය ආරම්භයේ පටන් සෞදි අරාබිය නායකත්වය දරන මිත්‍ර සන්ධානය සතුව තිබූ යුද නෞකා සහ බෝට්ටු 20ක් බටහිර සහ දකුණු මුහුදු තීරයන්හිදී ඉලක්ක කර තිබේ.


වාර්තා වැඩසටහනේ අඩංගු නවතම දර්ශනවල 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය නාවික හමුදාවේ "එච් එස් වී-2 ස්විෆ්ට්" නෞකාවට පහරදීම සහ 2017 පෙබරවාරි මස 2දා රාජකීය සෞදි නාවික හමුදාවේ "අල්-මඩිනාහ්" නම් ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාවට පහරදීමත් ඇතුලත් වේ.එච් එස් වී-2 ස්විෆ්ට් නෞකාවට පහර දුන්නේ හඳුනා නොගත් නෞකා නාශක නියාමක මිසයිලයකින් වන අතර සෞදියේ අල්-මඩීනාහ් නෞකාව ඉලක්ක කර තිබුණේ ජලජ මරාගෙන මැරෙන යාත්‍රාවක්/මර උගුලක් යොදාගෙනය.
HVS-2 Swift නෞකාව විනාශ වීමට පෙර දිස්වූ අයුරු

 එක්සත් ජනපදයේ නිපදවන ලද එච් "එස් වී-2 ස්විප්ට්" නෞකාව හවුති සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාරයට ගොදුරු වන්නේ යේමනයේ මෝකා වරායේ තිබියදීය.සිදුවීම වාර්තා වන්නේ 2017 ඔක්තෝම්බර් 1දාය.මෙම නෞකාව කලින් ඇමෙරිකානු නාවික හමුදාවට අයත්ව තිබූ අතර පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාවික හමුදාව විසින් බදු පදනම මත ලබා ගන්නා ලදි.අදාල නෞකාව හවුති පාලනය යටතේ තිබෙන ප්‍රදේශයට මුහුණලා තිබෙන වෙරළ ඉලක්ක කරගෙන මිත්‍ර සන්ධාන හමුදා ක්‍රියාවට නංවා ඇති නාවික වැටලීමටද භාවිතා කලේය.

එච් එස් වී-2 ස්විප්ට් නෞකාව අධිවේගී මෙන්ම මුහුදු බෝම්බ එලීම,යුද මෙහෙයුම් පාලනය සහ උපකරණ සහ සෙබලුන් ප්‍රවාහනය යනාදී කාර්යයන් සඳහා භාවිතා කරන ලදි.


 මිසයිල ප්‍රහාරයෙන් විනාශයට පත් වූ HVS-2 Swift නෞකාව





HVS-2 Swift නෞකාව මිසයිල ප්‍රහාරයට ලක් වූ අවස්ථාව


සෞදි අරාබියට යටත් අල් මඩිනාහ් නෞකාව හානියට ලක් වන්නේ 2017 ජනවාරි මස 29දා හවුති සටන්කාමීන් රතු මුහුදේදී දුරස්ථව පාලනය කල පුපුරණද්‍රව්‍ය පිරවූ යාත්‍රාවක් යොදාගෙන සිදු කල ප්‍රහාරයකින් යැ‍යි එක්සත් ජනපද නාවික හමුදාව පැවසීය.ස්වයං ඝාතක බෝම්බකරුවන් විසින් මෙහෙයවන බෝට්ටුවලට වඩා මෙම දුරස්ථව පාලනය කරන යාත්‍රා නාවුක බලඇණිවලට දැවැන්ත තර්ජනයක් යැ‍යි බහරේන් හි පිහිටුවා ඇති එක්සත් ජනපද පස්වන නාවික බල ඇණියේ අණදෙන නිලධාරියා වන කෙවින් ඩෝනගන් කීය.ඔහුට අනුව හවුති සටන්කාමීන්ට එවැනි ඩ්‍රෝන් තාක්ෂණයක් අත්පත් කරගන්නට විදේශීය සහායක් ලැබී තිබේ.නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් නැවියන් දෙදෙනෙක් මරණයට පත්වී තිදෙනෙක් තුවාල ලැබූ බව සෞදි මූලාශ්‍ර වාර්තා කලහ.ප්‍රංශ වාර්තාවලට අනුව පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇත.හානියට පත් ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාව 2017 පෙබරවාරි මස 5දා සෞදියේ ජේඩාහ් නාවික හමුදා කඳවුරට ලඟා විය.

සෞදි අරාබිය නිකුත් කල නිල ප්‍රකාශයට අනුව නම් අල් මඩීනාහ් නෞකාවට පහරදීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් මෙහෙයවන ලද පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝට්ටු 3ක් පැමිණ තිබේ.නෞකාවෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ බෝට්ටු දෙකක් විනාශ වූ බවත් අනෙක නෞකාවේ ගැටුණු බවත් සඳහන්ය.නමුත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගැනීම සම්බන්ධ වාර්තා හවුති සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර විසින් ප්‍රතික්ෂේප කලහ.

 
ප්‍රහාරයට ලක් වී සුළු මොහොතකට පසුව අල් මඩීනාහ් නෞකාව දිස් වූ අයුරු(ඉහළ)



ප්‍රහාරයට අදාල දර්ශන




එපමණක් නොව පිළිවෙලින් 2017 ජූනි 26 සහ ජූලි 29 යන දින වලදී ප්‍රහාරයන්ට ලක් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නාවික හමුදාවේ ගොඩබෑම් නෞකාවක් වන "අල්-ඕඩාහ්" සහ මුහුදු බෝම්බ ඉවත් කරන නෞකාවක් වන "අල්-කනීසාහ්" හි ඉරණම දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපද වාර්තා වැඩසටහනේ ඇතුලත්ය.විශේෂඥයින් පවසන්නේ ඉහත කී නෞකා දෙකම ජලජ මර උගුල්වල ඉලක්කයන් බවට පත් වන්නේ යේමනයේ මෝකා වරායේ නැංගූරම් ලා තිබියදී බවයි.

අල්-ඕඩාහ් නෞකාව ප්‍රහාරයට පෙර සහ පසු

අල්-කනීසාහ් නෞකාව ප්‍රහාරයෙන් පසුව දිස්වූ අයුරු

අල්-මසිරාහ් හි වාර්තා වැඩසටහනේ යේමන නාවික හමුදාවේ ජලජ මර උගුල්/මරාගෙන මැරෙන යාත්‍රා සම්බන්ධව කිසිදු තොරතුරක් අඩංගු නොමැති වුවද නම් පර්යේෂණ කණ්ඩායම නිකුත් වාර්තාවකට අනුව පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝට්ටු ඉරානයේ උදව් ඇතිව යේමනය තුල නිපදවයි.

වාර්තා වැඩසටහනේ ඇතුලත් නෞකා නාශක මිසයිල ගැන අලුත් තොරතුරු සඳහන් නොකරයි.කෙසේවෙතත් දැන් ස්වදේශීයව නිපදවන "මෙසාඩ්" නම් මුහුදු බෝම්බ විශේෂයක් ගැන අල්-මසිරාහ් නාලිකාව හෙළිදරව් කරයි.නමුත් එම බෝම්බ සම්බන්ධ සම්පුර්ණ විස්තරයක් ඇතුලත් නොවේ.

මෙසාඩ් නම් මුහුදු බෝම්බ වර්ගය


පසුගිය කාලයේ යේමනයේ බටහිර වෙළර තීරයේ සිදුවූ ගැටුම්වලදී යේමන නාවික හමුදාවේ වැදගත්කම මනාව කැපී පෙනිණි.වරාය නගරයක් වන අල්-හුඩයිඩාහ් වෙත සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය එල්ල කල බොහෝ ව්‍යර්ථ කිරීමේදී ප්‍රධාන භූමිකාවට පණ පෙව්වේ යේමන නාවික හමුදාවයි.හවුති සටන්කාමීන් සහ ඔවුන්ගේ මිත්‍රයෝ මෙම වාර්තා වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ හැකියාවන් පෙන්වීම ඔස්සේ මිත්‍ර සන්ධාන හමුදා යළිත් වරක් හවුති පාලනය යටතේ ඇති බටහිර වෙරළ තීරයට ප්‍රහාර එල්ල කිරීම වළක්වාලීමයි.



source:southfront.org


යේමනය:හවුති නාවික හමුදාව යේමනය:හවුති නාවික හමුදාව Reviewed by HarshaLulzSec on October 27, 2018 Rating: 5

ලිබියාව:යුදමය වාතාවරණය -2018 ඔක්තෝම්බර් 21

October 27, 2018
ඉහත සිතියමෙන් 2018 ඔක්තෝම්බර් මස 21 වනවිට ලිබියාවේ යුදමය වාතාවරණය සම්බන්ධව දළ වශයෙන් අවබෝධයක් ලබා ගත හැකිය.අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් වල පීඩනය මධ්‍යයේ සර්ට් නගරයෙන් පසුබැස ගියද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් සර්ට් සහ බෙන්ගාසි යන නගරවලට උතුරු ප්‍රදේශයේ තවමත් ක්‍රියාත්මකය.බටහිර සහාය හිමි ජාතික සම්මුති රජය විසින් එරට බටහිර කොටසේ විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරන බව පෙනේ.කෙසේවෙතත් ඔවුන්ට ට්‍රිපොලි නගරයේ පාලනය හිමි වී නැත.එහි බොහොමයක් ප්‍රදේශය පාලනය කරන්නේ බටහිර සහාය ඇති රජයට සහයෝගය දක්වන මුත් තමන්ගේම ආර්ථික සහ දේශපාලන අරමුණු සහිත එකිනෙකට වෙනස් සන්නද්ධ කණ්ඩායම් විසිනි.

නැගෙනහිර ලිබියාවේ බොහොමයක් ප්‍රදේශ පාලනය කරන්නේ ෆීල්ඩ් මාර්ෂල් කලීෆා බෙල්කාසිම් හාෆ්ටර් නායකත්වය දෙන ලිබියානු ජාතික හමුදාවයි.ඔවුන් තම ප්‍රදේශය තුලත් ඒ ආසන්නයේත් සටන්කාමී කණ්ඩායම් සමග සටන් වැදී සිටියි.උතුරුදිග ලිබියාවේ බලය ‍යළි පිහිටුවිය හැකි එකම හමුදාව ලෙස පෙනෙන්නේ ලිබියානු ජාතික හමුදාවයි.කෙසේවෙතත් එවැන්නක් සිදුවීමේ හැකියාව අවම වන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ පක්ෂය ලිබියානු ජාතික හමුදාවේ බලය වර්ධනය වීමට එරෙහිව සිටීම නිසාය.ලිබියානු ජාතික හමුදාවට සහාය පිණිස මොස්කව් රජය සෙබලුන් සහ අති නවීන යුදෝපකරණ ලිබියාවට යවා ඇතැයි යන පුවත් සමහරක් බටහිර ගැති මාධ්‍ය පසුගිය කාලේ පතුරවා හැරියද ඒවා අසත්‍යය පුවත් බව රුසියානු රජය පැවසීය.
ෆීල්ඩ් මාර්ෂල් කලීෆා බෙල්කාසිම් හාෆ්ටර්

දකුණුදිග ලිබියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ඇතුලුව ත්‍රස්ත කණ්ඩායම් වල තිප්පොලවල් අතුගා දැමීම සඳහා ලිබියානු ජාතික හමුදාව, චැඩ් සහ නයිජර් රජයන් සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් සිටියි.දකුණුදිග ලිබියාව තුල වෙසෙමින් දේශසීමා හරහා මෙම රටවල් දෙකට එල්ල කරන ප්‍රහාර  නිසා චැඩ් සහ නයිජර් රාජ්‍යයන් ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධව දැඩි අවධානයකින් පසුවේ.එසේම දේශසීමා ප්‍රදේශයේ දුර්වල ආරක්ෂක වාතාවරණය අවසන් කර දැමීමටද චැඩ්,නයිජර් රාජ්‍යයන් සහ ලිබියානු ජාතික හමුදාවේ ඒකාබද්ධ ප්‍රයත්නයන්ගේ අරමුණයි.

පසුගිය වසරවලදී ලිබියානු ජාතික හමුදාව එරටේ විශාල භූමි ප්‍රදේශයක බලය අල්ලා ගැනීමට සමත් වූ අතර දැන් ඔවුන් මුදාගත් ප්‍රදේශවල ආරක්ෂාව ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරමින් සිටියි.කෙසේවෙතත්,ත්‍රස්තවාදී තර්ජනය තවමත් බරපතල මට්ටමක පවතියි.

ඩර්නා නගරයේ සිටි ඉහළ පෙළේ අල්කයිඩා අණදෙන නිලධාරියෙක් වූ අබ්ඩ් අල්-ගැෆර් මොන්සුර් අල්-ටෂාන්,ලිබියානු ජාතික හමුදාව විසින් මරා දමන ලදි.ඩර්නා නගරය සැලකිය යුතු කාලයක් අල්කයිඩා සංවිධානය සහ එහි මිත්‍ර කණ්ඩායම්වල බලකොටුවක් ලෙස යොදා ගත් අතර ත්‍රස්තවාදීන්ගේ පරාජයෙන් පසුවත් එම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් ගණනාවක් තවමත් ක්‍රියාත්මකය.



source:southfront.org


ලිබියාව:යුදමය වාතාවරණය -2018 ඔක්තෝම්බර් 21 ලිබියාව:යුදමය වාතාවරණය -2018 ඔක්තෝම්බර් 21 Reviewed by HarshaLulzSec on October 27, 2018 Rating: 5

සිරියාව:දූවිලි කුණාටුවලට මුවාවී පැමිණෙන ත්‍රස්ත ප්‍රහාර

October 27, 2018
ප්‍රදේශයට බලපෑ බලවත් කුණාටුවක් වාසිය කර ගනිමින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු යුප්‍රටීස් නිම්නයේ සිටින ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කණ්ඩ රැදී සිටි ස්ථාන කිහිපයකට ඔක්තෝම්බර් මස 25දා ප්‍රහාර දෙකක් එල්ල කරන ලදි.

පළමු ප්‍රහාරය අතරතුර ගරානිජ් නගරයේ උතුරු දෙසින් වූ අල්-ටන්කා තෙල් නිධිය ආශ්‍රිතව සිටි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කණ්ඩවලට ත්‍රස්තවාදීන් කඩා වැදී තිබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ සටන්කරුවන් 15 දෙනෙක් මියගොස් වාහන 4ක් විනාශ විය.

පසුව ත්‍රස්තවාදී කණ්ඩායම අල්-ෂාෆාහ් නගරයට උතුරින් වූ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ස්ථාන 9කට පහර දී සිරියා-ඉරාක දේශසීමාවට ළඟාවන්නටද සමත්ව තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ අමාක් නම් පුවත් සේවය වාර්තා කර තිබුණේ එකිනෙකට වෙනස් යුද ටැංකි නාශක අවි යොදාගෙන අනෙක් පාර්ශ්වයේ වාහන 3ක්ද විනාශ කල බවයි.

ත්‍රස්තවාදීන්ගේ වාර්තා සම්බන්ධව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අදහස් දක්වා නොමැත.කෙසේවෙතත් ප්‍රාදේශීය නිරීක්ෂකයන්ට අනුව මෙවැනි ප්‍රහාරයකින් පසුව ත්‍රස්තවාදීන් පසුබැස යන බැවින් අහිමි වූ සියලු ස්ථානවල බලය යළිත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතට පත් වන්නට ඇත.

මෙම මාසය ආරම්භයේ පටන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු මීට සමාන ප්‍රහාර කිහිපයක්ම එල්ල කලේ යුප්‍රටීස් නිම්නයේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල බලය අඩු කිරීමටත් ඔවුන්ගේ යුද මෙහෙයුම් අඩාල කිරීමටත්ය.මේ දක්වා ඔවුන්ගේ උපක්‍රමය සාර්ථක වීම හරහා ප්‍රදේශය තුල සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ආක්‍රමණකාරී ක්‍රියාමාර්ග යම් ප්‍රමාණයකට අඩු වී තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගරානිජ් වෙත එල්ල කල ප්‍රහාරයේ ඡායාරූප




ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අල්-ෂාෆාහ් වෙත එල්ල කල ප්‍රහාරයේ ඡායාරූප




source:southfront.org


සිරියාව:දූවිලි කුණාටුවලට මුවාවී පැමිණෙන ත්‍රස්ත ප්‍රහාර සිරියාව:දූවිලි කුණාටුවලට මුවාවී පැමිණෙන ත්‍රස්ත ප්‍රහාර Reviewed by HarshaLulzSec on October 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 26

October 27, 2018
සිරියාවේ පිහිටා තිබෙන රුසියාවට අයත් මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට ජනවාරි මස 6 වනදා එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයේදී ඇමෙරිකානු ප්‍රසයිඩන්-8 ඔත්තු බැලීමේ යානයකින් ඩ්‍රෝන් යානා 13ක් මෙහෙයුවා ඇතැයි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කර්නල් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ෆමන් ඔක්තෝම්බර් මස 25දා බීජිං ෂියාග්ෂාන් සමුළුව අමතමින් ප්‍රකාශ කරන ලදි.

"ඩ්‍රෝන් යානා 13 පියාසර කරන ලද්දේ තනි කාර්යමණ්ඩලයකගේ මෙහෙයවීම මත පොදු සංග්‍රාමික දියත් කිරීමක් ඔස්සේය.එම කාල සීමාව තුල ඇමෙරිකානු ප්‍රසයිඩන්-8 ඔත්තු බැලීමේ යානය මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පැය 8ක කාලයක් මුර සංචාරයේ යෙදී තිබේ " යැ‍යි කර්නල් ජෙනරල්වරයා පැවසීය.ඩ්‍රෝන් යානා රුසියානු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්‍රහාරයන්ට ලක් වද්දී ඒවා යම් දුරක් ඈතට ගොස් ආරක්ෂාව දුර්වල ස්ථාන ඔස්සේ ඇතුල්වීමට පටන් ගත්තේ පිටතින් ලැබුණු නියෝග සහ උදව් හරහා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.

ඒ කෙසේවෙතත්,ඩ්‍රෝන් යානා 7ක් බිම හෙළන්නටත්,තවත් යානා 6ක් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති ඔස්සේ සිය පාලනයට නතු කර ගන්නටත් රුසියානුවන් සමත් විය.

පසුව සිරියානු රජය මත වරද පැටවූ රසායනික අවි ප්‍රහාර සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය ඇතුලුව ත්‍රස්තවාදීන්ට මුදල්,අවි,උපකරණ සහ විවිධාකාර සම්පත් සපයා දීම නවතා දැමිය යුතු බව කර්නල් ජෙනරල් ෆමන් අවධාරණය කලේය.මෙම උපකරණ බොහොමයක් ප්‍රධාන වශයෙන්ම නේටෝ රාජ්‍යයන් ඇතුලුව විදේශයන්හි නිපදවූ ඒවා යැයිද ඔහු කීය.

ඒ අතරතුර,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලීබ්‍ර මන් තරයේ කියා සිටියේ "ඊශ්‍රායලයට සිරියාව තුල මෙහෙයුම් කිරීමේ නිදහස අහිමි කරන කිසිදු අවහිර කිරීමක් පිළිනොගන්නා" බවයි.ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධව පුර්ව අනතුරු ඇඟවීමක්  සඳහා මොස්කව්-ටෙල් අවිව් සබදතා සහ ඉල්ලීම් ආකෘතිය නැවත නිර්මාණය කිරීමට රුසියාව අවශ්‍ය යැ‍යි ඊශ්‍රායල මාධ්‍ය පළ කර තිබූ වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් ඔහු එසේ ප්‍රකාශ කරන ලදි.

ඊශ්‍රායලය පවතින ක්ෂණික ඇමතුම් මාර්ග එකඟතාවය නොසලකා හැරිමින්,සිරියාව තුල සිය ක්‍රියාමාර්ග සම්බන්ධව ව්‍යාජ සහ නොගැළපෙන තොරතුරු සපයන බවත් රුසියානු ඉලියුෂන්-20 යානයක් සිරියාවේදී අනතුරට ලක් වීමෙන් පසුව මොස්කව් රජය සඳහන් කලේය.ඊශ්‍රායලයේ සතුරු ක්‍රියාමාර්ග හේතුවෙන් සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල ප්‍රහාරයෙන් ඉලියුෂන්-20 යානය කඩා වැටුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විවෘත ප්‍රකාශයක් සිදු  කරන ලදි.ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව සිරියානු හමුදාවට එස්-300 මිසයිල පද්ධති ලබා දුන්නේය.

සිරියාවේ හමා පළාතේ මස්යාෆ් නගරය ආසන්නයේ ස්ථානගත කර තිබෙන සිරියානු එස්-300 මිසයිල පද්ධති යැ‍යි සඳහන් චන්ද්‍රිකා ඡායාරූප පෙළක් මෙම සතියේදී ඊශ්‍රායලයේ ImageSat International සමාගම විසින් ප්‍රසිද්ධ කර තිබිණි.

ඉඩ්ලිබ් යුදමුක්ත කලාපයේ වාතාවරණය තවමත් සමනය් වී නැති අතර සටන්කාමී කණ්ඩායම් දිගින් දිගටම රජයේ පාලන ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.සිරියානු රජයේ හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කිරීම වැඩිපුරම සිදුවන ඇලපෝ ප්‍රදේශය ආශ්‍රිතව තත්ත්වය ව්‍යාකූලය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 26 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 26 Reviewed by HarshaLulzSec on October 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 25

October 26, 2018
ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ තත්ත්වය සිය පාලනය යටතේ තිබෙන බවත්,සටන්කාමී කණ්ඩායම් ගිවිසුමේ කොන්දේසි ඉෂ්ඨ කරමින් සිටින බවත් ලෝක ප්‍රජාවට එත්තු ගැන්වීමට තුර්කි රජය දිගින් දිගටම උත්සාහ කරමින් සිටියි.

ඔක්තෝම්බර් මස 8 දා තුර්කි රජයේ මාධ්‍ය පවසා සිටියේ සියලුම සටන්කාමී කණ්ඩායම් ඔවුන්ගේ බර අවි ඉවත් කරගත් බවත්,තුර්කි-රුසියා ගිවිසුමේ පොරොන්දු ඉෂ්ඨ කර ඇති බවත්ය.ඒ කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කල හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් අන්තවාදී සටන්කාමී කණ්ඩායම් ඔක්තෝම්බර් 15දාට පසුවත් ඔවුන්ගේ අවි සහ සාමාජිකයෝ යුදමුක්ත කලාපය තුල තබා සිටියි.යුදමුක්ත කලාපය බලාත්මක කිරිමට දෙරට එකඟව තිබුණේ ඔක්තෝම්බර් මස 15දා වුවත් අවසානයේදී එම කාල සීමාව දීර්ඝ කරන්නට අන්කාරා සහ මොස්කව් රජයන්ට සිදුවූයේ සමහරක් සටන්කාමී කණ්ඩායම් ඊට අවනත නොවන පසුබිමක් තුලයි.

බර අවි සහ අන්තවාදී සටන්කාමී විශාල ප්‍රමාණයක් කි.මී.15-20 යුද මුක්ත කලාපයෙන් ඉවත් කරගෙන ඇතැයි තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් ඔක්තෝම්බර් මස 24දා පැවසීය."තුර්කිය එහි දකුණුදිග ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ කොරිඩෝරයක් ස්ථාපිත කරන්නට කිසිදා ඉඩ දෙන්නේ නැහැ" යැයි කී ඔහු ඔක්තෝම්බර් මස 27 දා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හමුවී යුදමුක්ත කලාප ගිවිසුමේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කරන බව කීවේය.

එදිනම අල්-ෂාබා,අල්-සාරා,හලාබ් අල්-ජඩිඩාහ් සහ  අඩ්හමියා යන ඇලපෝ නගරයේ දිස්ත්‍රික්ක වලට දැවැන්ත රොකට් සහ මෝටාර් ප්‍රහාරයක් එල්ල කරන්නට සටන්කාමීන් ක්‍රියා කලේය.යුද මුක්ත කලාපයේ කොටසක් වන ඇලපෝ නගරයේ වයඹදිග ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇත.

ඔක්තෝම්බර් මස 24දා 'වා හ්‍රිඩ් අල්-මුනිනින්' මෙහෙයුම් මැදිරියේ අන්තවාදී සටන්කාමීන් වයඹදිග හමා හි ජුරින් නගරය අවට සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත එස් පී ජී-9 මි.මී.73 අවියකින් ප්‍රහාර එල්ල කරන අයුරු.

සිරියානු අරාබි හමුදාව ඊට ප්‍රතිචාර වශයෙන් කෆ්රා හම්රාහ්,ඩරාට් අබ්ඩ් රාබ්,අල්-සලාට්,අල්-සාරා සහ අල්-ලෙරමූන් යන සටන්කාමීන්ගේ ස්ථාන වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.

ඒ අතරතුර යුප්‍රටීස් නිම්නයේ අල්-සුසාහ් සහ හජින් ගම්මාන අවට සිටින ඇමෙරිකානු ගැති සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පහර දුන්හ.එම සංවිධානයට සම්බන්ධ අමාක් නම් පුවත් සේවයට අනුව ප්‍රහාරයෙන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවේ සාමාජිකයෝ 14දෙනෙක් මිය ගොස් 4 දෙනෙක් තුවාල ලබා ඇත.තිදෙනෙක් ත්‍රස්තවාදීන්ගේ අත් අඩංගුවට පත්ව තිබේ.ඊට අමතර බුල්ඩෝසර් යන්ත්‍රයක්ද අල්ලා ගැනීම ඔවුන් සමත් වූ බව පුවත් වාර්තාවේ සඳහන් වේ

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඔක්තෝම්බර් මස 24 දා දියත් කල ප්‍රහාරවල ඡායාරූප 


සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඔවුන් සියලු ප්‍රහාර ව්‍යර්ථ කර ත්‍රස්තවාදීන් 51 දෙනෙක් මරා දමා තිබේ.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙඩි බලය සහ පිරිස් බලය අතින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ඉක්මවා යන බවට කිසිදු විවාදයක් නැති වුවද,ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තියද හිමි ඔවුන්ට තවමත් හජින් පොකට්ටුවේ බලය ලබා ගැනීමට නොහැකිව තිබෙන්නේ යැ‍යිද යන්න පැහැදිලි නොමැත.පසුගිය සමයේ ගැටුම්වලදී ත්‍රස්තවාදීන් සියගණනක් මරා දැමූ බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා පැවසුවද මෙවැනි ප්‍රහාරවලින් පෙනෙන්නේ ඔවුන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 25 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 25 Reviewed by HarshaLulzSec on October 26, 2018 Rating: 5
Powered by Blogger.